2/23/2019

තවමත් කිරිපිටි බොන හරකුන්ගේ දැනගැනීම පිණිස

කතෘ:යුතුකම     2/23/2019   No comments

තවමත් කිරිපිටි බොන හරකුන්ගේ දැනගැනීම පිණිස
රට කිරිපිටි අර්බුදයේ අගමුල සරලව සැකෙවින්

1. කිරි අත්‍යවශ්‍ය ආහාරයක්ද

කිරි යනු ක්ෂීරපායී සතුන්ට ළදරු වියේදී තම පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සැකසී ඇති ආහාරයකි. වැඩිහිටි වියේදීත් කිරි බොන සහ අනෙක් සතුන්ගේ කිරි බොන ලොව එකම සතා මිනිසා පමණි. මේ අනුව කිරි යනු කිසිසේත්ම මිනිසාට අත්‍යාවශ්‍ය ආහාරයක් නොවන අතර එයින් ලැබෙන සියලු පෝෂක වෙනත් ආහාර මගින් මිනිසාට ලබා ගත හැකිය.

2. එහෙනම් කිරි බොන්නේ මොකටද?

කිරි වනාහී ලෝකයේ සෑම සංස්කෘතියකම පාහේ හමුවන ආහාරයකි. කිරි ඇසුරෙන් සකස් කරගන්නා වෙනත් ආහාර වර්ග සිය ගණනක් තිබේ. ජීව විද්‍යාත්මකව අත්‍යවශ්‍ය ආහාරයක් නොවුණද කිරි යනු මිනිසාට ඉතා පහසුවෙන් සපයා ගත හැකි ආහාරයකි. මිනිසා හුදු ස්වාභාවික සත්ත්වයකු නොව සංස්කෘතික සත්ත්වයෙකි. ඔහුගේ ආහාර රටාවද ආර්ථික, සමාජීය හා සංස්කෘතික ගොඩනැංවීමකි. කිරි මිනිසාගේ ආහාර විවිධත්වය වැඩි කරගත හැකි විකල්පයක්ද වෙයි. ආහාර විවිධත්වය වැඩිවීම ආහාර සුරක්ෂිතතාවයේද අත්‍යවශ්‍ය කොන්දේසියකි. එසේම ආහාරයේ ගුණයට පමණක් නොව රසය හා විවිධත්වය කෙරේද මිනිසා සංවේදී වෙයි. මේ අනුව කිරි නැතිව මිනිසාට නොමැරී ජීවත් විය හැකි බව ඇත්තක් වුවද කිරිපිටි හෝ වෙනත් ස්වරූප ඔස්සේ කිරි පරිභෝජනය කිරීමේ කිසිදු වරදක් ඇත්තේ නැත.

3. කිරිපිටි නොබී හිටියොත් මොකද වෙන්නේ?

කිරිපිටි වනාහී කිරි පරිභෝජනය කළ හැකි එක් ස්වරූපයක් පමණි. කිරි මඟින් සකසා ගන්නා ආහාර වර්ග මෙන්ම කිරි පරිභෝජනය කළ හැකි ආකාරද ගණනාවක් තිබේ. කිරිපිටිවල කිසිදු විශේෂ වැදගත්කමක් නැති අතර ශ්‍රී ලංකාවට කිරිපිටි අපනයනය කරන නවසීලන්තය, ඔස්ටේ්‍රලියාව වැනි රටවල මිනිස්සුවත් කිරිපිටි පානය නොකරති. බොහෝ යුරෝපා රටවල මෙන්ම දියුණු ආසියාතික රටවල තත්ත්වයද එසේමය. ඔවුහු දියර කිරි හෝ කිරි ආශ්‍රිත වෙනත් ආහාර පරිභෝජනය කළද කිරිපිටි කිසිසේත්ම වැදගත් ආහාරයක් ලෙස නොසලකති. එසේ වුවද ලංකාවේ මෝඩයන් බොහෝ දෙනා කිරිපිටි යනු ඔක්සිජන් වායුවටත් වඩා මිනිසාට නැතිවම බැරි දෙයක් ලෙස සලකති. දරුවෙක් සිටින ගෙදරක නම් කිරිපිටි පැකට් එකක් ගන්නවත් සල්ලි නෑ වැනි කතා නිතර ඇසෙයි. මේ සටහන ලියන මා කිරිපිටි බීම නවතා වසර පහළවකට වැඩිය. මගේ සිව් හැවිරිදි දියණියට කිසිදා රට කිරිපිටි උගුරක්වත් පොවා නැති අතර කිරි ආහාර පමණක් ලබා දී තිබේ. ඇගේ සෞඛ්‍යයට අද දක්වා මේ ඊනියා පානය නොබීමෙන් සිදුවූ කිසිදු හානියක් නම් නැත. නවසීලන්තයේ මිනිස්සු ඒ බව අපට වඩා හොඳින් දන්නේ ඔවුන් කිරිපිටි නොබී යහතින් ජීවත් වන බැවිනි.

4. අපි මේ තරම් කිරිපිටිවලට ඇබ්බැහි වුණේ කොහොමද?

සමාගම් විසින් අප වැනි රටවලට කිරිපිටි හඳුන්වා දී ඇත්තේ, එය මහා බලසම්පන්න මැජික් අරිෂ්ඨයක් ලෙස හුවා දක්වමිනි. ඔවුන් තමනුත් නොබොන මේ මුග්ධ පානය ගැන බොරු කන්දරාවක් ලංකාව වැනි රටවල පතුරුවා හැර තිබේ. මොළේ වැඩෙන්නට එක කිරි වර්ගයකි. අස්ථි වැඩෙන්නට තව එකකි. ගැබිනි මවුවරුන්ට තව එකකි. හතලිහ පැනපු අයට තවත් එකකි. ආච්චිගේ කොන්ද කැඩීම වැලැක්වීමට තවත් එකකි. එක් එක් වයස්වල ළදරුවන්ට එක් එක් ලේබල් සහිතව එන කිරිපිටි වර්ග හැටහුටහමාරකි. මේ ඉලව් පානය බීමෙන් ගුණ නැණ බෙල සහිත විස්මකර්ම දරුවන් බිහිවන බව ඔවුහු අපට පුන පුනා පවසති. මේ බොරු සමාජගත කිරීම සඳහා වෙළෙඳ ප්‍රචාරණයට අමතරව තව තක්කඩි වැඩ රාශියක් ඔවුහු සිදු කරති. ඒවාට රැවටෙන ලාංකේය ගවයෝ කිරිපිටි නොමැතිව ජීවත් විය නොහැකි යැයි සිතා සිටිති.

5. රට කිරිපිටිවල වස විස ඇති කතාව ඇත්තක්ද?

ආනයනික කිරිපිටිවල ගුණාත්මක බව පිළිබඳ අවස්ථා ගණනාවකදී ලෝකයේ විවිධ රටවල, විවිධ ප්‍රශ්න මතුවී තිබේ. ඇතැම් අවස්ථාවල අධිකරණය ඉදිරියේ පවා වැරදි කරුවන් වීමට, ප්‍රසිද්ධියේ තම වැරදි පිළිගැනීමට ෆොන්ටෙරා වැනි සමාගම්වලට සිදුව තිබේ. කිරිපිටිවල පෝෂක කොටස් ඉවත් කර ඒ වෙනුවට බාල ආදේශක ඇතුළත් කරන බව නොයෙක් පර්යේෂණවලින් තහවුරු වී තිබේ. කිරි මූලික වශයෙන් සමන්විත වනුයේ කාබෝහයිට්රේට් (4.5%) ප්‍රෝටීන් (3.5%) මේදය (3.4%) විටමින් හා ඛනිජ ලවණ (0.7%) යන පෝෂකවලිනි. මේ බොහෝ පෝෂක කිරිවලින් ඉවත් කොට වෙනත් නිෂ්පාදන සඳහා යොදාගන්නා අතර ඒ හිස්තැන පුරවනු ලබන්නේ වෙනත් බාල ආදේශක එකතු කිරීමෙනි. මෙලමයින් යනු කිරිවල ඇති ප්‍රෝටීන කොටස් ඉවත් කර ඒ වෙනුවට යොදන නයිට්‍රජන් සහිත සංයෝගයකි. ෆාම් ඔයිල් යනු කිරිපිටිවල මේදය ඉවත් කොට ඒ වෙනුවට මුසු කරන ද්‍රව්‍යයකි. කිරිවල ඇති කාබෝහයිට්රේටද එසේ කෘතිමව එක්කාසු කළ හැකිය. මීට පෙර කිරිවල තිබී හමුවූ බව කියන ඩී. සී. ඩී. හෙවත් ඩයිසයිනමයිඞ් යනු තණබිම්වලට යොදන රසායනික ද්‍රව්‍යයකි. ක්ලොස්ටි්‍රඩියුම් බොටුලිනම් වැනි බැක්ටීරියා කිරිවලට මුසුව තිබුණේ නිෂ්පාදන ක්‍රියාවලියේ අඩුපාඩු හේතුවෙනි. මේ සියල්ල කරුණු සහිතව තහවුරු වී තිබියදී තවදුරටත් කිරි වැදගත් ආහාරයක් ලෙස සැලකිය හැක්කේ කාටද? නවසීලන්තය ලෝකයේ වැඩිපුරම ෆාම් ඔයිල් හා ලැක්ටෝස් ආනයනය කරන රට බව ඔවුන්ගේ වාර්තාවලින්ම හෙළිවන අතර ඒවා ගෙන්වන්නේ බාල කිරිපිටි සකසා අප වැනි රටවල හරකුන්ට පෙවීමට මිස පපඩම් බැඳීමට නොවේ. මේවා ඇත්ත වුවද බොරු වුවද රට කිරිපිටිවල ඇති එකම ප්‍රශ්නය වස විස තිබීමද නොවේ. වස විස තිබුණද නැති වුවද කිරිපිටි යනු අපේ ආර්ථිකයම බෙලහීන කරවන මහා වසංගතයකි. ඒ නිසා වස විස තිබුණද නැතිවුවද ලංකාවට කිරිපිටි ආනයනය කිරීම වහාම සීමා කළ යුත්තකි.

6. කිරිපිටි අපේ ආර්ථිකය ලෙඩ කරන්නේ කොහොමද?

කිරි ආහාර ආනයනය සඳහා ලංකාව වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 300ත් 400ත් අතර පමණ මුදලක් වැය කරයි. එය රුපියල්වලින් නම් කෝටි 3000කට වැඩිය. (රූප සටහන බලන්න) මේ මුදලින් 90%ක් පමණ වැයවන්නේ කිරිපිටි සඳහාය. හම්බන්තොට වරායේ පළමු අදියර වැඩ නිම කිරීම සඳහා වැයවූ මුදල ඇ. ඩො. මිලියන 361කි. කොළඹ කටුනායක අධිවේගී මාර්ගය සඳහා වැයවූ මුදල ඇ.ඩො. මිලියන 292කි. මේ ඉලව් කිරිපිටි සෙල්ලමක් නිසා වාර්ෂිකව පිටරටට ඇදී යන මුදල් කන්දරාව කෙතරම්දැයි මේ අනුව සිතාගැනීම අසීරු නැත. රටේ මුදල් පිටතට ඇදී යාමට අමතරව එය රටේ ධන උත්පාදනය දුබල කරයි. දේශීය කිරි ගොවියා, කර්මාන්තකරුවා, නිෂ්පාදකයා, නන්නත්තාර කර දමයි. අපට වසර පුරා නොමිලේ ලැබෙන අව්ව, වැස්ස සහ තණකොළවලින් පහසුවෙන් ලබාගත හැකි ආර්ථික ප්‍රතිලාභ අපට අහිමි කරයි. දේශීය කිරි කර්මාන්තයට එරෙහි ප්‍රධාන සතුරා ආනයනික කිරිපිටිය. වර්ෂයකට කිරි ආහාර ආනයනය සඳහා වැයවන මුදලින් දහයෙන් පංගුවක් යෙදවිය හැකි නම් දේශීය කිරි කර්මාන්තයේ විශාල වර්ධනයක් ඇති කිරීම ලේසියෙන් කළ හැක්කකි. රට කිරිපිටි සමාගම්වලට බදු සහන ලබාදීම නිසා වාර්ෂිකව රජයට අහිමි වන මුදලින් ලංකාවේ කිරි කර්මාන්ත ශාලා එකක් නොව කීපයක් ඇති කළ හැකිය. නැත්තේ ඊට වැඩපිළිවෙළක් දැක්මක් ඇති නායකයන් පමණි.

7. අපේ කිරි අපිටම හදාගන්න පුළුවන්ද?

නිසි වැඩපිළිවෙලක් තිබේ නම් ලංකාව වසර කීපයක් තුළ කිරිවලින් ස්වයංපෝෂිත කිරීම කළ හැක්කකි. එය කටට එනවාට කියන කතාවක් නොව ඔප්පු කර පෙන්වා දී තිබෙන්නකි.
පසුගිය දශකයක පමණ කාලය තුළ දේශීය ව්‍යාපාරිකයන්, විද්වතුන් ඇතුළු පිරිස් මේ ප්‍රශ්නය සම්බන්ධව විශාල මැදිහත් වීමක් සිදුකර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස, 2007 දී ජාතික අවශ්‍යතාවෙන් 22%ක් ලෙස පැවති දේශීය කිරි නිෂ්පාදනය 2017 වන විට 42% දක්වා ඉහළ නැඟ තිබේ. වසර දහයක් තුළ ලංකාව කිරි නිෂ්පාදනයේ එවැනි වර්ධනයක් අත් කරගත්තේ හොඳ වැඩපිළිවෙළක් යටතේ නොව ඊට එරෙහි දහසක් අලකලංචි මධ්‍යයේ බව අමතක නොකළ යුත්තකි. ඒ සියල්ල මැද පවා මේ කාලය තුළ රටේ කිරි නිෂ්පාදනය අඛණ්ඩව ඉහළ ගිය අතර, ඊට සාපේක්ෂව කිරි ආනයනය සැලකිය යුතු තරමකින් පහත වැටිණි. ඒ වර්ධනයට ප්‍රධාන බාධකය එල්ල වීම ජනවාරි අට විප්ලවයේ තවත් ප්‍රතිඵලයක් වූ අතර 2015 ජනවාරි මස රට භාරගත් මහා මොළයානන් වහන්සේගේ බදු ප්‍රතිපත්තිය ඊට මැනවින් හේතුවූ ආකාරය වෙනම ලිපියක් ඔස්සේ පෙන්වා දිය හැක්කකි. ආනයනික කිරිපිටි මත පනවා තිබූ බදු විශාල වශයෙන් අඩු කරමින් සමාගම්වලට සහන සැලසීමේ ප්‍රතිපත්තිය මත එතැන් සිට දේශීය කිරි ගොවියාත්, ආහාර නිෂ්පාදකයාත්, නන්න්ත්තාර වූ අතර, කිරි පාරේ හලමින් උද්ඝෝෂණ කිරීමට ගොවීන්ට සිදුවූයේ ඒ අනුවය.

8. කතාව කෙටියෙන්ම මෙච්චරයි.

දැන් මේ කරුණු සියල්ල සාරාංශ කරමු. ඒ අනුව කිරිපිටි අපට කිසිසේත්ම අත්‍යවශ්‍ය ආහාරයක් නොවේ. ආනයනික කිරිපිටි අහිතකර ලෙස නිෂ්පාදනය කරන බව ඔප්පු වී තිබේ. වස විස තිබුණද නැතිවුවද කිරිපිටි ආනයනය කිරීම රටේ ආර්ථිකයට විශාල හානියකි. කිරි ඕනෑම ආකාරයකට පරිභෝජනය කළ හැකි වන අතර කිරිපිටි නැතිව ජීවත් විය නොහැකි බව සිතන අය සිටී නම් ඔවුන් ඇතුළු අප සියලු දෙනාට අවශ්‍ය කිරි අපට දේශීයව නිපදවා ගත හැකිය. අපි දැනටත් සියලු අලකලංචි මැද ජාතික කිරි අවශ්‍යතාවයෙන් 42%කට වැඩි ප්‍රමාණයක් නිපදවා ගැනීමට සමත්ව ඇති අතර හොඳ වැඩපිළිවෙළක් යටතේ මෙය සීයට සීය දක්වා ළඟා කරගැනීම සිහිනයක් නොවේ. කිරිපිටි ආනයනය සම්පූර්ණ නතර කළ නොහැකි වුවත් එය විශාල ප්‍රමාණයකින් අඩු කිරීම හෝ හැකි දෙයක් බව හෝ මේ අනුව පිළිගැනීමට සිදුවෙයි. එය තවමත් එය පිළිගත නොහැක්කේ තවමත් කිරිපිටි බොන ලංකාවේ හරකුන්ට සහ ඔවුන් විසින් පත්කරගන්නා දේශපාලඥයන්ට පමණි.

(මේ ලිපියේ ඇතුළත් සියලු කරුණු සම්බන්ධව ඊට අදාළ සියලු දත්ත, සංඛ්‍යාලේඛන, වාර්තා මා සතුව ඇති අතර කෙම්බිමට ගමනක් කෘතියේද මේ පිළිබඳ වැඩි විස්තර ඇතුළත්ව ඇත.)

ඉසුරු ප්‍රසංග

යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions