5/14/2013

තෙමසක් ඇතුළත විසඳෙන රටේ ඉරණම

කතෘ:යුතුකම     5/14/2013   5 comments

ප්‍රභාකරන්ගේ බෝම්බ පුපුරණ හඬ අද නැත. වැඩි සද්දයක් බද්දයක් නැතිව සිදුවන දෑ හඳුනාගැනුම පහසු නැත. අද සිදුවන්නේ දිය යටින් ගින්දර ගෙන යාමයි. එනිසා බොහෝ දෙනා ඉතා සරළ අර්ථකතන වලින් සිද්දීන් විස්තර කරමින් සිටිත්. නැතිනම් වෙනත් එදිනෙදා සිද්දීන්ට වැඩි අවදානයක් දෙමින් සිටිත්. නමුත් අද අප ජාතිය විශාල අභියෝගයකට මුහුණ පා ඇති බව අප වටහා නොගතහොත් ජාතියක් ලෙස අප ඉතා දුර්ධාන්ත ඉරණමකට මුහුණ පානු ඇති බව අප වැටහීමයි.

ප්‍රභාකරන් යනු බටහිටරයන් විසින් බිහි කර ඉන්දියාව විසින් කිරි පොවා උස් මහත් කළ දරුවෙකු විය. එම දරුවා විසින්ම ඔහුගේ බොහෝ බෙදුම්වාදී සහෝදරයන් විනාශ කර සම්බන්ධන්ලාද මරණ බියෙන් තැති ගන්වා තමන්ට යටත් කොට ගෙන බෙදුම්වාදයේ එකම දරුවා ලෙස පෙනී සිටි‍‍යේය. නමුත් බටහිරයන්ටත් ඉන්දියාවටත් එකා යකා විය. ප්‍රභාකරන්  වුනටද අවනත නොවීය. සැම විටම සුද්දන්ගේ සාම සාකච්ඡා ලණූව සිංහලයා ගිලින්නට ඔන්න මෙන්න තිබියදී, මේ මුරණ්ඩු දරුවා කොහේ හෝ බෝම්බයක් තබා තම දෙමාපියන්ගේ මහන්සිය ගඟට කැපූ ඉනි බවට පත් කළේය. මේ රටේ වාසනාවකට සාමය හරහා බිහිවන ඊළමකට මේ මුරණ්ඩු දරුවා බියවිය. ඒ සුද්දන් විසින් තමන් පාවිච්චි කරන්නේ සිංහලයන්ට සාම සාකච්ඡා ලණුව ගිල්ලවීම සඳහා උත්ප්‍රේරකයක් ලෙස පමණක් බව ප්‍රභාකරන් නිවැරදිව අවබෝධ කර ගෙන සිට් නිසාය. සාමය හරහා බිහිවන ඊළමේ තමා කෙරුමෙකු නොවන බව ඔහු වටහාගෙන සිටියේය.. තමා නායකයා නොවන ඊළමකින් ප්‍රභාකරන්ට පලක් නැත. ප්‍රභාකරන්ගේ මේ අකීකරු කම නිසා ලංකා රජය මගින් පහර දී හෝ ඔහුව මදක් දුර්වලකොට ප්‍රභාකරන්වත් සාම මේසයට ගෙන ඒම බටහිර අභිලාෂය විය. ගුටි කන විටදී විරාමයකට කැමති ප්‍ර්භාකරම් දකුණේ බෝම්බ තබා යුද්ධ‍යේ නිශ්පල බව සිංහලයන්ට ඒත්තු ගන්වා රජය සමඟ සාම මේසයට පැමිණියේය. ඒ සඳහා පසුබිම සකස් කරනු වස් බටහිරයන් විසින් ඔවුනගේ “විශේෂඥ” යුද දැනුම උපයෝගී කර ගෙන ගරිල්ලා නායකයකු වන ප්‍රභාකරන් කිසි දිනක යුද්ධයෙන් පැරදවිය නොහැකි බව අපට නිරතුරුව උගැන්‍වූහ. මෙරට සිටින රාජිත සේනාරත්න, ඩිලාන් පෙරේරා වැනි වත්මන් රජයේ සිටින ෆෙඩරල් වාදීන්ද එන්ජීඕ ඩොලර් නඩයද බටහිරයන් අනුකරණය කරමින් “ප්‍රභාකරන්  පරද්දන්න බෑ” යයි මොරදුන්හ. නමුත් මේ සියලු දුර්මත කීතු කීතු කරමින් ප්‍රභාකරන්  නන්දිකඩාල් කලපුවෙහි බාවන්නට අපේ වීරෝධාර රණවිරුවන් සමත් විය.

මේ පුන්චි රට තම දරුවකු විනාශ කිරීම ගැන ඇමරිකාව බොහෝ සේ කිපුනි. බටහිර බස් නොඅසා එම සටනට දේශපාලන නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ බටහිරයනට ඒකාධිපතියකු විය. අනෙක් අතට සිංහලයන් බියවැද්දවීම සඳහා තමන්ට සිටි සාම උත්ප්රේකයද දැන් නැත. ප්‍රභාකරන්  මා යටතේ තබා ගෙන සිටි අනෙක් බෙදුම්වාදී පාර්ලිමේන්තු දරුවන් සිටියද ඔවුනට සිංහලයන් බිය වැද්දවීමට හැකියාවක් නැත. එනිසා මේ බිය වැද්දවීමේ කාර්ය මෙතෙක් කල් සිටි තිරය පිටුපසින් ඉදිරියට පැමිණ තමන් විසින්ම තමන්ගේ සියලු සලු පිළි උනා දමා නිරුවතින්ම තමන්ගේම ‍යූ එන් ඕ වේදිකාව මතට නැග කිරීමට ඇමරිකාව තීරණය කළේය. තමන්ගේ නරුම උවමනා වෙනුවෙන් නිරුවත් වීම ඇමරිකානු අධිරාජ්යයාට මහ කජ්ජක් නොවේ. අධිරාජ්යයා හෙලුවෙන් සිටියද කවුරුත් “හූ” කියන්න යන්නේ නැතිවා මෙන්ම එම හෙලු ඇඳුමේ රූ වනන කවියන්ගෙන්ද අඩුවක් නැත. ජයලලිතාට මුවා වී ඉන්දියාවද සරම ගලවා විසි කළේය.
නිරුවත්වීම පාඩුවක් වුවද ප්‍රභාකරන්  විසින් කළ බියවැද්දීම තමන්ම බාරගත් විට ප්‍රභාකරන්ගේ මුරණ්ඩු ප්‍රශ්නය ඇමරිකාවට නැත. පාර්ලිමේන්තුවේ ඉන්නා බෙදුම්වාදී දරුවන් ඉතා කීකරු මෙන්ම තනිකරම බටහිර හා ඉන්දියාව මතම යැපෙයි. එනිසා පෙර මෙන් කල් යන්නේ නැත. කඩාකප්පල් කිරීමට තමන්ගේ තැන පිළිබද බියකින් පසුවන ප්‍රබාකරම් අද නැත. කරන දෙයක් වහ වහා කළ හැකිය. සැප්තැම්බර‍යේ උතුරු පළාත් සභාව යළි පදිංචි කිරීම් අවසන් නොකරම බෙදුම්වාදීන් අතට පත්කිරීමට එකඟ වීම මෙහි ප්‍රතිපලයකි.

යුද්ධයෙන් පසු මෙරට ජනතාව මේ රජයට තුනෙන් දෙකකට ආසන්න බලයක් ලබා දුන්නේ මේ රටට හිතකර හා අවැසි ව්‍යවස්ථාවක් සකසා ගනු පිණිසයි. එහි ඇති දුබලතා අකා මකා දමා ඒකීය රටකට නැවත තර්ජනයක් ඇති නොවන ලෙස රජිව් ගාන්ධි විසින් ජේ ආර්ට තරවටු කර බියවද්දා අපේ ව්යවස්ථාවට ඇතුල් කළ 13 ගලවා දැමීමටයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයද එයට අනුකූලව මහජනයා ඉදිරි‍යේ හැසිරෙමින් ඡන්දය ඉල්ලා සිටි බව මහජනයාට අමතක වී නැති බව රට කරවන්නන් මතක තබා ගත යුතුය. 13 වන ව්යවස්ථා සංශෝධනය නමැති නියමිත කාලය පැමිණි විට පිපිරවීම සඳහා ඉන්දියාව විසින් බලහත්කාරයෙන් අප  ව්‍යවස්ථාව  තුළ අටවා තැබූ කාල බෝම්බය පිපිරීමට කාලය ලංව ඇත. එය නිෂ්ක්‍රිය කර රට සුරක්ෂිත කිරීම සඳහා දෙවන වර ජනතා වරම ලද රජය ලව්වා එම ජනතා අභිලාශයන් පසෙකින් තබා කටයුතු කරවා ගැනුමට ඇමරිකාව සමත් වී තිබේ. අවාසනාවකට මෙන් මේවා මතක් කර දීමට ජනතා දේශපාලන‍යේ නියැලෙන විපක්ෂයක් වෙනුවට අපට ඇත්තේ බටහිර තානාපති කාර්යාල සමඟ දේශපාලනය කරන විපක්ෂයකුයි.

ඇමරිකාවට හා බටහිරයන්ට යම් රටක නායකයකු ඒකාධිපතියකු වන්නේ ඔවුන්ගේ සිතැගි පරිදි එම රටේ නායකයා කටයුතු නොකරන්නේ නම්ය. මෙරට පොදු ජනයාගේ අභිලාශයන්ට අනුව යමින් කොටි ත්‍රස්තවාදය මුලිනුපුටා දැමූ මහින්ද රාජපක්ෂ ඔවුනට ඒකාධිපතියෙකි. ඒ ත්‍රස්තවාදය නමැති තමන්ගේ දරුවා නැති කළ බැවිනි. පාර්ලිමේන්තුවටත් හොරෙන් ප්‍රභාකරන් සමඟ ගිවිසුම් ගැසූ රනිල් මහතා කිසිදිනක ඒකාධිපතියකු ලෙස පෙනෙන්නේ නැත. ඒ මහතා තමන් සිතැගි ඉටු කරන්නේ නම් ඒකාධිපතියකු වනු කෙලෙස?

දැන් උතුරු පළාත් සභාව සැප්තැම්බරයේ සිට බෙදුම් වාදීන් අතට පත් වනු ඇත. මේවා කඩාකප්පල් කර දැමීමට ප්‍රබාකරම් අද නැත. බටහිර බලපෑමට යටව මේ අන්තරාය සිදු වන්නට ඉඩහැර බලා සිටියහොත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මෙරට පොදු ජනතා වරම කුණු කූඩයට විසි කළ ඒකාධිපතියකු  වනු ඇත. එසේ සිදු වුවහොත් ප්‍රබාකරම්ගේ අවි ත්‍රස්තවාදය පැරද වූ අපි සම්බන්ධන්ලාගේ දේශපාලන ත්‍රස්තවාදයට පැරදී විනාශ වනු ඇත. මහින්ද රාජපක්ෂ යනු රණ විරුවන්ගේ ජීවිත පරිත්යාගයන් නිෂ්පල කළ ද්රෝහී නායකයකු ලෙස ඉතිහාසයට එක්වීම වැළැක්වීම උගහටය. විරුවන්ව සිටි අය ඇමරිකානු හස්තයට හසුව දැනුවත්ව හෝ නොදැනුවත්වම රටට ද්‍රෝහීන් වූ අවස්ථා ඉතා මෑතකදීත් අපි අත් දැක ඇත්තෙමු.

මහින්ද රාජපක්ෂ ජනපතිතුමා බහුතර ජන මතය සමඟ සිට ගනිමින් අධිරාජ්යවාදීන්ට නොබියව මේ අවස්ථාවේ ඉඩම්, පොලිස් බලතල, පලාත් සභා දෙකකට එක්වීමට ඇති හැකියාව හා පලාත් සභාවල සමගාමී ලයිස්තුවට අදාළ විෂයයක් සම්බන්ධ වන පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සඳහා සියලු පළාත්සභාවල අනුමැතිය අවශ්‍යය යන ශිරාණි බණ්ඩාරනායක මැතිණිය විසින් මෑතකදී ලබා දුන් තීන්දුවත් අහෝසි කළ යුතුය. එසේ කළ මහින්ද රාජපක්ෂයන් යනු ලංකාවේ එක් යුගයක වූ එක් ප්‍රධාන ප්‍රශ්නයක් සම්පූර්ණයෙන්ම පාහේ විසඳූ නිර්භීත දූරදර්ශී නායකයකු, යුග පුරුෂයකු වනු ඇත.
තව තෙමසක් ගත වන්නට මත්තෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතුමාට අධිරාජ්යවාදීන්ට නොබියව රටත් ජාතියත් බේරාගත් යුග පුරුෂයකු හෝ අධිරාජ්යවාදීන්ට බියව රණ විරුවන්ගේ ජීවිත පාවා දුන් ඒකාධිපති ද්‍රෝහියකු හෝ විය හැක. දැන් මේ රටේ සම්පූර්ණ අනාගතය රැදී පවතින්නේ මේ මතය. මේ ගතවන නිමේෂය එතරම්ම තීරණාත්මකය.
එතුමා ද්‍රෝහියකු බවට පත් කර ගැනුමට කැස කවමින් සිටින්නේ විපක්ෂය පමණක් නොව, ආණ්ඩුව තුළම ඒ සඳහා කේවට්ටයන් නම් ඕනෑ තරම් ඇත. අනෙක් වැඩි හරිය එහෙයියන්ය. අඩුවෙන්ම ඇත්තේ එතුමා සැබෑ ජනතාවාදී නායකයකු කරවීමට තැත් දරන්නන්ය.

ලංකාව දැන් පසු වන්නෙ සංක්‍රාන්ති  සමයකයි. සංක්‍රාන්ති සමයක් යනු යුග දෙකක් අතර පවතින තීරණාමත්මක කාල පරිච්ඡේදයකි. එක යුගයක් මිය ගොසින් නව යුගයක් ඉපැදීමට පොපියමින් සිටියි. මෙම සංක්‍රාන්ති   සමය තුළ මහින්ද රාජපක්ෂයන්ගෙ ගමන් මග දෙස ඉතිහාසය නමැති විනිශ්චය කරුවා දැඩි උනන්දුවෙන් බලා සිටියි. එතුමා රටට ද්‍රෝහී නොවී, යුග පුරුෂයකු ලෙස කටයුතු කර රටත් ජාතියත් බේරාගනු දැකුම අපි කාගේත් අභිලාෂයයි. ඒ සඳහා මෙම තීරණාත්මකම නිමේෂයේ එතුමාට බල කිරීමට පෙරට පැමිණීම රණවිරුවන් දිවි පිදු අරමුණ පාවා දිය නොහැකි සියලු ජාතිමාමක මිනිසුන්ගේ අනිවාර්ය යුතුකමයි. 

-ලසන්ත වික්‍රමසිංහ- 
යුතුකම සංවාද කවය

, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

5 comments :

  1. සුදු පුතා5/14/2013 9:25 AM

    මහින්ද රාජපක්ෂ ජනපති ගැන සිංහලයන් ගැන ඇති විශ්වාසය එතුමා විසින් බිද ඩැමුවොත් එය රාජපක්ෂලාගේත් පල්ලම් බැස්ම වනු ඇත. අනෙක් අතට මිනිසුන් එතුමා තුළ තබා ඇති විශ්වාසයද මෙහිදී අහිත්කර වීමට ඉඩ ඇත්තේ එතුමා වැරදි මාවතේ බොහෝ දුරක් යන තෙක්ම බොහෝ අය නිහඩව සිටීමට ඉඩ ඇති බැවිනි.

    ReplyDelete
  2. දැන්නම් ඔය බයිලා ලිව්වට වැඩක් නෑ යාලුවා.

    2005 දිත් 2010 දිත් මහින්ද මහත්තයට මමත් සපෝට් කළා. නමුත් දැන් නම් එයා යන්නෙ වැරදි පාරෙ. මේක ජනතා වාදී ආණ්ඩුව, මේකෙ නායකයා සැබෑ ජනතාවාදී නායකයෙක් කියලා පෙන්නන්න බිල්ලො මවන එක දැන්වත් නවත්තන්න. මහින්ද බ්‍රෑන්ඩ් එකෙන් හොරු, මැරයො, කුඩුකාරයො හැමතැනටම ඇවිල්ල ඉවරයි. තියෙන හැමදේම හූරගෙන කාලා, මැදපෙරදිග දුක් විඳින මිනිස්සු එවන සල්ලි ටිකෙන් සංදර්ශන තිය තිය, පරම්පරාගානකට රටේ උපදින දරුවොත් ණය කරගෙන, රටේ නීතිය බල්ලට දාලා තමුන්ගෙ කටු ලෙවකන උන් නිදහස් කරකර මේ රට විනාස කරන්න එපා කියලා කෙලින් කියන්න බැරි තරමට මාධ්ය වලට ලියන උඹලගෙ කොන්ද කඩලා ඉවරයි. හැබැයි මේ රටට ආදරේ කරන, යුක්තිය සාධාරණත්වය අගය කරන මිනිස්සු ටිකදෙනෙක් වත් ඉන්නව කියලා අමතක කරන්න එපා. ලයිට් බිල රිඹෙන් යන්න වැඩි කරලා, සංදර්ශනයක් දාල සොච්චමක් අඩුකරලා දැන් උතුරේ චන්දයක් කියලා එකක් උස්සලා තියලා මිනිස්සුන්ගෙ අවධානය ඒකට යොමුකරන්න හදනවා.

    මේ රටට ඕනෙ නිෂ්පාදනයක්! පිටරටින් ගෙන්නන ඒවට, ගෙවන්න තියන ණයවලට සරිලන අපනයනයක්! ඒ එක්කම යහපත් සමාජයක්. බෝම්බ පුපුරන්නෙ නැති වගේම දේශපාලක් මැරයෙක්ගෙන් හරි ආරක්ශක අංශ වල හිටපු එකෙක්ගෙන් සාමාන්ය මිනිස්සු, රටට එන සංචාරකයො මැරුම්කන්නෙ, ගුටිකන්නෙ නැති සමාජයක්! එහෙම කරපු එවුන් නිදහස් වෙලා ආශීර්වාද ගන්න ලොක්ක ලඟට මීඩියා කැමරා අරන් යන්නෙ නැති, එහෙම ගියොත් උන්ව පිළිකුල් කරන රටක්! අනුන්ගෙ ගෑනු, දුවලා අඳින පළඳින විදිය ගැන හොයන්නෙ නැතුව තමුන් කායික, වාචික, චෛතසික සංවරය ඇතිකරගන්න හැටි මිනිස්සුන්ට කියලාදෙන බුද්ධ පුත්‍රයින්!

    අවසානයට..අනේ මේ ලස්සන රට!

    ReplyDelete
    Replies
    1. වේ. ප්‍රබාකරන්5/15/2013 1:33 PM

      උඹලා වගේ උන් තව දහ-පහළොස්දාහක් හිටියනම් මම තාම ජීවතුන් අතර...අයියෝ අපරාදේ>>

      Delete
  3. මහත්වරුනේ බයවෙන්න කාරි නෑ.අවසානයෙ ඔබතුමාල මේ පිටුවෙම ලියයි " දෙවන වරටත් ජාතිය බේරාගත් මහින්ද මහත්තය " කියල.ඒක ස්තිරයි.

    ReplyDelete
  4. මාස තුනක් ඉවරයි නේද? විසඳුණාද?

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions