// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/Nalin?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/Nalin"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"},{"rel":"next","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/Nalin\/-\/Nalin?alt=json-in-script\u0026start-index=9\u0026max-results=8"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"92"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-597611264350490947"},"published":{"$t":"2017-07-09T21:21:00.000+05:30"},"updated":{"$t":"2017-07-09T21:21:18.271+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Nalin"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නලින් ද සිල්වා"}],"title":{"type":"text","$t":"“අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම මේ රටේ ජනමතය කොල්ල කෑමක්“ – මහාචාර්ය නලින් ද සිල්වා"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/4.bp.blogspot.com\/-UDVpYRa2K20\/WWJQuX5OG1I\/AAAAAAAAF1Y\/fCJMn-XQJCYGEPgCSaPfOZkb7ti2VTSqQCLcBGAs\/s1600\/NalinDeSilvaDivaina.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" data-original-height=\"838\" data-original-width=\"1600\" height=\"334\" src=\"https:\/\/4.bp.blogspot.com\/-UDVpYRa2K20\/WWJQuX5OG1I\/AAAAAAAAF1Y\/fCJMn-XQJCYGEPgCSaPfOZkb7ti2VTSqQCLcBGAs\/s640\/NalinDeSilvaDivaina.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E“අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම මේ රටේ ජනමතය කොල්ල කෑමක්“ – මහාචාර්ය නලින් ද සිල්වාරටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නොවන බවට වන යෝජනාව ඇතුළත් යෝජනාවලියක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීමට අස්ගිරි මහා විහාරයට රැස් වූ තෛනිකායික මහා සංඝරත්නය පෙරේදා තීරණය කළහ. මේ ඒ පිළිබඳ ආචාර්ය නලින් ද සිල්වා මහතා සමග රිවිර පුවත්පත කළ සාකච්ඡාවකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E\u003Cspan style=\"color: #990000;\"\u003Eප‍්‍ර – මේ අවස්ථාවේ රටට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය නොවන බවට ත්‍රෛනිකායික මහා සංඝරත්නය ප‍්‍රකාශයක් නිකුත් කරනවා. ඒ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?\u003C\/span\u003E\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපි – මේ අවස්ථාවේ භික්ෂූන් වහන්සේලා කළ මැදිහත් වීම පිළිබඳ මා තුළ භක්තියක් සහ ප‍්‍රසාදයක් තිබෙනවා. 1978 ව්‍යවස්ථාවත් සිංහල බෞද්ධයාට මේ රටේ හිමි විය යුතු තැන ලබා දුන් එකක් නෙමේ. ඒ නිසා නව ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීමේ විශාල වුවමනාවක් තියෙනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eබටහිරයෝ මේ ආණ්ඩුව බලයට පත් කරන්නේ 78 ව්‍යවස්ථාවටත් වඩා සිංහල බෞද්ධ විරෝධී ව්‍යවස්ථාවක් ගෙන ඒමේ අරමුණින් කියලා මේ ආණ්ඩුව බලයට පත් කිරීමට කටයුතු කරන විට මම පැහැදිලිව ම කීවා. මේ රටේ මිනිස්සු ඒක තේරුම් ගත්තේ නෑ. මිනිස්සු රැවටුණා. දැන් මේ ව්‍යවස්ථාවක් ගේන්න යන්නේ බටහිර සහ ඉන්දියානු වුවමනාව අනුව මේ රටේ සිංහල බෞද්ධ විශේෂත්වය සම්පූර්ණයෙන් විනාශ කරන්න. ඒ නිසා මේ වෙලාවේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට මම විරුද්ධයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E2015 මේ රටේ මිනිස්සු මෛත‍්‍රීපාලට හෝ මහින්දට අලූත් ව්‍යවස්ථාවක් ගේන්න ඡුන්දය දුන්නේ නෑ. මහින්ද අලූත් ව්‍යවස්ථා ගැන කිසිවක් කීවේ නෑ. මෛත‍්‍රීපාල කීවෙත් ජනමත විචාරණවලට යා යුතු ව්‍යවස්ථා සංශෝධනවලට නොයන බවයි. ඒ අනුව 2015 මේ රටේ කිසිවකු අලූත් ව්‍යවස්ථාවකට ඡුන්දය දීලා නෑ. ඒ නිසා අලූත් ව්‍යවස්ථාවක් ගෙන ඒම සම්පූර්ණයෙන් ම මේ රටේ ජනමතය කොල්ලකෑමක්.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅපි මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතියට විශේෂත්වයක් ලබා දෙන නව ව්‍යවස්ථාවක් නිර්මාණය කරගත යුතුයි. ඒ සඳහා තව කල් තියෙනවා.  ඉංගිරිසිකාරයන්ට ලිඛිත ව්‍යවස්ථාවක් නැතත් ඔවුන්ගේ සම්ප‍්‍රදාය අනුව එංගලන්ත රජු හෝ රැුජින තමයි ක‍්‍රිස්තියානි ඇන්ග්ලිකන් පල්ලියේ නායකයා. ඔවුන්ට එම සම්ප‍්‍රදාය පවත්වා ගෙන යාම හොඳ නම් ඔවුන්ට වඩා දිගු ඉතිහාසයක් ඇති අපට ඇයි එය හොඳ නැත්තේ? අවුරුදු 2400ක විතර මේ රටේ පවතින ඉතිහාසයට ගරු කරමින් සිංහල බෞද්ධ සංස්කෘතියට ප‍්‍රමුඛතාව හිමි වන ව්‍යවස්ථාවක් තනා ගත යුතුයි. එහෙත් 78 ව්‍යවස්ථාව හොඳයි කියලා එයින් කියවෙන්නේ නෑ. එය වෙනස් කළ යුතුයි. විශේෂයෙන් 78 ව්‍යවස්ථාවට ඉන්දියාව බලහත්කාරයෙන් එකතු කළ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය වහාම ඉවත් කළ යුතුයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eප‍්‍ර – 13 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුත්තේ ඇයි?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපි – එය සම්පූර්ණයෙන් ඉන්දියානු වුවමනාව මත ගෙන ආ සංශෝධනයක්. මේ රටේ දෙමළ ජනවර්ගයට අසාධාරණයක් වන බව කියමින් ඒ සංශෝධනය ගෙනාවේ. මේ දෙමළ ප‍්‍රශ්නය පටන් ගත්තේ 1956 හෝ 1983 නෙමෙයි, 1831 ව්‍යවස්ථාදායක සභාවක් හදලා සිංහල, දෙමළ කතා කරන සහ බර්ගර් ජනතාව වෙනුවෙන් එක නියෝජිතයා බැගින් පත් කිරීම නිසායි. ගැටුමේ මුල එතන. 75%කට වැඩි සිංහලයා වෙනුවෙන් එක නියෝජිතයයි. එකල 10%ක්වත්  නොසිටි දෙමළ මිනිස්සු වෙනුවෙන් එක නියෝජිතයයි. ඒ බලය දිගටම පවත්වා ගෙන යාමට දෙමළ නායකයෝ උත්සාහ කළා. එය පොන්නම්බලම් සහෝදරයෝ අතේ වර්ධනය වෙලා චෙල්වනායගම් වෙනම රාජ්‍යයක් ඉල්ලන තැනට ආවා. ඒ වෙනම රාජ්‍යය වෙනුවෙන් තමයි ප‍්‍රභාකරන් ආයුධ අතට ගත්තේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඒ දෙමළ ජාතිවාදී දේශපාලනය වගේ ම ඊට ඊනියා විසඳුම් ලෙස ඉදිරිපත් කළ 13 වැනි සංශෝධනයත් අපි 2009 නන්දිකඩාල් කලපුවේ දී පරාජය කළා. එලෙස පරාජය වූ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට දේශපාලනික පැවැත්මක් නෑ. ඊට හිමි නෛතික පැවැත්මත් අහෝසි කළ යුතුයි. එය බලාත්මක කිරීමට ජනමත විචාරණයක් නොපැවැත් වූ නිසා එය අහෝසි කිරීමටත් ජනමත විචාරණයක් අවශ්‍ය නෑ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eප‍්‍ර – විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු යැයි සමහරු ප‍්‍රකාශ කරනවා?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපි – විධායක ජනාධිපති ක‍්‍රමයට ප‍්‍රතිපත්තියක් හැටියට මමත් කැමැති නැහැ. එහෙත් 13 වන ව්‍යවස්ථා සංශෝධනය පවතින තුරු විධායක ජනාධිපති ධුරය තිබිය යුතුයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eප‍්‍ර – 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක පසුබිමක විධායක ජනාධිපති ධුරය අහෝසි කළොත්?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපි – 13 වන ව්‍යවස්ථා සංශෝධනය පවතින අතර විධායක ජනාධිපති ධුරය අහෝසි කළොත් මෙතෙක් ආණ්ඩුකාරවරයා ඔස්සේ ජනාධිපතිට හිමි බලතලත් මහ ඇමැතිගේ අතට පත් වෙනවා. එය භයානක තත්ත්වයක්\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eප‍්‍ර – දෙමළ ජාතික සන්ධානයේ සුමන්දිරන් පවසනවා ජාතික ගැටලූවට විසඳුම් ලබාදීමට නව ව්‍යවස්ථාවක් අවශ්‍යයයි කියලා?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපි – මම දැන් අවුරුදු තිස් ගාණක් තිස්සේ මේ අයගෙන් අහනවා දෙමළ ජනතාවට දෙමළ ජනතාව වීම නිසා ම මේ රටේ තියෙන ප‍්‍රශ්නය මොකක්ද කියලා. ඒකට තවම කවුරුවත් උත්තර දීලා නෑ. සුමන්දිරන්ලා මුණගැහෙන්න යන මාධ්‍යකාරයෝ ඒක ඔහුගෙන් අහන්නෙත් නෑ. සුමන්දිරන් කියන්නේ දෙමළ මෙතෝදිස්ත සභාවේ පුද්ගලයෙක්. මෙතෝදිස්ත පල්ලිය ඇන්ග්ලිකන් ක‍්‍රිස්තියානි පල්ලිය සමග බොහොම සමීපයෙන් වැඩ කරනවා. ඔහු හින්¥න් වෙනුවෙන් නෙමේ ක‍්‍රිස්තියානි පල්ලිය සහ බටහිර අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින්නෙක්.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ දෙමළ නායකයන්ට වගේම බොහෝ සිංහල නායකයන්ට තියෙන්නේ ක‍්‍රිස්තියානි සම්භවයක්. ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා අල්ල ගන්න ගියේ බණ්ඩාරනායකයි තම්බි මුදියන්සෙයි දෙන්නා. මේ මිනිස්සුන්ගෙන් පැවතෙන අය තමයි රටේ ආණ්ඩු කරන්නේ. සිංහල බෞද්ධ සහ දෙමළ හින්දු ජනතාව අතර සමගියක් ගොඩනගාගත නොහැකි වීම අප ලද ඓතිහාසික පරාජයක්. සිංහල බෞද්ධයෝ හින්දු ජනතාව සමග එකතු වෙලා සුමන්දිරන්ලාට විරුද්ධව වැඩ කරන්න  ඕන.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅද යාපනේ හින්දු ක‍්‍රිස්තියානි ගැටුම ඉස්මතු වෙලා. එය විග්නේශ්වරන් සුමන්දිරන් ගැටුමක් විදිහට තමයි උඩට එන්නේ. විග්නේශ්වරන් ඉවත් කළ ඇමැතිවරු දෙදෙනෙක් ක‍්‍රිස්තියානිකාරයෝ. පල්ලියේ පූජකයෙක් ඉදිරිපත් වෙලා තමයි ඒ ගැටුම සමථයකට පත් කළේත්. මේ රටේ පවතින ක‍්‍රිස්තියානි ආධිපත්‍ය තමයි සියලූ ගැටලූවලට මුල.  ඒ සඳහා විසඳුම තමයි සාමාන්‍ය හින්දු ජනතාව සමග සිංහල බෞද්ධ ජනතාව එකතු වී උතුර දකුණ වෙළාගෙන පවතින ක‍්‍රිස්තියානි ආධිපත්‍යයට එරෙහිව කටයුතු කිරීම.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eප‍්‍ර – සුමන්දිරන් කියනවා යෝජිත ව්‍යවස්ථාවේ ෆෙඩරල් කියන වචනය නැති වුණාට එහි ෆෙඩරල් ලක්ෂණ තියෙනවා කියලා?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003Eපි – සුමන්දිරන් කියන්නේ ඇත්ත. ”බුදු සසුන බැබළේවා!” කියලා ලොරිය ඉස්සරහ බෝඞ් ලෑල්ලේ ගහලා හොර හරක් පටවනවා නේ. ඒක ව්‍යවස්ථාවෙත් කරන්න පුළුවන්. ව්‍යවස්ථාවේ ඒකීය ලේබලය ගහන්න පුළුවන්. බුදු දහමට ප‍්‍රමුඛතාව දෙනවා කියලත් ලියන්න පුළුවන්. හැබැයි ප‍්‍රායෝගිකව ඒ කිසිවක් නොවන තැනට වෙනත් වගන්ති ඇතුළු කරන්න පුළුවන්. සුමන්දිරන් දන්නවා මේ වැඬේ කරන විදිහ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eප‍්‍ර – ඇතැම් අවස්ථාවල මේ රටේ රාජ්‍ය කිහිපයක් තිබුණා. ඉතින් ඇයි අපි ෆෙඩරල්වලට විරුද්ධ වෙන්නේ?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපි – මේ රටේ එදා මෙදා තුර පවතින්නේ එක්සේසත් රාජ්‍යයක්. යම් යම් සතුරු ආක‍්‍රමණ සහ කැරලි නිසා ඒ එක්සේසත් රාජ්‍යය බිඳ වැටෙන්න පුළුවන්. ආක‍්‍රමණිකයෙක් ඇවිල්ලා රටින් කොටසක් අල්ල ගන්නවා. ඒත් ඊට පසු රජ කෙනෙක් රට නැවත එක්සේසත් කරනවා. ඉතිහාසයේ වලංගුභාවය තිබෙන්නේ එලෙස වසර දහස් ගණනක් මේ රටේ පැවති එක්සේසත් රාජ්‍යයට මිසක් ඉඳ හිට ඇති වූ අතුරුඵලවලට නෙමෙයි. මේ අතුරුඵල කවදාවත් මේ රටේ ස්වාධීන රාජ්‍යය විදිහට තිබුණේ නෑ. යාපනේ රාජ්‍යය පවා කවදාවත් ස්වාධීන රාජ්‍යයක් වුණේ නෑ. යාපනේ කවදාවත් දෙමළ රාජ්‍යයක් තිබුණෙත් නෑ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eආර්ය චක‍්‍රවර්ති කියන්නේ දෙමළ නෙමෙයි පාණ්ඩ්‍ය පුද්ගලයෙක්. එළාරවත් සොළියෙක් නෙමෙයි. සොළීන් බිහි වුණේ ක‍්‍රි.ව. 5 වෙනි සියවසේ. ගැමුණු රජු හිටියේ ක‍්‍රි.පු. 1 වන සියවසේ. 5 වෙනි සියවසේ ඇති වුණු සොළීන් කොහොමද ක‍්‍රි.පූ. 1 වන සියවසේ ලංකාවට එන්නේ? 5 වෙනි සියවසේ අපට සොළීන්ගෙන් කරදර තිබුණු නිසා මහා වංසය රචනා කළ හාමුදුරුවෝ එළාර ආක‍්‍රමණයත් සොළීන්ට පටවනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eප‍්‍ර – ඇතැම් අය භික්ෂූන් වහන්සේලා කළ මැදිහත් වීම රාජ්‍ය පාලනයට ආගමික සංස්ථාව කළ අනවශ්‍ය අතපෙවීමක් ලෙස හුවා දක්වන්න උත්සාහ කරනවා?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපි  – යමෙක් එහෙම කියනවා නම් ඔහු මේ රටේ ඉතිහාසය දන්නේ නෑ. මේ රටේ රාජ්‍ය පාලනය තුළ භික්ෂූන් වහන්සේ සහ රජතුමා එක සමාන මට්ටමක හිටියේ. රජුට අනුශාසනා කළේ බමුණු පුරෝහිතයෝ නෙමෙයි භික්ෂූන් වහන්සේ. භික්ෂූන් වහන්සේ හෝ රජු දුර්වල වුණු අවස්ථාවල රාජ්‍යය කඩා වැටෙනවා. භික්ෂු සමාජයේ එක්තරා කඩා වැටීමක් අද පවතින බව කනගාටුවෙන් වුවත් කිව යුතුයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඋන්වහන්සේලා නැවත නැගී සිටියොත් එය රටේ වාසනාව. භික්ෂූන් වහන්සේලා පාලකයාට අවවාද අනුශාසන කළ යුතුයි. අවශ්‍ය අවස්ථාවේ විරුද්ධව නැගී සිටිය යුතුයි. කෙසේ වුවත් ගිහි අපට භික්ෂූන් වහන්සේලාට උපදෙස් දෙන්න බෑ. ඒ සඳහා කිසිම ගිහියකුට අයිතියක් නෑ. මම කරන්නේ මගේ අදහස් පැවසීම මිස උන් වහන්සේලාට උපදෙස් දීමක් නෙමයි. එදා රජවරු දේශපාලනය කළේ සිංහල බෞද්ධ රාජ්‍යය රැුකීම සඳහා. අද පවතින පක්ෂ දේශපාලනය තුළ රාජ්‍ය රැුක ගැනීම පැත්තකට විසි වෙලා පක්ෂය සහ තම තනතුර රැුක ගැනීම පාලකයාගේ දේශපාලනය වෙලා. එහෙත් හාමුදුරුවරු එදත් අදත් කටයුතු කරන්නේ සිංහල බෞද්ධ රාජ්‍යය රැුක ගැනීම සඳහා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eහාමුදුරුවන්ගේ මේ මැදිහත් වීම ගිහියෝ ගසා කන එකක් නෑ කියලා මම බලාපොරොත්තු වෙනවා. හෙට අනිද්දා වෙද්දී දේශපාලකයෝ අස්ගිරියට දුවන්න ඉඩ තියෙනවා. ජනාධිපති, අගමැති හෝ හිටපු ජනාධිපති ආවත් භාර ගන්න නරකයි. පාලකයෝ කළ යුත්තේ මහා සංඝ රත්නයේ අවවාද අනුව කටයුතු කිරීමයි. එහෙම නොකරන පාලකයන්ගේ කිසිම උත්සවයකට උන්වහන්සේලා නොවැඩිය යුතුයි. වර්ජනය කළ යුතුයි. කාදිනල්වරයා එහෙම කළා. මේ රටේ කාදිනල්ට ඇති බලය මහා නායක හාමුදුරුවන්ට නෑ. කාදිනල්ගේ වචනයට ආණ්ඩුව සැලෙනවා. ඒ සැලෙන තත්ත්වය මහා නායක හාමුදුරුවෝ ගොඩනඟාගත යුතුයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eප‍්‍ර – මේ නව දේශපාලන තත්ත්වය සමග රටේ අනාගත දේශපාලනය කුමන හැඩයක් ගත හැකි ද?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපි –  මේක තමයි මේ රටේ ඓතිහාසික දේශපාලන ප‍්‍රවණතාව. එය දේශපාලකයන්ට කුරුවල් කිරීමට ඉඩ නොතබා නිවැරදිව ඉදිරියට ගියොත් නැවත වරක් මේ පොළොවේ සිංහල බෞද්ධ රාජ්‍යයක් ගොඩනගා නැගේවි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසාකච්ඡා කළේ : නාමල් උඩලමත්ත\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E[Rivira]\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/597611264350490947\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/07\/NawaVivasthawaJanamathayaKollaKemak.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/597611264350490947"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/597611264350490947"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/07\/NawaVivasthawaJanamathayaKollaKemak.html","title":"“අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම මේ රටේ ජනමතය කොල්ල කෑමක්“ – මහාචාර්ය නලින් ද සිල්වා"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/4.bp.blogspot.com\/-UDVpYRa2K20\/WWJQuX5OG1I\/AAAAAAAAF1Y\/fCJMn-XQJCYGEPgCSaPfOZkb7ti2VTSqQCLcBGAs\/s72-c\/NalinDeSilvaDivaina.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-8632035793016412907"},"published":{"$t":"2017-04-14T01:36:00.001+05:30"},"updated":{"$t":"2017-04-27T09:55:44.365+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Nalin"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නලින් ද සිල්වා"}],"title":{"type":"text","$t":"සිංහල අවුරුද්ද"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/1.bp.blogspot.com\/-1817D6TpJb0\/WO_aB1HnRiI\/AAAAAAAAC5c\/oJRddMaf7AsuOl6ZqUfwiGaE4ZNFh5rgACLcB\/s1600\/SinhalaAwurudda.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"334\" src=\"https:\/\/1.bp.blogspot.com\/-1817D6TpJb0\/WO_aB1HnRiI\/AAAAAAAAC5c\/oJRddMaf7AsuOl6ZqUfwiGaE4ZNFh5rgACLcB\/s640\/SinhalaAwurudda.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E-ආචාර්‍ය නලින් ද සිල්වා-\u003Cbr \/\u003Eමා සිංහල අවුරුද්ද ගැන බොහෝ දේ ලියා තිබුණත් තවමත් ඒ කරුණු ඇත්තේ පොත්පත්වල පමණයි. මේ ලිපියටත් ඒ ඉරණම අත්වීමට ඇති ඉඩකඩ අධිකයි. එයට මූලික හේතුව විද්‍යුත් ජනමාධ්‍ය අවශ්‍ය ප්‍රචාරය නොදීමයි. ජනමාධ්‍යවේදීන්ගෙන් අති විශාල බහුතරය පඬියන් වීම සිංහලයන්ගේ කරුමයක් වී ඇත. අපි අවුරුද්ද ගැන කරුණු කිහිපයක් නැවත කියමු. ඒ අතර අලුත් කරුණක් දෙකක් ද පළමු වරට මෙහි සඳහන් කරමු. පළමුවෙන් ම කිව යුත්තේ ඊනියා විද්‍යාඥයන් කුමක් කීවත් ඉර පොළොව වටා ගමන් කරන්නේ යැයි කීමෙහි කිසිම වරදක් නැති බව ය. පොළොවේ සිට බැලූ විට පෙනෙන්නේ, නිරීක්‍ෂණය කෙරෙන්නේ ඉර යන බවයි. කිසිම චලිතයක් නිරපේක්‍ෂ නැත. සෑම චලිතයක් ම සාපේක්‍ෂ වෙයි. ඉරේ සිට නිරීක්‍ෂණය කළහොත් පොළොව ඉර වටේ යන බව පෙනෙයි. හඳේ සිට නිරීක්‍ෂණය කළහොත් ග්‍රහ වස්තුවල චලීිතය කෙසේ නිරීක්‍ෂණය වේ ද? පැරණි නාවිකයන් තාරකා නිරීක්‍ෂණය කෙළේ පොළොවේ සිට මිස ඉරේ සිටවත් හඳේ සිටවත් නොවන බව පඬියෝ ද දනිති. ඔවුන් යාත්‍රා කෙළේ පොළොවේ ඇති මුහුදුවල මිස ඉරෙ හෝ හඳේ හෝ ඇති මුහුදක නො වෙයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eජ්‍යොතිෂයේ ග්‍රහයන් යනු ග්‍රහ වස්තු නොවේ.  බටහිර තාරකා විද්‍යාවට අනුව ඉර ග්‍රහ වස්තුවක් නො වෙයි. එය තාරකාවක්. එහෙත් ජ්‍යොතිෂයෙහි ඉර ද ග්‍රහයෙක්. ග්‍රහයන් යනු ග්‍රහ වස්තු නොවන බව පඬියන් කෙදිනක නමුත් දැනගත යුතු යැයි සිතමි. ජ්‍යොතිෂයෙහි රාහු කේතු ද ග්‍රහයන් බව කිව යුතුයි. රාහු කේතු යනු පොළොවට සාපේක්‍ෂව ඉරේ හා හඳේ ගමන් මාර්ගවල ඡෙදක ලක්‍ෂය වෙයි. මේ ඡෙදක ලක්‍ෂ්‍ය පැරැන්නන් දැක්කේ ආධ්‍යාත්මික ව බව අවධාරණය කළ යුතුයි. බටහිර තාරකා විද්‍යාවට අනුව අද ප්ලූටෝ ග්‍රහ වස්තුවක් නො වෙයි. ඒ ග්‍රහ වස්තු පිළිබඳ ඔවුන්ගේ වත්මන් නිර්වචනය අනුවයි. ප්ලූටෝ එදත් අදත් ග්‍රහයකු බව අවධාරණය කළ යුතුයි. ජ්‍යෙතිෂයෙහි හඳ ද ග්‍රහයෙක් වෙයි. ඒ ඒ ක්‍ෂෙත්‍රවල දැනුම ඒ ඒ ක්‍ෂෙත්‍රධාරීන්ට සාපේක්‍ෂ වෙයි. නිරපේක්‍ෂ වාස්තවික දැනුමක් ඇත්තේ පඬියන්ගේ වෙනත් අයුරින් නම් හිස් හිස්වල පමණයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනැකැත් මූල සිංහලයන්ගේ නිර්මාණයක්. නාග ජනතාවත් මූල සිංහලයන් බව අමතක නොකළ යුතුයි. නාගයන් ඇසෑමයේ සිට මාගම දක්වා එකල දැකගත හැකි වූ බව පැහැදිලියි. මේ ඇතැම් නාගයන් පසුව දෙමළ සංස්කෘතියට අවශෝෂණය වූ පමණින් සියළු නාගයන් දෙමළ යැයි කිව හැක්කේ දෙමළ ජාතිවාදීන්ට පමණයි. ඇතැම් සිංහලයෝ ද දෙමළ ජාතිවාදීහු වෙති. මෙරට නාග ද්වීපයේ ද මාගම ද සිටි නාගයෝ යක්‍ෂ ආදීන් සමග මූල සිංහලයෝ වූහ. නක යනු ද නාග යන්නට නමක් වෙයි. මූල සිංහල නාගයෝ නාවිකයෝ ද වූහ. කාවන්තිස්ස රජු ද නාගයකු බව පැවසෙයි. එතුමන්ගේ නාවික සමාගමක් ද වූ බව කියැවෙයි. ඒ කෙසේ වෙතත් නකත් යනු නාවික නක ජනතාවගේ නිර්මාණයක්. ඇ කාරය සිංහලයට එකතුවීමෙන් පසුව නකත් නැකැත් වී තිබෙන බව පැහැදිලියි. මූල සිංහල නක ජනතාව අහසෙහි පොළොවට සාප්ක්‍ෂව ග්‍රහයන් චලනය වන තැටිය නකත් විසිහතකට බෙදා තිබුණි. නකත් හඳේ ගමන සමග සම්බන්ධයි. හඳට පොළොව වටා යාමට දින විසිහතක් පමණ ගත වෙයි. චන්ද්‍ර මාස නිර්මාණය වී ඇත්තේ හඳේ ඒ සාපේක්‍ෂ චලිතය සමගයි. මාසය යන්න හඳට කියන මා යන්න සමග සම්බන්ධයි. අමාවක යනු හඳ පෙනෙන්නේ නැති දිනය බව පඬියෝ ද දනිති. අවුරුද්දකට චන්ද්‍ර මාස දොළහකට වඩා ඇති බැවින් ඇතැම් වසරවල අධික චන්ද්‍ර මාස නම් කිරීමට සිදු වී ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකැති බෙරණ ආදී නැකැත් හෙළ බසට ම ආවේණික වෙයි. ඒ වචන සංස්කෘත උච්චාරණයකට ලක් වී ඇතත් එහි නිරුක්ති සංස්කෘතෙන් කිව හැකි අයෙක් වෙත් ද? අස්විද නැකැත සංස්කෘතෙන් අශ්වින්. අශ්වින් යනු අශ්ව හිස් ඇති නිවුන් කියා සඳහන් වෙයි. එය පිළිගත හැකි ද? නකත් යන්න ද නක්‍ෂත්‍ර ලෙස සංස්කෘත උච්චාරණයකට ලක් වී ඇති බව පැහැදිලියි. එහෙත් නක්‍ෂත්‍ර යන්නට සංස්කෘත නිරුක්ත නැති බව පැවසෙයි. එක් පඬියකු නක්‍ෂත්‍ර යනු නක් ශාස්ත්‍ර ලෙස අර්ථ දැක්වීමට නිරර්ථක උත්සාහයක යෙදුණු බව අමතක නොකළ යුතුයි. අපට පුරුදු කර ඇත්තේ අප වෛදිකයන්ගෙන් මේ කරුණු ගත් බව පිළිගැනීමටයි. එහෙත් අපෙන් ගිය දේ අපට ආපසු එන්නේ අවුරුදු දහස් ගණනක සිටයි. නක්‍ෂත්‍ර යන්න හෙළ නකත්හි සංස්කෘත උච්චාරණය මිස අනෙක් පැත්ත නො වෙයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඇතැම් විට නැකැත් විසිඅටක් ගැන ද කියැවෛයි. චීන ජ්‍යොතිෂයෙහි ද නැකැත් විසිඅටක් ගැන කියැවෙයි. වේදික නක්‍ෂත්‍රයෙහි නැකැත් (නක්‍ෂත්‍ර) ගැන කියැවෙන්නේ ක්‍රිස්තු පූර්ව 700 - 600 සමයෙහි ලියන ලද වේදාංග ජ්‍යෙතිෂයෙහි බව සඳහන් වෙයි. මේ බුදුන් වහන්සේ වැඩ විසූ කාලයට ටිකකට පෙර බව පැහැදිලියි..  අපේ මූල සිංහල නාගයන් නකත් ගැන දැන ඇත්තේ එයට පෙර විය යුතුයි. මේ යුගයේ සෙල්ලිපිවලින් අපට ඇතැම් කරුණු දැනටමත් දැනගත හැකියි. එහෙත් සවිස්තර ව මේ කතාව කීමට තරමක් කල් ගත වේවි යැයි සිතිය හැකියි. සූර්ය සිද්ධාන්තයේ නක්‍ෂත්‍ර ගැන ඇත්තේ වෙනත් ගණනය කිරීමකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅපේ නැකැත් කෙළි ගැන ඉතිහාසයෙහි සඳහන් වෙයි. අප තරම් උත්සව පවත්වන වෙනත් ජාතියක් ජනවර්ගයක් නැති විය හැකියි. පොළොවට සාපේක්‍ෂ ව ඉර ගමන් කරන පථයට ක්‍රාන්ති වලයය යැයි බටහිර තාරකා විද්‍යාවෙහි කියැවෙයි. නැකැත් ඇත්තේ ක්‍රාන්ති වලයයෙහි ය. වෙනත් වචනවලින් කියන්නේ නම් ඉර ක්‍රාන්ති වලයය දිගේ නැකතින් නැකතට ගමන් කරයි.  වෛදිකයන් පසු කලෙක සුමේරියන් ශිෂ්ටාචාරයෙන් රාශි දොළහේ චක්‍රය ලැබුණු පසු නකත් හා රාශි එකතු කිරීමේ දී ප්‍රශ්නයකට මුහුණ දී තිබෙන බව පැහැදිලියි. අපේ නකැත් චක්‍රය පටන් ගෙන ඇත්තේ කැති නැකතෙන්. එහෙත් මේෂ රාශිය සමග වැටෙන්නේ අස්විද නැකතයි එබැවින් අස්විද නැකත නැකැත් චක්‍රයෙහි මුල ලෙස ගැනීමට වෛදිකයන් පුරුදු වී යැයි සිතිය හැකියි. එහෙත් අස්විද නැකතෙහි ආරම්භය මේෂ රාශියෙහි ආරම්භය සමග සමපාත නො වෙයි. අප සිංහල අවුරුද්ද යැයි ගන්නේ ඉර රේවති නැකතෙන් අස්විද නැකතට සංක්‍රමණය වීම වුවත් එය මීනයෙන් මේෂයට සංක්‍රමණය වීම ලෙස සැලකීමට පුරුදු වී ඇති බව පැහැදිලියි. බටහිර තාරකා විද්‍යාවට අනුව අද ඉර මීනයෙන් මේෂයට යන්නේ අප්‍රේල් දහනවවැනි දා බැවින් පඬියෝ සිංහල අවුරුද්ද උදවන්නේ වැරදි දිනයක යැයි කෑමොර ගසති.  මෙය සිංහල අවුරුද්ද ඉර රේවති නැකතෙන් අස්විද නැකතට සංක්‍රමණය වීම මීනයෙන් මේෂයට සංක්‍රමණය වීම ලෙස සැලකීම නිසා ඇති වූ පරස්පරයක් විය හැකියි. මේෂ රාශියෙහි ආරම්භය අස්විද නැකතෙහි දෙවැනි පාදයෙහි ඇතැයි මූලික ගණනයකින් පැහැදිලි වෙයි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපොළොවට සාපේක්‍ෂව හිස් අහසෙහි ඛගෝලය නමින් ගෝලයක් බටහිර විද්‍යාඥයන් විසින් නිර්මාණය කෙරී ඇත. මෙහි ඛ යන්නෙහි තේරුම හිස් බව යන්න ය. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන්නෙහි දුක්ඛ යනු අපට දැනෙන දුකක් නොව අයහපත් වූ හිස් බව යන්නය.  එය අනිත්‍ය අනාත්ම හා ශූන්‍ය සමග ගැලපෙයි. මෙම ඛගෝලයෙහි සමකයේ ප්‍රක්‍ෂෙපණයට ඛගෝල සමකය යැයි කියැවෙයි. ඛගෝල සමකය හා ක්‍රාන්ති වලයය ලක්‍ෂ්‍ය දෙකක දී ඡෙදනය වෙයි. මෙයින් එක ලක්‍ෂ්‍යයකට මේෂ රාශියෙහි ප්‍රථම ලක්‍ෂ්‍යය යැයි කියනු ලැබෙයි. පෘථිවි අක්‍ෂය ක්‍රාන්ති වලයයට අංශක විසිතුනහමාරකින් ඇළ වී තිබෙනු පමණක් නොවේ. එම අක්‍ෂය බමරයක අක්‍ෂය මෙන් පූර්වායනය වෙයි. මේ හේතුවෙන් මේෂ රාශියෙහි ප්‍රථම ලක්‍ෂ්‍යය අවුරුදු හැත්තෑඑකක දී අංශකයක් පමණ ආපස්සට යයි. ඒ හේතුවෙන්  මේෂ රාශියෙහි ආරම්භය අවුරුදු හැත්තෑදෙකක දී බටහිර දින දර්ශනයට සාපේක්‍ෂව දවසකින් පමණ ඉදිරියට යයි. පෘතුගිසි ජතික රොබෙයිරෝ නම් කපිතාන්වරයකුට අනුව සිංහලයන්ගේ අවුරුද්ද මාර්තුවේ අලුත් දවාලෙන් ඇරඹෙයි. ඔහුට අනුව ඒ බුදුන් වහන්සේ මෙහි නැවතී සිටි දිනය ය. මහාවංසයට අනුව බුදුන් වහන්සේ වරක් ලක්දිවට වැඩම කර ඇත්තේ බක් මස අමාවක දිනයෙහි ය. අනෙක් දෙවතාවෙහි ම උන්වහන්සේ වැඩම කර ඇත්තේ පසළොස්වක පොහෝ දිනවල ය. සිංහල මාස පටන් ගන්නේ අමාවකින් බව ද මතක තබා ගත යුතු ය. සිංහල අවුරුද්දේ ආරම්භය එදින ද? ඒ කෙසේ වෙතත් සිංහල අවුරුද්ද ආරම්භ වන දිනය සූර්යයා සමග ගැට ගැසීමෙන් පසු එය බක් අමාවකින් ඉවත් කරඉර රේවති නැකතින් අස්විද නැතකට සංක්‍රමණය වීම සමග ගලපන්නට ඇත. එහෙත් මේ ලක්‍ෂ්‍යය පසුව වෛදිකයන් අනුකරණයෙන් ඉර මීනයෙන් මේෂයට යෑම සමග ගලපන්නට ඇත. අස්විද නැකතෙහි ආරම්භය මේෂ රාශියෙන් ආරම්භය සමග සමපාත නොවීම හේතුකොටගෙන අද ඉර මේෂයට යෑම මෙකල අප්‍රේල් දහතුන දහහතර සමග ගැනීමට සිදු වී ඇත. මෙය වෛදිකයන් මේෂ රාශියෙහි ආරම්භය අස්විද නැකතෙහි ආරම්භය සමග ලකුණු කිරීමෙන් වූ පරස්පරයක් විය හැකි ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ දිනය කලින් දැක්වු ආකාරයට බටහිර දින දර්ශනයට සාපේක්‍ෂව අවුරුදු හැත්තැතුනකට එක් දවසක් පමණ ඉදිරියට යයි. රොබෙයිරෝ හා රොබට් නොක්ස් අවුරුදු උදාව ගැන දක්වන දින වෙනස් වෙයි. ඔවුන් යොදා ගෙන ඇත්තේ ජුලියන් දින දර්ශනය ය. එහෙත් අද බටහිරයන් යොදා ගන්නේ ග්‍රෙගේරියානු දින දර්ශනය ය. ඒ අතර දින කිහිපයක වෙනසක් වෙයි. රුසියන් ඔක්තෝබර් විප්ලවය ග්‍රෙගේරියානු දින දර්ශනය අනුව නොවැම්බරයට වැටෙන්නේ එබැවිනි. නොක්ස් සඳහන් කරන දින ග්‍රෙගේරියානු දින දර්ශනයට අනුව අප්‍රේල් හත අට නවය දිනවල වැටෙයි. එහෙත් අවුරුදු හැත්තෑතුනකට වරක් එක් දිනක් පමණ අවුරුදු උදාවන දිනය ඉදිරියට යෑම නිසා අද සිංහල අවුරුද්ද උදාවන්නේ අප්‍රේල් දහතුන දහහතර දිනවල ය. විසිවැනි සියවසේ මුල එය අප්‍රේල් දොළහ දහතුන විය. තව අවුරුදු විස්සකින් තිහකින් අවුරුද්ද දහහතර පහළොව දිනවල උදාවනු ඇත. නොනගතය යනු නැකැත් නැති කාලයක් නො වේ. නැකැත් නැති කාලයක ආහාර පිසින්නේ කෙසේ ද? කෙසේ වෙතත් නැකැතක් නැති වෙලාවක් නැත. නොනගතය යනු ඉර මේෂයට පැමිණියේ (අගත) ද නොපැමිණියේ ද නැති (අනගත) කාලයයි. සූර්ය සංක්‍රමණයට පැය දොළහයි විනාඩි හතළිස්අටක් ගත වෙයි. මේ පිළිබඳ විස්තර සිංහල අවුරුද්ද කෘතියෙහි දැක්වෙයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅවසාන වශයෙන් කිව යුත්තේ අවුරුද්ද සිංහලයන්ගේ බව ය. ඉන්දියාවේ අප්‍රේල් දහහතර හතරවැනි මාසයේ ආරම්භය වෙයි. හින්දු අවුරුද්ද තෛපොංගල් දිනයේ ආරම්භ වෙයි. ඒ ජනවාරි දහහතරවැනි දා ය. අප්‍රේල් දහහතර හතරවැනි මාසයේ ආරම්භයයි. එදිනත් ඇතැම් ප්‍රාන්තවල උත්සව පැවැත්වෙයි. එහෙත් එය හින්දු අවුරුද්දක් නො වෙයි. ඉංගිරිසිහු ලංකාවේ සිංහල අවුරුද්ද නිවාඩු දිනයක් කිරීමේ දී ඊනියා තුලිතභාවය සඳහා එයට හින්දු කමක් ද එකතු කළහ. ඔවුන් එයට දෙමළකම එකතු නොකෙළේ මෙරට දෙමළ අනන්‍යතාවක් එකල නොතිබූ බැවිනි. සිංහල අවුරුද්ද සිංහල දෙමළ අවුරුද්්ද වූයේ දශක දෙක තුනකට කලින් පඬියන්ගේ පඬි කතාවක් අනුව ය.\u003Cbr \/\u003E[කාලය]\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/8632035793016412907\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/04\/SinhalaAwurudda.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/8632035793016412907"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/8632035793016412907"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/04\/SinhalaAwurudda.html","title":"සිංහල අවුරුද්ද"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/1.bp.blogspot.com\/-1817D6TpJb0\/WO_aB1HnRiI\/AAAAAAAAC5c\/oJRddMaf7AsuOl6ZqUfwiGaE4ZNFh5rgACLcB\/s72-c\/SinhalaAwurudda.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-3664195502698509102"},"published":{"$t":"2017-03-18T21:18:00.001+05:30"},"updated":{"$t":"2017-03-18T21:18:51.503+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Nalin"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නලින් ද සිල්වා"}],"title":{"type":"text","$t":"ජාතික ව්‍යාපාරය හා ස්මාට් දේශප්‍රේමී බුද්ධිමත්තු"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/3.bp.blogspot.com\/-jZZvDamGAWw\/WM1WkNSevLI\/AAAAAAAAC2Q\/p5PwJiORdYIQK3GtkZ1Auv39ML4pDbqlACLcB\/s1600\/smart.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"334\" src=\"https:\/\/3.bp.blogspot.com\/-jZZvDamGAWw\/WM1WkNSevLI\/AAAAAAAAC2Q\/p5PwJiORdYIQK3GtkZ1Auv39ML4pDbqlACLcB\/s640\/smart.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E-ආචාර්ය නලින් ද සිල්වා-\u003C\/b\u003E\u003Cbr \/\u003Eකාලයක සිට ජාතික ව්‍යාපාරය ඇත්තේ ඉතාමත් පහත් තත්වයක බව පැහැදිලියි. කවදාවත් නැති තරමට ජාතික ව්‍යාපාරය විජාතික මතවාදීන්  අතට පත් වී ඇති බව බොහෝ දෙනකුට නොතේරීම කණාගාටුදායක ය. මෙයට කිහිප දෙනකු ම වගකිව යුතු ය. පළමුවෙන් ම ජාතික ව්‍යාපාරය දේශපාලනයට ලක් කළ අය ගැන සඳහන් කළ යුතු නමුත් එය පසුවට කල් තබමු. පක්‍ෂ ලෙස සැලකුවහොත් ජාතික හෙළ උරුමය හා ජාතික නිදහස් පෙරමුණ එහි ඉදිරියෙන් ම සිටින බව නම් කිව හැකියි. මා මෙසේ කී විට ඇතැමුන් විරුද්ධ වීම වැළැක්විය නො හැකි  ය. එසේ සඳහන් කිරීම ජාතික ව්‍යාපාරයට පාඩුවක් බව ඒ අයගෙන් යම් පිිරිසක් අවංකව ම ප්‍රකාශ කළහොත් එය පුදුමයට කරුණක් නො වෙයි. ජනතා විමුක්ති පෙරමුණ ජාතිකත්වය හා මාක්ස්වාදය අතර දෝළනය වුණු පක්‍ෂයක් පමණ ය. ජාතික හෙළ උරුමයත් ජාතික නිදහස් පෙරමුණත් ජනතා විමුක්ති පෙරමුණේ තිඹිරි ගෙයින් බිහි වූ පක්‍ෂ බැවින් ඔවුන්ටත් යම් ප්‍රමාණයකට නමුත් එකී දේශපාලනය බලපාන බව පැහැදිලි ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eජාතික ව්‍යාපාරය දේශපාලනයට ලක් කිරීමේ ප්‍රතිඵලය වූයේ ජාතික ව්‍යාපාරයට ජාතික මතවාද නැති වීම ය. දේශපාලනයේ සංසිද්ධි ඊනියා බටහිර කුමන්ත්‍රණ කී පමණින්වත් වැඩකට නැති සංඛ්‍යාන ඉදිරිපත් කිරීමෙන්වත් තේරුම් ගැනීමට නොහැකි බව කිව යුතු ය. ජාතික ව්‍යාපාරයට ජාතික මතවාද නැතිවීමත් සමග එයට ඊනියා ජාත්‍යන්තරවාදී මතවාද රිංග වීමට ඇතැම්හු උත්සාහ ගනිති. අද ජාතික ව්‍යාපාරයට ඇති ප්‍රධාන ම තර්ජනය මේ ජාත්‍යන්තරවාදී මතවාද බව අවධාරණය කළ යුතු  ය. ජාතික මතවාදීන් ජාත්‍යන්තරය අමතක කරන පිරිසක් බවට අද ජාත්‍යන්තරවාදීන්ගෙන් චෝදනාවක් එල්ල වීම  මගින් පෙන්නුම් කරන්නේ ජාත්‍යන්තරවාදීන්ගේ බංකොළොත් බව මිස වෙනත් කරුණක් නො වෙයි. මේ ජාත්‍යන්තරවාදීන්ට අවශ්‍ය ජාත්‍යන්තරකරණය සඳහා වූ ජාතික ව්‍යාපාරයක් ගොඩ නැගීමයි. ජාතික ව්‍යාපාරයෙහි ජාතිකවාදී මතවලට ඉඩක් නැති වුවත් ජනතාව අතර ඒ මත වෙනදාටත් වඩා පැතිර යමින් පවතියි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅද ජාතික ව්‍යාපාරය මොඩ් කිරීමට ඇතැමුන් කතා කරන අතර තවත් අය ස්මාට් දේශප්‍රේමීත්වයක් ගැන නන්දොඩවති. ඔවුහු ඉතාලියානු කොමියුනිස්ට්වාදියකු වූ ග්‍රාම්ස්කිගේ කසිකබල් සංකල්පයක් වූ ඓන්ද්‍රිය බුද්ධිමතුන් යන්න ද ඉදිරිපත් කරති.  ග්‍රාම්ස්කිගේ සංකල්ප තබා මාක්ස්ගේ සංකල්පවත් වලංගු නොවන කල මේ කතා හුදෙක් තම බුද්ධිමය හිස් බව වසා ගැනීමට කරන කතා වෙයි. අනෙක් අතට මේ ඊනියා ඓන්ද්‍රිය බුද්ධිමතුන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යවා ඔවුන්ට ඇමතිකම් ලබා දීමේ තැතක් ස්මාට් බුද්ධිමතුන් කතාව පිටුපස ඇති බවත් විධායක ජනාධිපති ක්‍රමය තබා ගෙන ඊනියා ඓන්ද්‍රිය බුද්ධිමතුන් ද සහභාගි කර ගෙන ආණ්ඩු කිරීමකට ලක ලැහැස්තියක් ඇති බවත් පැහැදිලි ය. මොන තරම් පාරිභාෂික වචන කතා කළත් අවසාන අරමුණ තානාපතිකම් ඇමතිකම් හෝ වෙනත් තනතුරු ලබා ගැනීම බව සැඟවිය නො හැකි ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ ඓන්ද්‍රිය බුද්ධිමතුන්ට අනුව අද මෙරට ජාත්‍යන්තර ගරුත්වය පිළිබඳ ව  ඇත්තේ ඉතාමත් පහත් මට්ටමක ය. ගරුත්වය ඉහළ යෑම පහළ යෑම යන චක්‍රයෙන් මිදීමට බුදුන් වහන්සේ දේශනා කළ ආකාරයට චක්‍රයෙන් ඉවත් විය යුතු යැයි ඔවුහු කියති. ඔවුන්ට අවශ්‍ය චක්‍රයෙන් ඉවත් වී ගරුත්වය ඉහළ මට්ටමක පවත්වාගෙන යෑමටයි. ස්මාට් බුද්ධිමතුන්ට ඇත්තේ ජාත්‍යන්තරවාදී ක්‍රිස්තියානි මනසක් බව පැහැදිලියි. බුදුන්් වහන්සේ චක්‍රයෙන් ඉවත්වීමක් ගැන දේශනා කෙළේ පටිච්ච සමුප්පදාය ආශ්‍රිතවයි. පටිච්ච සමුප්පදාය ග්‍රාම්ස්කිගේ කසිකබල් සංකල්ප තේරුම් ගත් පමණින් තේරුම් ගැනීමට නොහැකි බව ස්මාට් බුද්ධිමතුන්ගේ බුද්ධියට නොවැටහීම ගැන අපි කුමක් කරමු ද? බුදුන් වහන්සේ චක්‍රයෙන් ඉවත් වීම යනුවෙන් අදහස් කෙළේ චක්‍රයෙහි උඩට යෑමක් නොවන බව ජාත්‍යන්තරවාදී ස්මාට් බුද්ධිමතුන් තේරුම් ගන්නේ කෙසේ ද?  ස්මාට් බුද්ධිමතුන් වචනවලින් දමා ගසා රවටන්න උත්සාහ කරන්නේ කවුරුන් ද?රාජපක්‍ෂවරුන් ද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eස්මාට්  බුද්ධිමතුන්ට රැවටිය හැක්කේ ස්මාට් බුද්ධිමතුන් පමණයි. ඔවුන්ට ජාතිකවාදීන් රැවටීමට නො හැකියි. ඒ ගැන අපට කිසිම චකිතයක් නැති බව අවධාරණය කරමු.  අපට අවශ්‍ය වන්නේ ස්මාට් බුද්ධිමතුනට රැවටෙන්න හැකි අයට කරුණක් දෙකක් මතක් කිරීම පමණයි. ජාතිකවාදය මොඩ් කිරීමට හෝ ස්මාට් දේශප්‍රේමයකට යටකිරීමට හෝ අවශ්‍ය නැත. එමෙන් ම එය කළ හැක්කක් ද නො වෙයි. ජාතිකවාදීන් ජාත්‍යන්තර තත්වයන් නොසලකා හරින ළිංමැඩියන් පිරිසක් නොවන බව ප්‍රකාශ කළ යුතු ය. ජාත්‍යන්තර දේශපාලනය තේරුම් ගැනීමට දේශපාලන විද්‍යාව හැදෑරීම අනිවාර්ය හෝ ප්‍රමාණවත් හෝ අවශ්‍යතාවක් නො වෙයි. වරක් එක්තරා දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකුට ගැමියකු කීවේ මහාචාර්යවරයා දේශපාලන විද්‍යාව දැන සිටිය හැකි නමුත් දේශපාලනය නොදන්නා බවයි!\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eජාත්‍යන්තර බල ගැන අපි දනිමු. කිසිම රටක් ලෝකයේ තනිව නොපවතින බව ඈත අතීතයේ සිට ම දේශපාලනයේ රාජ්‍ය පාලනයේ සිටි කවුරුත් දැන සිටි කරුණක් බව නොදන්නේ කවු ද? වත්මන් ලෝක දේශපාලනය ගැන මතවාද, සංකල්ප, ප්‍රවාද ඉදිරිපත් කළ හැක්කේ බටහිර දේශපාලන විද්‍යාඥයන්ට පමණක් නො වෙයි. ජාතිකවාදීන්ට ජාත්‍යන්තර දේශපාලනය ගැන පමණක් නොව දැනුම පිළිබඳ දැනුම හෙවත් ඥානවිභාගය ගැනත් සංකල්ප, ප්‍රවාද නිර්මාණය කළ හැකි බව විශ්වවිද්‍යාල ආශ්‍රිත ඊනියා දාර්ශනිකයන් නොදන්නවා විය හැකියි. මෙරට දර්ශන අධ්‍යයන අංශවලින් නිර්මාණය වී ඇති සංකල්පයක් නැති බව කිව යුතුයි. එය දර්ශන අධ්‍යයන අංශවලට පමණක් නොව අනෙක් අධ්‍යයන අංශවලටත්  පොදු වීමට හේතුව අනුකාරකත්වය හා අනුකාරකත්වය පමණයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවත්මන් ලෝකය, එය කිනම් නමකින් හැඳින්වුවත් පහළොස්වැනි සියවසෙන් පසුව ඇති වූවක් බව පැහැදිලි ය.  එ සඳහා බටහිර විවිධ ප්‍රවාද තිබෙන නමුත් ස්මාට් බුද්ධිමතුන්ට තමන්ගේ ම වූ කිසිම ප්‍රචාදයක් නැති වීම තේරුම් කරන්නේ කෙසේ ද? එයට ඇත්තේ එක ම එක පිළිතුරක් පමණයි. ස්මාට් බුද්ධිමත්තු අනුකාරකයෝ පමණක් ම වෙති. ඔවුන් දන්නේ බටහිරයන්ගේ ප්‍රවාද හා සංකල්ප පුනරුච්චාරණය කිරීම පමණක් බව පැහැදිලියි. එහෙත් මෙරට ජාතිකවාදීන්ට ඔවුන්ගේ ම වූ ප්‍රවාද ඇති බව ඇතැම්හු නො දනිති. අපේ ප්‍රවාද අනුව බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ ආරම්භය පහළොස්වැනි සියවසේ ආරම්භ වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහය (මේ පිළිබඳ මා ලියා ඇති ලිපි කාලය වෙබ් අඩවියෙහි පළ වී ඇත)  බිහිවිණි. අප මූලික ව පාලනය කෙරුණේ මේ සුපිරිව්‍යුහය විසිනි. එය දේශපාලනික ව පමණක් නොව ආර්ථික ව ද සංස්කෘතික ව ද සිදු කෙරිණි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eස්මාට් බුද්ධිමත්තු සංස්කෘතික පාලනය සඳහා යොදා ගැනෙන ඉත්තෝ පමණක් වෙති. ඔවුහු බටහිර නිර්මාණය කෙරෙන දැනුම අප මත පටවති. මෙරට විශ්වවිද්‍යාල, ඊනියා පර්යේෂණ ආයතන ආදිය මගින් කෙරෙන්නේ මේ බටහිර දැනුම අප මත බලහත්කාරයෙන් පැටවීම ය. බටහිර දැනුමේ පදනම වන්නේ බටහිර විද්‍යාව ය. ඉනුත් බටහිර භෞතික විද්‍යාව ය. අප බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කී විට සියලු ආකාරවල ස්මාට් බුද්ධිමත්තු පරළ වූහ. එහෙත් ඔවුනට අප ගෙනා තර්ක බිඳීමට නො හැකි විය. එයට ප්‍රධාන හේතුව වූයේ ඔවුන්ට බටහිරින් ප්‍රතිතර්ක සොයා ගැනීමට නො හැකි වීම ය. බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ හා යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ ප්‍රධාන ආරක්‍ෂකයා වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකාට බටහිර විද්‍යාව පට්ටපල් බොරුය යන මාතෘකාව යටතේ විවාදයකට අභියෝග කර ඇති නමුත් ඔහු තවමත් ඒ අභියෝගය පිළිගෙන නොමැති බව කණගාටුවෙන් සඳහන් කරමි. සයිටම් ප්‍රශ්නය අවසන් වූ දිනෙක ඔහු ඒ විවාදයට එළඹෙන්නේ නම් සයිටම් ආයතනයේ ද සහාය ඔහුට ලැබෙනු ඇත. සයිටම් ආයතනයත් අවසාන වශයෙන් ගත්කල බටහිර දැනුමෙහි තවත් දැත්තක් පමණකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eබටහිර ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහය අද දේශපාලනික ව ද කඩා වැටෙමින් පවතියි. බ්‍රෙක්සිට් හා ට්‍රම්ප් ජයග්‍රහණයෙන පෙන්නුම් කෙරෙන්නේ මේ කඩාවැටීම හා බටහිර රටවල ජාතිකත්වයේ නැගීම ය. ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහය දාර්ශනික ව කඩා වැටීම ඇරඹී දැන් සියවසකට ආසන්න ය. බටහිර ගණිතයේ ගර්ඩ්ල් ප්‍රමේයයෙන් හා ක්වොන්ටම් භෞතික විද්‍යාවේ අනිශ්චතතා මූලධර්මයෙන් හා ද්විත්ව සිදුරු පරීක්‍ෂණයෙන්  පෙන්නුම් කෙරෙන්නේ එයයි. අද ජෙනීවාහි ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහයේ හුසේන් කුමරුට බටහිර රටවලින් ද චෝදනා එල්ල වෙයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙරට ජාතිකවාදීහු ස්මාට් බුද්ධිමතුන්ට වඩා මේ කරුණු අධ්‍යයන කරති. ජාතිකවාදීන්ට ඊනියා ජාත්‍යන්තර බලවේග ගැන මනා වැටහීමක් ඇත. දේශපාලනයේ දී ජාත්‍යන්තර බලපෑම් ඇත්නම් එයට මුහුණ දෙන්නේ කෙසේ දැයි ජාතිකවාදීහු දනිති. ජාත්‍යන්තර සුපිරිව්‍යුහය අදට වඩා බලවත් යුගයක බණ්ඩාරනායක මැතිණිය ජාත්‍යන්තර තෙල් සමාගම් ජනසතු කළා ය. එක්සත් ජාතික පක්‍ෂයෙන් බිහි වූ ව්‍යතිරේකයක් වූ ප්‍රේමදාස මහතා බිරිතානි මහා කොමසාරිස් ග්ලැඩ්ස්ටන් ආපසු ඔහුගේත් ස්මාට් බුද්ධිමතුන්ගේත් ආධ්‍යාත්මික මාතෘභූමියට යැවී ය. එපමණක් නොව ඔහු නිවට ජේ ආර් ජයවර්ධන අත්සන් කළ ඉන්දු ලංකා ගිිවිසුමේ කුමක් සඳහන් වුවත් ඊනියා සාම සාධක හමුදා ආපසු යැවී ය. ඉතා මෑතක මහින්ද රාජපක්‍ෂ මහතා බටහිර බලවේගවලට යට නොවී ප්‍රභාකරන් පැරදවී ය. එහි දී ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ලැබුණු සහාය ඉමහත් ය. අද ස්මාට් බුද්ධිමතුන්ට අවශ්‍ය වී ඇත්තේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ස්ථාවර දුර්වල කිරීම ය. ජාත්‍යන්තර බලපෑම්වලට මුහුණ දීමේ දී අවශ්‍ය වන්නේ රටේ බහුතරයක් යම් මතයකට එකඟ වීම හා ශක්තිමත් නායකයකු සිටීම මිස ස්මාට් බුද්ධිමතුන්ගේ බටහිර ගැති මතවාදවලට යටවීම නො වෙයි. මහින්ද රාජපක්‍ෂ මහතා මෙන් ම ගෝඨාභය රාජපක්‍ෂ මහතා ද ස්මාට් බුද්ධිමතුන්ට නොමග යැවිය නොහැකි ශක්තිමත් නායකයෝ වෙති.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/3664195502698509102\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/03\/SmartPatriots.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/3664195502698509102"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/3664195502698509102"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/03\/SmartPatriots.html","title":"ජාතික ව්‍යාපාරය හා ස්මාට් දේශප්‍රේමී බුද්ධිමත්තු"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/3.bp.blogspot.com\/-jZZvDamGAWw\/WM1WkNSevLI\/AAAAAAAAC2Q\/p5PwJiORdYIQK3GtkZ1Auv39ML4pDbqlACLcB\/s72-c\/smart.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-683676719500056689"},"published":{"$t":"2016-12-11T21:50:00.002+05:30"},"updated":{"$t":"2017-01-09T12:51:02.851+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Nalin"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නලින් ද සිල්වා"}],"title":{"type":"text","$t":"වරාය විකිණීම"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/4.bp.blogspot.com\/-ynQOcVHh8z4\/WE18yiTpUhI\/AAAAAAAACfk\/vW7M_s8DmHMI6UOsmWHqZe5BTCoqUw-pQCLcB\/s1600\/port.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"332\" src=\"https:\/\/4.bp.blogspot.com\/-ynQOcVHh8z4\/WE18yiTpUhI\/AAAAAAAACfk\/vW7M_s8DmHMI6UOsmWHqZe5BTCoqUw-pQCLcB\/s640\/port.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E-නලින් ද සිල්වා-\u003C\/b\u003E\u003C\/span\u003Eටික කලකට අර්ජුන රණතුංග නැවතත් ජනමාධ්‍යයේ දැකගන්න පුළුවන්. හම්බන්තොට වරාය චීනයට විකිණීම එක කතාවක්. කොළඹ වරායේ නත්තල් ගහ අනික් කතාව. හම්බන්තොට වරාය චීන සමාගමකට විකිණීම කොහොමටවත් අනුමත කරන්න බැහැ. ආණ්ඩුව කියාවි විකුණන්නෙ නැහැ බදු දෙනවා විතරයි කියලා. චීන සමාගම චීන රජයට සම්බන්ධයි. බද්ද අවුරුදු අනුනවයකට. චීන සමාගමට 80%ක් හා ලංකා රජයට 20%ක් වශයෙන් වූ සමාගමකට තමයි බදු දෙන්නෙ. චීන සමාගමට 80%ක් තිබෙන නිසා ඒක චීනයට ම අයිතියි, චීන සමාගමට ඕන අන්දමට තමයි වැඩ කෙරෙන්නෙ. අනෙක් අතට අනූනව අවුරුදු බද්දක් කියන්නෙ සින්නක්කර විකුණුවා හා සමානයි. තව අවුරුදු අනූනවයකින් ලෝකයට මොනව වෙයි ද කියලා කවුද දන්නෙ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ ගිවිසුමෙන් පේන්නෙ රට වැටිල තියෙන භායානක තත්වය. අද ආණ්ඩුවට බටහිරින් හරි ඉන්දියාවෙන් හරි ආධාර ලබාගන්න බැහැ. ජාත්‍යන්තරවාදීන් ආධාර කරන්නෙ ආණ්ඩු බිඳ දැමීමට මිස ආණ්ඩු පත්වාගෙන යෑමට නොවෙයි. චීනයට බැණ බැණ හිටපු රනිල්ට හා එ ජා පක්‍ෂයට චීනය අද එකම සරණ බවට පත්වෙලා. අද ආණ්ඩුව පවත්වාගෙන යන්න සිද්ධ වෙලා තියෙන්නෙ රට චීනයට විකුණලා (බදු දීලා). චීන සමාගමට හම්බන්තොටින් අක්කර 15000ක් පමණ බදු දීමට ආණ්ඩුව පොරොන්දු වෙලා. ඒ ඉඩම් සිංහලයන්ගෙ පාරම්පරික ඉඩම්. එතරම් ඉතිහාසයක් නැති වුනත් නගෙනහිර පළාතෙ  ඉඩම් බදු දුන්න නම් මේ වන විට මොනව වෙන්න තිබුණ ද? මුස්ලිමුන් රට දෙවනත් කරන්න තිබුණා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eචීන සමාගමට වරාය හා ඉඩම් බදු දීල ආණ්ඩුව මුදල් හොයනවා. ඒකෙන් මිනිස්සුන්ට රස්සාවල් දෙන්න පුළුවන්ලු. මේ රස්සාවල් වැඩි හරිය චීන මිනිස්සුන්ට වෙන්නත් පුළුවන්. කොහොමටත් වෙනත් කාටවත් රස්සා දෙන්න කලින් හම්බන්තොට වරායෙ මෙතෙක් වැඩ කරපු අයට රස්සාවල් ලැබෙන විධියට ගිවිසුමක් අත්සන් කරන්න බැරි වුනේ ඇයි? වරාය සේවකයන්ට දැන් සිද්ධ වෙන්නෙ මුහුදට පනින්න ද? කැබිනට් මණ්ඩලයෙ දි වරාය සේවකයන්ගෙ රැකියා ගැන කතා කරන්න අර්ජුන හැරෙන්න වෙනත් කවුරුන්වත් සිටියෙ නැද්ද? මා අර්ජුන හොඳ මිනිහෙක් කියලා කියන්නෙ නැහැ. ඔහු පහුගිය කාලෙ කර කියපු දේවල් කොහොමටත් අනුමත කරන්න බැහැ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eආණ්ඩුවලට අනූනව අවුරුදු ගිවිසුම් අත්සන් කරන්න බැරි විධියට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවත් කමක් නැහැ. අවුරුදු අනූනවයක් පවතින විධියට නීති සම්පාදනය කරන එක පහසු නැහැ. ව්‍යවස්ථාව වුනත් අවුරුදු කිහිපයකින් සංශෝධනය කරන්න පුළුවන්. චීනය අපේ මිත්‍රයකු තමයි. ඒ වුනත් මිත්‍රයන්ට කියලා බෙල්ල කප්පවා ගත්තම බෙල්ල නොගැලවී තියෙන්නෙ නැහැ. අක්කර 15000ක් චීන සමාගමකට අවුරුදු අනූනවයකට බදු දීමෙන් සිදුවන දේ ගැන දීර්ඝ කාලීන අනාවැකි කියන්න බැහැ.  \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eචීනයවත් වෙනත් කිසිම රටක්වත් තමන්ට පාඩු කරගෙන අපට ආධාර කරන්නෙ නැහැ. එහෙම ආධාර කරන පරාර්ථකාමී බෝසතුන් හිටියත් බෝසත් රටවල් කියලා රටවල් නැහැ. හැම රටක් ම ඉස්සෙල්ල බලන්නෙ තමන්ට යහපතක් කරගන්න. මෙතන හැම රටක් ම කියන එක වැරදියි කියලා කියන්නත් පුළුවන්. ඒ ඒ රටවල ඉන්න දේශපාලනඥයන් ව්‍යාපාරිකයන් අනුව තමයි ඒ දේ සිද්ධ වෙන්නෙ. අද ලෝකෙ හැදිල තියෙන්නෙ දේශපාලනඥයන් හා ව්‍යාපාරිකයන් රට ගැන හිතනවාට වඩා තමන් ගැන හිතන ආකාරයෙන් කටයුතු කරන විධියට. ජාත්‍යන්තරවාදයට පැවැත්මක් තියෙන්නෙ එවිට පමණයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eජාත්‍යන්තරවාදය ජාතිකත්වයට විරුද්ධයි. ජාත්‍යන්තරවාදයෙ ඊනියා මනුෂ්‍යත්වයක් ගැන කතාකරන්නෙ ජාතිකත්වය අමතක කරලා පෞද්ගලිකත්වය වර්ධනය කරන්න මිසක් බෝසතුන් බිහි කරන්න නොවෙයි. අද ඇතැම් පෞද්ගලික ව්‍යාපාරිකයන්ට බොහෝ විට රටට හෙන ගහල ගියත් කමක් නැහැ. අපට කියන්න පුළුවන් ජාත්‍යන්තරවාදය, ඊනියා මනුෂ්‍යත්වය කියන්නෙ ආත්මාර්ථකාමී පෞද්ගලිකත්වය වර්ධනය කරන කුහක තක්කඩියන්ගෙ නවාතැන්පොළ කියල.  අද ලෝකයෙ ජාතිකත්වයක් පැන නගින්නෙ මේ කුහක ජාත්‍යන්තරවාදයට එරෙහිව.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eචීනය කියන්නෙ පැරණි රාජ්‍යයක්. චීනුන් හා සිංහලයන් තමයි ලෝකෙ පැරණි ම ජාතීන්. ජාතිකත්වයට මග පෙන්වන්න ඕනෙ  ඒ ජාතීන්. ඒත් ඒක එහෙම වෙන්නෙ නැත්තෙ ඇයි. චීනය අද ලෝකයේ ආර්ථික බලවතෙක් වෙලා. ලංකාව ආර්ථික වශයෙන් දුබලයි. රටවල් දෙක ම දූෂිතයි. චීනයෙ සංස්කෘතික විප්ලවයෙන් පස්සෙ බිහිවෙච්ච දූෂිතයන් පිරිසක් ඉන්නවා. ලංකාවෙත් ඊනියා විවෘත ආර්ථිකයෙන් පස්සෙ බිහිවෙච්ච දූෂිතයන් පිරිසක් ඉන්නවා. මේ දෙගොල්ලන් ම ඊනියා ජාත්‍යන්තරවාදයෙන් බිහි වෙච්ච අය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eහම්බන්තොට වරාය බදුගන්න චීන සමාගම ගැන විස්තරයක් දන්නෙ නැහැ. ඒත් ඒක අර සංස්කෘතික විප්ලවයෙ දෙවැනි පරම්පරාවෙ අයගෙ වෙන්න පුළුවන්. බිහිවෙමින් පවතින ලෝකයෙ තිබෙන ප්‍රශ්නය ජාතික දේශපාලනයක් තිබුණත් ජාතික ආර්ථිකයක් නොමැති වීම. ජාතික ආර්ථිකයක් බිහි කර ගන්න මහන්සි වෙන්න ඕන. ඒක බටහිර ආර්ථික විද්‍යාව ඉගෙන ගත්ත අයගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ. ඔවුන් හොඳ විශ්වවිද්‍යාලවල බොරු උගන්වන්න, ඊනියා පරායේෂණ ආයතනවල බොරු පර්යේෂණ කරන්න විතරයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඒ කොහොම වුනත් චීන සමාගම සමග ඇතිකරගත් ගිවිසුම අවලංගු කරන්න පුළුවන් නම් හොඳයි. ඒකාබද්ධ විපක්‍ෂය ඒ ගැන කියන්නෙ මොකක් ද? ජාත්‍යන්තර ගිවිසුම් අවලංගු කරන එක පහසු දෙයක් නොවෙයි. ගිවිසුම් ඇති කර ගන්න ඉස්සෙල්ල නවත්තන්න ඕන. එට්කා ගිිවිසුමත් තවත් එවැන්නක්. මේ සියළු ගිිවිසුම්වලින් වෙන්නෙ අවසානයේ දී රටේ ස්වාධීනත්වය නැති වෙන එක විතරයි. මේ ආණ්ඩුව දන්නෙ රට කාට කාට හරි විකුණලා තම පැවැත්ම ආරක්‍ෂා කරගන්න පමණයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Ehttps:\/\/www1.kalaya.org\u003Cbr \/\u003E2016 දෙසැම්බර් 10 \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook :https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/683676719500056689\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/12\/WarayaVikineema.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/683676719500056689"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/683676719500056689"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/12\/WarayaVikineema.html","title":"වරාය විකිණීම"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/4.bp.blogspot.com\/-ynQOcVHh8z4\/WE18yiTpUhI\/AAAAAAAACfk\/vW7M_s8DmHMI6UOsmWHqZe5BTCoqUw-pQCLcB\/s72-c\/port.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6624497634481302638"},"published":{"$t":"2016-11-27T20:31:00.002+05:30"},"updated":{"$t":"2016-12-01T11:15:31.354+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Nalin"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නලින් ද සිල්වා"}],"title":{"type":"text","$t":"ට්‍රම්ප් හමුවෙමු චම්පක පිටුදකිමු"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/3.bp.blogspot.com\/-C70qBv2nfG0\/WDr1Ocu_p5I\/AAAAAAAACcY\/DglgfywOGWc8X2erFftCIafG_7XYMOBOwCLcB\/s1600\/ChampikaTrjpg.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"334\" src=\"https:\/\/3.bp.blogspot.com\/-C70qBv2nfG0\/WDr1Ocu_p5I\/AAAAAAAACcY\/DglgfywOGWc8X2erFftCIafG_7XYMOBOwCLcB\/s640\/ChampikaTrjpg.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E-නලින් ද සිල්වා-\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eලෝකය පුරා පැතිරී යන ජාතිකවාදය ගැන දැන් ලංකාවේ බොහෝ දෙනා කතා කරනවා. ජාතිකවාදය ගැන පඬියන් කියන කතා කිහිපයක් ගැන ඊයේ මා සඳහන් කළා. ඒ ගැන පසුව තවදුරටත් කතා කරමු. අදත් ජාතිකවාදය නිසා පැනනගින කරුණු ගැන සඳහන් කරන්න ඕන. එකක් ට්‍රම්ප් ගැන. අනෙක චම්පක රණවක ගැන. මේ කරුණු දෙකක්. දෙන්න අහසට පොළොව වගේ. ඒත් එකම සංසිද්ධියක්, එනම් ජාතිකවාදයක් ඇතිවීම නිසා මතුවන කරුණු දෙකක්.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅද දිවයින පුවත්පතේ පළවන වාර්තාවකට අනුව ට්‍රම්ප් ලංකාව පිළිබඳ මෙතෙක් එක්සත් රාජ්‍ය දැරූ අදහස වෙනස් කරන්න යන බවට ඉඟියක් තිබුණා. ඊනියා ජාත්‍යන්තරවාදී හිලරි ක්ලින්ටන් ජනාධිපතිනිය වුනා නම් ඒ බොරු ජාත්‍යන්තරවාදයේ නාමයෙන් මානව අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය ආදී බොරු සංකල්ප යොදා ගනිමින් රූසියාව සමග යුද්ධයකට පැටළීමට ඉඩ තිබුණා. ඒ වගේ ම ඇය ලංකාවේ දෙමළ ජාතිවාදය තව තවත් පෝෂණය කරමින්  රට දෙකඩ කිරීමට පියවර ගැනීමට තිබුණා. රනිල්ලා සම්බන්ධන්ලා ශිවාජිලිංගම්ලා හිටියේ ඇගේ පැත්තේ. ශිවාජිලිංගම් ඇය වෙනුවෙන් පොල් ගැසූ බව අමතක වී තිබෙන්න බැහැ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඒකාබද්ධ විපක්‍ෂය හෝ අලුත් පක්‍ෂය වන පොදුජන පෙරමුණ හෝ ට්‍රම්ප් හමුවිය යුතුයි. ඒ ට්‍රම්ප්ට අපේ ප්‍රශ්නයට මැදිහත්වන්න කියන්න නොවෙයි. ප්‍රශ්නයෙන් අයින් වෙලා ඉන්න කියන්න. මෙරට දෙමළ විරෝධී කිසිවක් සිදුවෙලා නැති බවත් සිදු වී ඇත්තේ සිංහල විරෝධී දේ පමණක් බවත් ට්‍රම්ප් දැනගත යුතුයි. ඔවුන්ගේ රාජ්‍ය දෙපාර්තමේන්තුව හෙවත් විදේශ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව ට්‍රම්ප්ට විෂ පොවන්න පෙර මේ කටයුත්ත සිදුවිය යුතුයි. සිංහලයන් සැම විට ම කටයුතු කරන්නේ බාලගිරි දෝෂය වගේ. අද නොවෙයි හෙට යන්නයි සිංහලයන්ගෙ ප්‍රතිපත්තිය. හෙට ප්‍රමද වැඩියි යන්න මත පිහිටා අප කටයුතු කළ යුතුයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eදෙමළ හා මුස්ලිම් ජනයා මෙරටට පැමිණියේ දහහතරවැනි සියවසෙන් පසුව බව ට්‍රම්ප්ට කිව යුතුයි. ඔවුන් මෙරට සංස්කෘතියට ගරු කරන්න තවමත් පුරුදු වී නැතිවා පමණක් නොව මෙරට ඉතිහාසය අමතක කරමින් සිංහල සංස්කෘතියට විශේෂ තැනක් දීම වරදක් ලෙස සලකන බවත් අප කියා සිටිය යුතුයි. ට්‍රම්ප් කළ යුත්තේ අපේ ප්‍රශ්නයට මැදිහත් නොවී සිටීම පමණක් නොවෙයි. මෙතෙක් ක්ලින්ටන්ලා ඔබාමාලා යටතේ සිදු වී ඇති දේත් නිෂේධ කිරීමට පියවර ගත යුතුයි. එහි පළමු හා ප්‍රධාන පියවරක් විය යුත්තේ රනිල් මෛත්‍රිපාල සම්බන්ධන් ආණ්ඩුවේ අනුග්‍රහයද ඇතිව රාජ්‍ය දෙපාර්තමේන්තුව මැදිහත් වී ඉදිරිපත් කළ ජෙනීවා යෝජනා ඉල්ලා අස්කර ගැනීමයි. මෙරට කිසිම ආකාරයක දෙමළ සංහාරයක් සිදු වී නැති බවට හොඳම උදාහරණ විපක්‍ෂ නායක හා අගවිනිසුරු දෙමළ ජනවාර්ගිකයන් වීමයි. විග්නේස්වරන් හිටපු විනිසුරුවකු වීමයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙරට ජාතික ව්‍යාපාරය ගැමුණු රජු දවසේ සිට තිබුණත් ඉංගිරිසින්ට විරුද්ධව ජාතික ව්‍යාපාරය ඇරඹුණේ 1817-18 වෙල්ලස්ස සටන සමගින්. එය ක්‍රමයෙන් විකාශය වී අනගාරික ධර්මපාලතුමා මගින් පනස්හය දක්වා වර්ධනය වුනා. බණ්ඩාරනායක මැතිණිය ඒ වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කළා. 1977 ජේ ආර් බලයට පත්වීමෙන් පසුව ජාතිකත්වයට පහර දුන්නා. සිංහල විරෝධී කසිකබල් අනුකාරක සංස්කෘතියකට රට විවෘත කෙළේ ජේ ආර්. ඔහු ගැන යම රජු ක්‍රියා කරනු නිසැකයි. සිංහල බෞද්ධ සංස්කෘතියට හා හින්දු සංස්කෘතියට අභියෝග කරමින් කාලෝ ෆොන්සේකා ගිනි පෑගුවේ හැත්තැවේ දශකයේ මුල. ඔහු අඩුම තරමෙන් තමන් අනුගමනය කරන්නේ ය කියන ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයවත් එහි දී අනුගමනය කෙළේ නැහැ. ඔහු ආධ්‍යාත්මික බලයෙන් ගිනි පෑගිය නොහැකි බව පෙන්වා සිටියේත් නැහැ. මේ සියල්ල 1977 දී ජේ ආර් නම් දේශීය සංස්කෘතික විරෝධියා බලයට පත්කිරීමට උපකාරි වුනා. අද වන විට ඊනියා සංහිඳියාවක් ගැන කතාකරන පඬියන් කතරගම දෙවියන්ගේ බහුභාර්යා සේවනයක් ගැන කතාකරමින් ඒ දෙවියන්ට අපහාස කරනවා. ඔවුන්ට ජාතිවාදී ලේබල ඇලවෙන්නේ නැහැ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකෙසේ වෙතත් වත්මන් ජාතික ව්‍යාපාරය ජේ ආර්ගේ ප්‍රතිපත්තිවලට විරුද්ධව ඇරඹුණු එකක්. අසූ ගණන්වල මුල එහි  බීජ දකින්නට පුළුවන්. ජ වි පෙ ස්ථිර ජාතිකත්වයක හිටියේ නැහැ. විජේවීරගේ සිට එය මාක්ස්වාදය හා ජාතිකත්වය අතර දෝලනය වුනා. චම්පක පාසල් වියේ දී ජ වි පෙ අනුගාමිකයෙක්. ඔහු එහි ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක්. විශ්වවිද්‍යාලයට පැමීණීමෙන් පසුව ඔහු ජාතික මතවාදවලට තල්ලු වුනා. එහෙත් ඔහුගේ ජ වි පෙ දෝලනය ගිලිහුණේ න3හැ. 1994 මැතිවරණයේ දී ඔහු චන්ද්‍රිකා වෙනුවෙන් පමණක් නොව මංගල සමරවීර වෙනුවෙන් මාතර පැල්බැඳගෙන වැඩ කළා. ඔහු රතන හිමි මංගල සමග එකතු වී රටවැසි පෙරමුණ නමින් රට බෙදන ව්‍යාපාරයක් ආරම්භ කළා. ජනතා මිතුරෝ කාලයේ ඊනියා යුද්ධයට එරෙහිව  කොළඹ පෝස්ටර ඇලෙවුවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඔහු නොම්මර එකේ අවස්ථාවාදියෙක්. ඩී එස් සේනානායක විදුහලේ සිසුන් ඝාතනය කෙරුණු අවස්ථාවේ ඔහු ජාතිකත්වයට ඉල්ලුමක් තිබෙන බව කියමින් නැවතත් ජාතික ව්‍යාපාරයට ආවා. භික්‍ෂූන් වහන්සේගේ කරපිටින් පාර්ලිමේන්තු ගියා. අද ඔහු එක්සත් ජාතික පෙරමුණු හරහා රනිල්ගේ ඇමතිවරයකු වී සිටිනවා. ලංකාවේ ඇති වු ජාතිකත්වය අනෙක් රටවලට ඉගෙන ගන්න පුළුවන්. එහි දී ඔවුන් ඉගෙන ගත යුතු ප්‍රධාන ම කරුණක් වනනේ චම්පක වැනි අවස්ථාවාදීන්ගෙන් ජනතාව බේරා ගැනීමට කටයුතු කිරීමයි. ජාතිකත්වයට ද්‍රෝහි වී දේශපාලන වශයෙන් නන්නත්තාර වී ඇති චම්පක දැන් නැවතත් ලෝක ජාතිකත්ව ගැන කතාකරමින් නැවත ජාතික ව්‍යාපාරයට ඒමට උත්සාහ කරනවා. ජනතාව රැවටීමට ඔහුට කිසිම ඉඩක් දිය යුතු නැහැ. රාජ්‍ය දෙපාර්තමේන්තුවට ට්‍රම්ප් රැවටීමටත් ඉඩ දිය යුතු නැහැ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Ehttps:\/\/www1.kalaya.org : 2016 නොවැම්බර් 26\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/6624497634481302638\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/11\/trumoChampaka.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/6624497634481302638"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/6624497634481302638"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/11\/trumoChampaka.html","title":"ට්‍රම්ප් හමුවෙමු චම්පක පිටුදකිමු"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/3.bp.blogspot.com\/-C70qBv2nfG0\/WDr1Ocu_p5I\/AAAAAAAACcY\/DglgfywOGWc8X2erFftCIafG_7XYMOBOwCLcB\/s72-c\/ChampikaTrjpg.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-8946917992802194985"},"published":{"$t":"2016-10-31T07:19:00.001+05:30"},"updated":{"$t":"2016-11-12T08:42:41.346+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Nalin"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නලින් ද සිල්වා"}],"title":{"type":"text","$t":"ජ වි පෙ රනිල් රකියි"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/4.bp.blogspot.com\/-mE7RsOfMG_E\/WBaiAOYh80I\/AAAAAAAACVk\/46ZS7Y4fpVMoNI2roAJU0hSzxCVN1OSwgCLcB\/s1600\/hnm.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"336\" src=\"https:\/\/4.bp.blogspot.com\/-mE7RsOfMG_E\/WBaiAOYh80I\/AAAAAAAACVk\/46ZS7Y4fpVMoNI2roAJU0hSzxCVN1OSwgCLcB\/s640\/hnm.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E-නලින් ද සිල්වා-\u003C\/b\u003E\u003C\/span\u003Eමට කළ හැකි දේ සීමිතයි. ජනමාධ්‍යයෙන් මට තැනක් ලැබෙන්නේ නැහැ. ඔවුන් වෙනත් අයගේ තීරු ලිපි සතිපතා පළ කරන නමුත් මගේ ලිපි පළ කරන්නේ ඔවුන්ගේ අභිමතය පරිදියි. මේ ආණ්ඩුව බලයට පත් කරනු ලැබුයේ ජ වි පෙ විසින් නොවුනත් ඒ සඳහා ඔවුන් දරදිය ඇද්දා. සුනිල් හඳුන්නෙත්ති කෝප් කමිටුවේ සභාපති ලෙස පත්කෙරුණේ රනිල් ඔහු ගැන විශ්වාසයක් තැබූ බැවින්. ඊයේ පෙරේදාත් රනිල් පාර්ලිමේන්තුවේ දී කෝප් සභාපති ගැන තම විශ්වාසය පළ කළා. සුනිල් හඳුන්නෙත්ති ඉදිරිපත් කළ වාර්තාවෙන් රනිල් රැකගෙන තිබෙනවා. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමා මෙසේ කී විට ජ වි පෙ අනුගාමිකයන්ට හා හිතවතුන්ට කේන්ති යනවා. ඒ ස්වාභාවිකයි. ඔවුන්ට නායකයන් ගැන ඇත්තේ ලොකු විශ්වාසයක්. ජ වි පෙ හා එ ජා ප වැඩ කරන්නේ යම් අවබෝධයකින්. ඔවුන්ගේ බොරු බැණ ගැනීම්වලින් අප රැවටෙන්න හොඳ නැහැ. අද බොහෝ දෙනාට අමතක වුනත් මහබැංකු බැඳුම්කර ගැන සකස් වූ තවත් වාර්තාවක් තියෙනවා. එය අතුරු වාර්තාවක් පමණක් යැයි කෙනකුට කියන්න පුළුවන්. එය සකස්් කෙරුණේ එකල කෝප් කමිටු සභාපති ඩිව් ගුණසේකර විසින්. ඒ කෝප් කමිටුවට අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බැරිවුණා. එය ඉදිරිපත් කිරීමට බලාපොෙැරාත්තු වී ඇත්තේ 2015 ජූනි 26 වැනි දා. එහෙත් එදින ම පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවා. එබැවින් අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බැරිවුණා. ඒ නිසා අතුරු වාර්තාව පළ වූයේත් නැහැ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E2015 ජූලි 14 වැනි දින හරි ඒ කිට්ටුව හරි පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවක දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා ඇත්තේ මහා බැංකු බැඳුම්කර මත පදනම් ව අගමැතිට එරෙහිව ගෙනෙන විශ්වාස භංග යෝජනාවක් ජයගැනීමට ඉඩ තිබුණු බැවින් තමා පාර්ලිමේන්තුව විසුරුවා හැරි බවයි. ජනාධිපති තවදුරටත් කියා ඇත්තේ මහා බැංකු අධිපති ඉල්ලා අස්වන යුතු බවට තමා අගමැතිට අවවාද කළ බවයි. එහෙත් අගමැති ඒ අවවාද පිළිගෙන නැති බවත් පැහැදිලියි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eරජිව් විජේසිංහ ද ඒ අවධියේ කෝප් කමිටු සාමාජිකයෙක් වූවා. රජිව් විජේසිංහ එකල ද කියා ඇත්තේ මහා බැංකු අධිපති අගමැතිගේ කීම මත කටයුතු කළ බවයි. ඒ බව පසුගිය දා කෝප් කමිටුව ඉදිරියේ සාක්‍ෂි දුන් අර්ජුන් මහේන්ද්‍රන් ද පවසා තිබෙනවා. මා මේ සියල්ල කියන්නේ මාධ්‍ය වාර්තා මත පදනම් වෙමින්. ඒ වාර්තා අභියෝගයට ලක් කෙරී නැහැ. ඩිව් ගුණසේකර ඉදිරිපත් කිරීමට සිටි අතුරු වාර්තාව පුවත්පතකවත් පළ වූයේ නැහැ. එහි ඇත්තේ කුමක් දැයි මා දන්නේ නැහැ. විශ්වාසභංග කතාව කියා ඇත්තේ ජනාධිපතියි. මා 2015 ජූලි අග ශ්‍රෙෂ්ඨාධිකරණය ඉදිරියට ගියේ වාර්තාව පළකරවා ගැනීමට අතුරු නියෝගයක් ලබා ගැනීමටයි. තවමත් නඩුව විභාග වන බැවින් මා ඒ ගැන වෙනත් කිසිවක් කියන්නේ නැහැ. මට ඩිව් ගුණසේකර සමග පෞද්ගලික හෝ දේශපාලන හෝ සම්බන්ධයක් ඇත්තේත් නැහැ. මා ඔහුගේ සිංහල විරෝධී දේශපාලනයට විරුද්ධයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ රනිල් ගැන කිසිවක් කියැවෙන්නේ නැහැ. තමාට ඒ අයුරින් ක්‍රියා කිරීමට කිවුවේ අගමැති යැයි අර්ජුන මහේන්ද්‍රන් කෝප් කමිටුවට පවසන විට හඳුන්නෙත්ති වාර්තාවේ අගමැති ගැන සඳහන් නොවන්නේ ඇයි? මහේන්ද්‍රන් තම ගැලවීම සඳහා බොරු කීවේ ද? මහේන්ද්‍රන්ට විරුද්ධව ඔහු කමිටුවට බොරු කී බවට චෝදනාවක් ඉදිරිපත් වී නැහැ. කමිටුව මහේන්ද්‍රන් කී දේ පිළිගෙන තිබෙනවා. හඳුන්නෙත්ති කමිටුව ඩිව් ගුණසේකර කමිටුවේ සිදු වූ දෑ සලකා බැලුවේ නැද්ද? එසේ කිරීම අනිවාර්ය නොවනවා විය හැකියි. එහෙත් ඒ ගැන සොයා බලන්න තිබුණා. විශේෂයෙන් ම ජනාධිපති විශ්වාසභංග කතාවක් කියා තිබිය දී.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eරජිව් විජේසිංහ මාස කිහිපයකට පෙර කියා තිබුණේ බැඳුම්කරවලින් උපයාගත් මුදල් විශාල වශයෙන් එ ජා ප මැතිවරණ අරමුදලට බැර වූ බවයි. රජිව් විජේසිංහට විරුද්ධව එ ජා පක්‍ෂය නීති මගින් කිසිවක් කර නැහැ. ඔහු කියන දේ ඇත්ත යැයි පිළිගැනීමට අපට සිදුවෙනචා. එය එසේ නම් කර ඇත්තේ මහා දූෂණයක්. එය ඉදිරියේ සිල් රෙදි කතා හිරු දුටු කදෝපැණියන් බවට පත්වෙනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eජ වි පෙ නටන නාඩගම කුමක් ද? අනුර දිසානායක පේන අහලා තියෙන්නෙ කාගෙන් ද? එ ජා පක්‍ෂය 2015 අගේාස්තු මැතිවරණයට වියදම් කෙළේ බැඳුම්කර මුදල් ද? අගෝස්තු මැතිවරණයට පෙර රනිල් අගමැති වූයේ පික්පොකට් ගසා නො වේ ද? ඒකාබද්ධ විපක්‍ෂය ප්‍රශ්නයේ මුළට යන්නේ නැත්තේ ඇයි? මහා බැංකු කොල්ලයේ රනිල් භූමිකාව කුමක් ද? ඔහු දිගින් දිගට ම අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවෙන් පෙනී සිටියේ ඇයි? අර්ජුන් මහේන්ද්‍රන් වැනි විදේශිකයකු හා කොල්ලකරුවකු වීමට හැකි අයකු මහා බැංකු අධිපති ලෙස පත්කිරීමෙන්වත් රනිල් වරදක් කර නැද්ද? රනිල්ගේ විනිශ්චය අගමැතිවරයකුට තරම් වේ ද? රජිව් විජේසිංහ කියන ආකාරයට රනිල් ඊටත් වඩා වරදක් කර ඇද්ද? සංධානය මැතිවරණයේ දී පරාජය වීමට මහා බැංකු සල්ලිත් උදවු වුනා ද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Ekalaya : 2016 ඔක්තෝම්බර් 30\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/8946917992802194985\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/10\/JVPRanil.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/8946917992802194985"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/8946917992802194985"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/10\/JVPRanil.html","title":"ජ වි පෙ රනිල් රකියි"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/4.bp.blogspot.com\/-mE7RsOfMG_E\/WBaiAOYh80I\/AAAAAAAACVk\/46ZS7Y4fpVMoNI2roAJU0hSzxCVN1OSwgCLcB\/s72-c\/hnm.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-7205149594062620427"},"published":{"$t":"2016-10-29T08:10:00.001+05:30"},"updated":{"$t":"2016-11-12T08:42:53.983+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Nalin"}],"title":{"type":"text","$t":"කෝප් වාර්තාවෙන් රනිල් නිදහස්"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/4.bp.blogspot.com\/-TIGkPEDWTxc\/WBQMCCnHmXI\/AAAAAAAACVU\/UqgPk6ERuuUyh_szD4_dg5xn8pth_XmAQCLcB\/s1600\/nidahas.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"336\" src=\"https:\/\/4.bp.blogspot.com\/-TIGkPEDWTxc\/WBQMCCnHmXI\/AAAAAAAACVU\/UqgPk6ERuuUyh_szD4_dg5xn8pth_XmAQCLcB\/s640\/nidahas.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E-නලින් ද සිල්වා-\u003C\/b\u003E\u003C\/span\u003Eකවුරුත් පාහේ බලා සිටි කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා. එහි විස්තර දැනගැනීමට නැහැ. අර්ජූන් මහේන්ද්‍රන්් හා අදාළ මහා බැංකු නිලධාරීන් ද ඇලෝෂියස් බෑණාගේ සමාගම ද වරදකරුවන් කෙරිලා. ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට නිර්දේශ කරලා. එ ජා ප මන්ත්‍රීවරුන් නිර්දේශවලට එකඟ වන අතර පාද සටහන් එකතු කරලා. ඒ පාද සටහන් යනු පාද ඇදීම් හෙවත් කකුලෙන් ඇදීම් පමණයි. එයින් නිර්දේශවල සැර බාල වී ඇතැයි සිතන්න පුළුවන්.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවාර්තාව දකින්නෙ නැතිව නිශ්චිත ව යමක් කියන්න අමාරුයි. ඇතැමුන් කියන විධියට පාද සටහන් හෙවත් කකුලෙන් ඇදීම් කෙරී ඇත්තේ විගණකාධිපති වාර්තාවට එරෙහිව. ඒවා තාක්‍ෂණික යැයි එ ජා ප මන්ත්‍රීවරු කියනවා. විගණකාධිපති හෑල්ලු කෙරී ඇති බව කියන කතාවලින් තේරෙනවා. එතුමා බුදුහාමුදුරුවන් නොවන බව එ ජා ප මන්ත්‍රීවරයකුට මතක් වෙලා. ඉතා පැහැදිලිව යම් ගණුදෙනුවක් වාර්තාව සම්බන්ධයෙන් ද සිදුවෙලා තියෙනවා. බැංකු හොර ගණුදෙනුව තවත් ගණුදෙනුවකට මග පාදලා. අප අමතක නොකළ යුතු කරුණ නම් මේ ලංකාවේ සිදු වූ විශාලතම බැංකු මංකොල්ලය බව. ඒ කොල්ලය රටේ ජාතික දළ නිෂ්පාදිතයෙන් 25%ක් වෙනවලු\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅර්ජූන් මහේන්ද්‍රන් සිංගප්පූරු රටවැසියෙක්. ඔහු සිංගප්පූරුවට ගිහිල්ලා. ඔහු ආවත් නැතත් ඔහුට විරුද්ධව චෝදනා ඉදිරිපත් කෙරෙන්නේ කාට ද? කවුරුන් විසින් ද? වාර්තාව පාර්ලිමේන්තුව විසින් කොයි ආකාරයකට පිළිගැනේවි ද? ඇලෝෂියස් බෑණා අදාළ සමාගමේ අධ්‍යක්‍ෂ කෙනෙක් නො වෙයිලු. විගණකාධිපතිට විරුද්ධව නඩු දැමීමට බැරි ද? අර පාද සටහන් හෙවත් කකුලෙන් ඇදීම් මත පදනම් වෙලා පාර්ලිමේන්තුව කෙසේ ක්‍රියා කරයි ද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකෝප් වාර්තාව පාද සටහන් ඇතිව හෝ නැතිව හෝ ඇස්බැන්දුමක.් ඒ වාර්තාව ගැන ජනාධිපති කොමිසමක් ඉල්ලන එක ජනමාධ්‍යයට හොඳයි. තව තවත් පුවත් නිර්මාණය කරන්න එයින් ඉඩක් ලැබෙනවා. තව තවත් ටෙලිනාට්‍ය පුවත් වේශයෙන් අපට නරඹන්න පුළුවන්.  කොහොමත් වාර්තාවට අනුව මූලික වැරුද්ද කර ඇත්තේ රනිල්. ඔහු තමයි අර්ජුන් මහේන්ද්‍රන් පත් කෙළේ. කෝප් කමිටුව කියනවා නම් මහේන්ද්‍රන් වරදකරුවකු කියා ඔහු පත්කර දිගින් දිගට ම ඔහු ආරක්‍ෂා කිරීමට කටයුුතු කළ රනිල් ඉල්ලා අස්විය යුතුයි. මෙවැනි මංකොල්ලයක් කළා යැයි කියන අර්ජුන් මහේන්ද්‍රන් පත් කිරීමෙන් රනිල්ගේ විනිශ්චය වැරදි බව පෙනී යනවා. විනිශ්චය සම්බන්ධයෙන් එවැනි වරදක් කළ රනිල් ලංකාවේ අගමැති කමට කිසිසේත් ම සුදුසු නැහැ. අර්ජුන් හා බෑණා ගැන පරික්‍ෂණ කළ යුත්තේ රනිල් අගමැති ව සිටිය දී නොවෙයි. රනිල් අගමැති ලෙස අර්ජුන් මහේන්ද්‍රන්  ආරක්‍ෂා කර තිබෙනවා. ජනාධිපති රනිල්ට අස්වීමට බල කළ යුතුයි. නීතියෙන් ඉඩක් වේ නම් ඔහු අස්කළ යුතුයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅර්ජුන් මහේන්ද්‍රන් කෝප් කමිටුව හමුවට පැමිණ තමා එසේ කෙළේ අගමැතිගේ කීමට යැයි කී බව වාර්තා වුනා. ඒ ඇත්ත නම් ඉන් කියැවෙන්නේ රනිල් ප්‍රධාන වැරදිකරුවා බවයි. කෝප් වාර්තාවෙන් රනිල් ගැන කියැවෙන බවක් ආරංචි නැහැ. එසේ වන්නේ කෙසේ ද? මෙය යම් ගණුදෙනුවක ප්‍රතිඵලයක් ද? එ ජා ප මන්ත්‍රීවරුන් පාද සටහන් සහිතව නමුත් වාර්තාවට අත්සන් කෙළේ රනිල් නිදහස් කෙරුණු නිසා ද? පරමාධිපත්‍යය ඇත්තේ මහජනයාට නම් ඔවුන්ගේ නියෝජිතයන්ට ඔවුන්ගෙන් (ජනතාවගෙන්) කරුණු වසන් කිරීමට ඇති අයිතිය කුමක් ද?  ඒකාබද්ධ විපක්‍ෂය කෝප් කමිටුවේ නියෝජනය කරන මන්ත්‍රීවරයාට, මන්ත්‍රීවරුන්ට මේ සියල්ල මහාජනයාට හෙළි කිරීමට හැකි විය යුතුයි. මෙය සෑඟවීම ඊනියා සදාචාරය නම් අපට සදාචාරයෙන් වැඩක් නැහැ. මෙයට කලින් මේ සම්බන්ධ වාර්තාවක් ඩිව් ගුණසේකර කෝප් කමිටුවෙ සභාපති කාලෙ ඉදිරිපත් වුනා. ඒ වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලා 2015 ජූලි මාසයේ පමණ මා ශ්‍රෙෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. බොහෝ දෙනා ඒ ගැන දන්නෙ නැහැ. සුපුරුදු පරිදි ජනමාධ්‍ය එයට ප්‍රචාරයක් ලබා දුන්නේ නැහැ. ඒ පිළිබඳ නඩු තීන්දුව තවමත් නැහෑ!\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ ආණ්ඩුව බලයට පත්කෙරුණේ හොරුන්ට විරුද්ධව කටයුතු කිරීමට කියා කියනවා. මහා බැංකු කොල්ලයට වඩා දරුණු කොල්ලයක් මෙරට සිදු වී නැහැ. රනිල් ගැන විශේෂ පරීක්‍ෂණයක් අවශ්‍ය වෙනවා. ටික කලකට ඉහත ඔහුගේ නැන්දාගේ පුතා වන රජිව් විජේසිිංහ කියා සිටියේ ඇලෝෂියස් බෑණා කොල්ල මුදල්වලින් විශාල ප්‍රමාණයක් එ ජා ප මැතිවරණ අරමුදලට බැර කර බවයි. ඒ ප්‍රකාශය වෙනත් ප්‍රකාශ වගේ ම යට ගියා. ජනමාධ්‍ය එයට නිසි ප්‍රචාරයක් ලබා දුන්නේ නැහැ. අද සියල්ලන්ට ම පාහේ ඒ සිද්ධිය, එනම් රජිව් එසේ ප්‍රකාශ කළ බව අමතක වෙලා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eරාජපක්‍ෂලාට විරුද්ධව ඇති එක් චෝදනාවක් නම් මහජන මුදල් මැතිවරණ ව්‍යාපාරයට යොදා ගැනීම. රජිව් කලක් කෝප් කමිටුවේ සාමාජිකයකු වෙලා හිටියා. කෝප් කමිටුවට ඔහු කැඳවන්න බැහැ. එහෙත් ඔහුගේ ප්‍රකාශය ඉතා වැදගත්. රනිල් බැංකු කොල්ලයේ මුදල් එ ජා ප මැතිවරණ ව්‍යාපාරයට යෙදා ගත්තේ ද? බැංකු කොල්ලය කෙළේ ම 2015 අගොස්තු මැතිවරණය සඳහා එ ජා පක්‍ෂයට අරමුදල් සපයා ගැනීමට ද? අපට මේ ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතුයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ ආණ්ඩුව පත් කෙළේ බටහිරයන් හා ඉන්දියාව වුවත් ජ වි පෙ, දෙමළ ජාතික සංධානය, මුස්ලිම් කොංග්‍රසය, ජාතික හෙළ උරුමය ආදී පක්‍ෂ බටහිරයන් හෝ ඉන්දියාව හෝ වෙනුවෙන් කටයුතු කළා. මහින්ද හොරා හොරා කියා වැඩියෙන් ම කෑ ගැසුවේ ඒ පක්‍ෂ. කෝප් කමිටු වාරාතාවක් ඉදිරිපත් කළ පමණින් ඔවුන්ගේ පවු සමා වන්නේ නැහැ. බැංකු කොල්ලයට සෘජුව නැතත් ඔවුන් වක්‍රව හවුල්. මෙි සියල්ල  කුඩා ළමුන්ගේ හොරා පොලිස් සෙල්ලමක් පමණක් ද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003EKALAYA : 2016 ඔක්තෝම්බර් 29   \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook :https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/7205149594062620427\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/10\/COPE.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/7205149594062620427"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/7205149594062620427"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/10\/COPE.html","title":"කෝප් වාර්තාවෙන් රනිල් නිදහස්"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/4.bp.blogspot.com\/-TIGkPEDWTxc\/WBQMCCnHmXI\/AAAAAAAACVU\/UqgPk6ERuuUyh_szD4_dg5xn8pth_XmAQCLcB\/s72-c\/nidahas.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-7273300240878642071"},"published":{"$t":"2016-10-26T22:36:00.001+05:30"},"updated":{"$t":"2016-11-12T08:43:05.954+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Nalin"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නලින් ද සිල්වා"}],"title":{"type":"text","$t":"අසමජ්ජාති ආණ්ඩුව"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/2.bp.blogspot.com\/-Nr5rNfyq_3I\/WBDibbJ6MBI\/AAAAAAAACU4\/7Ty62p5BhDMYFo_pDMHEIfiuRqXL-AMIQCLcB\/s1600\/Alukuththeary.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"316\" src=\"https:\/\/2.bp.blogspot.com\/-Nr5rNfyq_3I\/WBDibbJ6MBI\/AAAAAAAACU4\/7Ty62p5BhDMYFo_pDMHEIfiuRqXL-AMIQCLcB\/s640\/Alukuththeary.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E-නලින් ද සිල්වා-\u003C\/b\u003E\u003C\/span\u003Eපහුගිය ආණ්ඩුව අසමත් ආණ්ඩුවක් කියලා මෙරට පඬියන් කිවුව. සිංහල විරෝධී ජඩමාධ්‍යකරුවන් එහි දී ප්‍රධානත්වය ගත්ත. සිවල් සමාජය, ඊනියා මානව හිතවාදීන් ජඩමාධ්‍යකරුවන්ට හවුල් වුනා. ඒ ආණ්ඩුව අසමත් වුනෙ බටහිරයන්ගෙ ඇහින්. ඒ කියන්නෙ බටහිරයන්ට සාපේක්‍ෂව. අසමත් රාජ්‍ය කියන සංකල්පය හැදුවෙ අර ජඩමාධ්‍යකරුවන් සිවල්  සාමාජිකයන් නොවෙයි බටහිරයන්. බටහිරයන් හදන සංකල්ප ප්‍රචාරය කරන එක හැරෙන්න වෙන දෙයක් අර නොයෙකුත් වර්ගවල පඬියන්ට කරන්න බැහැ. විශ්වවිද්‍යාලවල ඉන්න බොහෝ ආචාර්ය මහාචාර්යවරුන්ටත් එහෙමමයි. එක එකා පිටකසා ගනිමින් ඔවුන් වැජඹෙනවා. බොරු පඬි කතා කියනවා. ජාතික මතවාදයක් එක්ක ඉන තරුණයන්ට කථිකාචාර්යකම් නොදීමට ඔවුන් වග බලාගන්නවා. මහා නවකතාකරුවන් ඊනියා පශ්චාත්නූතනවාදීන් හැටියට පෙනී හිටියට ඔය කියන පශ්චාත්නූතනවාදී නවකතාවක් කවුරුන් අතින්වත් ලියැවිලා නැහැ. නවකතාව ගැන කුන්දේරා කියන දේ මේ පඬියන්ට තේරෙන්නෙ නැහැ. ඔවුන් දන්නෙ ඔබාමා වෙනුවෙන් ප්‍රදර්ශන පවත්වන්න. ඔවුන් ලියන්නෙ ඊනියා සිනමා අධ්‍යක්‍ෂවරුන් චිත්‍රපටි හදන්නෙ සිංහල බෞද්ධ විරෝධී හිතළු මත. ඒවා අඩු තරමින් බොරු සමාජවිද්‍යාවක්වත් නොවෙයි.  පහුගිය ආණ්ඩුව පැරදුනෙ ඒක අසමත් හින්ද නොවෙයි. බටහිරයන් ඒක පැරුද්දෙවුවෙ ඔවුන් කියන විධියට ආණ්ඩුව වැඩ කෙළෙ නැති නිසා. සංකල්ප හදන්නෙත් නිර්ණායක හදන්නෙත් ඒ අනුව තීරණ ගන්නෙත් බටහිරයන්. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපහුගිය ආණ්ඩුව කාලෙ ඊනියා සංහිඳියාවක් ගැන මහහඬින් කතා කෙළෙ නැතිවුනාට උතුරු පළාත සංසුන්ව තිබුණා. මිනිසුන් බය නැතිව එහෙ මෙහෙ ගියා. මහින්ද රාජපක්‍ෂ කරපු ප්‍රධාන ම දේ තමයි රටවැසියන්ට අභයදානය දීම. අභයදානය කියන්නෙ ජීවිතදානය පමණක් නොවෙයි. අභයදීමක්. ඒ කියන්නෙ භය නොමැතිව ජීවත්වීම දානය කිරීම. එය මුළු රටට ම දුන් දානයක්. වැඩියෙන් ම අභයදානය ලැබුණෙ උතුරු පළාතෙ ජනයාට. අද නැවතත් දෙමළ ත්‍රස්තවාදී බය රටේ පැතිරෙන්න පටන් අරන්. දෙමළ ත්‍රස්තවාදය  විනාශ කරන්න හමුදාවට පුළුවන්. ඒත් ඒක කරන්න ඉඩ තියන්න ආණ්ඩුව සූදානම් නැහැ. ආණ්ඩුව හමුදාව විනාශ කරනවා. බුද්ධි අංශය හිර කරනවා. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසුදු වෑන් කතාව තාම ඔප්පු කරලා නැහැ. ඒ කාලෙ පොලිස් වෙඩි තැබීමක් වුනොත් වැරදිකාරයා ආණ්ඩුව. ඉනුත් ජනාධිපති. එදා හමුදා පොලිස් වෙඩි පහරින් කී දෙනකු මැරිලා තියෙනව ද? ආණ්ඩුව පාතාලයත් නැති කිරීමට පියවර ගෙන තිබුණා. කොටින් කියනව නම් ආණ්ඩුව මිනිසුන්ගෙ බය නැති කරන්න සමත් වෙලා තිබුණා. මෙයට අමතර ව යම් ආකාරයක සංවර්ධනයක් තිබුණා. එහි අරමුණ යටිතල පහසුකම් වර්ධනය කිරීම. ඊළඟ පියවර වෙන්න තිබුණෙ නිෂ්පාදනය වැඩි කිරීම. කෘෂිකාර්මික මෙන් ම කාර්මික නිෂ්පාදනය වැඩි කිරීම. පහුගිය ආණ්ඩුවෙ දුර්වලකම් නොතිබුණා නොවෙයි. ඒත් ඒක නිසා පහුගිය ආණ්ඩුව බටහිරයන් හා ඔවුන්ගෙ මෙරට ගෝලබාලයන් කිවුව විධියට අසමත් ආණ්ඩුවක් වුනෙ නැහැ. අභයදානයට ලකුණු කීයක් දෙනව ද? පහුගිය ආණ්ඩුවට විශිෂ්ට සාමාර්ථයක් නොදුන්නත් සම්මාන සාමාර්ථයක් දීමේ ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. අප ලකුණු දෙන්නෙ බටහිරයන්ට ඕන විධියට ඔවුන්ගෙ ලකුණු දීමේ පටිපාටියකට අනුව නොවෙයි. බටහිර නිර්ණායක හා ලකුණු දීමේ පටිපාටිය වෙනස් කරමු.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eදැන් රනිල්ගෙ ආණ්ඩුවෙ ප්‍රගති වාර්තාව කොහොම ද? මා මෛත්‍රිපාලගෙ ආණ්ඩුව කියලා කියන්නෙ නැත්තෙ එහෙම එකක් නැති නිසා. අද උතුරු පළාතෙ හර්තාල්. සිලාවතුරෙ නාවික හමුදා භටයන්ට පහර දීලා. නැගෙනහිර පළාතෙ බෞද්ධ සිද්ධස්ථාන බෞද්ධයන්ට අහිමි වෙලා. කෝ මේ ඊනියා සංහිඳියාව? ආවා කණ්ඩායම තමන් පොලීසීයට පහරදුන් බව කියමින් යාපනේ පත්‍රිකා බෙදනවා. අගමැති ආවා ගියා කිය කිය විහිළු කරනවා. ඔහු විහිළු කරන්නෙ සිංහලයන්ට. ඔහු සිංහල විරෝධියෙක්. ආණ්ඩුවේ බලධාරීන් විවෘත කරන එක නම් ඇත්ත. ඒත් ඒ ගිය ආණ්ඩුවෙ වැඩ. අද දෙමළ ජාතිවාදීන් හා මුස්ලිම් ආගමික අන්තවාදීන් පොලීසියට බලන් ඉන්දැද්දි ගහනවා. ආණ්ඩුව නීතිය හා සාමය රකිනවා කියනවා. නීතිය හා සාමය රකින්නෙ සිංහල විරෝධීන් ලවා නීතිය රැකීමට සිටින පොලිස් නිලධාරීන්ට ගන්න ඉඩ දීල ද? කිලිනොච්චියෙත් පොලීසියට ගහලා. නීතිය නවන පොලිස්පති මොකද කියන්නෙ? යාපන තරුණයන් උසිගන්නන්නෙ දෙමළ ජාතිවාදී දේශපාලනඥයන්. ඔවුන් වැඩි හරියක් ඉන්නෙ දෙමළ ජාතික සංධානයෙ. ප්‍රභාකරන් බිහිවුණෙ රාමනාදන්ලගෙ අරුණාශලම්ලගේ දේශපාලනයෙන්. අද ඔවුන්ගෙ ඥාති මුණුබුරා විග්නේස්වරන් ඊළඟ ප්‍රභාකරන් බිහිකරන්න හදනවා. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eආණ්ඩුව අර්ජුන් මහේන්න්ද්‍රන් රකිනවා ඒ රකින්නෙ අගමැතිත් එක්ක. රනිල්ගෙ නැන්දාගෙ පුතා රජිව් විජේසිංහ පහුගිය කාලෙ කියලා තිබුණා මහාබැංකු කොල්ලයේ මුදල් එ ජා පක්‍ෂයේ මැතිවරණ අරමුදලට එකතු කරපු බව. රනිල් ඒ ප්‍රකාශයට අභියෝග කෙළෙ නැහැ. මොකක්දෝ හේතුවකට ඒකාබද්ධ විපක්‍ෂෙත් රජිව්ගෙ ප්‍රකාශය සම්පුර්ණයෙන් අමතක කළා. කෝප් කමිටුව රජිව් විජේසිංහගෙන් ප්‍රශ්න කළ බවටත් ආරංචියක් නැහැ. මහාබැංකු කොල්ලය මහාබැංකුවේ මුදල් කොල්ලයක් පමණක් නො වෙයි. ලංකාවේ සිදු වූ මහා ම මහා බැංකු කොල්ලය. එහෙම වුනත් මාමයි බෑණයි ඔක්කොම නිදහස් වෙන පාටක් දැනට තියෙන්නෙ.  බෑණාට විරුද්ධව නඩු දාන්න කියලා එ ජා ප මන්ත්‍රීවරු කියන්නෙ මාමවයි අගමැතිවයි රකින්න. බෑණා කියනවා එයා අදාල සමාගමේ අධ්‍යක්‍ෂ නොවෙයි කියලා. අන්තිමට වැරදි කාරයා විගණකාධිපති වෙන්න බැරි නැහැ. එ ජා ප මන්ත්‍රීන් ඔහුට බලපෑම් කරලා. ඔහු ආර්ථික විද්‍යාව දන්නෙ නැතිලු. මුදල් ඇමතිට ආර්ථික විද්‍යාවෙන් උපාධියක් තියෙනව ද? මා උපාධිය සතපහකටවත් මායිම් කරන්නෙ නැහැ. ආචාර්ය උපාධිධරීන්ගේ කියුම් කෙරුම් මා නොදන්නවා නොවෙයි. මා එහෙම අහන්නෙ විගණකාධිපතිගෙ සුදුසුකම් ප්‍රශ්න කෙරෙන නිසා. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ ආණ්ඩුව බටහිරයන්ගෙ මිනුම්දණ්ඩෙන් හා මෙරට ඔවුන්ගෙ ඇම්බැට්ටයන්ගෙ මහා බුද්ධියෙන් බැලුව ම සමත් ආණ්ඩුවක් ද?  ඒ මොනව වුනත්  අපටත් තියෙනවා අපේ මිනුම් දඬු හා සංකල්ප. මේ ආණ්ඩුව අසමජ්ජාති අලුගුත්තේරු අවලම් ආණ්ඩුවක්. අයන්නෙන් පටන් ගන්න තවත් වචන සිංහල භාෂාවෙ තියෙනවා. මා කිහිපයක් පමණයි සඳහන් කෙළේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Ewww.Kalaya.org \u003Cbr \/\u003E2016 ඔක්තොා්ම්බර් 26  \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/7273300240878642071\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/10\/AsammajathiAnduwa.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/7273300240878642071"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/7273300240878642071"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/10\/AsammajathiAnduwa.html","title":"අසමජ්ජාති ආණ්ඩුව"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/2.bp.blogspot.com\/-Nr5rNfyq_3I\/WBDibbJ6MBI\/AAAAAAAACU4\/7Ty62p5BhDMYFo_pDMHEIfiuRqXL-AMIQCLcB\/s72-c\/Alukuththeary.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});