7/09/2013

ගඟෙන් දිය බී මුහුදට ආවඩන්නෝ.... !!

කතෘ:යුතුකම     7/09/2013   4 comments

13 වන ව්‍යවස්ථා සංශෝධනය සහ එයින් උපන් පළාත් සහා ක්‍රමය පිළිබඳ කතිකාව දේශපාලන ලෝකය තුළ මගහැර නොහැකි ප්‍රමුඛ කාර්‍ය බවට පත් වී හමාරය.ජාතික දේශපාලනයේ  'අනු මාතෘකා','පාද සටහන්' ආදිය ගෙන ඒවා ප්‍රධාන මාතෘකාව ලෙස හුවා දක්වන්නට උත්සාහ ගත් ජාතික දේශපාලනයේ ප්‍රමුඛතා අනුපිළිවෙල පටලවාගත්  බොහෝ දෙනාටද අද වන විට ඒ සත්‍යට අකමැත්තෙන් වුවත් එකඟ වන්නට සිදු වී තිබේ.මීට ටික කලකට පෙර යනවනම්  '13න් එහාට පමණි ' යනුවෙන් දේශපාලන සමාජය තුල ගසා තිබූ හන ගැලවී ගොස් ඇත.ප්ල්ස් මයිනස්  (+/-) සංවාදයට තව දුරටත් ඉඩක් නැත.අද ඇත්තේ 13න් ඉවත් කරන්නේ මොනවාද යන කතිකාවයි.කලින් 13න් එහා ගොස් බලය බෙදීමටත් උතුරට අසමමිතික බලයක් ලබාදීමටත් බෙරිහන් දුන් බොහෝ දෙනාට අද වන විට 13 අද තිබෙන පරිදි වත් පවත්වා ගෙන යන්නට වලිකන්නට සිදු වී තිබේ.එහිදී 13 වන ව්‍යවස්ථා සංශෝදනයේ බෙදුම්වාදය ශක්තිමත් වන වගන්ති ඉවත් කිරීමෙන් තොරව උතුරු පළාත් සභා මැතිවරණය නොපැවැත්විය යුතු බවට නැගෙන හඬ ඉස්මතු වී තිබේ.

එදා 13 වන ව්‍යවස්ථා සංශෝධනයත් ඉන් බිහි කල පළාත් සභා ක්‍රමයත් ඒවා බිහි වූ දේශපාලන සන්දර්භය අමතක කර වියුක්තව ගෙන විග්‍රහ කිරීමට යාම නිරර්ථක කාර්යකි.රජීව්-ජේ.ආර් ගිවිසුම අත්සන් කරන විට ලංකා ආණ්ඩුව ඇමරිකන් තුරුලේ හුරතල් වී එහි ආනිසංස ලෙස ඉන්දීය දේශපාලන උදහසට ලක්ව හෙම්බත්වී තිබිණ.මූනිච්චාවට අතට අත දී අත්සන් කලද මෙය බෙල්ලට තුවක්කුව තබා ජේ.ආර්ගේ අත කර කවා බලහත්කාරයෙන් එකඟ කරවාගත් අපූරුව එවක ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ඩික්සිත්ගේ 'කොළඹ භූමිකාව' ග්‍රන්ථයේ මැනවින් සඳහන්ය.කෙසේ හෝ අපට මෙහිදී වැදගත් වන්නේ ඉන්දු ලංකා ගිවිසුමට අද ඇති වලංගුභාවයයි .ගිවිසුමේ 2.9 වගන්තියට අනුව පළාත් සභා විසඳුම ලබා දෙන්නේ ඉන්දීය හමුදා මැදිහත්වීමෙන් එල්ටීටීඊය සහ අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කිරීමෙන් පසුවය.

 -උපුටා ගැනීම රජීව්-ජේ.ආර් ගිවිසුමේ 2.9 වගන්තියෙන් 
"මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් පැය 48 ක් ඇතුළත දිවයින මුළුල්ලෙහිම සටන් නවත්වාලනු ඇත. සටන්කාමී කණ්ඩායම් සතුව දැනට ඇති සියළුම අවි ආයුධ ශ්‍රී ලංකා රජය විසින් පත් කරනු ලබන බලධාරින්ට, ගිවිසගනු ලබන ක්‍රියා පරිපාටියක් අනුව, භාර දෙනු ඇත."

මෙය සරලව සැලකිය යුතු කොන්දේසියක් නොවේ.ගිවිසුමේ වැදගත්ම කොන්දේසිය එය යැයි හැඳින්වූවාට වරදක් නොවන්නේ  'ඉන්දු ලංකා එකඟතාවය ' ඇති වීමට ප්‍රකාශිත මූලිකම හේතුවද මෙම ආයුධ සන්නද්ධ කණ්ඩායම් බැවිනි.ඉන්දීය එකඟතාවය ඉටු වීද ?නැත .ඒ වෙනුවට සිදු වූයේ එකඟතාවයට අනුව ආයුධ භාරදුන් සමහර දෙමළ සන්නද්ධ කණ්ඩායම් එල්ටීටීඊයේ බිල්ලට ගොදුරු වීමත් මෙරටට බැස්සවූ ඉන්දීය හමුදාවල පර පීඩනයට උතුරේ සියලු ජනතාවට විඳින්නට සිදු වීමය.අවසානයේ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ නියෝගයෙන් හකුලාගෙන යන්නේ ඒ ජේ.ආර් -රජීව් ගිවිසුමේ ඒ අසාර්ථකභාවයයි.වෙනත් අයුරකින් කියතොත් මුඛ්‍යම කොන්දේසිය ඉටු කිරීමට නොහැකි වූ පරාජිත ඉන්දීය හමුදාවයි .දේශපාලනමය වශයෙන් ජේ.ආර් - රජීව් ගිවිසුම අවලංගු වූයේ එදාය.දේශපාලනමය වශයෙන් අහෝසි වුවත් නීතිය හමුවේ එය හකුලා නොදැමීමේ පාපය අදද ලංකා ආණ්ඩු පසු පස පන්නමින් තිබේ. එබැවින් ඉන්දියාවට එරෙහිව ගොස් ගිවිසුමේ කොන්දේසි වෙනස් කිරීමට උත්සාහ කිරීම මහා භයානක ප්‍රතිවිපාක දෙන කාරණයක් ලෙස විපක්ෂ නායකවරයා මෙන්ම දෙමළ ජාතික සංධානය සහ සුපුරුදු  එන්.ජී.ඕ කල්ලි නගන හඬට සාධාරණ වලංගුභාවයක් නොමැත. පළාත් සභා ක්‍රමයට මුල් වූ ඉන්දු ලංකා ගිවිසුමේ ඉන්දීය පාර්ශවයේ ප්‍රමුඛ පොරොන්දුව වූ කොටි සංවිධානය නිරායුධ කිරීම යන වගන්තිය ලත් තැනම කඩ වී ගිය වටපිටාවක තව දුරටත් ඉන්දීය එකඟතාවකින් තොරව මෙය සංශෝධනය කිරීමට දේශපාලන අයිතියක් නැතැයි අද බෙරිහන් දෙන්නන්ට සවන් දුනහොත් සිදුවන්නේ එල්ටීටීඊයේ යුධ ශක්තියට මුහුණ දිය නොහැකි යැයි පවසා කලකට ඉහතදී ඔවුන් ඉදිරියේ දන ගැසූ නිවට පාලකයින්ට අත් වූ දේශපාලන කුණු බක්කියට වැටීමට වත්මන් රාජපක්ෂ පාලනයටද සිදු වීමය. 

 13 වන ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කිරීමට එරෙහි දේශපාලන කණ්ඩායම් අතර UNP , TNA හැරුණු විට අනෙකුත් ප්‍රධාන කොටස ශ්‍රීලනිප වල්ගයේ එල්ලී සිටින ඊනියා වාමාංශික පක්ෂවල මහළු නායකත්වය සහ ශ්‍රීලනිප ය තුල ඉතිරිව ඇති චන්ද්‍රිකා -විජය වාදී දේශපාලන මල මිනීය.මේවා දේශපාලන මල මිනී වන්නේ චන්ද්‍රිකා ගෙදර යවා මහින්ද ශ්‍රීලනිප මුල් පුටුවට පැමිණීමත් සමහ එය චන්ද්‍රිකාගේ බලහත්කාරයෙන් පැල කල ෆෙඩරල් මතය ශ්‍රීලනිප ය තුල මරණයට පත් වූ බැවිනි. ෆෙඩරල්වාදී තිස්ස - ඩිව් - වාසු කල්ලියට දේශපාලන ලෙස පැවැත්මක් ඉතුරුවී ඇත්තේ ඒකීය භාවය පිළිගන්නා ශ්‍රීලනිප පාක්ෂිකයන්ගේ ඡන්ද වලට පින් සිදු වන්නටය.තනි තනිව ඉල්ලුවහොත් ඇප නැති වන තරමේ පරාජයන්ට හිමිකම් කියන මේ කල්ලි මැතිවරණ සමයේදී පමණක් බලු නකුට පස්ස පැත්තේ ගසා ගන්නාක් මෙන් තම බෙදුම්වාදී මතය සඟවා ගනිති.ඒ කාලයට ඔවුන්ගේ සමසමාජකම් ,කොමියුනිට්ස් කම් මාකට් කිරීම නවතියි. (මේ කල්ලියේ මාතර දිස්ත්‍රික් ප්‍රබලයකු මහ මැතිවරණ සමයේ තම කොමිනිට්ස්වාදී සියළු සළු උනා දමා උග්‍ර ලෙස කුල භෙදය අවුස්සා තම ඡන්ද ගොඩ වැඩිකරගත් අයුරුත් අනෙකුත් දූෂිත ධනපති නායකයන්ගේම මග යමින් තම පුතුන් මෙන්ම ඥාතීන්ද දේශපාලනය තුලට තල්ලු කිරීම පිළිබඳ පෞද්ගලික අත්දැකීම් මේ ලියුම් කරු සතුව ඇත.මේ මහත්වරුන්ට සියලු න්‍යායන් මතක් වන්නේ සිංහලයාට විශේෂයෙන් සිංහල බෞද්ධයාට එරෙහි වන්නට වුවමනා වූ විට පමණි ).මොවුන්ගේ දේශපාලන එදා වේල අද රැකී ඇත්තේ ඔවුන්ගේ තරමට වඩා අවස්ථා ලැබෙන මාධ්‍ය භාවිතය නිසාය. මැතිවරණවලින් ශ්‍රීලනිප ඡන්දවලට පින් සිදු වන්නට ගොඩ ගිය මොහොතේ සිට මොවුන් ක්‍රියා කරන්නේ එම ඡන්ද වල අපේක්ෂාවන්ට එරෙහිවය.ඌරාගේ මාලු ඌරාගේ පිටේම තබා කපනවා කියන්නේ මෙයටයි.මේ දේශපාලන හොල්මන් සහ අවතාරවලට කල හැකි හොඳම ශාන්තිකර්මය නම් ඊළඟ මැතිවරණවලදී තනිවම තරඟ කර හැකිනම් පාර්ලිමේන්තු එන ලෙස දැන්විම පමණි.එතෙක් අපි ජාතික ගීය දෙමලෙන් කියමු ආදී ඔවුන්ගේ බයිලා අමාරුවෙන් නමුත් ඉවසා සිටිමු.

දැන් 13 වෙනස් කරනවාට එරෙහි ශ්‍රීලනිපය තුල සිටින මළ මිනී ගැන විමසා බලමු.මේ මලමිනීද ඉහතින් සඳහන් කල දේශපාලන අවතාර සහ හොල්මන් වලට නොදෙවනිය.මේ සියල්ලන්ද මැතිවරණ සමයේ දත් තිස් දෙක එලියට දමන් තාපප වල එල්ලෙන්නේ තම ෆෙඩරල්වාදී බෙදුම්වාදී මතය නකුට ගසා ගෙනය.අද කොයි තරම් හඬින් පාලු අම්බලම්වල සිට බෙරිහන් දුන්නත් මැතිවරණ සමයේ තමන් දිවි හිමියෙන් , ඇමති කම් පරදුවට තබා කැප වන්නේ යැයි කියන ෆෙඩරල් මතය වෙනුවෙන් පෙනී සිට ඒ වෙනුවෙන් ඡන්දය ඉල්ලූ එකම වීරයෙක් වත් සිටීද? යුධ සමය තුල යුධ විරෝධී පච්ච කෙටූ පපු එලියට දමා මහා යුධ විරෝධී වීරයන් සේ එකල ත්‍රස්තවාදයට එරෙහි සටනේ කකුලෙන් ඇදි මේ සමහර විජය කුමාරතුංගවාදී ‘ දේශපාලන න්‍යායාචාර්යවරු’ අවසානයේ යුධ ජයග්‍රහණය දෑස මානයට පැමිණි පසු සියලු විලි ලැජ්ජාවන් අමතක කර ආණ්ඩුව දෙසට කරණම් ගැසූවේ තම තමන්ගේ පක්ෂවල නායකයින්ගේ ඉදල් පහරවල්ද කාගෙනය.මේ දේශපාලන සිඟාලයන් අද නැවතත් සුපුරුදු ද්‍රෝහී ෆෙඩරල් මතය වෙනුවෙන් පෙනී සිටින්නේ නැවතත් පැරණි තැන් වලින් හොඳ ලංසුවක් ලැබී ඇති නිසා වන්නටද බැරි නැත. යුධ ජයත් සමගම මොවුන් තමන් කොටා සිටි ඊනියා 'යුධ විරෝධී' පච්ච මහින්ද රාජපක්ෂ වර්ණනා කල පාඨවලින් සඟවාගත්හ ."යුද්ධය එපා ,ප්‍රභාකරන් පරාජය කරන්න බෑ, කොටින් සමග හවුලේ බෙදාගමු " යනුවෙන් බෙරිහන් දුන්නවුන්ම අවසානයේ "තිස්වසරක යුධ බිය නැතිකල ජනප ති,තව තිස්වසරක් ඔබමයි ජනපති " යනුවෙන් සඳහන් කටවුට්වලින් තමන් එකල දැරූ මතයේ පරාජයේ ලැජ්ජාව වසා ගත්හ.මේ විජය කුමාරතුංගවාදී බොරු මානවහිතවාදීන්ගේ මානවහිතවාදයේ තරම එකල 88-89 සමයේ 'ප්‍රා' සංවිධානයේ 'මානව හිතවාදය' යටතේ පරාළ ඇන ඔලු කටු පුපුරවා බැස්සවූ මිනිසුන්ට කතා කල හැකි නම් හෙළි කරනු ඇත. 

මේ කල්ලිය තුල සිටින අනෙකුත් ෆෙඩරල්වාදීන්ගේද පැටිකිරිය මීට දෙවැනි නොවේ.එදා චන්ද්‍රිකා පාලන සමයේ හමුදාවන්ගේ මානසිකත්වය බිඳ දමා කොඳු නාරටිය කඩා හෙලන්නට සුදු නෙලුම් ගෙන තවලම් ගිය මේ නිකමුන් කොටින් මාවිලාරු අමුණ වසා දැමූ විට කොළඹ පුරා පෙළපාලි ගියේ "යුද්ධය එපා., ප්‍රභාකරන් එක්ක යුද්ධ කරල දිනන්න බෑ, මේක මහා විනාසයක් , සිංහල ජාතිවාදී හඬට සවන් නොදෙමු " යනුවෙන් ගර්ජනා කරමිනි.එහිදී තමන්ට අර්ථලාභ සපයන රාජ්‍යනොවන සංවිධානවල සාම වෙළඳුන් මොවුන්ට අත්වැල් ගායනයෙන් සහය දැක්වීය.මේ බහුතරයක් දෙන ශ්‍රීලනිපය තුල සිටියද 2005 ජයග්‍රහණයට තම ඡන්දයෙන් වත් දායකත්වයක් නොදැක්වූ බව සියල්ලටම වඩා හොඳින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දන්නා කරුණකි.අවසානයේ ඒ 'සිංහල ජාතිවාදීන්' යැයි හංවඩු ගැසූ මිනිසුන්ගේ අප්‍රතිහත ධෛර්ය හේතුවෙන්ම කොටි ත්‍රස්තවාදය නන්දිකඩාල් වල ගිලෙද්දී නකුට පසුපස ගතා ගත් ඊනියා යුධ විරෝධීන් සද්ද වසා මහින්ද රාජපක්ෂ වර්ණනාවට අත්වැල් ඇල්ලීය.එකල චන්ද්‍රිකාගේ ඔසරි පොටේ එල්ලී සිටි ඔවුන් නැවත අද ඒ චන්ද්‍රිකාගේම ෂල්වාරයේ එල්ලීමට උත්සාහ කරනවාද යන්න විමසිලිමත් විය යුතු කරුණකි. 

 ශ්‍රී ලනිපය ප්‍රමුඛ සංධානය හරහා බලය තහවුරු කරගත් ඉහත දැක්වූ විජාතික කොටස් දේශපාලනයේ මතු මහලට නගින්නේ ස්වදේශවාදී ශ්‍රීලනිප ඡන්දවලින් බව මතක තබා ගත යුතුය.විශේෂයෙන් පසුගිය ජනාධිපතිවරණයත් සමග දේශපාලනයේ උරගා බැලී ප්‍රධාන කරුණ යුධ ජයග්‍රහණයේ ගෞරවය සහ අයිතියයි.ඉන් පසු මහ මැතිවරණයෙන් 2/3ක ආසන්න අති මහත් බලයක් ලැබෙන්නේද එයට පින් සිදු වන්නටය.එකල අද බෙරිහන් දෙන කිසිවෙකු "බලය බෙදමු", "යුධ ජයග්‍රහණය සැබෑ ජයක් නොවේ " , "උතුරට අසමමිතික බලය බෙදීමක් නොකලොත් දේශපාලනය අත් හරිනවා-ඇමතිකම් අත් හරිනවා " යනුවෙන් කේවල් කල බව අපට නම් මතක නැත.ඒ වෙනුවට යුධ ජයග්‍රහණයේ මහා කොටස්කරුවන් ලෙස හඳුන්වමින් මේ සියලු දෙනා මැතිවරයෙන් ගොඩ ගියහ.ඒ මතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් දිවි දුන් දූපුතුන් සිය දහස් ගණනකගේ ලේ වලට මෙන්ම අත් පා ඇස් කන් අහිමි කරගත් දහස් ගණනකගේ උත්තර පරිත්‍යාගයට පින් සිදු වන්නටය. එලෙස ගොඩ ගියවුන් ආපසු හැරී තමන් ඉහළට නැගි ඉනිමගට අකාරුණික ලෙස පයින් ගසමින් නන්දිකඩාල්වල ගිල්වූ කොටින්ගේම දේශපාලන පෙරමුණේ ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටීම දේශපාලන ජඩ කමකි. (එල්ටීටීඊය තුලද ප්‍රභාකරන් හැරුණු විට දේශපාලන ඉදිරියක් දුටු ඇන්ටන් බාලසිංහම් වැන්නන්ගේ පවා ඉලක්කය වූයේ දේශපාලන විසඳුම් ලෙස ලබා ගන්නා වෙනම පාලන ඒකකයක් බව අප අමතක නොකල යුතුය.) මේ දේශපාලන ජඩකම්වලට ඉදිරි මැතිවරණවලදී මතක තිබෙන පිළිතුරක් දීම ජනතාවට අයිති කාර්‍යයක් වන අතර එතෙක් මේ දේශපාලන පරඬැල් ජාතික දේශපාලනයේ වැදගත් තීන්දු වලට බලපෑම් කල හැකි දුරට ඇතින් තබාගෙන ඔවුන්ගේ බෙදුම්වාදී අභිප්‍රායන් අහෝසිවන ආකාරයේ තීන්දු වලට එලඹීම රට කරවන ඇත්තන් සතු අත් හළ නොහැකි වගකීමක් බව මතක් කරමු.පිස්සු බල්ලන් බැඳ නොදැමුවහොත් ඔවුන් සපා කෑ විට එහි චෝදනාව එල්ල වන්නේ බල්ලාගේ හිමිකාරයාට බව අමතක නොකරමු.

 කැලුම් නිරංජන 
:යුතුකම සංවාද කවය

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

4 comments :

  1. ඉතාමත් හොඳ ලිපියක් නිරන්ජන්!

    ReplyDelete
  2. සියලුම ගංගවෝ මුහුදට එකතුවන බැවින් ගඟෙන් දිය බී මුහුදට ආවැඩීමේ වරදක් නොමැත. මක්නිසදයත්, එවිට තමන් දිය බිව් ගංගාවට පමනක් නොව ලොව සියලුම ගංගා වලට නිරයසයෙන්ම ආවැඩෙන බැවිනි

    ReplyDelete
  3. අනුර කුමාර දිසානායක7/10/2013 9:28 AM

    මේ සෙට් එකට අමතරව තව කවුද ඉන්නේ?
    මතක් වුන කෙනෙක් ඉන්නවනම් කියන්න...

    වාසුදේව නානායක්කාර
    ඩිව් ගුණසේකර
    තිස්ස විතාරණ
    චන්ද්‍රසිරි ගජධීර

    රාජිත සේනාරත්න
    ඩිලාන් පෙරේරා
    රෙජිනෝල්ඩ් කුරේ

    ReplyDelete
    Replies
    1. හොඳ හෙළයා7/10/2013 3:01 PM

      ඇයි අර රාජිව විජේසිංහ...
      ඌත් අමු ෆෙඩරල් කාරය....

      Delete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions