පසුගියදා පැවති ජනාධිපතිවරණයේදී සුවිශේෂී ජයග්‍රහණයක් ලබාගැනීමට පොදුජන පෙරමුණ ප්‍රමුඛ බලවේගය නියෝජනය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා සමත් විය.
ඉලක්කම්වලින් ගතහොත් වැඩි චන්ද ලක්ෂ දහ හතරකට ආසන්න ප්‍රමාණයකුත් , චන්ද ප්‍රතිශතයෙන් ගතහොත් 52.25% ක ප්‍රතිශතයකුත් ඔහුට එහිදී හිමි විය. නමුත් මෙය හුදු මේ ඉලක්කම් වලට එහා ගිය සුවිශේෂී ජයග්‍රණයකි. ඉතිහාසය පුරා දේශපාලන කල්ලිවලට ලබා දුන් කප්පම් හරහා චන්ද කුට්ටි මත තීරණය කල මැතිවරණ ජයග්‍රහණ එයින් ගිලිහි සාමාන්‍ය හුදී ජනයා අතට ගත් පත් වු සුවිශේෂී මැතිවරණයක් ලෙස මේ මැතිවරණ ජයග්‍රහණය සැලකිය හැකිය.
එමෙන්ම සුළුජාතික දේශපාලන නායකයන්ට වරදාන ලබා දී ඒ හරහා ලබාගන්නා කෘතීම චන්ද කුට්ටි මතින් ලබන ජයග්‍රහණයක් වෙනුවන බහුතර ජනයාගේ බහුතරයෙන් පාලකයකු පත් කරගැනීමට හැකිය යන ප්‍රබල ශක්තිමත් පණිවිඩය ලබාදීමට මෙවර හැකි වීමද සුවිශේෂී කරුණකි.
මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් ජනතාව ලබාදුන් පණිවිඩ දෙකක් ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකිය.එනම් මේ හරහා ජනතාව ප්‍රතික්ෂේප කළේ සහ ජනතාව අපේක්ෂා කළේ කුමක්ද යන්නයි.
ජනතාව ප්‍රතික්ෂේප කළේ කුමක් ද?
ඉලක්කම්වලින් ගතහොත් වැඩි චන්ද ලක්ෂ දහ හතරකට ආසන්න ප්‍රමාණයකුත් , චන්ද ප්‍රතිශතයෙන් ගතහොත් 52.25% ක ප්‍රතිශතයකුත් ඔහුට එහිදී හිමි විය. නමුත් මෙය හුදු මේ ඉලක්කම් වලට එහා ගිය සුවිශේෂී ජයග්‍රණයකි. ඉතිහාසය පුරා දේශපාලන කල්ලිවලට ලබා දුන් කප්පම් හරහා චන්ද කුට්ටි මත තීරණය කල මැතිවරණ ජයග්‍රහණ එයින් ගිලිහි සාමාන්‍ය හුදී ජනයා අතට ගත් පත් වු සුවිශේෂී මැතිවරණයක් ලෙස මේ මැතිවරණ ජයග්‍රහණය සැලකිය හැකිය.
එමෙන්ම සුළුජාතික දේශපාලන නායකයන්ට වරදාන ලබා දී ඒ හරහා ලබාගන්නා කෘතීම චන්ද කුට්ටි මතින් ලබන ජයග්‍රහණයක් වෙනුවන බහුතර ජනයාගේ බහුතරයෙන් පාලකයකු පත් කරගැනීමට හැකිය යන ප්‍රබල ශක්තිමත් පණිවිඩය ලබාදීමට මෙවර හැකි වීමද සුවිශේෂී කරුණකි.
මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් ජනතාව ලබාදුන් පණිවිඩ දෙකක් ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකිය.එනම් මේ හරහා ජනතාව ප්‍රතික්ෂේප කළේ සහ ජනතාව අපේක්ෂා කළේ කුමක්ද යන්නයි.
ජනතාව ප්‍රතික්ෂේප කළේ කුමක් ද?
මේ විජයහ්‍රහණ සඳහා මූලිකම හේතුව 2015දී පත් වූ ආණ්ඩුව පවත්වාගෙන ගිය අයුක්ති සහගත - දේශද්‍රෝහී - සංස්කෘතික විරෝධී අඳුරු පාලනයට ජනතා හදවත් වලින් ගැගුණු විරෝධයයි. එය ආපසු හැරවීමේ නොඉවසිලිවන්ත උවමනාවක් බහුතර ජනයා තුළ ඇතිව තිබිණි. විපක්ෂයේ අපේක්ෂකයා බොහෝ චන්ද බල ප්‍රදේශවලදී 25% 30% මට්ටමට ඇද වට්ටවිම් මේ පුපුරා ගියේ ඒ ජනතා ආවේගයයි. පත්වී දින 28ක් යන්නට මත්තෙන් සිදු කළ ඉතිහාසයේ දැවැන්තම මූල්‍ය වංචාව වන මහ බැංකු හොරකමත් ඒ සඳහා ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ මැදිහත්වීමත් ජනතා හදවත් තුලට යළි මකා දැමිය නොහැකි ලෙස සටහන්ව තිබුණි. ආණ්ඩුව සිටි සමහර කොටස් පවා "ඔව් අපේ අතින් හොරකමක් වුනා" යන්න පිළිගන්නා තැනට එය ප්‍රබලව සමාජගත විය.
එමෙන්ම රටේ ස්වෛරීභාවය අභියෝගයට ලක් කරමින් සිදු කරමින් තිබූ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවද මෙරට සුවහසක් ස්වදේශවාදී ජනයා සහ දැනුවත් භීක්ෂූන් වහන්සේලා ප්‍රමුඛ දේශප්‍රේමී බලවේග වල තිබුණේ දැඩි පිළිකුලකි. එය ගමන් කරමින් තිබුණේ සුමන්තිරම් ලාගෙ බෙදුම්වාදී උවමනාව සංතෘප්ත කරන ද්‍රෝහී දිශාවට බවට උවමනාවටත් වඩා සාධක ජනගතවී තිබුණි. එමෙන්ම රට ත්‍රස්තවාදයෙන් ගලවාගත් රණවිරුවන් ප්‍රමුඛ නායකත්වය දං ගෙඩියට යැවීමේ අපේක්ෂාවෙන් සම්මත කරගත් අතුරුදහන්වූවන්ගේ කාර්යාල පනත, ජිනීවාහිදී 30/1 යෝජනාවලිය හරහා රටේ ස්වෛරීභාවයත් රණවිරුවනුත් පාවා දුන් ඒ දුෂ්ඨ ක්‍රියාදාමය , රට වෙනුවෙන් ඉදිරිපත් වන භික්ෂූන් වහන්සේලා නිහඬ කිරීමේ අරමුනෙන් ගෙනා භික්ෂු කතිකාවත් පනත , රට ඉන්දියාවේ ඊලඟ කොලනිය බවට පත් වීමට තිබූ ද්‍රෝහී එට්කා ගිවිසුම, හිතුවක්කාර ලෙස අත්සන් කළ රටට අහිතකර සිංගප්පූරු ගිවිසුම , ඇමරිකාව සමග ඒ වනවිටත් අත්සන් අකළ සහ අත්සන් කිරීමට අපේක්ෂා කළ ඇක්සා - සෝෆා - එම්.සී.සී ගිවිසුම ආදිය ජනතාව වෙතින් ප්‍රතික්ෂේප වෙමින් ආණ්ඩුවේ ගමන අවසානය දක්වා ගමන් කිරීම වේගවත් කිරීමට හේතු වූ කරුණුයි.
මේ ජනවරම හරහා ලැබුණු අනෙක් ප්‍රධාන පණිවිඩය නම් කප්පම්කාර දේශපාලනය තීරණාත්මක ලෙස අවසන් වීමයි.
අප සියළු දෙනා දන්නා පරිදි 77න් පසු ඇරඹි මැතිවරණ යනු තනිකර කප්පම් මත තීරණය කරන සූදුවකි. අන්තවාදී කොටස්වලට අසාධාරණ ලෙස කප්පම් ලබා නොදී මැතිවරණයක් ජය ගත නොහැකිය යන මතය ව්‍යාජයක් කළ මැතිවරණයක් ලෙස මෙය සුවිශේෂීය. එදා රණසිංහ ප්‍රේමදාස යුගයේ මුස්ලිම් කොංග්‍රසය ට ලබා දුන් කප්පම තවමත් අප පීඩාවටත් විඳවීමටත් ලක් කරමින් තිබේ. එනම් සමානුපාතික චන්ද ක්‍රමය උඩු යටිකුරු කරමින් මන්ත්‍රීධූරයක් සඳහා ලබාගතයුතු අවම චන්ද ප්‍රතිශතය 12.5% සිට 5% දක්වා අඩු කිරීමට එදා ප්‍රේමදාස ජනාධිපතිවරයා කටයුතු කළේය. ඒ හරහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් බිහිවීම තබා ආණ්සුවක් පිහිටවීම ට අවශ්‍ය අවමය වන පාර්ලිමේන්තුවෙන් 1/2ක බලයල් ලබා ගැනීම පවා කිසිම පක්ෂයකට අසීරු වන තැනට පත් විය.එමෙන්ම ජේ ආර් ජනාධිපතිවරයාගේ තීරණයක් මත ඉන්දියානු ජාතික කම්කරුවන් ලක්ෂ ගණනකට පුරවැසිභාවය ලබදීමට කටයුතු කිරීම හරහාද ක්‍රියාත්මක කලේ ඒ කප්පම් දේශපාලනයයි. ඔවුන්ට මෙරටදී හිමි අයිතිවාසිකම් ලබාදීම ප්‍රශ්නයක් නොවේ. නමුත් චන්ද ඉලක්ක කර කිසිඳු වග විභාගයකින් තොරව ලබාදුන් ඒ පුරවැසිකම් අද දක්වා නොවිසඳෙන ගැටලු රාශිකය් ඉතිරි කර තිබේ.මේ කප්පම් දේශපාලනය අද වන විට කොතරම් ව්‍යසනයක් බවට පත්ව තිබේද යන්න පසුගිය මැතිවරණ සමයේ සුළු දේශපාලන කණ්ඩායම් හැසිරුනු උද්ධච්ච ස්වරූපයෙන්ම පැහැදිලි වේ. තමන්ගේ චන්ඩ කුට්ටිය නැතිව පුළුවන් නම් ජනාධිපතිවරණය ජයගෙන පෙන්වන්න ඇයි අභියෝග කරන තැනට මේ සුළු පක්ෂ මාන්නක්කාර වී තිබිණ. අවසානයේ ඒ සියළු විගාඩම්බර බස් වලට බහුතරයක් ජනයා අමතක නොවන පිළිතුරක් ලබා දුණි. ඔවුන් එක මව්බිමක්, එක රටක් , එක නීතියක් උදෙසා ඡන්දය දුනි,සුළුජාතීන්ට කප්පම් නොදී මැතිවරණ ජයග්‍රහණය කළ හැකි බව ගම් දනව් වල සිටින හුදීජනයා පසුගිය ජනාධිපතිවරනයේදී ඔප්පු කර පෙන්විය. එය රටක් වශයෙන් අප ලබාගත් සුවිසේෂී ජයග්‍රහණයකි. මේ කප්පම් දීම දේශපාලන පක්ෂ වලට සීමා නොවිනි. පාර්ලිමේන්තුවට පත්වූ විගස කෝටි ගණන් වටිනා වාහන බලපත්‍ර, වසර 5ක් සම්පූර්ණ වූ මත්‍රීවරයෙකුට ජිවිත කාලයටම විශ්‍රාම වැටුප් ආදී විස්වාස කළ නොහැකි මට්ටමේ අධික වරප්‍රසාද කප්පම් ලෙස දීම ආදියද හැකි හැම ආකරයෙන්ම නවතා දැමීමට බලකරන අප අප විසින්ම නිවරදි විය යුතු ජනතා පණිවිඩයකි මෙවර ලබා දී ඇත්තේ. මේ දුර්දාන්ත කප්පම් දේශපාලනය අවසන් නොකර අපට රටක් ලෙස ඉදිරියක් ගැන සිතීම අපහසුය.
ජනතාව අපේක්ෂා කළේ කුමක් ද?
බහුතර ජනතාවක් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත් කරගැනීම හරහා අපේක්ෂා කළේ කුමක් ද යන්න අප විසින් විමසා බැලිය යුතු අනෙක් ප්‍රධාන කරුණයි.
2009 ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය අවසන් වීමෙන් පසු අප නිර්මාණය කරගතව තිබූ නමුත් අපට කරගත නොහැකි වූ රට නිර්මාණය කරගැනීමයි ගෝඨාභය රාජපක්ෂ රජයෙන් අපේක්ෂා කරන ප්‍රධානම කාරණය. එහිදී ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරමින් බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි රටක් නිර්මාණය කරගැනීම පළමු සහ ප්‍රමුඛතම අපේක්ෂාවයි.
එමෙන්ම පසුගිය කාලය පුරාම ආපස්සට ගිය රට කෙලින් කර නඟා සිටුවා සියළු දෙනාටම අපහසුවකින් තොරව ජීවත් විය හැකි ආර්ථික තත්වයක් නිර්මාණය කිරීම ඊලඟ මුඛ්‍ය අරමුණයි. පසුගිය වසර පහ පුරාම අප ආර්ථික වශයෙන් ගමන් කරමින් සිටියේ ආගාධයේ දෙසටයි. ආර්ථික විද්‍යාවේ සලකා බලන සියළුම දර්ශකයන් අතින් අප ගමන් කරමින් සිටියේ ආපස්සටයි.
එදා 7%ක් දක්වා වර්ධනය වෙමින් පැවති සංවර්ධන වේගය 2.5% පමණ දක්වා පල්ලම් බැසීම ඒ සඳහා එක් සරල දර්ශකයකි. මුඩු බිමක් බවට පත් කළ රට යළි වැඩබිමක් බවට පරිවර්තනය කරගැනීම ගෝඨාභය රාජපක්ෂ රජයේ කේන්ද්‍රීය අපේක්ෂාවයි.
2015 ආණ්ඩුව පත් කළ ප්‍රමුඛතම ඉල්ලීම යහපාලනයක් ඇති රටක් නිර්මාණය කරගැනීමයි. ඒ ආණ්ඩුව පත්වී පැය කිහිපයක් යන්නට මත්තෙන් සිටම ඒ අපේක්ෂා අන්ත දූෂණයට ලක් කිරීමට කටයුතු කළද ඒ චන්දය දුන් ජනයාගෙන් බහුතරයට ඒ අපේක්ෂා පිළිබඳ යහපත් අපේක්ෂාවක් තිබුණු බව ඇත්තකි.
නමුත් ඒ ආණ්ඩුව ජනයාගේ ඒ සාධු අපේක්ෂාවන් සියල්ල පාවිච්චි කළේ රටට හතුරු ක්‍රියාදාමය වසාගැනීමේ සළුපටක් ලෙසයි.ද්‍රෝහී ව්‍යවස්ථා දෝහී වෙළඳ ගිවිසුම් රට බංකොළොත් කළ හොරකම් වසාගත්තේ යහපාලනය නැමති සීතාම්බර සළුපටිනි. එදා ආණ්ඩුව තක්කඩි ලෙස යොදාගත් ඒ දූෂණ විරෝධය සැමට යුක්තිය සාධාරණත්වය ආදී යහපාලනය පිළිබඳ අපේක්ෂාව සැබැවින්ම යථාර්ථයක් බවට පත් කිරීමේ අත් හළ නොහැකි වගකීම ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැවරී තිබේ.
ජනතාව පැතූ ඒ උතුම් අපේක්ෂාවන් ඉටු කරගැනීමට නම් අප අපගේ පැත්තෙන්ම සද්භාවයෙන් නිවරදි වීමට උත්සාහ කළ යුතුය.උදාහරණයක් ලෙස ගත්තොත් ජනවරමක් ලැබී තිබෙන මේ අවස්ථාවේ මහ මැතිවරණයක් සඳහා යාම පිළිබඳ සමහරුන් තුළ අකමැත්තක් ඇති බව පෙනෙන්නට තිබේ. පාර්ලිමේන්තු මැතිවරණය ලබා ගැනීම සඳහා ක්‍රියාකිරීම වෙනුවට මේ පවතින ආණ්ඩුව පවතින පාර්ලිමේන්තුව හරහා තව දුරටත් එදා රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුව පිහිටවූ අයුක්තිසහත ආකාරයටම ආණ්ඩුවක් පිහිටවා පවත්වාගෙන යා යුතු යැයි සමහරුන් යෝජනා කරමින් තිබේ. නමුත් අපගේ මතය නම් එය යුක්ති සහගත නොවන බවයි. අප එදා රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කළ ඒ අයුක්තිසහගත ක්‍රියාවලිය පිළිකුල් කළේ , විවේචනය කළේ එය අපගේ රජය කෙරෙහි අපගේ රජයක් යටතේ යළි ක්‍රියාත්මක කිරීමේ අපේක්ෂාවෙන් නම් නොවේ. අප අපේක්ෂා කළේ අලුත් ආදර්ශයකි.සුභදායී කාරණය නම් එය ගෝඨාභය රාජපක්ෂ මහතා ද පිළිගෙන තිබීමයි. කැබිනට් ඇමති මණ්ඩලය සීමා කරමින් ඉතා කුඩා කැබිනට් මණ්ඩලයක් පත්කර ගෙන තමාට ලැබුණු පළවෙනි අවස්ථාවේදීම මහ මැතිවරණයක් සඳහා යන බව ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කිරීම පැසසිය යුතු කරුණකි.
අනෙක් පසින් විපක්ෂ නායකවරයා පත් කරගැනීම පිළිබඳ කාරණයේදී වුවද අප එදා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව අනුගමනය කළ ප්‍රජාතන්ත්‍ර විරෝධී අයුක්ති සහගත ක්‍රියාදාමය ප්‍රතික්ෂේප කළ යුතුය. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ බහුතරය කැමති මන්ත්‍රීවරයා විපක්ෂ නායකවරයා බවට පත් කරගැනීම වෙනුවට පැවති ආණ්ඩුව කළේ ආණ්ඩු පක්ෂය කැමති විපක්ෂ නායකවරයෙක් පත් කරගැනීමයි. ඒ හරහා සිදු වූයේ විපක්ෂ නායක ධූරය පමණක් නොව ව්‍යවස්ථාදයක සභාව පත් කිරීමේ සාධාරණ සංයුතිය වෙනස් වීම හරහා 19 වැනි සංශෝධනය සම්පූර්ණ විකාරයක් බවට පත් වීමයි. ඒ හරහා 58 ලක්ෂයකගේ දේශපාලනය කිරීමේ අයිතිය පොඩි පට්ටම් කර දැමීය. නමුත් ගෝඨාභය රාජපක්ෂ රජයෙන් ඒ දුෂ්ඨ අනීතික ප්‍රතිපත්තිය වෙනස් කළ යුතුය. විපක්ෂ නායකවරයා පත් කරගැනීම විපක්ෂයට ඉඩ දීමයි කළ යුතු යුක්ති සහගතම ක්‍රියාවලිය. එය අනාගතයේ ව්‍යවස්ථාවට පවා ඇතුළත් කළ යුතු කරුණකි.
ඒත් සමගම පසුගිය රජයෙන් පළිගැනීමේ චේතනාවෙන්ම ආරම්භ කළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පිළිබඳ අද සමහරුන් ප්‍රකාශ කරනුයේ ඒ
යාන්ත්‍රණයම යොදා ගනිමින් පසුගිය ආණ්ඩුවේ වංචා දූෂණ කළවුන්ට දඬුවම් කළ යුතු බවයී. නමුත් එදා අප ඒ අයුක්තිසහගත යාන්ත්‍රනය විවේචනය කළේ එහි අයුක්තිසහගත බව ප්‍රශ්න කළේ එය අප අපේක්ෂා කරන රජයකදී ආපසු හැරවා විරුද්ධවාදීම් දඩයම් කිරීමේ අපේක්ෂාවෙන් නොවේ. ඒ නීතිවිරෝධී යාන්ත්‍රණය නීතිවිරෝධී බව ප්‍රකාශ කරන ලෙස පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සහ ආචාර්ය කාලෝ ෆොන්සේකා මහතා එවකට අධිකරණ හමුවේ නඩුවක් පවා ගොනු කළේ ඒ අරමුණෙනි. අද කළ යුත්තේ ඒ හරහා ක්‍රියාත්මක වූ සියළුම නඩු අපරාධ විමර්ශන කොට්ඨාශයට නීත්‍යානුකූලව බාර දී අරලියගහ මන්දිරයේ සිට රනිල් වික්‍රමසිංහ යටතේ ක්‍රියාත්මක වූ අනීතික මූල්‍ය අපරාධ ඒකකය නැමති දේශපාලන ජුන්ටාව අහෝසි කරදැමීමයි. සිදුවී ඇති කිසිදු අපරාධයකට සමාව දිය යුතු නැත . මහ බැංකු හොරකමද ඇතුළත් ඒ සියළු අනීතික ක්‍රියාවලට දඬුවම් දීම නීත්‍යානුකූලව සිදු කිරීම ගෝඨා ආණ්ඩුවෙන් යුක්තිගරුක ජනයා අපේක්ෂා කල ඉල්ලීමයි.
මැතිවරණෙදි ජනයා බලාපොරොත්තු තැබු අනෙක් සුවිශේෂී කරුණ නම් ශක්තිසම්පන්න සුරක්ෂිත රාජ්‍යයක් බිහි කර ගැනීමයි. ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනය නොපමාව සිදු කළ යුතුය. රටේ බහුතර ජනතාව ගැන ජනතාවගේ කැමැත්තෙන් තෝරා ගන්නා ජනාධිපතිවරයාට ඇමතිධූරයක් දැරීම පවා නොහැකි ලෙස විකෘති කරන ලද 19 වැනි සංශෝධනය නොපමාව සංශෝධනය කළ යුතුය.එදා 19 සංශෝධනය ඉදිරිපත් කළේ රට රැකීමට නොවේ. විජාතික උවමනාවට දුර්වල කර බිඳවැට්ටීමටයි.අත්‍යවශ්‍ය අවස්ථාවකදී පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය යළිත් විධායකයට අත් කර දිය යුතුය.
මීට පෙර ශේෂ්ඨාධිකරන නඩු තීන්දු ගනනාවකදී ප්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරයා සතුව තිබූ ඒ බලය අහෝසි කරන්නේ නම් ජනමත විචාණයක් අත්‍යවශ්‍ය බවයි.
නමුත් ගිය වසරේ ආණ්ඩු මාරුවත් සමග දුන් නඩු තීන්දුවලින් ප්‍රකාශ වුනේ ඒ බලය ජනමත විචාරණයක් නොපවත්වාම අහිමි කර ඇති බවයි. කොටින්ම ජනතා පරමාධිපත්‍ය රනිල් වික්‍රමසිංහ ආඇනුව විසින් හොරකම් කළ බවයි. එය ආපසු හරවා නිවරදි කිරීම අත්‍යවශ්‍ය කරුණකි.එමෙන්ම ඉදිරි මැතිවරනවලදී කප්පම් දේශපාලන ඉවතලා ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් නිර්මාණය කරගත හැකිවන ලෙස බහුතර මතය නියෝජනය වන පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමේ විවස්ථා සංශෝධන ඉදිරිපත් කළ යුතුය.එහිදී කොට්ඨාශයට මන්ත්‍රීවරයකු ලැබෙන අලුත් පාර්ලිමේන්තු මැතිවරණ නීති ගත කළ යුතුය. ඒ සඳහා දැනටමත් අවසන් කර අති දිනේෂ් ගුනවර්ධන මහතානගේ නායකත්වයෙන් යුත් කමිටුව මගින් යෝජනා කර ඇති යෝජනාවලිය යොදාගන හැක. ඒ සමගම විධායක ජනාධිපතිධූරය රැකෙන ව්යවස්ථා සංශෝධනයක් බවට එය පත් කරගත යුතුය. ජනාධිපතිධූරය රකිමින්ම ජනාධිපතිවරයා තේරීපත්වන ක්‍රියාවලිය තව දුරටත් ප්‍රජාතන්ත්‍රීය කල යුතුය.බහුතර චන්දය පමනක් සලකා බලන වත්මන් ක්‍රමය වෙනුවට චන්දය සහ භූමිය යන සාධක දෙයම සලකන දැනට ඇමරිකාවේ ක්‍රියාත්මක වන ආකාරය වැනි නව ක්‍රමයක් හරහා ජනාධිපතිවරයා පත් කරගැනීම කළ යුතුය. ඒ හරහා සුළුතර චන්ද කුට්ටි මත ජනාධිපතිවරයා තීරණය වන අසාධාරණ ක්‍රමය වෙනස් කර රටෙන්ම බහුතරය දිනන අපේක්ෂයා ජනාධිපතිවරයා බවට පත් කරගැනීමට හැකි වනු ඇති.
මීට අමතරව ගෝඨාභය රාජපක්ෂ මහතා රට හදන ප්‍රතිපත්ති මාලාවේ සඳහන් කළ ආකාරයටම ශක්ති සම්පන්න යුක්තිගරුක ඉදිරිගාමී රටක් බිහි කරගැනීමේ කටයුතු ඒ අයුරින්ම ඉටු වනු ඇතැයි යන්න පොදු ජන අපේක්ෂාවයි. එහිදී අධ්‍යාපනයට තාක්ෂණයට මුල් තැන ලැබෙන යෝජනා මෙන්ම පහළ ආර්ථික මට්ටමේ ජනයා නගාසිටුවන යෝජනාද කී ලෙසමට ඉටු වනු ඇත්දැයි ජනතාව විමසිල්ලෙන් බලා සිටී,
"ඔබ ඔබේ යුතුකම ඉටු කරන්න. රට හදන රට රකින මගේ යුතුකම මම ඉටු කරනෙමි" යනුවෙන් මැතිවරණ ක්‍රියාවලිය පුරාම ඔහු දුන් පොරොන්දුව ඒ අයුරින්ම් ඉටු කරනු ඇතැයි යන්න අපේ අපේක්ෂාවයි. අපි සුභවාදීව නමුත් විමසිල්ලෙන් ඒ දෙස බලා සිටිමු.
(ජනවරමේ අරුත කුමක්ද යන යුතුකම ජාතික සංවිධානයේ මාධ්‍ය හමුවේදී ගෙවිඳු කුමාරතුංග මහතා පළකළ අදහස් ඇසුරින් )
සකස් කලේ - කැලුම් නිරංජන
-ඕස්ට්‍රේලියාවේ පළවන "තරණ" සිංහල පුවත්පතේ දෙසැම්බර් කලාපය
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .