// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%BD+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%BD?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%BD%20%E0%B6%9A%E0%B7%9C%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%BD"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"5"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1789453107893839200"},"published":{"$t":"2016-06-01T18:07:00.000+05:30"},"updated":{"$t":"2016-06-19T16:28:47.728+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නිර්මල කොතලාවල"}],"title":{"type":"text","$t":"සංහිඳියා නාමයෙන් නිවටවීම නොහොත් ඉණ පටියට ගත්ත ණයා"},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E\u003Ca href=\"https:\/\/2.bp.blogspot.com\/-JP2qbCRmTqI\/V07WtrinhZI\/AAAAAAAABmc\/QjPPAQMsBbQZzJRxlH3Ttav8TXD1coNiACLcB\/s1600\/pm-ranil-sri-ravi-shankar.png\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"332\" src=\"https:\/\/2.bp.blogspot.com\/-JP2qbCRmTqI\/V07WtrinhZI\/AAAAAAAABmc\/QjPPAQMsBbQZzJRxlH3Ttav8TXD1coNiACLcB\/s640\/pm-ranil-sri-ravi-shankar.png\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eඉණ පටියට ගත්ත ණයා \u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E-නිර්මල කොතලාවල-\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E\u0026nbsp;\u003C\/b\u003E\u003Cbr \/\u003Eහෙලෝ... සුන්දර නිහතමානීද මෙල් මහත්තයාද?\u003Cbr \/\u003Eඔව්. කතාකරනවා.\u003Cbr \/\u003Eමම කළුතරින් නිර්මල කියලා කෙනෙක්. ඔබතුමාගේ පරණ තීරු ලිපියක් ගැන විස්තර හොයාගන්න ඕන වෙලයි කතා කළේ.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003Eඒ මොහොතේම රටම දන්න මානි ටික දෙනක් දන්න මම කියන්නේ කවුද කියලා හඳුනා ගන්නවා. මට අවශ්‍ය වලා තිබුණේ යුද්දේ දින්න දවස්වල මානිගේ තීරුව තුල ලියපු පරණ ලිපියක්. එකේ තිබුණේ ප්‍රභාකරන් මරා දමපු එක මහ ජරා වැඩක් කියලා අවුරුදු 25 කට පස්සේ හිතන මිනිස්සු ගැන. මම විස්තරේ කිව්වට පස්සේ වචනයේ පරිසමාප්තයෙන්ම සුන්දර නිහතමානී මට ඊ මේල් එකක් එවනවා.\u003Cbr \/\u003Eකඩ ඉරකින් දැන් මේ තීරු ලිපිය වෙන්වෙනවා. 9 වන මහලින් පහලට කියන තීරු ලිපිය තුල ඔබ මෙතැන් සිට කියවන්නේ මානිගේ තීරු ලිපියේ තිබුණ වැදගත්ම කොටස. ලංකාදීප පත්තරයේ සංහිඳියාව වැදගත් වෙන්නේ මෙන්න මෙතැනට.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eඅසල්වැසියා තම ගේට්ටුව ලඟ සිටිනු දකින තරුණ සැමියා වහාම ගෙට රිංගයි.\u003Cbr \/\u003E“ඩාලිං අර අල්ලපු ගෙදර ආමි අංකල් ආවොත් මම ගෙදර නැහැයි කියන්න.” ඔහු සිය බිරිඳට කියා සිටියි.\u003Cbr \/\u003E“අනේ ඇයි ඔයා ඒ වයසක මනුස්සයව මඟ අරින්නේ, අපේ තාත්තගෙත් යාළුවෙක්නෙ.” තරුණ බිරිඳ සැමියාට කියයි.\u003Cbr \/\u003E“අයියෝ එයා‍ගෙ බෝරිං යුද්ධ කතා අහගෙන ඉඳලා මට එපා වෙලා තින්නේ.” සැමියා බිරිඳට කියා සිටියි. “ඒ කාලයේ උතරු නැගෙනහිර හිටපු ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදියාව එයා වෙඩි තියල මරපු විස්තරේ විතරක් මට දැන් විසි පාරකට වඩා කියල ඇති.”\u003Cbr \/\u003E“පව් අහිංසකයා” බිරිඳ කියයි.\u003Cbr \/\u003E“තමන් මිනිහෙක්ව මරල දාපු කතන්දරේ හැමදාමත් තියන මනුස්සයා අහිංසකයෙක් වෙන්නෙ කොහොමද ඩාලිං. \u003Cbr \/\u003Eමිනිහා ‍කොච්චර නරක මනුස්සයෙක් වෙන්න ඕනද ඔය කතාව පුන පුනා කියන්නෙ. මං හිතුවෙ මං ඒ වගේ මිනිහෙක්ම මඟ අරිනවට ඔයා කැමති වෙයි කියලා.”\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cb\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003Eයුද්ධය පසුබිම් කරගෙන තැණුනු සිංහල චිත්‍රපටියක් මාතර සිනමා ශාලාවක ප්‍රදර්ශනය වෙයි. චිත්‍රපටිය අවසානයේ ත්‍රස්තවාදියා හමුදාවට කොටු වී කර කියා ගන්නට දෙයක් නොමැතිව වට පිට බලයි. සිනමා ලෝලියෝ උඩට ගත් හුස්ම පහලට නොගෙන කුමකින් කුමක් සිදුවේදැයි බලා සිටිති. අවසානයේ ත්‍රස්තවාදිය හමුදාවට හසු නොවී‍ බෙල්ලේ එල්ලා තිබූ සයනයිඩ් කරල කා මිය යයි. සිනමා ලෝලියෝ සිය අසුන් වලින් නැගිට සිට අත්පුටි ගසයි. සමහරු කටට ඇඟිලි දමා විසිල් කරති.\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/b\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cb\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003Eවිනෝද ගමන යන බසය නතර කර ඉන් පැමිණි විශ්ව විද්‍යාල සිසු පිරිස බසිති. ඔවුහු පාර අයිනේ ඉදි කර ඇති කුළුනක් නරඹන්නට වෙති. සමහරු එය පසුබිමට ගෙන ඡායාරූප වලට පෙනී සිටිති. “අවුරුදු විසි පහකට කලින් මෙතන මහා යුද්ධ භූමියක් වෙලයි තිබුණේ.” ඉතිහාසය මහාචාර්යවරයා සිය සිසුන්ට විස්තර කරයි. “හමුදාවෙ තිස්දාහක් විතර අන්තිම කැරළිකාරයො තුන්සීය විතර වටකරගෙන හිටියා කියන්නෙ මෙතනයි.”\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/b\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cb\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cbr \/\u003E“තිස්දාහක් එක්ක තුන්සීයක්?” සරසවි සිසු සිසුවියෝ විශ්මය පළකරති. “ඒක අමන සටනක්නෙ!” “ඒ අන්තිම තුන්සීයෙ එක්කෙනෙක් අන්තිම හුස්ම යන්න කලින් හමුදා සෙබළෙකුට අන්තිමට කියපු කතාව ඒ සෙබලාගෙන්ම ඒ කාලෙ මට අහන්න ලැබුණා.” මහාචාර්යවරයා කියා සිටියි. “මිනිහ කිව්වලු තව අවුරුදු විසි පහක් ගියාම තොපේ එවුන්ට වීරයො වෙන්‍නෙ අපි වෙන්නත් බැරි නෑ බොලව් කියලා.”\u003Cbr \/\u003Eකරුණාකර මේ මානිගෙ තීරුව සුරැකිව තබාගෙන අවුරුදු විසි පහකට පසු එය නැවත කියවා බලන්න. මා අද ලියූ දේ ගැන එදාට ඔබට කියන්නට දෙයක් තිබුණොත් එය මගේ පුතාට ලියා එවන්න.\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/b\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003Cbr \/\u003Eඋපුටා ගැනීම අවසන්ය.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003Eමානි යෝජනා කරන්නේ අවුරුදු විසි පහකට පසුව මෙය කියවා බලන ලෙසය. මම යෝජනා කරන්නේ හත් වන යුධ සමරුව සමරපු 2016 මැයි 19 වන දායින් පසු ඕනෑම දිනක මෙය නැවත කියවා බැලිය යුතු බවය.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003Eමෙම ආණ්ඩුව ගෙන යනු ලබන සංහිඳියාව ඇත්තටම හොඳය. පවුලක උනත් සංහිඳියාවක් නැති වුණාම ගෙදර ගෑණි කොස්ස ගන්න කොට මිහිනා ගන්නෙ උදැල්ලය. මේ ආණ්ඩුව කතාකරන සංහිඳියාවත් හොඳ වෙන්නේ දෙපැත්තම එක වගේ හිතනවා නම් ය. මෙතන නොවෙන්නෙත් ඔය දේමය.\u003Cbr \/\u003Eපාර්ලිමේන්තුවේදී එස්. බී. දිසානායක ඇමතිතුමා විජයකලා මහේෂ්වරී ඇමතිතුමාගෙන්, ඔබේ මිනිහ මරපු ප්‍රභාකරන් ජාතික වීරයෙක් වෙන්නේ කොහොමද කියා අහන්නේ මෙන්න මේ නිසාය. ආණ්ඩුව විසින් දකුණේ මිනිස්සුන්ට පුන පුනා කියන්නේ එකම එක දෙයකි. ඒ මේ යුද්ධය තමන්ගේම සහෝදර ජනතාවකට එරෙහිම කරපු එකක් කියාය. අන්න ඒ නිසා මේකේ සැමරුමක් අවශ්‍ය නෑ කියාය. හැබැයි කරුමෙට උතුරේ පාර්ලිමේන්තු නියෝජිතයින් තමන්ගේ පරාජය වෙනුවෙන් කරන්නේ පහන් පත්තු කරන එකය.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003Eඅපි කියන්නේ පට්ට ලොකු කතාය. උදාහරණයට ගන්නේ දකුණු අප්‍රිකානු සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසන් සභා වාර්ථාය. හැබැයි සංහිඳියාව හදන්න කියා මේ ‍විදියට නිවට විදියට ඉන්න ගියොත් හෙට අනිද්දා වෙන්නේ අර සිල් ගත්ත නයාට වෙච්ච දේය. එහෙම වු‍ණොත් අන්තිමට වෙන්නේ දර මිටිය බැඳීමට නොව ඉන පටිය බැඳීමට අපිව ගන්න එකය. සංහිඳියාවට කැපකිරීම් අවශ්‍ය වෙන්නේ දෙපැත්තෙන්මය. උතුරේ කඳවුරු වලට බලෙන් ඇතුළු වී ඇතිකරන්න පුළුවන් සංහිඳියාවක් නැත. මේ සංහිඳියාව සම්බන්ධයෙන් මීට පෙරද උදාහරණ ඇත. 2005- 2006 සාම සාකච්ඡා තුලදී ද තිබුණේ මේ වගේ ඒක පාර්ශවීය සංහිඳියාවක්ය. තව දුරටත් අවශ්‍ය නොවන්නේ අන්න ඒ වගේ එකඟතාවයන්ය.\u003Cbr \/\u003Eමේ දේවල් නැවත වතාවක් සිතා බැලිය යුත්තේ මෙන්න මේ නිසාය. නම්‍යශීලී විය යුතුය. හැබැයි නම්‍යශීලී වෙන්න කියා දෙකට නැමිය යුතු නැත. මේ නැවෙන විදියට නැවෙන්න ගියොත් ඉස්සෙල්ලාම නැති වෙන්නේ පස්ස පැත්තය. ඊට පස්සේ නැති වෙන්නේ රටේ ‍කොන්දය.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003Eසැ.යු:- මේ මොහොතේ ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට සැපත්වී සිටින ශ්‍රී ශ්‍රී රවි ශන්කර් පූජකතුමාගේ වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට සංහිඳියාව පිළිබඳව තවදුරටත් විස්තර ලබාගත හැකිය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E-යුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E(Like us on facebook)\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/1789453107893839200\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/06\/SRISHANKAR.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1789453107893839200"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1789453107893839200"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/06\/SRISHANKAR.html","title":"සංහිඳියා නාමයෙන් නිවටවීම නොහොත් ඉණ පටියට ගත්ත ණයා"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/2.bp.blogspot.com\/-JP2qbCRmTqI\/V07WtrinhZI\/AAAAAAAABmc\/QjPPAQMsBbQZzJRxlH3Ttav8TXD1coNiACLcB\/s72-c\/pm-ranil-sri-ravi-shankar.png","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5403219140274118944"},"published":{"$t":"2016-03-17T05:45:00.000+05:30"},"updated":{"$t":"2016-04-02T23:49:37.129+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නිර්මල කොතලාවල"}],"title":{"type":"text","$t":"මරේ ..... මරු සුනිල්......"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/1.bp.blogspot.com\/-OztTyWjesU4\/Vunz5VtKLNI\/AAAAAAAABNs\/QDyfVG9CYpAhzDDUEax9ubyItSceCANXw\/s1600\/sunil.png\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"414\" src=\"https:\/\/1.bp.blogspot.com\/-OztTyWjesU4\/Vunz5VtKLNI\/AAAAAAAABNs\/QDyfVG9CYpAhzDDUEax9ubyItSceCANXw\/s640\/sunil.png\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/3.bp.blogspot.com\/-Ggg9x4g2VY8\/Vun0bI7fB5I\/AAAAAAAABNw\/14VSMFtwVbkvRS_bsY-vvDDaHsqovijjQ\/s1600\/sun2.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cbr \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E-නිර්මල කොතලාවල\u003C\/b\u003E\u003C\/span\u003Eසුදු පාට රුලි ගැසුනු ‍කොණ්ඩය, බොර පාට බේබදු ඇස් වගේම අව්‍යාජ සිනාවක් අයිති ජයග්‍රාහී මිනිසා ඔහුය. පසුතැවීම පමණක් ශේෂ වූ විප්ලවයේ අතිත අයිතිය කියාපෑමටදෝ  ඇඳ සිටි රතු පාට කමිසයේ උඩ බොත්තම වෙනදා වගේම අදත් නිදහස්ය. මේක ලියන මමත්, කියවන ඔබත් වැනි සොච්චම් මිනිසුන් අතර පිච්චන් නොවුනු වීරයා පසු කර මම වාඩි උනේ ශාලාව මැද පුටුවකය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ සතියේ තීරු ලිපිය ඔබ අවසානය වනතුරු කියවිය යුතුමය. ඒ ලියන නිර්මල කොතලාවල නිසා නොව ලියා ඇති සුනිල් මාධව වෙනුවෙන්ය. අන්න ඒ සටහනට ඌණ පූර්ණය පටන් ගත්තේ ඇට මැස්සාගෙන්ය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපොතත් - පාරත් අතර මාරුවෙන් මාරුවට රැඳුණු නෙත් මඳකට එක්තැන් වූයේ බසය පැමිණීමත් සමඟය. බම්බලපිටිය පොළිසිය ළගට වී කළුතරට යන්නට බලා සිටි කාලය පැයකට අධිකය. ඉතාලියේ තරුණයින්ගේ අපූරු විප්ලවයත් ඒ අතරතුර ගලා ගිය තරුණ පෙම්වතුන් යුවලකගේ ප්‍රේමයත් සමඟ මම සුගතපාල සිල්වාගේ ඇටමැස්සා එක හුස්මට බාගයකට වඩා ගෙවුණු කාලය තුල කියවා අවසන්ය. මේ ලියන්නේ අසූව ගණන් වල අවසාන හරියේ වෙච්ච දෙයක් ගැනය. ඒ කියන්නේ තැනින් තැන දළ රැවුළ වැවුණු කාලයේ වෙච්ච දෙයක් ගැනය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවාඩි වෙන්න අසුනක් නොමැති බසයේ මම නතර වූ තැන් සිට ඇට මැස්සා කියවන්න ගත්තේ හිටගෙනය. ඒ රියදුරු අසුන ලඟම ඇති යකඩ පොල්ලට පිට තියා ගෙනය. පිටු තුන හතරකට වඩා කියවන්න වුනේ නැත. බසය එක පාරටම වැල්ලවත්ත පොළිසිය ඉදිරිපිට නැවැත්විය. බසයෙන් බැස්ස ඇල්පිටිය - කොළඹ ලංගම බසයේ රියදුරු දිව්වේ පොළිසියටය. පොත කියවිල්ල පැත්තකින් තබා මම බලා සිටියේ වෙන්න යන්නේ කුමක්ද කියාය. \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Ctable cellpadding=\"0\" cellspacing=\"0\" class=\"tr-caption-container\" style=\"float: left; margin-right: 1em; text-align: left;\"\u003E\u003Ctbody\u003E\n\u003Ctr\u003E\u003Ctd style=\"text-align: center;\"\u003E\u003Ca href=\"https:\/\/3.bp.blogspot.com\/-Ggg9x4g2VY8\/Vun0bI7fB5I\/AAAAAAAABNw\/14VSMFtwVbkvRS_bsY-vvDDaHsqovijjQ\/s1600\/sun2.jpg\" style=\"clear: left; margin-bottom: 1em; margin-left: auto; margin-right: auto;\"\u003E\u003Cimg border=\"0\" height=\"400\" src=\"https:\/\/3.bp.blogspot.com\/-Ggg9x4g2VY8\/Vun0bI7fB5I\/AAAAAAAABNw\/14VSMFtwVbkvRS_bsY-vvDDaHsqovijjQ\/s400\/sun2.jpg\" width=\"307\" \/\u003E\u003C\/a\u003E\u003C\/td\u003E\u003C\/tr\u003E\n\u003Ctr\u003E\u003Ctd class=\"tr-caption\" style=\"text-align: center;\"\u003EUNP උණ්ඩය හමුවේ දණ නොනැමූ සුනිල්..\u003C\/td\u003E\u003C\/tr\u003E\n\u003C\/tbody\u003E\u003C\/table\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E‍“සර් මෙන්න මිනිහා ....? පොළිසියට ගියපු රියදුරු කෑගහගෙන ආවේ එය ඇතුලේ ඉඳන්මය. තඩි මහත කොස්තාපල් මාව බෙල්ලෙන් අල්ලාගෙන කුදලාගෙන ගියේ පොළිසියටය. රියදුරාට අනුව චෝදනාව කියවපු පොතය. ඇතුලේ තිබ්බ දේවල් වලටත් වඩා හේතුව පිට කවරයේ තිබ්බ ෆොටෝ එකය. ඒ ලොකුවට පේන්න තියෙන තුවක්කුව හා නොපෙනෙන රෝස මලය. එදා පොළිසියට දස අතේ දේවල් කියා බේරී ආවේ අම්මාගේ වාසනාවටය. \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඔය අතීතයේ හැටිය. සුනිල් මාධවලා වීරයින් වන්නේ අන්න ඒ අතීතයට අයිති සැබෑ මිනිසුන් නිසාය. පැවැති පාලන ක්‍රමවේදයට කොන්ද කෙලින් තියාගෙන අභියෝග කරපු නිසාය. යම් දිනක පාලකයින්ගේ අනුහසින් ධර්මචක්‍රයේ කැරකෙන්න වෙන බව දැන දැන, ටයර් සෑ මත මහ මඟ බල්ලන් බළලුන් මෙන් මැරී දැවෙන්නට වෙන බව දැන දැන ලියපු නිසා ය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඒ කාලයේ කළුතර ටවුමෙන් බැස පත්තරයක් ගන්න යන්නේ ස්ටේෂන් පාර දිගේය. උඩු රැවුලක් වවා ගත් අවුරුදු හතලිකට වඩා වයස නැති පත්තර මුදලාලි අපිට ඕන පත්තරය දෙන්නේ වෙනත් පත්තරයක යටින් තියලාය. අපි කරන්නේ අන්න එහෙම දුන්න ත්‍රිශූලය, යුක්තිය වගේම ලක්දිව පත්තරයත් තුනට හතරට නවා යට ඇඳුම අස්සේ ගසා ගෙන ගෙදර එන එකය. අන්න එහෙම හොර රහසේ ගමට එන පත්තරය ඊට පහුවෙනිදා සිට යන්නේ ගම වටේය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙන්න මෙතනදී කියවන අපට තිබුණු උවමනාවට වඩා වැදගත් ‍වන්නේ ලියන උදවියගේ තිබුණු නිර්භීතකමය. මම අර මුළින් කියපු ස්ටේෂන් පාරේ පත්තර මුදලාලිට වෙඩි තබා තිබ්බේ ඔළුවටය. එතකොට උපන්ගෙයි යූඇන්පීකාරයෙක් උන දොඩන්ගොඩ පත්තර කඩේ සිරිසේන මහත්තයාට වෙඩි තිබ්බේ පත්තර විකිණීමේ වරදටය. \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Ctable cellpadding=\"0\" cellspacing=\"0\" class=\"tr-caption-container\" style=\"float: left; margin-right: 1em; text-align: left;\"\u003E\u003Ctbody\u003E\n\u003Ctr\u003E\u003Ctd style=\"text-align: center;\"\u003E\u003Ca href=\"https:\/\/1.bp.blogspot.com\/-cWXQowDWwek\/Vun1SpsvAHI\/AAAAAAAABOA\/mIDK7I9Rxq8fAIhSHUjwuNO_5mDN9OfIw\/s1600\/sun4.jpg\" style=\"clear: left; margin-bottom: 1em; margin-left: auto; margin-right: auto;\"\u003E\u003Cimg border=\"0\" height=\"277\" src=\"https:\/\/1.bp.blogspot.com\/-cWXQowDWwek\/Vun1SpsvAHI\/AAAAAAAABOA\/mIDK7I9Rxq8fAIhSHUjwuNO_5mDN9OfIw\/s400\/sun4.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/td\u003E\u003C\/tr\u003E\n\u003Ctr\u003E\u003Ctd class=\"tr-caption\" style=\"text-align: center;\"\u003Eඩලස් , විමල් ලා සමග උනිල් එදා\u003C\/td\u003E\u003C\/tr\u003E\n\u003C\/tbody\u003E\u003C\/table\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eලෙනින්ට විප්ලව කරන්න රුසියාවේ මිනිසුන්ගේ මොළය හැදුවේ මැක්සිම් ගෝර්කිලා, අයිත්මාතව්ලා සහ දොස්ත්‍රෝස්කිලාය. පැවැති 89 භීෂණකාරී ආණ්ඩුව පෙරලා දමන්න ලාංකීය නිදි වැදුණු මිනිසුන්ගේ මොරාල් හැදුවේ සුනිල් මාධව, වික්ටර් අයිවන්, සුනන්ද දේශප්‍රිය, ඩලස් අලහප්පෙරුම, රෝහිත භාෂන, විමල් වීරවංශ ඇතුළු පිරිසය. මේ හැමදේම කරපු සුනිල් තමන් නොමැරී ජීවත් වීම ගැන මාර කතාවක් කියන්නේ 2010 මැයි 30 වැනිදා සිළුමිනටය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E“....... ඉස්සර ප්‍රේමදාස මහත්තයා කොල්ලා කාලේ සිළුමිණ පත්තරේට එනවා ලියපු කවි වල සල්ලි අරගෙන යන්න. මගේ තාත්තා තමයි ඒ වෙලාවට උදව් කරලා තියෙන්නේ. සමහර වෙලාවට මීමනගේ පුතා හින්දා මගේ ජීවිතය බේරුනා කියලා මට හිතෙනවා. ........” \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eස්ථිර ප්‍රතිපත්තියක් නැති නිසාම සුනන්ද දේශප්‍රියලාගේ, වික්ටර් අයිවන්ලාගේ වීරත්වය නිකන්ම දිය වී ගියේය. ඩලස්ලා විමල්ලා දේශපාලනයට එකතු විය. අවසා‍නයේ මාධ්‍ය ලෝකයේ අතීත වීරයන්ගෙන් නොමැරී සිටියේ ‍මෙන්න මේ සුනිල්ය. අනික සුනිල් වර්තමානයට වැදගත් වෙන්නේ මෙන්න මේ නිසාය. ඔය සුනිල් කඩේ ගියේ ජනතා විමුක්ති පෙරමුණටය. ඒ සමාජවාදයක් මේ රටේ ගොඩනඟන්නටය. හැබැයි ජනතා විමුක්ති පෙරමුණට ඕ\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eන\u003C\/span\u003E වෙලා තිබ්බේ මේ රටේ එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ ධනවාදයක් ගොඩනඟන්නටය. ඔය දේ සුනිල් මාධවට මේ මොහොතේ තේරෙන්නේ නැත. තේරුම් ගන්න උත්සාහ ගන්නේත් නැත. සුනිල් මාධව ගැන ලියන ජයවිලාල් රෝහණ නම් සොයුරු විද්වතා ඔයදේම කියන්නේ මෙන්න මෙහෙමය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eදැන් වීප්ලවීය පක්‍ෂවලට සුනිල් වැන්නවුන් උවමනා නැත. ආයෙත් දවසක අන්ත කඩා වැටීමකට පත් වි ඔවුන් “සුනිල් අයියා” සොයා ගෙන එනු ඇත. එවිට ඔහු මෙසේ කියනු ඇත. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E“පව්... මල්ලී ... මචං උන්‍ දුකේ ඉන්නේ... ” [ඇස් වේගයෙන් ඇරෙයි, වැහෙයි] “මට කතා කළා ... ආයෙත්. මේ වෙලාවේ උදව් කරන්න එපායැ. අපි නගිමු වේදිකාවට. නැගල මේ සූරා කෑමට විරුද්ධ හඩ නගමු. ” \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eජයවිලාල්ගේ උපුටා ගැනීම අවසන්ය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසුනිල්, සරත්, සමන් කියා මැණික් තුනක් තිබුනේ මීමන ප්‍රේමතිලකටය. මගේ පුතා රවිඳුය. තාත්තා කෙනෙක් විධියට මතු යම් දවසක මේ රටේ මිනිස්සු නිර්මල කොතලාවලගේ පුතා තමයි ඔය රවිඳු කියන්නේ කියා හඳුන්වනවාට මම කැමති නැත. ඇත්තටම මම කැමති රවිඳු කොතලාවලගේ තාත්තා නිර්මල කියා හඳුන්වා දෙන එකටය. විනයක් ඇතිව හොඳට උගන්වන්නේ අන්න ඒකටය. මීමනගේ පුතා උන සුනිල් මාධව ගැනත් කියන්න වෙන්නේ අන්න ඒ ටිකය. අද රටේ මිනිස්සු සුනිල් හඳුන්වා දෙන්නේ සුනිල්ගේ තාත්තා මීමන ලෙසය. සුනිල් වැනි දරුවකු වැදූ ජීවත්ව සිටින අම්මාට සතුටු වෙන්න ඔය කාරණාවත් හොඳටම ඇතිය. \u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"https:\/\/4.bp.blogspot.com\/-iFgDTWUQNgc\/Vun1-n9YKVI\/AAAAAAAABOI\/vVxqeS_QLugAruYuzRHoekKPtL81vSdfg\/s1600\/sun3.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"640\" src=\"https:\/\/4.bp.blogspot.com\/-iFgDTWUQNgc\/Vun1-n9YKVI\/AAAAAAAABOI\/vVxqeS_QLugAruYuzRHoekKPtL81vSdfg\/s640\/sun3.jpg\" width=\"451\" \/\u003E\u003C\/a\u003Eචූලානන්ද සමරනායක කියන විදියට සුනිල් මාධව හිමි කර ගත් දේට වඩා පසුගිය පනස් වසර තුල අහිමි කර ගත් දේ බොහෝය. හැබැයි මොන දේ අහිමි කර ගත්තත් මේ රටේ තාමත් මිනිසුන්ගේ හදවත් තුල ජීවත්වෙන මාධ්‍යවේදියා සුනිල්ය. හොඳම උදාහරණය ඔය සුනිල් ගැන අහන්න ගිය ඉරිදා කතා කරපු සුනිල්ය. නාගොඩ මහා විද්‍යාලයේ උගන්වන සුනිල් සර් මට කතා කර ඇසුවේ සුනිල් මාධවගේ වැඩේට ගියාද කියලාය. ඊට පස්සේ කිව්වේ මම ගෙනාපු නොනිමි ජීවිත කතාව කියවන්න දෙන්න පුළුවන්ද කියලාය. සුනිල් මාධවගේ පුතා එක්ක එකම පන්තියේ ඉගෙන ගන්න මගේ පුතා ඔය පොත කට පාඩම් වන තුරු මේ දවස් වල කියවන නිසා මම කිව්වේ ලබන සතියේදී දෙන්නම් කියලාය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eබලන් ගියාම අපට කැමති අකමැති සියළුදෙනාම සුනිල්ට කැමතිය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E(Like us on facebook)\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/5403219140274118944\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/03\/SunilMAdhawa.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5403219140274118944"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5403219140274118944"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/03\/SunilMAdhawa.html","title":"මරේ ..... මරු සුනිල්......"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/1.bp.blogspot.com\/-OztTyWjesU4\/Vunz5VtKLNI\/AAAAAAAABNs\/QDyfVG9CYpAhzDDUEax9ubyItSceCANXw\/s72-c\/sunil.png","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4680712180786295817"},"published":{"$t":"2016-01-05T21:56:00.000+05:30"},"updated":{"$t":"2016-01-07T23:04:44.678+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නිර්මල කොතලාවල"}],"title":{"type":"text","$t":" 'තනපට අහසට' යද්දී වීරයන්ට තමන් වීරයන් බව අමතක වීම "},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-i00T054rtFk\/VovubcQ5N4I\/AAAAAAAAAow\/qfDNVuSm0UQ\/s1600\/thanapata.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"426\" src=\"http:\/\/1.bp.blogspot.com\/-i00T054rtFk\/VovubcQ5N4I\/AAAAAAAAAow\/qfDNVuSm0UQ\/s640\/thanapata.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E\u003Cu\u003Eඅරගලයට අවෘතයි සංවාදයට විවෘතයි \u003C\/u\u003E\u003C\/b\u003E\u003Cbr \/\u003Eගමේ ගොඩේ බෝලෙට රිදෙන්න බැට් එකෙන්  ගහපු මම කොළඹ නාලන්දයට ගිහින් ගැහුවේ ෆුට්බෝල් ය. ඒ ක්‍රිකට් ගහන්න බැරි කම නොව ස්කූල් ටීම් එකේ ඇතුලට රිංගගන්න තිබුණ තරඟයට මුහුණ දෙන්න බැරිකමය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඋදා වූ අවුරුද්දේ ඉස් ඉස්සෙල්ලාම ක්‍රිකට් වලින් පටන් ගත්තේ මෙතැන් සිට දිගටම ක්‍රිකට් ගැන ලියන නිසාය. නන්දා මාලනියන් හා අපි ගහන ක්‍රිකට් අතර කොහෙත්ම සම්බන්ධයක් නැති උනත් මේ මො‍හොතේ එතුමිය කියන දේ හරියටම ගැලපෙන්නේ ක්‍රිකට් වලටය. ක්‍රිකට් ගහපු සංගක්කාරටය. \u003Cbr \/\u003E                                                \u003Cbr \/\u003Eපූජාසනයේ ඔබ හිඳුවා\u003Cbr \/\u003E                                                ඔබට පුදන මේ ලෝකයමයි හෙට\u003Cbr \/\u003E                                                ඔබට එරෙහි වී නැගිටින්නේ\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eබටහිර රටවල් වල ගැහැණු උදවිය තන පට නැතිව වැඩට යන්නේ ජූලි 9 වැනි දා ය. ඒ World no bra day සමරන්නටය. එංගලන්තයේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැති නිසා. තවදුරටත් ඔය යට ඇඳුම් ගැන ලිවීමෙන් ඇති වැඩක් නැත. ඒ වගේම ඇමරිකාවේ ඉඳන් ඇවිල්ලා ලංකාවේ සිංදු කියලා ගියපු එන්රික් ගැන ලිවීමෙන් ද පලක් නැත. ඕවා සේරම ගිය අවුරුද්දට අයිති පරණ කතාය. \u003Cbr \/\u003Eලියන්න ඕනේ මේ අවුරුද්දට අවශ්‍ය කතාය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකතාව පටන් ගන්නේ අර්ජුනගෙන්ය.\u003Cbr \/\u003Eඅර්ජුනට අර්ජුන වීරයෙක් නොවුනාට මේ රටේම මිනිස්සුන්ට අර්ජුන කියන්නේ වීරයෙක් ය. අඩුම වයසින් ලංකාවේ මුල්ම අර්ධ ශතකය රැස් කලේ අර්ජුනය. මුරලිදරන් බේරා ගැනීමට ඕස්ට්‍රේලියාවේ විනිසුරුට ඇඟිල්ල දික් කර තර්ජනය කලේත් අර්ජුනය. මේ අර්ජුන එහෙමත් නැත්නම් කැප්ටන් කූල් ක්‍රිකට් ගැහුවේ ලංකාව වෙනුවෙන් ය. 96 දී ජයග්‍රාහී ලකුණ ගසා ලෝක කුසලානය ලංකාවට ගෙනපු විදිය හැමෝටම මතකය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eහැබැයි මේ කිසිම දෙයක් අර්ජුනට මතක නැත. තමන් වීරයෙක් බව අර්ජුනට මතක නම් අර්ජුන කිසි දා දේශපාලනයට එන්නේත් නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඇවිත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණට යන්නේ නැත. අවසානයේ එක්සත් ජාතික පක්ෂයට යන්නේ ද නැත. මේ හැම දේම උනේ අර්ජුන තමන් වීරයෙක් බව නොදන්නා නිසාය. අර්ජුන තමන් වීරයෙක් බව දන්නවා නම් වරාය ඇමතිකමේ ඉන්න ගමන්ම ඔය විදියට ක්‍රිකට් පාලක මණ්ඩලයේ තනතුරු පස්සේ යන්නේ ද නැත. ඇවිත් පරාද වී පජාත පන්නේද නැත. ඒ වගේම රටේම මිනිස්සු එපා කියද්දී ඔහු තමන්ගේ සහෝදරයා වරාය සභාපතිකමට ගන්නේද නැත. කරුමෙට ඔය හැම දේම උනේ අර්ජුනට අර්ජුනගේ වටිනාකම නොතේරෙන නිසාය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eතමන්ගේ සැබෑ වටිනාකම නොතේරෙන ඊලඟ ක්‍රිකට් ක්‍රීඩකයා මාස්ටර් බ්ලාස්ටර්ය. එහෙමත් නැත්නම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය ය. අපිටත් ක්‍රිකට් එපා වෙච්ච කාලයක ක්‍රිකට් ඕන කලේ මේ සනත්ය. නහින දෙහින කාලේ හිටපු අත්ත මුත්ත පවා රූපවාහිනිය වටේ එකතු උනේ මාතර ඉඳන් ආපු ජයසූරිය කොලූගේ ගැහිල්ල බලන්නය. ජයසූරිය ගැහුවොත් මැච් එක දිනුම් ය. ඒකට හොඳම උදාහරණය ජයසූරියගේ තරඟ වාර්තාය. එක්දින තරඟ 445ක් ගහපු ජයසූරිය ඉන් තරඟ 45 කම මෑන් ඔෆ් ද මැච් ය. හැබැයි මෙච්චර දක්ෂතා තිබුණ ජයසූරියටත් තමන් දක්ෂයෙක් බව තේරුම් ගියේ නැත. ඔහු ගල් පිලිමයක් බව නොදැන බොල් පිළිමයක් ලෙස හැසිරුනේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eජයසූරිය කරපු මුල්ම වරද දේශපාලනය කිරීමය. දෙවැනි වරද එකම දේශපාලන ප්‍රතිපත්තියක එක දිගටම රැඳී සිටීමට උත්සාහ නොකිරීමය. මහින්ද මහත්තයාගේ කාලේ තැපැල් නියෝජ්‍ය ඇමති අවසානයේ ගිය මැතිවරණයේදී අත්වැල් බැඳගත්තේ සාගල රත්නායක ඇමතිතුමා සමඟය. මේ රටේ සුවහසක් මිනිසුන්ගේ අසාහාය වීරයා දේශපාලනයක් නිසා මියයන බව වීරයා නොදැන සිටියේය. හැබැයි වීරයා මිය ගියේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසනත් ටෙරාන් ජයසූරියත් එක්ක මාගේ හිතවත්කම් වැඩි උනේ පාර්ලිමේන්තුවේදීය. අපි අතර තිබුණ ඒ හිතවත් කම් කිසි දා නැතිවෙන්නේ නැත. ඒත් මේ දේවල් ලියන්නේ මිනිස්සු හිතන විදිය ගැනය. නිර්මල කොතලාවල ගැන දන්නේ ගෙදර ඉන්න ගෑණු මනුස්සයයි ලමයි දෙන්නයි ඇරුණු කොට රටේ ඉන්න කිහිප දෙනෙක් විතරය. හැබැයි මීට කලින් ලියපු අර්ජුන රණතුංග එසේ නැත. ඊට පසුව ලියපු සනත් ජයසූරියත් එසේ නැත. එසේම මීට පසුව ලියන මහේල හා සංගක්කාරද මේ රටේම මිනිස්සු හඳුනන චරිතය. ඔවුන් සැබෑ විරුවන්ය. තමන් වීරයන් බව නොදැන ජීවත් වන වීරයන් ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසංගක්කාර හා මහේල ගැන ක්‍රිකට් දන්න මිනිස්සුන්ට කියා දීමට අවශ්‍ය නැත. 2014 තිබුණ 20-20 ලෝක කුසලානයේ අවසන් තරඟයේ වීරයා සංගක්කාරය. ටෙස්ට් තරඟයක වැඩිම කඩුළු අතර සම්බන්ධය ඇත්තේද මේ මහේල සංගක්කාර සුසංයෝගයටය. දෙදෙනා රැස් කරපු ලකුණු ගණන විතරක් 624 ක් ය. මේ දේවල් ලියන්නේ මහේල සංගක්කාර ගැන නොලියා පසුවට ලියන දේවල් වැඩක් නැති නිසාය.\u003Cbr \/\u003Eසංගක්කාර වීරයෙක් වෙන්නේ මේ රටටම විතරක් නොව ජාත්‍යන්තරයටමය. එදා එංගලන්තයේ කරපු දේශනය අවසානයේ සලිත උනේ අපේ ආණ්ඩුවේ හිටපු මැති ඇමතිවරුය. සංගක්කාර මේ පොලොවේ සැබෑ විරුවන්ය. අන්න ඒ විරුවන් පජාත වෙනවාට මේ රටේ ඔවුන්ට ආදරය කල මිනිස්සු කැමති නැත. ජනාධිපතිතුමා බ්‍රිතාන්‍යයේ තානාපති කම ගන්න කියා කියපු වෙලාවේ අලුයම ලූ කෙල පිඬක් සේ සංගක්කාර එය බැහැර කලේය. මිනිස්සු එතැනදී ගත්තේ සංගක්කාරගේ පැත්තය. නියම කොන්දක් තියෙන මනුස්සයෙක් ලෙස සංගක්කාර මේ පොලොවේ මුල්බැසගත්තේ ඔන්න ඔ‍හොමය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅන්න එහෙම හිටපු සංගක්කාර රුපියල් ශත වලට යට වී තමන්ගේ යුතුකම අමතක කරන කොට මිනිස්සුන්ට හිතෙන්නේ කෝ වීරයා කියාය. එන්රික් සංගීතය සමඟ විකුණන්නේ ලිංගිකත්වය බව සංගක්කාර මීට කලින් නොදැන සිටියා විහ නොහැක. උඩින් ගියපු තන පට හරහා පහල ගියේ සංගක්කාරගේ රැස්ය. මිය යමින් පවතින්නේ අන්න අර සදාතනික වීරත්වයේ සලකුණුය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඇත්තටම කිව්වොත් කුමාර සංගක්කාරටවත්, මහේල ජයවර්ධනටවත් අපි හැමෝම දන්න තරමින් සල්ලි වලින් ඇති අඩුවක් නැත. මේ රටට අවශ්‍ය වෙන්නේ ඔය දෙන්නාගේ දැනුමය. පෞර්ෂත්වයය. එහෙම උනොත් හොඳ වෙන්නේ රටේ අනාගත ක්‍රිකට්ය. අනිත් හැමෝටම නැති පරිපාලක දැනුමක් තියෙන්නේ සංගක්කාරටය. ICC Rank අනුව ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ වල ලංකාව ඉන්නේ අන්තිම හරියේය. ලංකාවට යටින් ඉන්නේ බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ හා බංගලාදේශය විතරය. අන්න දැන් මේ මහත්වරු කරන්න ඕන සල්ලි වලට ගෑණු පිරිම නටවන එක පැත්තකින් තියලා ලංකාවේ ක්‍රිකට් ගොඩනගන එකය. අභියෝගයක්ව පවතින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර බාර ගන්න එකය. ගල් පිලිම බොල් පිලිම නොවී තියෙන්නේ අන්න එතකොටය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවීරයන්ට තමන් වීරයන් බව නැවත නැවතත් මතක් කර දිය යුතු නැත. මේ තර්කය තහනම් උත්තේජක චෝදනාවට ලක් වී සිටින කුසල් ජනිත්ටද අදාළය. අවශ්‍ය වෙන්නේ මේ වීරයන් දෙස රටේම මිනිස්සු බලන් ඉන්න බව තේරුම් ගැනීමය. ඔය දේ අර්ජුන රණතුංගටත්, සනත් ජයසූරියටත් අවසාන වශයෙන් මහේල - සංගක්කාර දෙපලටත් අදාළය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ ලියපු හැම දේම අරගලයට අවෘත වන අතර සංවාදයට විවෘතය. හැබැයි ඒ මා සමඟ නොව ඔබ සමඟය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E-නිර්මල කොතලාවල\u003C\/b\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E(Like us on facebook)\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/4680712180786295817\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/01\/SangakkaraMahela.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4680712180786295817"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4680712180786295817"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/01\/SangakkaraMahela.html","title":" 'තනපට අහසට' යද්දී වීරයන්ට තමන් වීරයන් බව අමතක වීම "}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/1.bp.blogspot.com\/-i00T054rtFk\/VovubcQ5N4I\/AAAAAAAAAow\/qfDNVuSm0UQ\/s72-c\/thanapata.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1257552831071040778"},"published":{"$t":"2015-12-02T22:00:00.001+05:30"},"updated":{"$t":"2015-12-06T08:53:21.201+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නිර්මල කොතලාවල"}],"title":{"type":"text","$t":"දයාබර ‍නොවැම්බර්. "},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-38PSqo1XlcQ\/Vl8cdtsyVMI\/AAAAAAAAAXs\/j3VRWD0gSYQ\/s1600\/nov.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"448\" src=\"http:\/\/4.bp.blogspot.com\/-38PSqo1XlcQ\/Vl8cdtsyVMI\/AAAAAAAAAXs\/j3VRWD0gSYQ\/s640\/nov.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඋතුරින් හමනා සුළගේද ඇත්තේ නිදහසේ සුවඳය. පෙර කිසිම දිනක මෙවැනි සුළඟක් හමා නැත. හුදී ජනයා ඉන්නේ පස්වනක් ප්‍රීතියෙනි. ඔවුහු කති, බොති, නටති, ගයති, වයති. පොළිය නැතිව බැංකුවෙන් බේරාගත් රත්තරන් බඩු අතේ, ගෙලේ, කනේ දමාගෙන යන්නේ උජාරුවෙන්ය. මේ සියල්ල ආණ්ඩුවට පිංසිද්ධ වෙන්නය. \u003Cbr \/\u003Eතවම තුන් මාසයක්වත් නැත. දන්සැල් දොරෙහි යදියෙක් තබා බල්ලෙක්වත් නැත. පුරවැසියන් සියළු දෙනා සල්පිල් වලය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E \u003Cb\u003Eනොමැත ඇසක කඳුලක් \u003Cbr \/\u003E නොවැටුනොත් රොඩු කැබැල්ලක් \u003Cbr \/\u003E දකිනු නොහැක ලේ බිඳුවක් \u003Cbr \/\u003E නොමලොත් මකුණෙක් මදුරුවෙක් \u003C\/b\u003E\u003Cbr \/\u003E \u003Cbr \/\u003Eනන්දා මාලනියන්ගේ සිංදුවට ගැලපෙනම විෂුවල් සොයාගත හැක්කේ වර්තමාන ලංකාවෙන්ය. මළ එකෙක් නැවත ඉපදීමටත්, නොමළ එකෙක් නොමැරී ජීවත් වීමටත් මේ උදාවී ඇත්තේ හොඳම කාලයක්. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපාර්ලිමේන්තුවම නිදාගෙන ඉන්නකොට නොනිදා රවී ඇමතිතුමා ඉදිරිපත් කල අයවැය ගැන මතවාදය යටපත් වී අවසානයේ සමාජගත උනේ අයවැයට කරන සංශෝධන ගැනය. ඔය ප්‍රගතිශීලීත්වයේ උච්චතම අවස්ථාව මීට කලින් දැනගත හැකි උනේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E1906 සැප්තැම්බර් මාසයේ ඉපදුණු ජේ.ආර්. ජයවර්ධන මහත්තයා මිය ගියේ 1996 නොවැම්බර් මාසයේ පලවෙනිදාය. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධන පිට සංශෝධනය කලේ එතුමාය. වරක් ඇමරිකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විකුණන පොත් සාප්පුවකට ගියපු මනුස්සයෙක් ඉල්ලා ඇත්තේ ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව දෙන්න කියාය. පොත් සාප්පුවේ මුදලාලි ගත් කටටම කියා ඇත්තේ මාසික වාර ප්‍රකාශන මෙහි විකිණීමට නැති බවය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඕවා හිනා නොයන දේශපාලනික විහිළුය. උදාවී ඇති දෙසැම්බර් වලට ප්‍රධාන හේතුව අවසන් උන නොවැම්බර්ය. ඒ නිසා මෙතැන් සිට ලියන්නේ අන්න ඒ නොවැම්බර් ගැනය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවෙන කිසිම මාසයක් ගැන නොලියා නොවැම්බර් ගැන ලියන්න හේතු ඕනෑ තරමිය. මලවුන්ගේ මාසය ගැන ලියා ඇත් ඵලක් නැත. එහි ඇත්තේ සාම්ප්‍රදායික ආගමික ගතියකි. දකුණු මුහුදට වැටෙනවා... වැටෙනවා... කියූ එහෙත් නොවැටුණු අභ්‍යාවකා යානා කෑල්ල ගැනද ලියා ඇති වැඩක් නැත. හැබැයි මේ ලියන හැම දේම අයිති නොවැම්බරයටය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනොවැම්බර් කිව්ව සැනින් පොඩි උන්ට මතක් වෙන්‍නේ ලබන මාසේ ඉස්කෝලෙ නිවාඩු කියාය. ලොකු අන්ට ඉස්සෙල්ලාම මතක් වෙන්නේ විජේවීරය. ඊට පස්සේ ප්‍රභාකරන්ය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅද කාලේ ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක මැතිතුමාට වාත අමාරුවක් හැදුනත් ශෝක වෙන්න එක්සත් ජාතික පක්ෂයේ මහත්වරු හිටියත් ඉස්සර රෝහණ විජේවීර මරන්න බොරැල්ල කනත්තට ගෙනාපු වෙලාවේ “මීක්” කියා කියන්නවත් ඔය කිසිම මහත්තයෙක් හිටියේ නැත. පැවති ක්‍රමවේදය වෙනස් කරන්න අරගල කරපු රෝහණ විජේවීරයන් මරා දැම්මේත් මේ නොවැම්බරයේය. ඒ 89 නොවැම්බර් 13 වැනි දා ය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eජනතා විමුක්ති පෙ‍රමුණ රට පුරා පෝස්ටර් ගසා සමරන්නේ අද එකට කන බොන උන් විසින් එදා මරා දැමූ තමන්ගේ නායකයා ය. ඉල්මහ සමරුවට ගහපු පෝස්ටර් වල තියෙන දේවල් කියවන විට තේරුම් යන්නේ නොතේරුම්කමේ සැබෑ දිග පළලය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E සඳ මතක හද බැඳ \u003Cbr \/\u003E ඉල් මහ යලිත් ආ සඳ \u003Cbr \/\u003E කොතරම් දීප්ති ද නුඹ \u003Cbr \/\u003E හෙටද බැබලේ අඳුර විනිවිද \u003Cbr \/\u003E \u003Cbr \/\u003Eදැන් අලුත් ඡේදයක් ය. ශිවාජිලිංගම් ගැන ලියන්න කලින් මහින්ද රාජපක්ෂ මහතා ගැන ලිවිය යුතුය. ඒ නොවැම්බර් ගැන ලියන නිසාය. මහින්ද මහත්තයාගේ 70 වන උපන් දිනය තිබුණේ මේ නොවැම්බරයේය. මහින්ද මහත්තයාගේ උපන් දිනය වැදගත් වෙන්නේ නොවැම්බරයේ ඉපදුණු ප්‍රභාකරන්ගේ විපත කියාය. වැදගත්ම දේ මේ පාර ශිවාජිලිංගම්ට ප්‍රභාකරන් නොමැතිව මහවිරු දිනය සමරන්න සිද්ධ වුණේත් 1945 නොවැම්බර් මස 18 වෙනිදා උපත ලැබූ මහින්ද රාජපක්ෂ මැතිතුමා නිසාය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසීතල නොවැම්බරය උණුසුම් කරන දේවල් ගැන ලියන්න ගියොත් එතැන තියෙන්නේ පරිසර වර්ණනාවක්ය. පරිසරයට අර ඉස්සර අපි පුංචි කාලයේ ඉගෙන ගත්ත නිල් පාට කෙත් වතු වල කතාව වගේය. නිල් පාට කෙත් වතු පොතේ පිටු අතර මිස ගමේ නැති බව තේරුම් ගත්තේ දැනුම් තේරුම් යන කොටය. \u003Cbr \/\u003Eඋතුරු පළාත් සභා මන්ත්‍රී ශිවාජිලිංගම් කුරුණෑගලින් තරඟ කර ඡන්ද 91 ක් ගත්තා කියා කුරුණෑගල එල්.ටී.ටී.ඊ. 91 ක් ඉන්නවා කියා කිසිවෙකු හෝ තේරුම් ගත යුතු නැත. හැබැයි බොහෝ දෙනෙකුට අමතකව තිබූ මහවිරු දිනය අපි හැමෝටම මතක් කර දුන්නේ මෙන්න මේ ප්‍රභාකරන්ගේ මස්සිනා ශිවාජිලිංගම්ය. \u003Cbr \/\u003Eමේ හැම දේම සිද්ධ උනේ ගෙවා අවසන් උනු නොවැම්බරයේය. හැබැයි හැම නොවැම්බරයක්ම ඔය වගේ නැත. ඉතිහාසය වැදගත් වෙන්නේ අනාගතයටය. අන්න ඒ හින්දම ගෙවුණු ඉතිහාසගත නොවැම්බර් වලින්ම මේ සටහන අවසන් වෙනවා. දිගින් දිගටම ලියන්න ඉඩ මදි හින්දා ඉලක්කම් කෙටි වෙනවා. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E· 1984 නොවැම්බර් 30 - කෙන්ට් ෆාම් සමූල ඝාතනය. කුඩා දරුවන් ඇතුළු මිය ගිය \u003Cbr \/\u003Eගණන 30කි. \u003Cbr \/\u003E· 1985 නොවැම්බර් 7 - ත්‍රිකුණාමලය නාමල්වත්ත ගමේ මරා දැමු පිරිස 10 කි. \u003Cbr \/\u003E· 1987 නොවැම්බර් 9 - මරදාන බෝම්බය. සිවිල් වැසියන් 23 දෙනෙකු මිය ගිය \u003Cbr \/\u003Eඅතර තුවාල ලැබූ ගණන 150 කට ආසන්නය. \u003Cbr \/\u003E· 1990 නොවැම්බර් 1 - වැලි ඔය ප්‍රහාරය. \u003Cbr \/\u003E· 1995 නොවැම්බර් 11 - කොම්බඤ්ඤවීදියේ දුම්රිය නැවතුමේ බෝම්බය. මිය ගිය \u003Cbr \/\u003Eගණන 18 කි. \u003Cbr \/\u003E2015 ත් ‍ප්‍රභාකරන් සිටියානම් දයාබර නොවැම්බර් මීට වඩා හුඟක් වෙනස්ය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E-නිර්මල කොතලාවල\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E(Like us on facebook)\u003Cbr \/\u003E\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/1257552831071040778\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/12\/November.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1257552831071040778"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1257552831071040778"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/12\/November.html","title":"දයාබර ‍නොවැම්බර්. "}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/4.bp.blogspot.com\/-38PSqo1XlcQ\/Vl8cdtsyVMI\/AAAAAAAAAXs\/j3VRWD0gSYQ\/s72-c\/nov.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1696273650395503611"},"published":{"$t":"2015-11-17T21:13:00.003+05:30"},"updated":{"$t":"2015-11-19T11:39:09.747+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නිර්මල කොතලාවල"}],"title":{"type":"text","$t":"ලාංකීය හැඳුනුම්පත නැතිවී ඇත."},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-45xQOC42aVA\/VktFn6m8isI\/AAAAAAAAALM\/8KSp-NRJl4Y\/s1600\/mahindIdentity.jpg\" imageanchor=\"1\" style=\"margin-left: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"404\" src=\"http:\/\/1.bp.blogspot.com\/-45xQOC42aVA\/VktFn6m8isI\/AAAAAAAAALM\/8KSp-NRJl4Y\/s640\/mahindIdentity.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාව පිට පිට තුන්වැනි වතාවටත් ලෝකයේ බලවත්ම පුද්ගලයා විදියට රුසියාවේ ජනාධිපති වැලැඩ්මීර් පුටින් නම් කලා. ඒ සඳහා හේතු වුනේ නායකයෙක් විදියට ඔහු රට වෙනුවෙන් ගත් තීරණ බවයි ෆෝබ්ස් සඟරාව ප්‍රකාශ කරන්නේ. බැරක් ඔබාමා,ශුද්ධ වූ ප්‍රැන්සිස් පාප් වහන්සේ වැනි චරිත අභිබවා යමින් ඇත්තටම පුටින් චරිතයක් බවට පත් වන්නේ කෙසේද යන්න හැදෑරීම වැදගත් කාරණාවක්.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවෘත්තියෙන් නීතීඥවරයෙක් වූ පුටින්ගේ සැබෑ දක්ෂතාවය මතු වෙන්නේ රුසියානු ඔත්තු සේවය තුලදී. ඔහු ජර්මනිය තුලදී ඔත්තු සේවා නිලධාරියෙක් ලෙස රට වෙනුවෙන් කොයි තරම් කැප විය යුතුද කියන දේ මනාවට ඔප්පු කරනවා. වැලැඩ්මීර් පුටින් රට වෙනුවෙන් ඒ කැප කිරීම දේශපාලනයටත් අවසානයේ ආදේශ කරනවා. රුසියාවේ ජනතාව මේ කාර්යශූර බුද්ධ අංශ නිලධාරියා 2000 මැයි මාසේ 07 වැනි දා පලමු වරට ජනාධිපතිධූරට පත් කරනවා. අනතුරුව 2004 දීත් නැවතත් තමන්ගේ රට වෙනුවෙන් අභීතව තීන්දු තීරණ ගත් ජනතා නායකයාව නැවතත් රුසියානු වැසියන් ජනාදිපති පුටුවේ වාඩි කලා. ඊට පස්සේ පුටින්ගේ ගමනට හරස් වෙන්නේ රුසියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒ පිට පිට තුන් වතාවක් ජනාධිපති ධූරයට පත් වෙන්න බැහැ කියන කතාව. \u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-Vc21prS6BtY\/VktK_QliwSI\/AAAAAAAAALw\/0i5O4Wf9-z0\/s1600\/chur.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003C\/a\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E2008 දී තාවකාලිකව ජනාධිපතිධූරටය සමු දෙන පුටින් 2012 දී නැවතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. ඇමරිකාව ඇතුළු බටහිර රටවල් රුසියානු අසහාය නායකයාට විරුද්ධව අත්වැල් බැඳගන්නවා. හැබැයි අවසානයේ 63.71% කියා දැවැන්ත ඡන්ද ප්‍රතිශතයකින් වැලැඩ්මීර් පුටින් තුවන් වැනි වතාවටත් රුසියාවේ ජනාධිපතිධූරයට පත් වෙනවා. \u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-rWA2azSH67c\/VktJqqZZAII\/AAAAAAAAALY\/5NmHjwguHdY\/s1600\/putins-judo-dominance-in-9-gifs.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"240\" src=\"http:\/\/4.bp.blogspot.com\/-rWA2azSH67c\/VktJqqZZAII\/AAAAAAAAALY\/5NmHjwguHdY\/s320\/putins-judo-dominance-in-9-gifs.jpg\" width=\"320\" \/\u003E\u003C\/a\u003Eතවමත් විනෝදාංශයට ජූඩෝ ක්‍රීඩා කරන මේ හැටතුන් හැවිරිදි ජනාධිපතිවරයා නැතිවී ගිය රුසියාවේ අභිමානය නැවතත් ලෝකයාට ඔප්පු කල නායකයෙක්. හොඳම උදාහරණය තමයි ISIS ත්‍රස්තවාදීන්ට විරුද්ධව පුටින් දියත් කරපු මෙහෙයුම. ඇමරිකාවේ බැරැක් ඔබාමාවත් හිතුවේ නැති මොහොතක පුටින් ක්‍රියාත්මක වෙනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅවසානයේ වැලැඩ්මීර් පුටින් රුසියාවේ අනන්‍යතාවය බවට පත් වෙනවා. එහෙමත් නැත්නම් රුසියාව නැමති රටේ හැඳුනුම්පත බවට මෙන්න මේ පුටින් පත් වෙනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ වගේ නායකයින් ලෝකය පුරාවට ඉන්නේ සීමිත ප්‍රමාණයක්. චී මිං කියන්නේ වියට්නාම් භාෂාවෙන් ආලෝකය රැගෙන එන්නා කියන තේරුම. වචනයේ පරිසමාප්තියෙන්ම වියට්නාමයට ආලෝකය රැගෙන ආපු නා‍යකයෙක් තමයි හෝ චී මිං. 1890 දී හෝ චී මිං උපදිනකොටත් වියට්නාමයේ අධිපත්‍යය තහවුරු කරගෙන හිටියේ ප්‍රංශ හමුදාව. හෝ චී මිං එහෙමත් නැත්නම් විප්ලවයේදී හෝ මාමා 1954 දී ප්‍රංශ හමුදාව අන්ත ලෙස පරාජය කරනවා. සිරුරෙන් කුඩා චිත්ත ධෛර්යයෙන් විශාල මේ අපූරු මිනිසා වියට්නාම් මිනිස්සුන්ට යුද්ධය සඳහා අවශ්‍ය ධෛර්යය සපයනවා. ඔහු විසින් ආරම්භ කල වියට්මින් නැමති සංවිධානයට වියට්නාමයේ සියළු දෙනා කොන්දේසි විරහිතව සහාය දෙනවා. ගරිල්ලා යුද්ධයට යන්න බැරි ගැහැණු තමන්ගේ සැමියාව බලෙන් හෝ චී මිං ගේ හමුදාවට යවනවා. ඒ ගැහැණුන් හමුදාවට අවශ්‍ය කෑම බීම හදලා දෙන්න ඉදිරිපත් වෙනවා. රටට අවශ්‍ය නායකත්වය හෝ චී මිං ලබා දෙනවා. අවසානයේ 1954 දී ප්‍රංශයත් 1975 දී ඇමරිකාවත් මේ කුඩා වියට්නාමය ඉදිරියේ පරාජය වෙනවා.\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-p2Vqo97gkEQ\/VktKA7L6E-I\/AAAAAAAAALg\/Q47gsJ3E7mM\/s1600\/hochiminh1.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"222\" src=\"http:\/\/1.bp.blogspot.com\/-p2Vqo97gkEQ\/VktKA7L6E-I\/AAAAAAAAALg\/Q47gsJ3E7mM\/s320\/hochiminh1.jpg\" width=\"320\" \/\u003E\u003C\/a\u003Eහෝ චී මිං කියන අපූරු නායකයාට අදටත් වියට්නාම් වැසියන් සලකන්නේ දේවත්වයෙන්.ප්‍රංශ හා ඇමරිකානු ආක්‍රමණ හේතුවෙන් යටත් විජිතයක් වීමට ගිය රටක් ස්වාධීන නිවහල් රටක් බවට පත් කල මේ මිනිසා නිසා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅවසානයේති හෝ චී මිං පවා වියට්නාමය කියන කුඩා රට ලෝක ඉතිහාසයේ අමරණීය බවට පත් කරලා 1969 සැප්තැම්බර් දෙවැනිදා ජීවිත ගමනින් සමුගත්තා. හැබැයි ඔහු මැරුණත් තවමත් මේ වීරයාගේ සොහොන් ක‍ොත බලන්නත් මිනිස්සු ලක්ෂ ගණන් අවුරුද්ද පුරාවට එනවා. ඔවුන් රතු මලක් ස්මාරකය ඉදිරියේ තබලා ‍හෝ චී මිං කියන මිනිසාගේ ධෛර්යයට අගයක් ලබා දෙනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉස්සෙල්ලාම ලියපු රුසියාවේ වැලැඩ්මීර් පුටින් වාගේම වියට්නාමයේ හෝ චී මිං අයිත් වෙන්නෙත් තමන්ගේ රටේ අනන්‍යතාවය වෙනුවෙන් නිර්භයව දේශපාලන තීන්දු ගත් නායකයින්ගේ කුලකයට. පුටින් රුසියාව කියන රටට සන්නාම තානාපතිවරයෙක් වෙනවා. හෝ චී මිං වියට්නාමය කියන රටට සන්නාම තානාපතිවරයෙක් වෙනවා. ඔවුන් කොච්චර හොඳින් තමන්ගේ යුතුකම ඉටු කලාද කිවහොත් රුසියාවට වඩා අද පුටින් ඉන්නේ ඉස්සරහින්. ඒ තමයි මහජනතාව අතරින් මතුවෙච්ච සැබෑ දේශපාලන නායකත්වය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඔන්න ඔය තැනට තමයි ඉරාකයේ හිටපු සදාම් හුසේන් වගේම ලිබියාවේ මුහම්මර් ගඩාෆිත් අයිති වෙන්නේ. අද වෙනකොට යන එන මං නැති ඉරාකයේත්, ලිබියාවේත් තත්වය දෙස බැලූ විට තමයි තේරුම් යන්නේ මේ නායකයින් බටහිර අධිරාජ්‍යවාදී බලපෑම් හමුවේ පවා තමන්ගේ රට අරාජික වෙන්න නොදී ගෙන ගිය පාලනයේ වටිනාකම. 1979 දී ඉරාකයේ මුල් පුටුවට පත් වෙච්ච සදාම් හුසේන් මරණය දෝතින් වැළඳගත්ත නායකයෙක්. ඔහු දහ තුන් වතාවක් මරණයෙන් බේරෙනවා. ඇමරිකානු බුද්ධි අංශ අවසානයේ පරාජය භාරගන්නවා. එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්ක එකතු වී බටහිර රටවල් අටවපු ජන සමූල ඝාතන අවි කියන ව්‍යාජ චෝදනාවේ කොටස්කරුවෙක් බවට සදාම් පත් වෙනවා. ඇමරිකාවේ සහ යුරෝපයේ අවශ්‍යතාවයන් මත ඉරාකයේ කැරලිකාර හමුදාව සදාම් අත්අඩංගුවට ගත්තා. එහෙම අත්අඩංගුවට ගත්ත මේ නායකයා අවසානයේ එල්ලා මැරුවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් තමන්ගේ අවශ්‍යතාවය දේශීය අධිකරණ යාන්ත්‍රණයක් ඔස්සේම හරි අපූරුවට කලා. ඔහුට ගෙන ආපු චෝදනාව තමයි ෂියා වැසියන් 183 දෙනෙක් සමූල ඝාතනය කිරීම. අදටත් සදාම් නැති අඩුව ඉරාකයට දැනෙනවා. ඉරාකයට තිබුණ අනන්‍යතාව ඉරාක මිනිස්සු විසින්ම නැති කර ගත්තා.\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-koH7djkCqfQ\/VktKhG4mS-I\/AAAAAAAAALo\/s7ruPTnjx3E\/s1600\/gadafi6254afp.jpeg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"196\" src=\"http:\/\/3.bp.blogspot.com\/-koH7djkCqfQ\/VktKhG4mS-I\/AAAAAAAAALo\/s7ruPTnjx3E\/s320\/gadafi6254afp.jpeg\" width=\"320\" \/\u003E\u003C\/a\u003Eබටහිර රටවල් වල බලපෑම් වලට කොන්ද කෙලින් තියන් අභියෝග කරපු ලිබියාවට ලෝකයේ තිබ්බ හැඳුනුම්පත තමයි මුහම්මර් ගඩාෆි. අවසානයේ ගඩාෆිටත් වෙන්නේ සදාම් හුසේන්ට අත් වූ ඉරණම භුක්ති විඳින්න. ගඩාෆි කළ එකම වරද ඇමරිකානු හා ඉතාලි තෙල් සමාගම් වලින් තමන්ගේ රටේ තෙල් සම්පත බේරා ගැනීම. අන්ත දිළිඳු රටක් වෙච්ච ලිබියාව අර්ථිකයෙන් ස්වයංපෝෂිත කිරීමට ගඩාෆි දිවි හිමියෙන් වෙහෙසුනා. ඔහු ඇමරිකාවට අභියෝග කළේ හරි අපූරු විදියට. වරක් ඔහු ඇමරිකානු ඩොලරය වෙනුවට රන් ඩිනාරය කියන සංකල්පය ආදේශ කරනවා. හැබැයි අවාසනාවකට අනෙකුත් මැද පෙරදිග රටවල් ගඩාෆි තරම් තීක්ෂණ බුද්ධියෙන් අධිරාජ්‍යවාදී ප්‍රශ්නය දෙස බලන්නේ නැහැ. ප්‍රංශය, බ්‍රිතාන්‍යය, ඇමරිකාව වැනි බටහිර රටවල් වල බලපෑම් හමුවේ ගඩාෆි තනි වෙන්නේ මෙන්න මේ නිසා. ලිබියාවට ලෝක සිතියමේ අනන්‍යතාවයක්, කශේරුවක් සහිත ජාතියක් බවට පත් කල මේ නායකයාත් බටහිර රටවල් වල ගොදුරක් බවට පත් වෙනවා. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eරටක ජනතාවගේ මහජන මතයෙන් නායකයෙක් උනත් ඔහුව සදාකාලික නායකයෙක් බවට පත් කරන්නේ ඉතිහාසය. වැලැඩ්මීර් පුටින්, හෝ චී මිං, සදාම් හුසේන් වගේම මුහම්මර් ගඩාෆිත් කොන්ද කෙලින් තියාගෙන රට වෙනුවෙන් තීන්දු තීරණ ගත්ත නායකයින්. අන්න ඒ නිසයි මේ චරිත ආශ්වාදනීය ලෙස මිනිස්සු වැළඳගන්නේ. ඒ තීරණ ගත්තේ හුඟක් වෙලාවට ඇමරිකාවට හා යුරෝපා නායකයින්ට විරුද්ධව. ඒත් වැදගත්ම දේ තමයි අපි මේ කතා කරන ජනමූල නායකත්වය ඉතිහාය තුළදී ඇමරිකාව වගේම එංගලන්තයෙනුත් බිහි වීම. ඒ එංගලන්තයේ වන්ටන් චර්චිල් අගමැතිවරයා හා ඇමරිකාවේ ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eතමන්ගේ අනන්‍යතාවය ලෝකය හමුවේ තමන්ගේ න්‍යායපත්‍රයක් මත ඉතිරි කල නායකයෙක් තමයි එංලන්තයේ වින්ස්ටන් චර්චිල් කියන්නේ. 1939 දී ජර්මනියට එරෙහිව එංගලන්තය යුද්ධ ප්‍රකාශ කරනවා. හැබැයි ඒ ප්‍රකාශ කරපු යුද්ධයට නායකත්වය දෙන්න හිටියේ නෙවිල් චැම්බර්ලින් කියන ඇමතිවරයා. දිගින් දිගටම යුද්ධයේදී එංගලන්තය අසාර්ථක වෙද්දී චර්චිල් යුද්ධයට නායකත්වය දෙන්න ඉදිරිපත් වෙනවා. ඔහු ඉස්සෙල්ලාම එංගන්ත වැසියන්ගේ මතය තුල යුද්ධය ජයග්‍රහණය කරන්න පුලුවන් දෙයක් බවට හැඟීම ගොඩනගනවා. ඊට පස්සේ ජර්මනියට විරුද්ධව ඇමරිකාවේ රූසිවෙල්ට් හා රුසියාවේ ජෝසප් ස්ටාර්ලින් සමඟ එකතු වෙනවා අවසානයේ එංගලන්තයේ මොඩලයට චර්චිල් දෙවැනි ලෝක යුද්ධය ජයග්‍රහණය කරනවා.\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-Vc21prS6BtY\/VktK_QliwSI\/AAAAAAAAALw\/0i5O4Wf9-z0\/s1600\/chur.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"192\" src=\"http:\/\/3.bp.blogspot.com\/-Vc21prS6BtY\/VktK_QliwSI\/AAAAAAAAALw\/0i5O4Wf9-z0\/s320\/chur.jpg\" width=\"320\" \/\u003E\u003C\/a\u003Eලෝකයේ අනන්ත අප්‍රමාණ ඇමතිවරු හිටියත් අපි තාමත් චර්චිල් ගැන කතා කරන්නේ ඔහු තුල තිබුණ මේ අනන්‍යතාවය හින්දා. තවමත් එංගලන්තයේ මිනිස්සු චර්චිල්ගේ නමට ගරු කරන්නේ ඒ නිසා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ වගේ තව නායකයෙක් තමන් ඇමරිකාවේ ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්. වඩුවෙක්, ලියුම් බෙදන්නෙක්, ගොවියෙක් ලෙස ජනතාවගේ දුකත් එක්ක ජීවත් වූ ලින්කන් තමන් ජනාධිපති ලෙස පත් වූ වහාම වහල් භාවය අහෝසි කරන්න දිවි හිමියෙන් සටන් කරනවා. 1865 දී වහල් භාවය අහෝසි කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා මේ නායකයා සංශෝධනය කරනවා. කුමන්ත්‍රණයක ප්‍රතිථලයක් ලෙස ලින්කන් මරා දැමුවත් ජනතා මනසින් ඔහු මරා දමන්න කිසිවෙකුටත් බැහැ. තවමත් ලෝකය තුල ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ හැඳුනුම්පත තමයි මේ ඒබ්‍රහම් ලින්කන්.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉතිහාසය පුරාවට ලෝකය තුල බිහි වූ අනන්ත අප්‍රමාණ නායකයින් අතර අවසානයේ සැබෑ ජන මූල නායකයින් ලෙස ඉතිරි වෙන්නේ කිහිප දෙනෙක් විතරයි. බැටිස්ටාගේ කෲර පාලනය බිඳ දමන්න නායකත්වය දුන්න පිදෙල් කස්ත්‍රෝ මෙන්ම චේ ගු‍වේරාත් අයිත් වෙන්නේ මෙන්න මේ නායකයින් කියන මහා කුලකය තුල ඉන්න සැබෑ නායකයින් කියන උප කුලකයට. ආජන්ටිනාවේදී උපත ලබා කිව්බාවේදී විප්ලවය කරලා අවසානයේදී බොලිවියාවේදී නොදන්නා මිනිසුන් වෙනුවෙන් ජීවිතය පූජා කරපු චේ කියන්නේ විප්ලවය කියන මහා සාධකය තුල ගොඩනැගුණු සදාකාලික අනන්‍යතාවය. වැදගත්ම දේ තමයි මේ සා චරිතයක් බවට චේ පත්වෙන්නේ අවුරුදු තිස් නවයක් වැනි කාලයකදී වීම.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනොලියපු චීනයේ මාවෝ සේතුන් වගේම ලියන ලද වැලැඩ්මීර් පුටින්, හෝ චී මිං, සදාම් හුසේන්, මුහම්මර් ගඩාෆි, චේ ගුවේරා කියන මේ සියළු දෙනාව ඉතිහාසය තුල කතා කරන්නේ එක දෙයක් නිසා. ඒ තමන් හමුවේ එන ප්‍රශ්න වලට මුහුණ දීමට ඔවුන් තුල තිබූ අපූරු ජ්‍යෙෂ්ඨත්වය හේතුවෙන්. මේ මොඩලයේ ශ්‍රී ලංකා නායකයින් බිහිවන්නේ මගේ අර්ථදැක්වීම අනුව දෙදෙනෙක් විතරයි. එක්කෙනෙක් තමයි රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. අනෙක් අපූරු පුද්ගලයා මහින්ද රාජපක්ෂ මැතිතුමා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eප්‍රේමදාස මහත්තයා කියන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් බිහි කල පොලොවේ පය ගහලා ජිවත් වෙච්ච එකම ජනමූල නායකයා.  ප්‍රේමදාස මහත්තයා උතුරේ ප්‍රශ්නය ගැන වගේම දකුණේ තරුණයිනගේ නැගිටීමටත් අදේශ කල පිළිතුරු සම්බන්ධයෙන් ප්‍රශ්න තිබෙනවා.ඒ වගේම තමන්ට විරුද්ධව ඉදිරිපත් වෙච්ච දෝෂාභියෝගය හමුවේ හැසිරුණු ආකාරයට පිළිබඳවත් ප්‍රශ්න තිබෙනවා. හැබැයි මොන ප්‍රශ්නය හමුවේත් ප්‍රේමදාස මහත්තයා තමන්ගේ අනන්‍යතාවය නැතිකර ගන්නේ නැහැ. හැමතිස්සේම ප්‍රේමදාස මහත්තයා තමන්ගේ ලාංකික මොඩලය ආරක්ෂා කරගන්න කටයුතු කලා. තමන් හමුවට එන ප්‍රශ්න වලට උත්තර දුන්නේ තමන්ගේම න්‍යායපත්‍රයෙන්.හොඳම උදාහරණය තමයි ඉන්දියන් හමුදා ප්‍රශ්නෙදී රටේ සැබෑ ජන මහතය මොකක්ද කියන දේ ගැන ප්‍රේමදාස මහත්තයාගේ තිබුණ වැටහීම. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ නොවැම්බර් මාසය. ඉස්සර නොවැම්බර් සමඟ එන භීතියට හේතු වුනේ ප්‍රභාකරන්ගේ උපන් දිනය. ඒ භීතිය නැති කරලා ‍මේ පොළොවට නිදහස උරුම කරලා දුන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ 70 වැනි උපන් දිනය යෙදිලා තියෙන්නේ නොවැම්බර් 18 වැනි දාට. සුබ උපන් දිනයක් කියන ප්‍රාතමික කාරණා වලට කලින් මහින්ද රාජපක්ෂ කියන අනන්‍යතාවය මේ පොළොවට වැදගත් වෙන්නේ ඇයි කියන කාරණාවට උත්තරයක් දෙන්න ඕන. රුසියාවේ මිනිස්සුන්ට පුටින් වැදගත් වෙන්නේ පුටින්ගේ තියෙන අනන්‍යතාවය හින්දා. පිදෙල් කස්ත්‍රෝ කියුබාවට වැදගත් වුනෙත් අන්න ඒ නිසා. මහින්ද මහත්තයා ලංකාවට මේ මො‍හොතේ වැදගත් වෙන්නේ ඔහු සතු අපූරු ලාංකික අනන්‍යතාවය හින්දා. මහින්ද රාජපක්ෂ කියන්නේ ලාංකික මිනිසුන්ගේ හදවතින් අපේක්ෂිත මොඩලයේ ජන මූල නායකයා. මිනිස්සු තාමත් ඔහුට ආදරය කරන්නේ මෙන්න මේ නිසා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eලංකාව කියන රටේ ජාත්‍යන්තර සන්නාම තානාපති තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඇමරිකාව ඇතුළු බටහිර රටවල් වලට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවන්න තිබ්බ උවමනාව තුලම ගැබ් වෙලා තිබුණේ මහින්ද කියන සාධකය කොච්චර වැදගත් ද කියන දේ. ඔය කියන උදාහරණය නිකමට සදාම් හුසේන්ට ආදේශ කරලා බලන්න. අද ඉරාකය ඉන්න අන්ත අසරණ තත්වය ගැන හිතලා බලන්න. මේ හැම දෙයක්ම අවසානයේ අර රබර් බෝලයක් වතුර යට ඔබාගෙන ඉඳලා අත ඇරිය ගමන් උඩට එනවා වගේ ලාංකීය සමාජය තුල උඩට එ‍න්නේ මහින්ද රාජපක්ෂ කියන අනන්‍යතාවය. මේ සමාජය හැම දෙයක්ම සංසන්දනය කරන්නේ මහින්ද රාජපක්ෂ කියන සාධකයත් එක්ක.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙන්න මේක තමයි පොළොවේ මුල් බැහැපු සැබෑ ලාංකීය චින්තනය. මිනිස්සුන්ට ඕන තමන්ගේ කම කියන දේ ප්‍රේමදාස මහත්තයට පස්සේ තිබ්බ එකම නායකයා මහින්ද රාජපක්ෂ වෙන්නේ මේ නිසා.1945 නොවැම්බර් 18 වෙනිදා ඉපදුණු මහින්ද රාජපක්ෂ මැතිතුමා සදාකාලිකවම මේ පොලොවේ වලංගු දේශපාලනික සාධකයක්. එස්. මහින්ද හාමුදුරුවෝ උත්තම පුරුෂයෙන් ලියපු මේ කවිය හරියටම අදාල වෙන්නේ මෙතුමාට මිස අන් කිසිවෙකුටත් නොවේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමට හිමි කොටස කරන්නට කිසි කෙනෙක්      නැතේ\u003Cbr \/\u003Eහටගත් නියත ජාතික ආලයක්                         හිතේ\u003Cbr \/\u003Eඉටුකල මෙහෙය අද ලංකා මවගෙ                   ගතේ\u003Cbr \/\u003Eඇට ඇට මිදුළු ලේ වල කා වැදී                        ඇතේ\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eරටට උපන් දිනයක් ලබා දුන් ඔබතුමාට සුබම සුබ උපන් දිනයක්.\u003Cbr \/\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E-නිර්මල කොතලාවල\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E[හිටපු නියෝජ්‍ය අමාත්‍ය]\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E(Like us on facebook)\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/1696273650395503611\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/11\/SLIdentity.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1696273650395503611"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1696273650395503611"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/11\/SLIdentity.html","title":"ලාංකීය හැඳුනුම්පත නැතිවී ඇත."}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/1.bp.blogspot.com\/-45xQOC42aVA\/VktFn6m8isI\/AAAAAAAAALM\/8KSp-NRJl4Y\/s72-c\/mahindIdentity.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});