9/17/2016

සභ්‍යත්ව රාජ්‍යය කරා යන ගමන ධර්මපාල චින්තනයෙන් අරඹමු

කතෘ:යුතුකම     9/17/2016   No comments



සැප්තැම්බර් මස 17 වැනි දා ට යෙදෙන ශී‍්‍රමත් අනගාරික ධර්මපාල තුමාගේ 152 වැනි ජන්ම දිනය නිමිත්තෙනි.

ගුණදාස අමරසේකර මහතා ගේ නවතම කෘතිය වන ”සභ්‍යත්ව රාජ්‍යයක් කරා” සැප්තැම්බර් මස 13 වැනි දින එළි දක්වන ලදී. මෙම කෘතිය තුළින් එතුමා පෙන්වා දෙන්නේ මෙරට තුළ අනාදිමත් කාලයක් තිස්සේ අඛණ්ඩව පැවත එන සිංහල බෞද්ධ සභ්‍යත්ව රාජ්‍යයක් පැවති බවත්, එම සභ්‍යත්ව රාජ්‍ය නිර්මාණය වීමට දායක වූ සභ්‍යත්ව විඥානය මේ වන තුරුත් මෙරට තුළ සජීවී ව පවතින බවත් ය. අද වන විට මේ රට ගිල ගනිමින් පවතින මහා ව්‍යසනයෙන් ගැලවීමට අපට ඇති එක ම මඟ අපට උරුම එම සභ්‍යත්ව රාජ්‍යය යළි බිහි කර ගැනීම බව අමරසේකර මහතා පෙන්වා දෙයි. ගෙවී ගිය සියවසේ දී සභ්‍යත්ව රාජ්‍යය රැුක ගැනීම සඳහා විශාලත ම දායකත්වය සැපයූයේ අනගාරික ධර්මපාල තුමා විසින් ය යන්න ය අමරසේකර මහතාගේ අදහස.

මේ ලිපියෙන් මා බලාපොරොත්තු වන්නේ ළදරු වියේ සිට ම  ධර්මපාල තුමා තුළ මෙම සභ්‍යත්ව විඥානය වර්ධනය වූ අයුරුත් ඒ සඳහා බල පෑ සාධක ගැනත් ඔබේ අවධානය යොමු කරවීමට යි. මේ යොමු වීම ඉතාමත් ම වැදගත්  වන්නේ සභ්‍යත්ව රාජ්‍යය සාක්‍ෂ්‍යාත් කර ගැනීමට නම් අප ජීවිත පැවැත්ම ද විශාල පරිවර්තනයකට යොමු විය යුතු බැවිනිි. මේ කරුණ අමරසේකර මහතා ද සිය කෘතිය තුළින් අවධාරණය කර යි. වඩාත් සරල ව කියනවා නම් අප යළිත් සිංහල බෞද්ධයන් ලෙස ජීවත් වීම ආරම්භ කළ යුතු ය. ඒ සඳහා මේ ලිපිය ඔබට අත් වැලක් වනු අතැ යි බලාපොරොත්තු වෙමි.

ධර්මපාල තුමාගේ මුල් ම මතකයන් බහ තොරන වියේ දී ඔවුන් ජීවත් වූ විශාල ගෙඋයනකින් යුතු කොළඹ කොටුවේ පිහිටි නිවස හා සම්බන්ධය. 
                                  
”ඉන්දියානු සාගරයේ මන්ද මාරුතයෙන් සසල වූ පොල්, අරළු හා කුරුඳු ගසක් ද, රක්ත වර්ණ හා දමි වර්ණ අශෝක මලින් ද, ගිනිගෙන දැවෙන සල් මල් වලින් ද යුක්ත වූ උද්‍යානවලට මුහුණ ලා පිහිටි ආලින්දයෝ මාගේ ආදිම මතකයෝ වෙති. කුඩා දරුවනට උද්‍යානය චමත්කාර ලෝකයකි. දැවැන්ත මල් ගස් මත ගී ගයන කුරුල්ලෝ පියෑඹූ හ. ගොඩ කැස්බෑවෝ ඉර අවිවෙ හි අවිව තැපූ හ. විසකුරු සර්පයෝ පවා පටලැවී ගිය පඳුරු යට ලාලිත ගමනින් බඩ ගා ගිය හ. ජීවත් වන අනෙක් සියලූ සතුන් මෙන් ම සර්පයෝ ද බෞද්ධයන් තමනට හිංසාවක් පීඩාවක් නො කරන බව දැන ඔවුන් සමඟ ජීවත් වූ හ.”
ධර්මපාල තුමා මෙසේ හෙළි කරණ ළමා වියේ චමත්කාර අත්දැකීමි අතරින් හෙළි වන සිංහල බෞදධ සභ්‍යත්වයේ  හා සංස්කෘතියේ එක් වැදගත් ආවෙිණික වූ අංගයක් කෙරෙහි ඔබ ගේ අවධානය යොමු කර වීමට කැමැත්තෙමි.
”ජීවත් වන අනෙක් සියලූ සතුන් මෙන් ම සර්පයෝ ද බෞද්ධයන් තමනට හිංසාවක් පීඩාවක් නො කරන බව දැන ඔවුන් සමඟ ජීවත් වූ හ.”
සිංහල සංස්කෘතිය සහ මානව විද්‍යාව පිළිබඳ අදහස් ඉදිිිරිපත් කල අදීන චින්තකයකු වූ මාර්ටින් වික‍්‍රමසිංහ මහතා සිංහලයින් ගේ ජීව භක්ති වාදය ලෙස හැඳින් වූ යේ මෙම ගුණය යි. බටහිරයින් විස්තර කරණ මානව භක්තිය අභිබවා යන මානවයා ට පමණක් සීමා නො වී සියළු ම ජීවින් වෙත කරුණාව දැක්වීම ට අවශ්‍යය හික්මීම සිංහලයා උකහා ගත්තේ බුදු සමය තුළිනි.
ජීව භක්ති වාදය සිංහලයන් උරුමයක් වූයේ කවදා සිට ද? අනුබුදු මහින්ද හිමියන් සියවස් විසි තුනකට පෙර මෙරටට ගෙන ආ පණිවුඩය මෙය යි.
”මහරජ. ඔබ මෙි රටෙි අයිති කරුවා නොව බාර කාරයා පමණි. මෙරට ජීවත් වන මනුෂ්‍යයන් පමණක් නොව සිවුපාවුන් උරගයන් පක්‍ෂීන් මෙන් ම ගස් ගල් ද ඔබගේ ආරක්‍ෂාව යටතේ පවතියි. එය රැුක ගැනීම ඔබ සතු යුතුකමයි.

සිංහල බුදු සමය ලොවට බිහි වූයේ මෙම පණිවුඩයත් සමඟ යි. එදා සිට අද දක්වාත් වෙනස් වෙමින් විනාශ නො වී පවතින ශ්‍රේෂ්ට සභ්‍යත්වයක  ආරම්භය එය යි. සිංහල බෞද්ධයෝ නොයෙකුත් කරදර බාධක සතුරු ආක‍්‍රමණ මධ්‍යයේ එම සභ්‍යත්වය විඥානය සුරැුකිව පරමිපරාවෙන් පරමිපරාවට දායාද කළ හ. ධර්මපාල තුමා මෙන් ම ඔබ ද මා ද අයත් වන පරපුර එය යි.

එතුමා ගේ දින සටහන් වල සඳහන් වන අයුරු ම සිංහල වූ එතුමගේ කුල පරමිපරාව අවුරුදු දෙදහස් දෙසීයක් ම අඛණ්ඩ ව බෞද්ධ වී ඇත. මෙි නිසා බුදු දහම යටපත් වී ගිය යුගයක් වුව ද, ඔහු ගේ ළමා විය ගෙවුනේ බෞද්ධ පරිසරයක බෞද්ධ සිරිත් විරිත් අනුව සැකසුණු පවුල් පසුබිමක ය. පසළොසවක දින අටසිල් සමාදන් වීම, උදේ හවස මල් පහන් පූජා කිරීම ඔහු ගේ ළමා විය හා බැඳුනු හා සුන්දර මතකයන් ය.

”මම මගේ පවුලේ අය සමඟ මසකට වරක් පසළොස්වක පොහොය දිනවල සිල් සමාදන් වීමි. විසිහතර පැයම භාවනාවෙන් ද බෞද්ධ සූත‍්‍රවලින් හා අටිඨ කතාවලින් කොටස් කියවීමෙන් ද ගත කළෙමි.”
”ප‍්‍රතිපත්ති අන්තරාධාන වූ කල සාශනය පවතින්නේ නැත. වත් පිළිවෙත් නොකරන තැනැත්තා කිසි දිනෙක අභිවෘද්ධියට පැමිණෙන්නේ නැත.” 

ධර්මපාල තුමාගේ මෙම ඔවදන අපගේ, විශේෂයෙන් ම දරුවන් හදත වඩන සියල්ලනගේ ම අවධානයට යොමු විය යුත්තකි. මෙරට ප‍්‍රකට කාන්තා චරිත අතරින් විහාර මහ දේවියට පමණක් දෙවැනි වන්නකි මල්ලිකා හේවවිතාරණ චරිතය. ධර්මපාල තුමා තුළ එතරම් ප‍්‍රබල සභ්‍යත්ව විඥානයක් ගොඩ නැගුනේත් ඒ වෙනුවෙන් එතුමාට සිය දිවි දෙවැනි කොට පෙනී සිටීමට අවශ්‍ය ධෛර්යය ලැබුනේත් එම උදාර මාතාවගෙන් ලද අභාෂය නිසා ය.

ධර්මපාල තුමාගේ දින පොත් වලින් උපුටා ගන්නා ලද පහත දැක්වෙන කොටස් ඒ බව සනාථ කරතැ යි සිතමි.
”මගේ මවට අසා සිටීමට සූත‍්‍ර වලින් කොටස් ද ගාථා ද කීමට මට සිදුවිය. මෙි නිසා ගාථා හා පිරිත් කටපාඩමින් මගේ මව ඉදිරියේ දී කිව යුතුවිය. ඇය මා කැමති පැණිරස ගෙනවුත් තබාගෙන ගාථා හා පිරිත් කටපාඩමි දුන්නායින් පසුව එවා මට කන්ට දෙන්නී ය.”
”අසල්වැසි දුප්පත් ගෙදරක ගැහැණියකට දරුවෙකු ලැබෙන්නට යන බව ආරංචි වූ විට එතැනට මුලින් ම යන තැනැත්තිය මගේ මවයි. ඇය එහි ගොස් ඒ අවස්ථාවට අවශ්‍යය උදවු කරයි. දරුවාට ඇඳුමි පැළඳුමි මිලවට ගෙන දෙයි.”

”මවගෙන් මට ද ඇතැමි ගතිගුණ ලැබී තිබෙි. අඟහිඟකමිවලින් මිනිසුන් දුක් විඳිනු මට ඉවසිය නොහැකිවිය. දුප්පත් අයට උපකාර කිරීමට මට හැම විටම වුවමනා විය.”

පසු කලක දී ධර්මපාල තුමා රට පුරා කළ සංචාර වල දී මෙරට ගැමි ජනතාව විඳින දැක මහත් සේ කම්පා විය. සිංහල බෞද්ධයන්  මහායාන බෝධි සත්වයන් ලෙස කටයුතු කළ යුතු බව එතුමා පැවසුවේ එ බැවිනි.
”ස්වකීය ජාතිය ගැන කරුණු දැන ගැනීම රටට සහ ජාතියට ආලයක් ඉපදීමට හේතු වෙි. රටට ආලයක් උපදින්නට නමි ඉතිහාස කතා කියවිය යුතුයි. ලංකා කතාව අන්තර්ගත මහාවංශය කියවීමෙන් අපේ ජාතියට මා තුළ මහත් ආශාවක් උපන්නේ ය. ”

සෑම සිංහලයකු ම මහාවංශය කියවිය යුතු යැ යි මම ද සිතමි. මන්ද මහාවංශය  යනු සිංහලයාගේ සභ්‍යත්ව රාජ්‍යය නිර්මාණය කිරීමේ හා එය රැුක ගැනීමේ කතන්දරය යි. මෙකල මහාවංශයට ගරහන්නේ අප සතු වූ සභ්‍යත්ව රාජ්‍යයට වෛර කරන්නන් ය. අපට මහාවංශය පිළිබඳ ව ඔවුන්ගේ විවේචන වලට පිළිතුරු දිය හැක්කේ මහාවංශය ගැඹුරින් හැදෑරීම මඟින් ම පමණි.

සභ්‍යත්ව රාජ්‍යය කරා යන ගමනේ දී අප අපගේ නිවෙස් හා පවුල් ද ඒ සඳහා සකසා ගත යුතු ය. ඒ සඳහා ඔබට අද දිනයේ දී ම (ධර්මපාල දින* තම ගමන ඇරඹීමට මෙම ලිපියෙන් දිරියක් ලැබේවා යන්න ය මගේ පැතුම.

වෛද්‍ය වසන්ත දේවසිරි
2016 බිනර මස 17 වැන දින
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

9/21/2015

නොනිමි මෙහෙවරක සටහන් - [අනගාරික ධර්මපාලතුමන්ගේ ස්‌වයං චරිතාපදානය -1]

කතෘ:යුතුකම     9/21/2015   No comments
අනගාරික ධර්මපාලතුමන් අවසන්වරට ලියූ අවසන් නොකළ ස්‌වයං චරිතාපදානය - 1 නොනිමි මෙහෙවරක සටහන්

මාගේ ජීවිතයේ මුල් යුගයේ අනුස්‌මරණ

මාගේ කේන්දරය අනුව මා ඉපදුනේ බුද්ධ පරිනිර්වාණයෙන් 2408 වැනි වර්ෂයෙහි සැප්තැම්බර් මාසයේ 17 වැනි ශනි දින කොළඹ ප්‍රධාන පෙළේ බෞද්ධ පවුලකය. ක්‍රිස්‌තු වර්ෂයෙන් කියතොත් 1864 දීය. මා උපදින කාලයේදී නගරයේ බෞද්ධ සිද්ධස්‌ථාන නොතිබුණේය. පසළොස්‌වක්‌ පෝය දිනවල සැදැහැවත් බෞද්ධයන්ට උපෝසථ සීලය සමාදන් වීම සඳහා කොළඹින් සැතපුම් 10 ක්‌ ඈතින් පිහිටි කැලණියට යාමට සිදුවිය. කොළඹින් සැතපුම් 7 ක්‌ දකුණෙන් රත්මලානේද බෞද්ධ විහාරයක්‌ තිබුණි. එය උගත් වලානේ හාමුදුරුවන් නිසා ප්‍රසිද්ධියට පත්ව තිබුණේය. බෞද්ධ දෙ මවුපියන්ට කොළඹ දී උපන් දරුවන් ක්‍රිස්‌තියානි පල්ලියකට ගෙනයාමට සිදුවිය.

එහිදී දේවගැතිවරයෙක්‌ දෙ මවුපියන්ගේ නම් ද දරුවා උපන් දිනය ද සටහන් කරගෙන, දරුවාට බයිබලයේ සඳහන් නමක්‌ දුන්නේය. බ්‍රිතාන්‍යයට යටත් ප්‍රදේශවල පැවති නීතිය එය විය. බුදුන් වහන්සේ ගේ ආගම තහනම් කරනු ලැබූවක්‌ වූයේ ය. ලංකාවේ මුහුදු බඩ පළාත් ලන්දේසීන්ගේ පාලනය යටතේ දී දිගටම පවත්වා ගෙන එනු ලැබීය. මේ සිරිත බ්‍රිතාන්‍ය පාලනය යටතේ දී දිගටම පවත්වා ගෙන එනු ලැබීය. මේ සිරිත 1884 දී අවලංගු කරන ලද්දේ බෞද්ධ කටයුතු පිළිබඳව ලන්ඩනයට දූත මෙහෙවරක යෙදී, බෞද්ධයන් වෙනුවෙන් යටත් විජිත ලේකම්ට සෙන්පති ඕල්කට්‌තුමා විසින් කරුණු ඉදිරිපත් කරනු ලැබීමෙනි. ළදරු කාලයේදී මම පිටකොටුවේ පිහිටි බාලිකා පාසලකට යවනු ලැබීයෙමි.

එහි ලන්දේසි තරුණියන් විසින් ඉංග්‍රීසි උගන්වනු ලැබීය. මගේ වයස අවුරුදු හයක්‌ වූ පසු, පිටකොටුවේ කතෝලික පාඨශාලාවට මම යවන ලද්දෙමි. එය දැන් ශාන්ත මේරිගේ පාසල යන නමින් හඳුන්වනු ලැබේ. පිටකොටුව ඒ කල ලන්දේසි පවුල්වල ද ධනවත් බෞද්ධ සිංහල පවුල්වලද නිවාස පිහිටා තිබුණ ප්‍රදේශ වීය. අද දකින්නට ඇති පරිදි එ කල එහි විදේශිකයෝ බෙහෙවින් නොසිටියෝය. ලන්දේසි පවුල් නගරය අසල ප්‍රදේශවල පදිංචිය සඳහා දැන් ගොස්‌ ඇත. සිංහලයන්ද එයම අනුගමනය කර ඇත්තේ ය. කොළඹ නගරය දැන් දකුණු ඉන්දියානු දෙමළුන්ගෙන් ද මුසලිමයන්ගෙන්ද මලයාලින්ගෙන්ද පිරී පවතී. එය දැන් වඩාත් සමාන වන්නේ ඉන්දියානු නගරයකටය. සෞන්දර්යාත්මක පක්‌ෂය මුළුමනින්ම අතුරුදන් වී ඇත. සුන්දර වැව අභාවයට ගොස්‌ ඇත්තේය. මලින් ද සෙවණින් ගහන වෘක්‌ෂලතාදියෙන් ද පිරී පැවති පිටකොටුව සුන්දර උයන, දැන් හාල් ගුදම්වලට පරිවර්තනය කර ඇත. මුදල් උපයා ගැනීම සඳහා ලංකාවට එන බ්‍රිතාන්‍ය වෙළෙන්දන්ට එහි ස්‌වභාවික සුන්දරත්වය ගැන වුවමනාවක්‌ නැත. ඔවුහු ලන්දේසින්ට වඩා වෙනස්‌ය.

කොටහේන අවට ප්‍රදේශයෙහි පන්සල් දෙකක්‌ තිබුණි. එකක්‌ පරමානන්ද විහාරය යන නමින්ද අනෙක දීපදුත්තම විහාරය යන නමින්ද හඳුන්වනු ලැබීය. එක්‌ එක්‌ විහාරයට අධිපති වශයෙන් සිටියේ එක්‌ සාමණේර භික්‌ෂුන් වහන්සේ නමක්‌ පමණි. මගේ වයස අවුරුදු දහය වනතුරු මම පිටකොටුවේ සිටියෙමි. ඊට පසුව මම මාගේ පියාට අයිතිව තිබුණු කොටහේනට ගියෙමි. මගේ අට වැනි වර්ෂයේ සිට දසවැනි වර්ෂය දක්‌වා කාලය තුළදී පුද්ගලික සිංහල පාසලකට මම යවනු ලැබීමි. එහිදී ලංකාවේ පන්සල්වලදී මෙන් මට සිංහල පාඨ ග්‍රන්ථ වලින් උගන්වනු ලදී. මාගේ සිංහල ගුරුවරයා විනය නීති රීති තදින්ම පිළිපදින්නෙක්‌ වීය. සෑම දෙයක්‌ම පිරිසිදුව තබා ගැනීමේ ද කායික පවිත්‍රතාව පවත්වා ගැනීම සඳහා ජලය බෙහෙවින් ආධාර වූයේය. මා පිටකොටුවේ සිටි කාලයේදී කසාවත් හැදි බෞද්ධ භික්‌ෂූන් වහන්සේ නමක්‌ දුටුවේ ඉතා කලාතුරකිනි. ළදරු පාසලේ ගුරුවරු ලන්දේසි කාන්තාවෝ වූහ. ශාන්ත මේරිගේ පාසලේදී මාගේ ගුරුවරයා වූයේ රෝමානු කතෝලික මරක්‌කලයෙකි. කතෝලික බිෂොප් වූ හිලේරියන් සිලානි පාසලට ආ වතාව මට මතකය. එදින ඔහු ඇඟිල්ලේ පැළඳගෙන සිටි මුද්ද මට ඉඹීමට කියනු ලැබීය. ඔහු ඉදිරියේ දණ ගසා ගෙන එසේ කිරීමට මට සිදුවූයේය. එසේ කරන ලෙස මට කීවේ මන්දැයි මම නො දනිමි. මා අණට කීකරු ව මාගේ දණ නැමූ විට, බිෂොප් ඔහුගේ අත සිඹීමට මා වෙත දිගු කළේය. ඉන් නොබෝ දිනකට පසුව ශාන්ත මේරීගේ පාසලෙන් අස්‌ වූ මම සිංහල පාසලකට ගියෙමි. එහිදී පළමු වන පාඩම මට උගන්වන ලද්දේ පැරණි සිංහල චාරිත්‍ර අනුවය. ඒ නම් ගුරුතුමාට බුලත් අතක්‌ පිළිගන්වා වැඳීමෙන් පසුවය. ඒ අවුරුදු දෙක තුළ දී මා උගත් සෑම දෙයක්‌ ම ඉතා වටී. පළමුවන වරුවේ දී උදේ අටට පාසලට ගිය මම, දිවා ආහාරය සඳහා 11 ට ගෙදර ආවෙමි. ඉක්‌බිතිව දෙවැනි වරුවේ දී ප.ව 1 ට පාසලට ගිය මම 5 වන තුරු එහි නතර වී සිටියෙමි. එහිදී සිංහල හැරෙන්නට අන් කිසි ම විෂයක්‌ නූගන්වන ලද්දේය. ඒ පාසලින් මා උගත් දේ පසු කාලයක දී මට ඉතා ප්‍රයෝජනවත් වී ය. සිංහල පාසලින් අස්‌ කරනු ලැබූ මම, ඊට පසුව ශාන්ත බෙනඩික්‌ ආයතනයේ පහළ ම පන්තියට දමනු ලැබීමි. එහි සිංහල ගුරුවරයා කතෝලිකයෙක්‌ වී ය. මාස කිහිපයකට පසුව උසස්‌ පන්තියකට මම දමනු ලැබීමි. එහිදී මගේ ගුරුවරයා වූයේ ගුරු සොහොයුරු නමකි.
සෑම අඩ පැයක දීම කන්‍යා මේරී තුමියට ප්‍රශංසා කරමින් පන්තිය කෙටි යාච්ඥාවක්‌ කළ යුතු වූයේය. මා දිනපතා ම බුදුන් වැන්ද නමුදු මම කතෝලික ක්‍රමයට පුරුදු වීමි. මා බෞද්ධයෙකු වූ හෙයින් බ්‍රහස්‌පතින්දා දිනවලදී සොහොයුරු නමක විසින් මෙහෙයවන ලද විශේෂ පන්තියකට සහභාගි වීමට මට සිදුවීය. මාගේ ගුරුවරුන් වශයෙන් ඕගස්‌ට්‌, ඩැනියෙල්, ජොෂුවා, සහ කැෂියොන් යන සොහොයුරෝ කටයුතු කළහ. ඒ පාසලේ සිටි අවුරුදු දෙකක කාලය තුළදී මම සොහොයුරු නමවල් කිහිප දෙනෙකුත් පුද්ගලිකව දැන හඳුනාගතිමි. මාගේ පියාගේ උයනෙහි සුවඳවත් මලින් පිරුණු ගස්‌ බොහෝ තිබුණි. මම උත්සව දිනවලදී ඒ මල් පාසලට ගෙනයාමට පුරුදුව සිටියෙමි. එක්‌ දිනෙක ගරු පියතුමෙක්‌ මා කතෝලිකයෙකු නොවිය යුත්තේ මන්දැයි මගෙන් ඇසීය. පුදුමයට කාරණය නම්, කතෝලිකාගම කොළඹ ඒ තරම් තදින් පැතිර තිබියදී මා කතෝලිකයෙකු නොවීමයි. බෞද්ධ පරිසරය තුළ මා තබාගැනීමට මගේ දෙමවුපිය මුතුන් මිත්තන්ගේ බලපෑම ඉතා අධික වීය.

මගේ නව වැනි වර්ෂයේදී මගේ පියා විසින් පන්සලේ දී බ්‍රහ්මචාරි ව්‍රතය මට සමාදන් කරවනු ලැබීය. බ්‍රහ්මචාරියා දෙන ලද දෙයක්‌ ආහාර පිණිස ගත යුතු යෑයි ද අඩුවෙන් නිදා ගත යුතු යෑයි ද එදින මගේ පියා මට උපදෙස්‌ දුන්නේය. ඒ ව්‍රතය සමාදන් වූයේ 24 පැයකට පමණි. එය මගේ ළපටි සිතෙහි ස්‌ථිර අන්දමේ බලපෑමක්‌ ඇති කළේය. 1886 මැයි මාසයේදී කතෝලික පාඨශාලාවෙන් අස්‌ කරනු ලැබූ මම, කොළඹින් සැතපුම් හයක්‌ ඈතින් පිහිටි කෝට්‌ටේ ක්‍රිස්‌තියානි නේවාසික පාඨශාලාවට ඇතුළු කරනු ලැබීමි. එය ක්‍රිස්‌තියානි මිෂනාරි පාඨශාලාවක්‌ වීය. දිනපතා යාච්ඤා කිරීමටද ක්‍රිස්‌තියානි ධර්ම ග්‍රන්ථ ඉගෙන ගැනීමටද, මිෂනාරි ගීත ගැයීමටද මට සිදුවිය. මම අවුරුදු දෙක හමාරක කාලයක්‌ මුළුල්ලේ මිෂනාරි වාතාවරණයක කල් ගත කළෙමි. එහිදී බුද්ධ ධර්මයට පහරදීම අරමුණු කරගත් දේවගැතිවරුන් බුද්ධාගමට දුන් පහරවල් විඳ දරා ගැනීමට සිදුවිය. දිනපතාම මට පල්ලියේ දේව මෙහෙයට උදේ 6.30 ට යැමට සිදුවූයේය.

[මතු සම්බන්ධයි]
දිවයින

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

9/17/2015

ජාතික චින්තනය අවදි කළ ධර්මපාලතුමා

කතෘ:යුතුකම     9/17/2015   No comments

-අදට යෙදී ඇති අනගාරික ධර්මපාල තුමන්ගේ 151 වැනි උපන් දිනය නිමිත්තෙනි....

සිංහල ජාතියේ පිනට උපන්, බුද්ධ ශාසනයේ වාසනාවට පහළ වූ උදාර ජන නායකයාණන් වූ අනගාරික ධර්මපාලතුමා දෙදහස්‌ පන්සීයේ සම්බුද්ධ ජයන්තියට අප ධර්මද්වීපයට උචිත පසුබිමක්‌ සකස්‌ කිරීමට පෙරුම්පුරා පැමිණි බෝධිසත්වයෙකි. සිංහල ජාතියත් බුද්ධාගමත් ගහත් පොත්තත් මෙන් එකට බැඳී වැඩුණු බව පසක්‌ කළ දම්පල්තුමන් ගේ චින්තනය ක්‍රියාව, වචනය හැම විට ම යොමු වූයේ යටත් විජිතයක්‌ වූ එදා අප රටේ පාලකයන්ගේ ඇස්‌ ඇරවීමටය. සිංහල බෞද්ධයාගේ පරිහාණිය නිද්‍රෝපගත ඔවුන්ට කියාදී දැනුවත් කිරීමටය. පරාධීන මනස ගැති ගතිය දුරුකොට, ස්‌වාධීන මනසක්‌ ස්‌වෛරී චින්තනයත් මතුකර දී අනාගත ශ්‍රී ලංකාව ධර්මද්වීපයක්‌ කිරීමට ය.

මෙයින් වසර එක සිය පණහකට පෙර ධර්මපාලතුමා බිහි වූ ලංකාවේ බෞද්ධකම මෙන්ම, සිංහල නම් ගම් ද, එදා අපේම සිංහල බෞද්ධ ප්‍රභූ සමාජයටත් වහ කදුරු මෙන් වූයේ යටත් විජිත සමයේ දී අධිරාජ්‍යවාදීන්ගේ දැඩි මර්දනකාරී පිළිවෙත නිසා ය. විවාහය ලියා පදිංචි කිරීම, නමක්‌ ලබා දීම යනාදී මූලික මිනිස්‌ අයිතිවාසිකම් සියල්ලක්‌ම පල්ලියට යට විය. සියලු වරප්‍රසාද ලැබුණේ මිෂනාරි අණසකට යට වූ විදේශාධිපත්‍යයේ ගැත්තන්ටය.

නිතර "ඉතිපිසෝ" ගාථාව සිහිපත් කළ ශ්‍රද්ධාවන්ත හේවාවිතාරණ මැතිඳුන් ගේ පුත්‍ර රත්නයට ද ඒ නිසා ම පල්ලියෙන් "දොන් ඩේවිඩ්" යන නමක්‌ ලැබිණි. පල්ලියේ ඉස්‌කෝල අධ්‍යාපනයට, ඉංග්‍රීසි අධ්‍යාපනයට යොමු කරන ලදුව ඉංග්‍රීසි භාෂා සාහිත්‍යය යනාදියට නොදෙවැනි ව බයිබලය ඇතුළු කිතුනු සාහිත්‍යය මැනවින් උගත් මේ උදාර තරුණ ශිෂ්‍යයා තමාගේ මුල් නම "ඩේවිඩ්" වූව ද, බයිබලය හැදැරීමෙන් පසුව ඒ නම අත්හරින ලදී. ඊට හේතුව වූයේ බයිබලයේ කියෑවෙන පරිදි ඩේවිඩ් යූරි ආ ගේ මරණය සිදු කළ මිනීමරුවා බවත්, ඔහු මරා ඔහුගේ බිරිය අනියම් බිරිය ලෙස පාවාගත් බවත් දැනගැනීම යි. ඒ නයින් දොන් ඩේවිඩ් වෙනුවට ධර්මපාල වූ නම වැළඳ ගත්තා පමණක්‌ නොව සිංහල බෞද්ධයන් ක්‍රිස්‌තියානි නම් අත්හැර බෞද්ධ නම් යොදා ගත යුතු බවට ජාතික ව්‍යාපාරයක්‌ ද ක්‍රියාත්මක කර ලදී.

දොන් ඩේවිඩ් තරුණයා ධර්මපාල නම වැළඳ ගැනීම ඓතිහාසික සිද්ධියකි. කෝට්‌ටේ රාජධානියේ සිටි බුද්ධාගම අතහැර ක්‍රිස්‌තියානි වැළැඳගත් අපේ රට පරංගින්ට ලියා පවරා දුන්නේ ධර්මපාල නම දැරූ උපතින් සිංහල බෞද්ධ රජෙකි. එදා ඔහු සිය දෙමාපියන්ගෙන් ලැබුණු ධර්මපාල නාමය හැර දා "දොන් ජුවන්" වීමට තරම් දේශෙද්‍රdaහීයෙක්‌ විය. ඒ එදාය. මෙදා සිය නුවණ මෙහෙයවා කරුණු විමසා බලා කුඩා කාලයේ දී පල්ලියෙන් දුන් "දොන් ඩේවිඩ්" නම අත් හළ උදාර දේශප්‍රේමියකු වූයේ ශත වර්ෂ එකහමාරකට පෙර උපත ලද ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාය.

කිසිම නිල බලයක්‌ තනතුරක්‌ පදවියක්‌ නොදරා, උට්‌ඨාන වීර්යයත්, අධිෂ්ඨානපරවශ ඇප කැපවීමත් නිසාම, දඹදිව බුද්ධගයාව බේරා ගැනීමට, සාරානාථයේ ඉසිපතනය රැක ගැනීමට, ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ දම්පල් උතුමාණන්ට අප රට ඊනියා සිංහල බෞද්ධ ජන නායකයන් ගෙන් කිසිදු තැකීමක්‌ පිහිටක්‌ නොලැබිණි. එසේ වුව ද ඒ යටත් විජිත සමයේ බටහිර ලෝකයා මවිත කළ මහත්මා ගාන්ධි, රාෙ-න්ද්‍ර ප්‍රසාද් වැනි මහා භාරතයේ ජන නායකයෝ ද, රබීන්ද්‍රනාත් තාගෝර්, ශ්‍රීමත් එඩ්වින් ආනල්ඩ් වැනි දාර්ශනික මහා කිවියෝද, විවේකානන්ද තුමන් වැනි අධ්‍යාත්මික ගුරුවරුන්ද ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමණන්ගේ කුළුපග මිතුරෝ වූහ.

පානදුරා වාදයේ අනුහසින් ලංකා ද්වීපය සොයා පැමිණ ආනන්ද විද්‍යාලය ප්‍රමුඛ බෞද්ධ පාසල් ඇති කිරීමට පුරෝගාමී මෙහෙවරක්‌ සිදු කළ හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌ තුමන්ගේ පරහිතකාමී උදාර සේවාව සාර්ථක වූයේ ධර්මපාල තරුණයා එවක ඉතා උසස්‌ තනතුරක්‌ වූ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ තමා දැරූ නිලය අතහැර ඕල්කට්‌තුමාගේ භාෂා පරිවර්තකයා වශයෙන් රට පුරා ගමන් කිරීමට මහත් අභිරුචියෙන් ඉදිරිපත්වීම නිසාය. ඒ ගිය චාරිකාවලදී අප රටේ ගම් නියම්ගම්වල ඇති තතු දැනගැනීමේ ක්‍ෂේත්‍ර නිරීක්‍ෂණයක්‌ ලැබූ ධර්මපාලතුමා නිෙද්‍රdaපගත සිංහල බෞද්ධයා නඟා සිටුවීමට තරයේ අදිටන් කළ බව පෙනේ.

දෙදහස්‌ පන්සීය වන විට සමස්‌ත ලෝක බෞද්ධ ප්‍රජාව එකමුතු කිරීමට ඉංග්‍රීසි භාෂාවෙන් ඵ්ය්ඉදායස නම් සඟරාවක්‌ ද, මර නින්දේ නිදාහුන් සිංහල බෞද්ධ ජනතාව අවදිකිරීමට 'සිංහල බෞද්ධයා' ජාතික පුවත්පත ද ඇරැඹීම, එතුමාගේ ජාතික හා ජාත්‍යන්තර මෙහෙවරේ අනුස්‌මරණීය සිහිවටන වැන්න. දූරදර්ශී තීක්‍ෂණ කල්පනාවෙන් එතුමන් කරන ලද උදාර මෙහෙවර සිහිපත් කරමින් කල්කටාවේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කථානායකතුමන් වූ මුඛර්ජි තුමා පවසා සිටියේ, එදා ධර්මාශෝක අධිරාජයාණන් ශ්‍රී ලංකා දීපයට අනුබුදු මිහිඳු මහරහතුන් වහන්සේ ප්‍රමුඛ බුද්ධ ශ්‍රාවකයන් මගින් ලබාදුන් ශ්‍රී සද්ධර්මය නමැති අනඟි දහම් පඬුර නිසා ලංකාද්වීපය ජම්බුද්වීපයට යම් ණය බරක්‌ වීද මෙදා ශ්‍රීමත් අනගාරික ධර්මපාල මහෝත්තමයාණන් විසින් බුද්ධගයාව බේරා ගෙන සාරානාථයේ ඉසිපතනය වැනි බෞද්ධ සිද්ධස්‌ථාන රැක දීමෙන් කරන ලද අමිල මෙහෙවර නිසා ඉන්දියාවට ඒ ණය බර සපුරා ගෙවා දමා ඇති බවයි.

1922 ජනවාරි මස පළමුවැනි දින දේවප්‍රිය මහතා අමතා ලියන ලද ලිපිය, එතුමා ලියන ලද ලිපි ලේඛන සම්භාරයෙන් සුවිශේෂී ලිපියකි.

"බ්‍රහ්ම චරියාව රක්‍ෂා කිරීමට මට සිතට ආවේ අවුරුදු 18 වයසේ දීය. කෑමට ඇති ගිජුකම නැති කරගත්තේත්, ඒ කාලයේ දීමය. විසි වයසේ දී ලෝක ශාසනය උදෙසා වැඩ කිරීමට මට හිත උපන්නා.

දාහත් අවුරුද්දක්‌ මම ඇඳක නිදා ගත්තේ නැහැ. රාත්‍රි පොත් බලන්නට එළියක්‌ ලැබුණේ නැත. පයට සපත්තු සෙරෙප්පු නොදමා හැම තැනම දඹදිව සංචාරය කළේ බුදුහාමුදුරුවො සිහිකරගෙන.

මම තුට්‌ටුවක්‌ වත් වියදම් කරන්නේ කල්පනා කරලයි. තුට්‌ටුව වියදමත් සටහන් කර ගත්තා.

හැම දේම පවිත්‍රව තබා ගනින්. නානකාමරයේ බිම සෝදාපන්. බේසම සබන් දා හෝදන්ට හොඳට ඉගෙන ගනින්. කුණු දැක දැක ඉඳීම දුක්‌ධාපන්තියකි. විහාර හොඳට ශුද්ධ කරවාපන්".

මම කිසි කලෙක කාම සැප සෙව්වේ නැහැ. රහත්වීමට ව්‍යායාම කරපන්. රහත් වෙනවා කියන්නේ චිත්ත සුද්ධිය සම්පූර්ණයෙන් ඇතිකර ගැනීම යි.

අප රටේ ජනනායකයෝ අතුරින් එතුමා තරම් ක්‍රමානුකූලව දින සටහන් පවත්වන ලද ඉංග්‍රීසියේ හා සිංහලයේ අති ව්‍යක්‌ත ලිපි සම්භාරයක්‌ ලියන ලද දුක්‌ විඳපු නායකයකු ගැන කිව නොහැකිය.

ප්‍රකෝටිපති සිටු පවුලක ඉපිද ඒ සියලු ධන සම්භාරය බුද්ධාගමේත් ජනතාවගේත් අභිවෘද්ධියට කැප කළ දම්පල්තුමන්ගේ දර්ශනයේ පදනම වූයේ සිංහල ජාතිය, බුද්ධාගම, සිංහල දේශය, සිංහල භාෂාව යන සිව් මහ අමිල වස්‌තුවයි.

බුද්ධ ධර්මයේ ගැඹුරුම දැනුමක්‌ තිබුණු එතුමන් පටිච්ච සමුප්පාදය, සත්තිස්‌ බෝධිපාක්‍ෂික ධර්ම, යනාදිය ගැන සිංහනාද පවත්වමින් ලියා ඇති සටහන් අපට කියා දෙන්නේ බුදු දහමේ සාපේක්‍ෂක ප්‍රායෝගික වටිනාකම මැනවින් උගත් තරමය.

ඇමෙරිකාවේ දෘෂ්ටි සම්මේලනයේ දී බුද්ධාගම පිළිබඳ චතුර දේශනයක්‌ කරමින්, ශ්‍රී විවේකානන්ද තුමන් වැනි මුනිවරුන් ගේ ගෞරවාදරයටත් බටහිර විද්වත් පර්ශදයේ සම්භාවනාවටත් පත් ධර්මපාලතුමන් විසින් ජාත්‍යන්තරය දිනා, විදේශිකයන් විසින් සිංහල බෞද්ධයා ගසා කනු ලබන ආකාරය, "සිංහල බෞද්ධයා" පුවත් පතේ කවි පෙළවල් මගින් අවධාරණය කරන ලදී.

තණ බිම්, හේන් ගොවිතැන් කරන ලද ගම්බද කැලෑ, දයා රහිතව ස්‌වදේශිකයන් ගෙන් කොල්ලකා ගෙන රජයේ ඉඩම් බවට හරවා තේ රබර් වැවීම එතුමා ගේ උදහසට ලක්‌විය. කොම්පැනිකාරයන් රන් පවුම් උපයමින් පිටරට ධනය යෑවීම වේදනාවෙන් විවේචනය කළ එතුමන් සිංහල බෞද්ධ ජනතාවට හරක්‌ මස්‌ සහ අරක්‌කු පුරුදු කිරීමේ සාපකාරී අපරාධය පැහැදිලි කර දීමට ගම් නියම් ගම් නෑර දුර බැහැර දුෂ්කර පළාත් කරා ගිය අයුරු අද අපේ ජාතික ප්‍රතිපත්ති සකසන ජනතා නියෝජිතයන් හොඳින් හදාළ යුතුය.

එතුමා විරුද්ධ වූයේ ජාතිකත්වයෙන් තොර වූ එදා ක්‍රිස්‌තු සභාවට ය. බොහෝ ලිපිවල හා දේශනවල "කන්දඋඩ දේශනාව" මහත් සේ අගයා ඇති දම්පල්තුමන් කියා සිටියේ, කිතුරදුන්ගේ නිහතමානී භාවයත් බැගෑපත් භාවයත් වෙනුවට, අහංකාර පරවශව මිෂනාරීන්, ස්‌වදේශිකයන් ගේ අනන්‍යතාව අකා මකා ලන්නට සුදු අධිරාජ්‍යවාදී පාලකයන් සමඟ අත්වැල් බැඳගෙන කළ දේශ ද්‍රෝහී දුෂ්ට ක්‍රියාදාමය යි.

"අපට අවශ්‍ය වන්නේ, නිහතමානි වූත් බැගෑපත් වූත් යේසු සමිඳුන් ගේ ඉගැන්වීම්ය. එසේ කියන්නේ දැනට අපේම ආගම් තුළ ඒ නැති බැවින් නොව, ඒවා අපට වඩාත් අවශ්‍ය වන බැවිනි".

අතිශය සාධාරණ ව අනෙක්‌ ආගම් හා දර්ශන හදාළ අනගාරික ධර්මපාලතුමන් හට බුදු දහමත් බෞද්ධ චරිතයත් හදාරන්නට හදාරන්නට අපේ ජනතාව අත් හරින්නේ මිණි මුතුවන් අගනාතම දහම වන බුදු දහම බවත් ආර්ය සිංහල චාරිත්‍රවාරිත්‍ර බවත් පසක්‌ විය. මේ නිසා දම්පල්තුමන්ගේ හිතේ ඇතිවුණු සංතාපය දුරු කිරීම අපේ පරම වගකීමයි.

වි. ජ. මු. ලොකුබණ්‌ඩාර
[දිවයින]

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions