
වැඩ වුන්න උස් තැනින්
නුඹ නුඹට එරෙහි ව ම
අන් තැනක රැගෙන ගොස්
රට නොරට කරන්නට
වෙර දැරූ උන් කෙරෙහි
මිස
නොමැත නුඹ කෙරෙහි
මා තුළ අබමල් රේනුවක නොමනාපයක්.
එදා දත්මිටි කමින්
වැරෙන් දෑතම තබා
නුඹ විසින් ඉහළට නංවා තැබූ මේ දේශය
පෙරදින ඒ ගැන
හාන්කවිසියක් නොදත්
නොදරුවෙකු සේ
කොටි හිවල් රැලක් වෙත
පාවා දෙන්නට
වෙර දැරූ අයුර දෙස
මවිතයෙන්
බැලුවෙමි.
තිගැස්සුනෙමි.
අනද හිමි සේ එදා
නුඹ ඇවැසි මොහොතේ ම
විකල් සිහි ඇති වුණි ද?
ඉනික්බිති සිහි ඇවිත්
කල් යත්ම නොදැනීම
නුඹගේ ම සිරුරතින්
එගොඩ වූ යමපලුන්
නුඹ පැතූ තුසිත ලොව
සුණුවිසුණු කරනයුරු
දැක බොහෝ
කම්පිත ව
සිටි බව ද මම දනිමි.
අචින්තිතම්පි භවති
ගිය නුවණ අදින්නට
නුඹ සතුව ඇතුන් නැති
නිසා නුඹ සිතුවාද
තනියෙන් ම මෙසේ ගොස්
උන් අරන් යළිත් මේ
ලක් පොළොව
වෙත එන්න.
එනු මැනව
බලාහිමි
යළිත් උපතක් රැගෙන
එදා අප සතුව සිටි
ඒ මහා යති ලකුණ
නුඹ විසින් ඔටුන් දුන්
යමපලුන් එළවන්න.
යළිත් රට නංවන්න.
-ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය මහින්ද පතිරණ
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama














