4/29/2019

මියගිය ආණ්ඩුවකින් බලාපොරොත්තු විය යුත්තේ සුසානයකි!

කතෘ:යුතුකම     4/29/2019   No comments

 පසුගිය පාස්කු ඉරිදා සිය ගණනක් වූ අහිංසකයන්ගේ ජීවිතවලට මෙන්ම මවුබිමේ අනාගතයටද එල්ල වූ මරණීය ප‍්‍රහාරය ගැන විවිධ මත පළවෙමින් පවතී. අපේ බුද්ධි අංශ අඩපණ කර තිබීම, විදේශීය බුද්ධි සේවාවන් ලබාදුන් තොරතුරු මත ක‍්‍රියාත්මක නොවීම, ආරක්‍ෂක ලේකම්ගේ හා පොලිස්පතිගේ වගකීම් විරහිත ක‍්‍රියාකලාපය, අගමැති, ආරක්‍ෂක රාජ්‍ය ඇමැති හා පොලිස්පති යන අය ආරක්‍ෂක මණ්ඩල රැුස්වීම් සඳහා සහභාගි නොකර ගැනීම නැතිනම් ආරක්‍ෂක මණ්ඩල රැස්වීම් නොපැවැත්වීම ඉන් සමහරකි. මේ සියලූ කරුණු දායක වී ඇති නමුත් ඒ සියල්ලට මූලික වී ඇත්තේ ප‍්‍රධාන හේතුව වනුයේ මියගිය ආණ්ඩුවක් මගින් රට පාලනයට දරන ප‍්‍රයත්නයයි. මුළුමහත් රටවැසියාටත් රටටත් වන්දි ගෙවීමට සිදුව ඇත්තේ පසුගිය ඔක්තෝබරයේදී සම්මුතිවාදී ආණ්ඩුව අවසන්ව තිබියදී මියගොස් තිබියදී කෘතිමව ව්‍යවස්ථාදායක හා අධිකරණ ක‍්‍රියාමාර්ග ඔස්සේ ඒ මියගිය ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යෑමේ පාප කර්මයටය.

2015 ජනවාරි 8 දිනට පසු රට පාලනය කිරීමේ ජනවරම ආංශිකව හෝ හිමි වූයේ සම්මුතිවාදී ආණ්ඩුවකට බවද ජනාධිපතිතුමා ප‍්‍රමුඛ ශ‍්‍රීලනිපය ඒ සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත් වූ පසු රට පාලනය කිරීමේ වරමක් රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍යවරයාගේ රජයට මොනම අයුරකින්වත් හිමිව නැති බවද අපි ඒ අවස්ථාවේදී පෙන්වා දුනිමු. සම්මුතිවාදී ආණ්ඩුව මියගොස්ව තිබියදී මේ රට අස්ථාවර කිරීමේ අරමුණෙන් ඉන්දීය සාගරයේ ලෙබනනයක් නිර්මාණය කිරීමේ අරමුණෙන් ක‍්‍රියාකරන බටහිර රටවල තානාපති කාර්යාල හා එන්.ජී. ඕ. නඩවල මෙහෙයවීම මත ශ‍්‍රී ලංකා රාජ්‍යයේ ආරක්‍ෂාව නොපතන දෙමළ ජාතික සන්ධානයේ හා මුස්ලිම් අන්තවාදී පක්‍ෂවල සහායෙන් ඒ මළමිනිය තවදුරටත් පවත්වා ගැනීමට තැත් කිරීමේ ප‍්‍රතිඵලය වනු ඇත්තේ කුණු වී ගලන ඕජස් දුග`ද මුළු රට පුරාම පැතිරීම බව අපි එහිදී කියා සිටියෙමු. මියගිය ආණ්ඩුව වලදමා තමන් අභිමත ආණ්ඩුවක් පත්කර ගැනීමේ අවස්ථාව ජනතාවට ලබා නොදීම නිසා, නොඑසේ නම් එසේ දුන් අවස්ථාව උදුරා ගැනීම නිසා අද අපගේ සදාදරණීය මවුබිම සුසානයක්, අමු සොහොනක් බවට පත්ව ඇත.

දැන් පොලිස්පතිට ආරක්‍ෂක මණ්ඩල රැස්වීම් දැනුම් දී නැත, ආරක්‍ෂක රාජ්‍ය ඇමැතිට අගමැතිට ආරක්‍ෂක මණ්ඩල රැස්වීම් දැනුම් දී නැත, ආදී ප‍්‍රකාශ කරන්නන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාව ඒ තනතුරින් පසුගිය වසරේ ඉවත් කරනවිට ජනාධිපතිතුමා කළ එක් ප‍්‍රධාන චෝදනාවක් වූයේ තමා ඝාතනය කිරීමට සිදුකළ කුමන්ත‍්‍රණයක් හෙළිදරව් වූ විට ඒ ගැන අගමැතිවරයා අබමල් රේණුවකවත් තැකීමක් නොකළ බවය යන්න අමතක කරති. අද වන විට අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයා ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණයක නිරත වූ බවට ප‍්‍රබල සාක්‍ෂි ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර ඇත. අදාළ කුමන්ත‍්‍රණය හෙළිදරව් කළ පුද්ගලයා ඉදිරිපත් කළ හඬපටවල අව්‍යාජ බවද ඒ හඬපටවල ඇති චූදිත නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ හා පොලිස්පතිවරයාගේ කටහඬවල් ද තහවුරු කෙරී ඇත. ආරක්‍ෂක අංශ හා බැඳුණු එක්සත් ජාතික පක්‍ෂයෙන් පාර්ලිමේන්තුවට පත්කළ මන්ත‍්‍රීවරයකුගේ නම ද එහි දී කියැවේ.

මෙවැනි ඝාතන කුමන්ත‍්‍රණයක් කිසි ලෙසකත් නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ වුවමනාවක් විය නොහැකි බැවින් එවකට පොලිසිය භාරව සිටි රනිල් වික‍්‍රමසිංහ අගමැති ප‍්‍රමුඛ ආණ්ඩුව දෙසට සැකය යොමුවීම වැළැක්විය නොහැකිය. ජනාධිපතිවරයා පසුගිය ඔක්තෝබරයේ අගමැතිවරයාව ධුරයෙන් ඉවත් කර, පාර්ලිමේන්තුව විසුරුවා අලූත් ආණ්ඩුවක් පත්කර ගැනීමේ අවස්ථාව ජනතාවට ලබාදුන්නේ මේ තත්ත්වය හමුවේය. එහෙත් බටහිර තානාපති කාර්යාල, පරගැති එන්.ජී. ඕ. නඩ, එජාපය, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් ආගමික පක්‍ෂ, ජාතික හෙළ උරුමය හා ජවිපෙ එකතුව ජනාධිපතිවරයා විසඳුමක් සොයා ගැනීමට ගත් ක‍්‍රියාමාර්ග ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයක් ලෙස ලේබල් අලවා ව්‍යර්ථ කෙරිණි. ඒ මගින් ඒ සියලූ පාර්ශ්ව මහත් වැරවීර්ය යොදා සිදුකරනු ලැබූයේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ‍්‍රී ලංකා රජයට අටවා තිබූ බෝම්බය පුපුරා යෑම වළක්වාලීමට තිබූ අවස්ථාව අහිමි කිරීමය. 20 වන සංශෝධනය ලෙස යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ලෙස වඩා ප‍්‍රබල අධිබලැති බෝම්බ ඇටවීමට කල්ගැනීමය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය මෙරට රටවැසියා සම්පූර්ණයෙන්ම අනාරක්‍ෂිත කළ ශ‍්‍රී ලංකා රාජ්‍යයම පුපුරුවාහල බෝම්බයක් බවට පත්වූයේ කෙලෙස ද? ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා ලෙස පිළිගන්නා අතරම ආණ්ඩුවේද කැබිනෙට්ටුවේද නායකයා ලෙස පිළිගෙන ඒ හා ම තමා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කිරීම සම්බන්ධව සැක කෙරෙන පොලිස්පතිවරයකු, කැබිනට් ඇමැතිවරයකු නැතිනම් අගමැතිවරයකු, තාවකාලිකව හෝ ඉවත් කිරීමට බලතල නැත්තකු කිරීම මගිනි. ආණ්ඩු පක්‍ෂයට පාර්ලිමේන්තු බහුතරයක් නොමැතිව තිබියදීත් විසඳුමක් ලබාදීමේ අවස්ථාව මහජනයාට ලබාදෙමින් පාර්ලිමේන්තු ඡුන්දයක් කැඳවීමේ අවස්ථාව පවා අහිමි කිරීම මගිනි. අවම වශයෙන් 19 වනි ව්‍යවස්ථා සංශෝධනයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලතල පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ විග‍්‍රහය මීට වෙනස් වී නම් 19 සංශෝධනය ශ‍්‍රී ලංකා රාජ්‍යයම බිඳවට්ටන බෝම්බයක් වීම වළක්වාගත හැකිව තිබිණි. අවාසනාවට එය එසේ නොවූයෙන් රට බිඳවැටීම ද රටවැසියන් සිය ගණනකගේ ජීවිත අහිමි වීමද සමස්ත ජනතාවම රජයක ආරක්‍ෂාව පිළිබඳ හැගීමෙන් තොරව බියෙන් හා සැකයෙන් පෙළෙන අන්ත අසරණයන් බවට පත්වීමද සිදුව ඇත.

මියගිය සම්මුතිවාදී ආණ්ඩුව කෘතිමව පවත්වා ගැනීමට දැරූ ප‍්‍රයත්නය මේ මහා ඛේදවාචකයට හේතු වූවාට අමතරව මහජන අවකාශය සීමා කරමින් මැතිවරණ කල් දමමින් තවදුරටත් මේ මළ ආණ්ඩුව පවත්වාගෙන යෑමේ අභිලාෂය දැනුවත්ව මේ විනාශයන් සිදුවීමට ඉඩදුන්නේ දැයි බරපතළ සැකයක් ද අප සමාජයෙහි පවතී. පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයන් එල්ල වීමේ අවදානම ගැන පොලිස්පතිවරු සිවු දෙනා අතරින් ප‍්‍රභූ ආරක්‍ෂාව හා සම්බන්ධ නියෝජ්‍ය පොලිස්පතිවරයා පමණක් ක‍්‍රියාත්මක වූයේ මන්ද? අන් නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනාම සිය වගකීම් පැහැරහැර ඇත්නම් පොලිස්පතිවරයාට එරෙහිව මෙන්ම ඒ තිදෙනාට එරෙහිවද පියවර ගත යුතු නොවේද? එවැනි හඬක් හෝ නොනැෙ`ගන්නේ ඒ නියෝජ්‍ය පොලිස්පතිවරුන් නිෂ්ක‍්‍රීය කෙරුණේ ‘ඉහළ’ උපදෙස් මත බැවින් ද? මළ ආණ්ඩුවක් තවදුරටත් පවත්වාගෙන යෑම සඳහා ත‍්‍රස්ත භූතයන් හට රටම සුසානයක් කර ගැනීමට ඉඩහැරියා ද?

මේ අභියෝගයන්ට පිළිතුරු නව පොලිස්පතිවරයෙක්, නව ආරක්‍ෂක ලේකම්වරයෙක් පත් කිරීමෙන් පමණක් නොලැබෙනු ඇත. ඒ සඳහා මියගිය ආණ්ඩුව වෙනුවට නව සජීවී හා සංවේදී ආණ්ඩුවක් අවශ්‍ය වනු ඇත. ඒ හා සමගම ශ‍්‍රී ලංකා රාජ්‍යය ශක්තිමත් කරන නව ව්‍යවස්ථා සංශෝධනද අවශ්‍ය වනු ඇත.

රටේ මූලික ආරක්‍ෂාව තහවුරු කිරීම, ම්ලේච්ඡ ත‍්‍රස්ත ප‍්‍රහාරයන්ගෙන් මව අහිමි වූ, පියා අහිමි වූ, දෙමාපියන් අහිමි වූ, භාරකරුවන් අහිමි වූ දරුවන්ගේ හා පවුල්වල අනාගතය සුරක්‍ෂිත කිරීම, ජීවනෝපායන් සහමුලින්ම බිඳ වැටීමෙන් තවත් ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවකගේ ජීවිත අගාධයට ඇද වැටීම වළක්වා ගැනීම හා භීතිය, සැකය, කෝපය අප මවුබිම තව තවත් අස්ථාවර කිරීමට යොදා ගැනීමට මාන බලන දේශීය හා විදේශීය බලවේග වේ නම් ඒ කුමන්ත‍්‍රණ පරාජය කිරීම මේ මොහොතේ ප‍්‍රමුඛතම අභියෝගයන්ය. ඒ සඳහා කෙටිකාලීන භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට නොපමාව පියවර ගත යුතුය.

ගෙවිඳු කුමාරතුංග
සභාපති
යුතුකම ජාතික සංවිධානය


යුතුකම සංවාද කවය
www.yuthukama.com

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions