11/15/2015

මායාව යතාර්ථය සහ රැල්ල

කතෘ:යුතුකම     11/15/2015   1 comment
ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල අත්තනෝමතික මැදිහත්වීම් නිසා ඇෆ්ගනිස්ථානය ඉරාකය ලිබියාව ඊජිප්තුව පලස්තීනය යනාදී රටවල මිලියන ගණන් කුඩා දරුවන් ඇතුළු අහිංසක මිනිසුන් මියයද්දී කණගාටුවක් පළ නොකළ ප්‍රොෆයිල් පික්චර් වෙනස් නොකළ ඇතැමුන් ප්‍රංශයේ 150 කට ආසන්න ප්‍රමාණයක් ත්‍රස්ත ප්‍රහාරයකින් මියයද්දී දැක්වූ ප්‍රතිචාරය දුටුවෙමි .එක් එක් රටවල් අස්ථාවර කිරීමට ත්‍රස්තවාදය පෝෂණය කරමින් බටහිරයන් වැපිරූ අස්වැන්න ඔවුන් නෙලාගනිමින් සිටින බව තේරුම් ගැනීමට නොහැකි ඔවුහු ආර්ථික වාසි තකා එක් එක් රටවල ඓතිහාසිකව වර්ධනය වූ සංස්කෘතීන් සහ පාලන ක්‍රමයන් මතට බලහත්කාරයෙන් බටහිර දේශපාලන මොඩලයන් ආදේශ කිරීමට යාම භයානක ප්‍රතිපල ඇතිකරන්නක් බවත් තේරුම් ගැනීමට අපොහොසත් වී ඇත .

ලක්වැසියන්ගේ වාසනාවට මේ ලෝක යතාර්ථය තේරුම්ගැනීමට හැකි නායකයෙක් අපට සිටි නිසා බටහිර බලපෑම් මධ්‍යයේ වුවද බටහිර ඇතැම් කුහක රටවල න්‍යාය පත්‍රයට අනුව අපේ රට අස්ථාවර කිරීමට වෙර දැරූ කුරිරු ත්‍රස්තවාදය පරදවා මිලියන 20 කට ජනතාවගේ මතුනොව ත්‍රස්තවාදයෙන් බැට කෑ ඉන්දියානු සාගරයේ නාවික යාත්‍රාද ආරක්ෂා කිරීමට අපට හැකි විය.එමගින් අපේ රට ලැබූ ආර්ථික වාසිය සහ කීර්තිය අති මහත්ය .

බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කළ විශිෂ්ට ධර්ම ශාස්ත්‍රීය සේවාවන් සිදු කළ ඇතැම් භික්ෂුන් වහන්සේලා අපවත්වෙද්දී කිසිදු කණගාටුවක් පළ නොකළ ඇතැම් බෞද්ධයන් සිය දේශපාලන අරමුණු වෙනුවෙන් බුදු සසුන විනාශ කිරීමට කැස කැවූ දේශපාලකයන්ගේ බල අරමුණු වෙනුවෙන් පැවිදි ජීවිතය කැප කළ භික්ෂුන් වෙනුවෙන් කණගාටුව පළකරමින් සිය ප්‍රොෆයිල් පික්චර් වෙනස් කරනුද දුටුවෙමි .

ෆේස්බුක් ප්‍රජාව තුල සිටින බහුතරයක් දේශපාලනය සහ ධර්මය පිළිබඳව පැතලි කියවීම් ඇති පටු අදහස් ඇත්තවුන් බවත් සැබෑ මානව හිතවාදීන් සැබෑ බෞද්ධයන් පිරිසක්ද මේ අතර සිටින බවත් පසක් කරගත්තෙමි .කෙසේ වෙතත් වඩාත් යහපත් ලෝකයක් වෙනුවෙන් මේ සංවාදය ඉදිරියට යා යුතුය .පටු අදහස් ඇත්තවුන් ඉන් මුදවා ගැනීමටත් පුළුල් අදහස් ඇත්තවුන්ගේ අදහස් ඉදිරියට ගෙනයාමටත් කැපවීම සැබෑ යහපත් හෙටක් පතන මානව හිතවාදීන්ගේ පරිසර හිතවාදීන්ගේ වගකීමයි .
 
රන්ජන් බාලසුරිය
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions