// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%A0%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B6%9C%E0%B7%9A?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%A0%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%20%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B6%9C%E0%B7%9A"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"3"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-2182628754312625967"},"published":{"$t":"2018-10-17T10:27:00.000+05:30"},"updated":{"$t":"2018-10-17T10:27:13.124+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"චමිල ලියනගේ"}],"title":{"type":"text","$t":"ද්‍රෝහී බලධාරීන් මහාචාර්‍ය රාජ් සෝමදේවගේ කැණීම් බලපත්‍රය අවලංගු කිරීමේ පසුබිම"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/1.bp.blogspot.com\/-RGt3i-ZmLTA\/W8bA5cmo3FI\/AAAAAAAADWo\/mY7Y_1TudPQW6DifLYKtkugZxUlqTIJSwCLcBGAs\/s1600\/Somadewa.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" data-original-height=\"838\" data-original-width=\"1600\" height=\"334\" src=\"https:\/\/1.bp.blogspot.com\/-RGt3i-ZmLTA\/W8bA5cmo3FI\/AAAAAAAADWo\/mY7Y_1TudPQW6DifLYKtkugZxUlqTIJSwCLcBGAs\/s640\/Somadewa.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eමහාචාර්‍ය රාජ් සෝමදේවගේ කැණීම් බලපත්‍රය අවලංගු කිරීමේ පසුබිම\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E-ආචාර්ය චමිල ලියනගේ විසිනි -\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමහාචාර්ය රාජ් සෝමදේව පිළිබඳ විවිධ මතිමතාන්තර විවිධ පාර්ශවයන් සතුව තිබිය හැක. එහෙත් එතුමා ජාතික වස්තුවකි. මේ සටහන එතුමා අපගේ සමීප මිතුරකු නිසා නොවේ. එතුමා කරන අති දැවැන්ත ජාතික මෙහෙවර නිසාවෙනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E“පළමුව කපනු ලබන්නේ සෘජු හා උස ගස්ය“ යනු ජනප්‍රිය ඉන්දියානු කියමනකි. සොමදේවයන් පිිළිබඳව විවිධ මත දරන්නන් පිළිබඳ අපට ගැටලුවක් නොවේ. එහෙත් බොහෝ දෙනාට සෝමදේවයන් පිළිබඳ බියක් දැනී ඇති බව නම් පැහැදිළිය. හැකි පෞරුෂයන් පිළිබඳ බය ඇති කරගන්නා ලිලිපුට්ටෝ විවිධ දෙකයි පනහේ වැඩ කරති. ඒ සියල්ල කාලීනව ප්‍රභලයා අභියස මල් පොකුරු බවට පත්වන බව අපි දනිමු. එහෙත් මේ අවස්ථාවේ සෝමදේවයන් මුහුණ දී ඇති අභියෝගය හමුවේ අප එතුමා වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ මිත්‍රත්වයේ නාමයෙන් නොවේ. හෙළයන් වශයෙනි. මේ භූමියේ සැඟව පවතින කල්පකාලාන්තරයක් ඈතට දිවෙන අභිරහස් ඔස්සේ අපේ අතීතය ඉතිහාසය පිළිබදව කරන්නාවු සාක්ෂි සාධක සහිත එනම් ආනුභවික (empirical) අනාවරණයන්හි අපට ඇති අදාලත්වය නිසාය. \u003Cbr \/\u003Eමහාචාර්ය රාජ් සෝමදේවයන් යනු ස්කැන්ඩිනේවියානු විශ්ව විද්‍යාලයකින් පුරාවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් සහිත දැනට ලෝකයේ සිටින විශිෂ්ඨතම පුරාවිද්‍යාඥයින් අතුරෙන් එක් විද්වතෙක් බව බොහෝ දෙනා දන්නේ නැත. එතුමාගේ පර්යේෂණ උපාධි අධ්‍යයයනයන් කොහේ සිදු කරන ලද්දේ වුවද, එතුමා කොඩ්රිංග්ටන්ලාගේ කනිංහැම්ලාගේ සම්ප්‍රදායේ පුරා විද්‍යාඥයකු නොවේ. එතුමා නිතර අප සමග කියන්නේ අපේ දේ අපට අවශ්‍ය න්‍යායපත්‍රයක් අපට අවශ්‍ය ක්‍රමවේදයක් ගුරුකොට ගනිමින් කැණිය යුතු බවය. \u003Cbr \/\u003E‍සෝමදේවයන් කල්තොට කල සමීක්ෂණය බොහෝ දෙනාට ආසාත්මික විය. ඊටහේතුව එවැනි සිදුවීම් දඩමීමා කරගනිමින් පවතින යැපෙන දේශපාලන ආර්ථික යටිකූට්ටු වැඩ හැර වෙනත් කිසිවක් අප වර්තමානයේ අත්විඳන අනාර්ය අත්‍යාචාරයන්හි නොමැති බැවිණි. සෝමදේව යනු හුදෙක් පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයනාංශ අරක්ගෙන තම කාමරය අරක්ගෙන තම රථය අක්ගෙන මහාචාර්ය පට්ටහේ උෟෂ්ණය විදහාපාමින් පොලවට සමාන්තරව නිකට පවත්වාගෙන සිටින මිනිසකු නොවේ. ඔහු මා දන්නා පරිද්දෙන්, පොළවේ පය ඇන සිටින අපේ කාලයේ මහා ප්‍රාඥයෙකි; බුද්ධිමතෙකි. සෝමදේවයන්ගේ ජනප්‍රියතාව ඉහල යන්නේ බොරු සාටෝප වලින්, බලය හිමි දේශපාලනඥයාට ආවැඩීමෙන් නොවේ. එක එකාට කඩේ යාමෙන් නොවේ. මේ රටට භූමියට ආදරය කරන්නවූ එහි දිගපළල දැවැන්ත භාවය පපුවට දැනෙන්නාවූ මිනිසුන් වෙනුවෙන් පරන කලිසමක් හැඳ කොහේ හෝ ගල්ලෙනක කන්දක මිනීවලක පොලව හාරමින් යුක්තිය හා සත්‍යය සොයා මහන්සි වන නිසාය. ඒවා ඔහේ ඉබාගාතේ බිම හාරන වනසූකරයන්ට හා බිම් ඌරන්ට වැටහෙන්නේ නැත. සෝමදේවයන් මහජන විද්වතකු (public Intellectual) වන්නේ එහෙයිනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපළමුව සිදුවී ඇති දෙය තේරුම් ගනිමු. ඒ නැතිව විවිධ උපකල්පන අභ්‍යුපගමන හිතලු ඔස්සේ ඩිජිටල් අරගල කලාට වැඩක් නැත. එතුමා සිය කැනීම් සඳහා වන බලපත්‍රය අලුත් කරගැනීම සඳහා ඉදිරිපත් කළ අයදුම්පත වෙනුවෙන් මාස ගණනාවක් යනතුරුත් බලපත්‍රයක් නිකුත් නොකෙරිනි. ලංකාවේ පුරා විද්‍යා ආඥා පණත ඉතාම බල සම්පන්න පනතකි. එහි කිසිතැනක පුරා විද්‍යාඥයින් සඳහා බලපතු නිකුත් නොකල යුතුයැයි කියා නැත. එහෙත් යම් කැනීමක් නිසා පුරා විද්‍යාත්මක ස්ථානයකට හානි වන්නේ නම්, එ් කැනීම නවතා දමන්නට නොව, එම හානිය අවම වන පරිද්දෙන් කැනීම කරන්නට අවසර තිබේ. එහෙත් කලකට ඉහතදී පුරා විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල විශේෂ ස්ථාවර නියෝගයක\/චක්‍රලේකයකට අනුව, පුරා විද්‍යා කැනීමක් කිරීමට අවසර ගැනීම සඳහා යෝජනාවක් දෙපාර්තමේන්තු ප්‍රධානියාට ඉදිරිපත් කළ යුතුය. එය ගෙන ඒම ඉතාම විහිලු සහගත ක්‍රියාවකි. නිදහසේ කැනීම් කරමින් අතීතය ඉතිහාසය විද්‍යාත්මකව අනාවරණය කිරීමට භාධාකිරීමකි. ඒවා ගෙන ආවේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව අරකගෙන සිටි බහිරවයකු විසිනි. වර්තමාන පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඒ තනතුර දැරීමට සුදුසුකම් දරන්නේද යන්න අවශ්‍යෙයන්ම සොයා බැලිය යුතුය. සැබෑ මහාචාර්යවරුන්ට පර්යේෂණ කරන්නට බැරි වන්නේ නමට පමණක් මහාචාර්යලා (හෙවත් පිනාචාර්යලා) මහපුටු අරක්ගත් විටදී්‍ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ කැනම් බලපත නිකුත් නොවීඹ ගැන විමසද්දී අධ්‍යක්ෂ ජෙනරාල් කියන්නේ තමාට මෙතෙක් එතුමා කර ඇති කැනීම් පිළිබඳ වාර්තා අවශ්‍ය බවයි. සෝමදේවයන් විසින් විධිමත්ව පළකරනු ලැබූ සියලු වාර්තා ලබාදුන් විට ලැබෙන පිලිතුර විහිලු සහගතය. මේ වාර්තා අධ්‍යයනය කිරීමට ක්‍රමවේදයක් දෙපාර්තමේන්තුව සතු නැති බවය!.ඒ උත්තර කාගේදැයි අපි දනිමු. සෝමදේවයන්ට පහර ගැසීමට පඩිගෙවා නඩත්තු කරන්නේ කවුරුන්වදැයි අපි දනිමු. පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනය තුල සෝමදේවයන්ට එරෙහිව කටයුතු කරන්නන් කවුරුන්දැයි අපි දනිමු. එහෙත් ඒ පෞද්ගලික එදිරිවාදිකම් වෙනුවෙන් මේ සා දැවැන්ත විද්වතකුගේ පර්යේශෂන නිදහස නැතිකිරීම සාපරාධී අපරාධයකි. \u003Cbr \/\u003Eසෝමදේවයන් යනු විද්වත් ශාස්ත්‍රී්‍ය ව්‍යවසායකත්වය සහිත පඬිරුවණකි. මන්ද වැටුපට හෝ ඉඳහිට ලැබෙන පරියේෂන ප්‍රතිපාදනයන්ට පමනක් සීමාවී කැනීම් කරන්නට බලා නොසිටින එමෙන්ම සිය ජීවිත කාලය තුළ කල හැකි උපරිම සේවය ජාතිය හා රට වෙනුවෙන් කරන්නට වෙර දරන්නෙකි. එතුමාගේ ඒ කැපවීම නිසාම විවිධ පාර්ශව එතුමාට ආදරය කරයි. එතුමා හා සම්බන්ධ වෙයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E‍මේ රට ලෝකයේ පුරා විද්‍යාත්මක ගනත්වය අතින් ඉතා වැඩිම රටකි. මෙතෙක් කැනීම් කර ඇත්තේ 10%ත් අඩු ප්‍රමාණයකිත එහෙත් අප සිතන්නේ 1%වත් කැනීම් කර නොමැති බවය. තවත් පර්යේශකයකුගේ පර්යේෂණයක් විසින් අපගේ න්‍යායක් සිද්ධාන්තයන් ප්‍රතික්ෂේප වන්නේ නම් එය විද්වත් දෘෂ්ටියකින් බැලීමට පර්යේෂකයන් ලෙස අපි පොරොන්දු වී සිටිමු. එය පෞද්ගලික කෝන්තරයක් නොවේ. විෂයය සංවර්ධනයේ ස්වභාවයකි. එහෙත් පුරාවිද්‍යාවේ පරණ කාක බෝධි (හා ගෝලබාලයන්) සම්බන්ධයෙන් මේවා වලංගු නැත. ඔවුන් ගිය දුරට වඩා කැනියනොහැක. ඉතිහාසය වෙනස් කල නොහැක. ඒ බමුනු මත මැද, බමුණු දළ මැද සෝමදේවයන්ට යුක්තිය අපේක්ෂා වෙන් ඉවසන්නට සිදුවී ඇත. යුක්තියේ රෝදය කැරකෙන දෙස අපි බලා සිටිමු.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමහාචාර්ය සෝමදේවයන්ට යුක්තිය පසිඳලන්නට සිටින්නේ කවුරුන්ද? එතුමාට යුක්තිය ඉෂ්ට කරතියි අප සිතන්නන්ටද එතුමා නවතා ලීමේ වුවමනාවක් තිබේ. දේවානම්පියතිස්සද දෙමළ ජාතිකයකුයි කියමින් සිංහලයන් ලංකාවට එනවිට දේමල ජාතියකියන් මෙහි සිටියේය ආදී බේගල්ද කි විග්නේෂ්වරන්ට උත්තර බැන්දේ එතුමාය. උතුරු නැගෙනහිර හමුවන ඕනෑම මිනී ඇට කෑල්ලක් හමුදාව විසින් ‘ම්ලේච්ඡ‘ ලෙස මරාදමනු ලැබු දෙමළ වැසියන්ගේ යැයි කියතන්නට කටබලියාන සියටින්නන්ගේ මුඛ කුහර නිරුත්තර වන්නේ එතුහා මන්නාරම් සමූහ මිනීවලේ සිදුකල කැනීම් මැදිහත් වීම නිසාය. රටේ ඉතිහාසය තීරණය කරන්නට පමණක් නොව උදෑසන ශරීර කෘත්‍යය කර සෝදන්නට පිහදාගන්නද යන්න පවා ඇමරිකාවෙන් ඉන්දියාවෙන් බීරිතාන්‍යෙයන් අසා තීරණය කරන පවුකාර දේශපාලනඥයින්ගෙන් සමන්විත අපේ පරගැති පාලක පද්ධතියටද එතුමාගේ වැඩ නවතා ලිමේ වුවමනාව තිබේ!\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඒ සියල්ල මැද අපි මේ දෙස උපේක්ෂාවෙන් එහෙත් දැඩි විමසිල්ලෙන් බලා සිටින්නෙමු. තත්ත්වය වෙනස් කරන්නට වගකිවයුත්තන් මැදිහත් වේයැයි සිතමු. එසේ නොවන්නේ නම්, ඊටද මුහුණ දීමට අප සූදානම් ය. මන්ද සෝමදේව හුදෙක් මිතුරකු නොව ජාතික වස්තුවක් බැවිනි!!\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/2182628754312625967\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2018\/10\/RajSomadewa.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/2182628754312625967"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/2182628754312625967"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2018\/10\/RajSomadewa.html","title":"ද්‍රෝහී බලධාරීන් මහාචාර්‍ය රාජ් සෝමදේවගේ කැණීම් බලපත්‍රය අවලංගු කිරීමේ පසුබිම"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/1.bp.blogspot.com\/-RGt3i-ZmLTA\/W8bA5cmo3FI\/AAAAAAAADWo\/mY7Y_1TudPQW6DifLYKtkugZxUlqTIJSwCLcBGAs\/s72-c\/Somadewa.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-9182433272288166389"},"published":{"$t":"2016-01-27T21:26:00.002+05:30"},"updated":{"$t":"2016-02-02T10:32:42.691+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"චමිල ලියනගේ"}],"title":{"type":"text","$t":"එන්රික්, “සෙක්ස් ඇන්ඩ් ලව්” හා තවත් අය: සමාජ ඛේදවාචකයක පාර්ශවකරුවන්, විනිසුරුවන් හා වින්දිතයන් "},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-ViUdOGGotqs\/VqjorWMvBbI\/AAAAAAAAA0M\/XZLRK1lQMyw\/s1600\/215.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"426\" src=\"http:\/\/4.bp.blogspot.com\/-ViUdOGGotqs\/VqjorWMvBbI\/AAAAAAAAA0M\/XZLRK1lQMyw\/s640\/215.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eකාන්තා ඇඳුම් සොරකම් කරන්නන් අපේ සමාජයේ නැත්තේ නොවේ. එක්කෝ එවැන්නකු හොඳ හැටි ගුටි බැට සංග්‍රහ ලබයි. නැත්නම් පොලිස් අත්අඩංගුවට පත්වේ. එවැන්නන් මානසික ආබාධයන්ගෙන් පෙලෙන බව දැනුමැති සමාජය පිළිගනී. එවැනි පුද්ගලයකු ආශා කරන්නේ කාන්තා යට ඇඳුම් වලට නම්, ඉන් ගම්‍යමාන වන්නේ මානසික ආ\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eබා\u003C\/span\u003Eධය බෙහෙවෙන්ම උග්‍ර බවය. එනයින් සළකා බලද්දී එන්රික් ඉග්ලේෂියස් යනු කවුද? \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eදෙවියන්ට ආහාර පිණිස අප පුදන්නේ පළතුරුය. කැවිළිය. එහෙත් මල පෙරේතයන් සඳහා අපි පුළුටු, පිලී ආදී දේ පුද දෙන්නෙමු. සම්භාව්‍ය වූවද නොවූවද, සුපර් ස්ටාර් වේදිකාවක අභිෂේක ලබන ළාමක ගායකයකු ගායිකාවක වුව ලබන්නේ විශිෂ්ට සම්මානයකි. එය වටිනා දෙයකි. එය කාන්තා හෝ පිරිමි යට ඇඳුමක් නොවේ. සිංහල ජන විඥානය අනුව ඒ අර්ථයයෙන් සළකා බලද්දී එන්රික් යනු දෙවියක්ද, ප්‍රේතයෙක්ද? \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eලෝකයේ එවැනි උන්මත්තකයන් ඇත්තේ එකකු දෙන්නකු නොවන බව අපි දනිමු. එහෙත් කාන්තා ඇදුම් සොරකම් කරන, මානසික ආ\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eබා\u003C\/span\u003Eධයකින් පෙලෙන්නෙකුට ගුටිබැට දෙන සමාජයක්, එවැන්නකු ප්‍රසංග වේදිකාවේ දැකීමට රුපියල් 35,000\/- සිට 5,000\/- දක්වා වූ ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන ඉන් නොනැවතී ඒ සංගීත රිද්මයේ උන්මාදනීවය අතරමං වීම? පිස්සන්ගේ පදේට නටන්නේ කවුරුන්ද? අපි එයද ඉවසමු! ප්‍රශ්න නොකරමු. නූතන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සකලවිධ උන්මාදයන් වැළඳ ගැනීමට ඉඩහසර ලබාදේ. අප වස්කවි ලිවිය යුත්තේ, ශාප කළ යුත්තේ එවැනි උග්‍ර උන්මත්තකයන් ගෙන්වා ශ්‍රී ලාංකේය යෞවනයේ “පොපියන චමත්කාරයට” ආලෝකයක් එක්කල ඇත්තන්ට එරෙහිව බව අපගේ අදහසයි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E“සෙක්ස් ඇන්ඩ් ලව්” කී පමණින්ම මේ සංදර්ශනය අපේ රටට, සිංහල මහා සංස්කෘතිය පදනම් කරගත් නූතන ශ්‍රී ලාංකික සංස්කෘතියට ගැලපේද නොගැලපේද යන්න තීරණය කිරීමට වගකිවයුත්තන් අසමත් වන්නේ ඇයි? දඹදිව වන්දනාවේ ගොස් ගම්රට බලා එන උපාසකම්මා ඉන්දියාවෙන් ගෙන එන බෑගයද ස්කෑන් කරන රටේ එන්රික්ලා ගෙන්වා කුණුහරුප ජවුසං නටන්නට ඉඩදීම සිදුවන්නේ කෙසේද? මේ අවාසනාවන්ත ජවුසම සංවිධානය කරන කණ්ඩායමේ ප්‍රමුඛත්වය ගත්තේ කවුදැයි දැනගනිද්දී අපේ සිත් කම්පාවට පත්විය. ඒ, එටිසලාට් සමාගමේ ප්‍රධානී යසීර් අබුල්අමායම් නිසාවත්, ලයිව් ඉවෙන්ට්ස් හි ප්‍රධාන විධායක නිළධාරි රියාස් ශාහ් නිසාවත්, ප්‍රයිම් ලෑන්ඩ්ස් ගෘෘප් හි සභාපති ප්‍රේමලාල් නිසාවත්, කොන්ටිනන්ටල් ඉන්ෂුරන්ස් කළමනාකරන අධ්‍යක්ෂ චමින්ද සිල්වා නිසාවත්, ඊ.බී.සී. රේඩියෝවේ ප්‍රධානී චාලක ගජබාහු නිසාවත් නොවේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅප කම්පා වන්නේ පළමුව , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ පැඩී විතාන නිසාය. එය රජයේ ආයතනයකි. සමාජයේ රහසිගතව කාම චිත්‍රපට, කාම පුවත්පත් විකිනෙන බව අපි දන්නෙමු. වෙස්වලාගත් පොලිස් නිලධාරීන් ඒවා පවා හඹා යයි. ගණිකා මඩම්, නිවාස හා සම්බාහන ආයතන පවා වැටලේ. එහෙත් රාජ්‍ය ආයතනයක් වන සංචාරක ප්‍රවර්ධන කාර්යංශය “සෙක්ස් ඇන්ඩ් ලව්”නමින් පැවැත්වෙන ප්‍රසිද්ධ ජවුසමකට ඉඩ දීම කියාපාන්නේ මේ රටේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා සංස්කෘතිය පාවාදීමට සූදානම් බවද? නැත්නම් නව තත්ත්වයන් සමග රයේ සංස්කෘතිය නව අර්ථකතනයකට ලක් කර ඇති බවද? කැසිනෝ සාධාරීනීකරණය කරමින් පහුගිය ආණ්ඩුව කීවේ ඒවාට එන්නේ විදේශිකයන් පමණක් බවය. මේ කුණුහරුප ජවුසම ගැනද ඇතැමුන් එම තුරුම්පුව දමා ගැසූහ. අපි සමාජ ජාලා ඔස්සේ එහි සිටි ප්‍රේක්ෂකයින් දැක බලාගතිමු. එහි සිටි බහුතර ස්වදේශිකයින් ගැන කියන්නේ කුමක්ද? මුදල් ඇත්තෝ එහි ගියහ. කාම චිත්‍රපට කුතුහලයෙන් පිරි පොඩිහිටියන් අතර ප්‍රචලිත කිරීම පිණිස “වැඩිහිටියන්ට පමණයි” යැයි කීවා මෙන් මේ සංදර්ශනයයේ දැන්වීම් හෝ ප්‍රවේශපත්‍ර වල , “විදේශිකයන්ට පමණයි” කියා ගසා තිබුනේ නැත. රුපියල් 5,000\/- සිට 35,000\/- අතර මුදලක් සොයාගත්තෝ “සෙක්ස් ඇන්ඩ් ලව්” පිණිස එහි ගියහ. මේ කියන්නේ සදාචාරය සභ්‍යත්වය අපේක්ෂා කරන්නේ නැතිබැරි එකාගෙන් පමණක් බවද? \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ මූසළ නමෙහි “සෙක්ස්” යනුවෙන් යෙදී ඇත්තේ සමාජ විද්‍යාත්මකව ලිංගිකත්වය යන අරුතින් නොවේ. එසේ නම් එදා එන්රික් කළ යුතුව තිබුනේ දාර්ශනික දේශනයකි. මෙය මුළුමනින්ම කාමය හා සංසර්ගය යන අරුත් දෙන “රසයන්ගෙන් සපිරි” පාදඩ ජවුසමක් බව අපි වගකීමෙන් කියන්නෙමු. දෙවනුව අප කම්පනයට පත්වන්නේ ලයිව් ඉවෙන්ට්ස්හී ප්‍රධාන ආයෝජකයන් දෙදෙනා ගැනය. ඒ මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාරය. රට වෙනුවෙන් ක්‍රිකට් පිටියේ සටන් කරද්දී ඔද වැඩුනු දේශානුරාගයෙන් ඔබට අත්පුඩි ගැසූ, විසිල් ගැසූ සිංහල, දෙමළ, මුස්ලිම් තාරුණ්‍යයට ක්‍රිකට් පිටියෙන්‍ ක්‍රමයෙන් සමුගන්නා ඔබ දුන්නේ අමතක නොවන සංස්කෘතික තිළිණයකි. සනත් ජයසූරිය ක්‍රිකට් පිටියෙන් සමුගෙන සරමක්ද කැහැපොට ගහගෙන ඉන්දියානු “ජලක් දේක්ලා ජා” රියැලිට් වේදිකාවේ නටනු අපි දිටිමු. අනතුරුව හේ කොළඹ සුපිරි අවන් හලක් අරඹීය. ක්‍රිකට් ඔස්සේ ජනාදරටය පාත්‍ර වූ ඔබ දෙපළ “සෙක්ස් ඇන්ඩ් ලව්” වලින් පසුව අරඹන්නට යන්නේ “සියල් සැප සපිරි” ස්පා එකක් විය යුතුය. පිළිකාවකින් මියගිය සිය සොයුරා වෙනුවෙන් පිළිකා රෝගීන්ගේ යහපත පිණිස සමාජ සත්කාරයක නියැලීමට මැදිහත්වූ මහේලගේ අනන්‍යතාව, “සෙක්ස් ඇන්ඩ් ලව්” සඳහා පසුබිමේ සිටි මහේලගේ අනන්‍යතාව සමග කෙසේ නම් ගළපන්නදැයි අපි තවමත් සිතමු. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙරට මහා සමාජයෙන් බහුතරයක් මේ ජවුසම පිළිබඳ දැනගත්තේ සිද්ධි තුනක් නිසාවෙනි. පළමු වැන්න එන්රික්ගේ තනපට එකතුවට ශ්‍රී ලාංකීය තනපටක්ද එකතුවීමයි. දෙවැන්න කවුරුන්දෝ එකියක් වේදිකාවට පැන එන්රික්ව පුන පුනා සපාකෑමට තැත් කිරීමයි. තුන්වැන්න මේ සිද්ධිය සැළවුන ගරු ජනාධිපතිතුමා මේ සමබන්ධයෙන් සිය කනස්සල්ල දැඩිව පළකිරීම ජනමාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයකට ලක්වීමයි. එහෙත් අප දුටුවේ ජනාධිපතිතුමාගේ ප්‍රතිචාරය සමබර ඇගයීමකට ලක්වනවාට වඩා පමණ ඉක්මවා ගිය දේශපාලනික ප්‍රහාරයන්ට ක්ෂණිකව හා තීව්‍රව ලක්වූ බවයි. සංදර්ශනය නැරඹීමට එතුමාගේ සමීපතමයන් ගිය බවක්ද සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය විය. රාජ්‍ය නායකයා එවැනි ප්‍රකාශයක් කිරීම ඉතා වැදගත් වූවද, සමකාලීන බරපතල සිද්ධි සම්බන්ධයෙන් එතුමාගේ හා රජයේ ස්ථාවරයන් හෝ නිහඬ පිළිවෙත් සමග එතුමාගේ මේ ඉක්මන් ප්‍රතිචාරය සැසඳූ බොහෝ දෙනෙක් එය එතරම් විහිළුවක්සේ සැලකීමද එක් අතකින් වරදක් නොවේ. එය එක් අතකින් අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීමකි! \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅනෙක් පසින් රුපියල් කෝටි ගණනක් ඉපයූ මේ ජවුසම මූල්‍ය විනිවිදභාවයෙන් තොරවී යැයිද, චෝදනා නැගිනි. කොළඹ මහ නගර සභාවට ගෙවිය යුතු නියමිත බදු මුදල් නොගෙවා ඇතැයි චොදනා නැගිනි. මෙය ඇත්තතෙන්ම විහිළුවක් පමණි. එය කිනම් විහිළුවක් දැයි සිතාගැනීම උගහටය. එහෙත් එය, කසිප්පු පොළක් වටලා මුදලාලි අත්අඩංගුවට ගෙන ආදායම් බදු නොගෙව්වේ ඇයිදැයි ප්‍රශ්න කිරීමට පර්යායය. නමුත් ඒ කතාබහ තුළ අපගේ විග්‍රහයට වැදගත් තොරතුරක් අනාවරණය විය. විවිධ අන්තර්ජාල පුවත් අඩවි හා පුවත්පත් ඔස්සේ වාර්තා වූ ආකාරයට රුපියල් 35,000\/- ප්‍රවේශපත්‍ර මිලදී ගෙන 300ක් පැමිණේයැයි අපේක්ෂා කළද 5,000ක් පමණ දෙනා පැමිණ තිබේ. රුපියල් පන්දහසේ ප්‍රවේශපත්‍ර ලබාගෙන 5,300ක් දෙනා පැමිනෙතැයි අපේක්ෂා කළද 10,000ක් දෙනා පැමිණ තිබේ. රුපියල් 20,000\/- ප්‍රවේශපත්‍ර සඳහා 300ක් දෙනා ඒ යැයි සිතූවද 10,000ක් පැමිණ ඇත.! (නැත්නම් එන්රික්ට පැයකට දෙකකට රුපියල් අටකෝටි අසූ දෙලක්ෂයක් ගෙවිය හැකිවේද?) \u003Cbr \/\u003E\u003Cbr \/\u003E“සෙක්ස් ඇන්ඩ් ලව්” පිණිස දහස් ගණනින් මිළ ගෙවා අපේක්ෂා කළාට වඩා දහපහළොස් ගුණයකින්  මිනිසුන් ඇදී ඒමේ සමාජ ප්‍රවණතාව කියා පාන්නේ කුමක්ද? එය සමාජ විද්‍යාත්මක දෘෂ්ටියකින් නම් සංස්කෘතිය වෙනස්වීමේ දර්ශකයකි. (ඇත්ත වශයෙන්ම ඒ සංස්කෘතික වල්වැදීම අපි මෙතැනදී “සංස්කෘතික වෙනස්වීමක්” ලෙස පමණක් හඳුන්වමු). ඒ වෙනස්වීම අදාල සංවිධායකයින්ගේ තක්සේරුව දස ගුණයද අභිබවා ඉක්ම ගොස් ඇත. අප කම්පා වන්නේ ඒ නිසාය. “සෙක්ස් ඇන්ඩ් ලව්” සම්බන්ධයෙන් අපේ රටේ සමාජ විද්‍යාඥයින් ජනමාධ්‍ය ඔස්සේ සිය අදහස් දැක්වූවාදැයි අපි නොදනමු. එසේ වී නම් ඒ එක් අයකු හෝ දෙදෙනෙකි. මන්ද එවැනි තත්ත්වයක් විග්‍රහ කරගැනීමට බුද්ධියද, ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමට තිබිය යුතු අදීනත්වය හා එඩිතර බවද සියල්ලන් සතු නොවන බැවිණි. බී.බී.සී යද තවත් ජනමාධ්‍යද වාර්තා කළේ ප්‍රසංගයේ සංවිධායකයන් කොළඹ මහ නගර සභාවට බදු නොගෙවීම පමණි. මේ සිද්ධියෙන් කම්පිතව නූතන සංස්කෘතික සෝදාපාළුවේ දිග පළල ගැඹුර දැනී යමකු යමක් කීවා නම් ඒ සමාජ ජාලා ඔස්සේය. ඊට හේතුව ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය එවැනි සාකල්‍යය විග්‍රහයන්ට ඉඩදී ස්වකීය “සිල් බිඳ ගැනීමට” ඇති බිය ය. හුදෙක් සංස්කෘතික ඝාතකයන්ගේ වෙළඳ දැන්වීම් වලින් යැපෙන, ඒ සංස්කෘතික ඝාතකයන්ගේ ආරක්ෂකයන් වන ගර්හිත දේශපාලන සදාචාරයේ අන්තේවාසික බොහෝ ජනමාධ්‍ය, තත්කාලීන සංස්කෘතික ඛේදවාචකයන් ගැන සංවාදයන්හී නිරත වූවා නම් අපට මීට වඩා යහපත් වර්තමානයක් දකින්නට හැකිව තිබිණි.   \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවිශ්ව විද්‍යාල දෙපාර්තමේන්තු තුළ සිංහ සෙයියාවෙන් සිටියද, විවිධ හේතූන් නිසා මුණිවත රකිමින්  හුදෙක් පුටු රත් කරන අපේ නූතන වියතුන් බොහොමක් දන්නේ කලකට ඉහතදී ලහිලහියේ ගිලදැමූ බටහිර න්‍යාය වමාරන්නටය.  ඊටම නොදෙවෙනිව ශාස්ත්‍රීය අධිරාජ්‍යවාදයේ ගැත්තන් වූ ඔවුන් පැළඳ සිටින බටහිර කණ්නාඩි මේවා අර්ථකතනට කරන්නේ රුවිතෙටය. එහෙයින් ක්‍රීඩකයා දැවීගිය පසු පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන ක්‍රිකට් විස්තර විචාරකයා කරනවාට වඩා වැඩි දෙයක් කිරීමට නොදන්නා මේ කැල්වින්වාදී පුඟුලෝ, එය “සංස්කෘතික වෙනස්වීමක්” යැයි කියා අත පිහදා ගනිති. අප කියන්නේ සමාජයට හා ප්‍රතිපත්ති සම්පාදකයන්ට මඟ පෙන්වනු වෙනුවට පශ්චාත් මරණ පරීක්ෂන පවත්වන මේ විද්වත් සම්ප්‍රදාය හා නිහැඬියාවද මෙවැනි සංස්කෘතික සෝදාපාළුවක  වක්‍ර කොටස්කරුවන් බවයි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E“තනපට ගලවා විසිකිරීම සිදු කළේ තරුණියක් නොවේය - එය එන්රික්ගේ ප්‍රසංගයේ අත්‍යාවශ්‍යම දෙයක් බැවින් සංවිධානාත්මකව තරුණයෙක් විසින් කළ දෙයකි” යි මතයක් සුක්ෂමව ජනගත වෙමින් ඇත. මේ රැකගන්නට හදන්නේ එහි ගිය කාන්තාවන්ගේ ආත්මගරුත්වයද, රටේ සංස්කෘතියද, නැතිනම් රෙදි ගැළවී ඇති සංවිධායකයන්ගේ නම්බුවද? තරුණයකු වුවද ගළවා විසිකළේ අමුඩයක් නොවේ. කාන්තා යට ඇඳුමකි. දෙවැන්න වේදිකාව මතට ගොඩවූ නෑම්බියගේ ආලිංගනයය. අපගේ විග්‍රහයන්ට අනුව මේ ප්‍රසංගය නම් තැබීමේ සිටම අපුළය! එහෙත් මෙහිදී කිවයුතු තවත් දෙයක් තිබේ. එනම් මේ ප්‍රස්තුත සංස්කෘතික සෝදාපාළුව හදිසියේ එන්රික්ගේ ජවුසම නැටූ දා හවස සිදුවූ ක්ෂණික භූ කම්පනයක් බඳු යමක් නොවන බවයි. පෙරදිග සංස්කෘතියේ වෙනස, සාම්ප්‍රදායික වැසියා නොඉවසන්නේ නව සංස්කෘතික සම්ප්‍රදායන්හී ලැජ්ජා බය සීඝ්‍රයෙන් ඉවත්වීම නිසාය. ලිංගිකත්වය සම්බන්ධ කරුණු කාරණා වලදී මේ ලැජ්ජා බය පිළිබඳ ප්‍රතිමාන තීව්‍රය; ප්‍රභලය. මේ ජවුසං වල අප නොදකින ලැජ්ජා බය, සමාජ හරයන්ගෙන් සේදී යන්නට පටන්ගත්තේ අද ඊයේද; එන්රික් නිසාද? කිසිසේත්ම නැත. මෙය හදිසි “අභාවයක්” නොවේ. ලෙඩා මැරෙන්නට පටන්ගෙන බොහෝ කල්ය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ සිද්ධිය යමකු මතට ඇබ්බැහි වීමට පර්යායය. ගමේ බාසාවෙන් කියන්නේ නම් පළමු වතාවට වීදුරුවක් බොන එකා දෙවන තෙවන දවස වන විට වීදුරු ගණන වැඩි කරනවා පමණක් නොව, පළමුව යාලුවන් සමග බී අවසානයේදී මාමා, බාප්පා, හෝ අප්පා සමගද බොයි. කැබ්රේ නැටුම් මෙරටට හඳුන්වා දෙද්දී, ඒ වේදිකා අභියස පස්වනක් ප්‍රීතියෙන් ප්‍රමෝදයට පත්වූ ලොකු ලොක්කෝ අනාගතයේ දවසක සුද්දෙක් සිංදු කියද්දී තම දියණියෝ තනපට ගලවා වී යැයිද, අසිහියෙන් වේදිකාවට ගොඩවී සුද්දා හපාකාවි යැයිද සිතන්නට නැතුව ඇත. එදා “ආච්චි උනත් මොකද හොදට ලව් කරනව නම්”, “මස් මොකටද කට්ටෙ සොමිය දැනුනෙ එදානේ” රිද්මයට කොටහළු වූ කෙල්ල මැදි කරගෙන නැටූ වැඩිහිටියන් මේ ටික ටික සේදී යන්නේ අපේ සමාජයේ දේව ධර්ම නේදැයි නොසිතන්නට ඇත. නැටුවේ නැතිවුවද ඉලපතක් අතට නොගෙන ඒවා දෙස බලා “අනේ අනිච්ඡං” යැයි පමණක් සිතූ වැඩිහිටියෝද මේ සෝදායෑමට වගකිව යුතුය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනව යෞවනය හා ආදරය අතර ඇත්තේ කෙබඳු සබඳතාවක්දැයි අපි දනිමු. එය සුන්දරය. එහෙත් නූතනයේ ඉතා ඛේදජනක ලෙස ඒ නව යෞවනය හා බැඳෙන්නේ කාමුකත්වය ය. නව යොවුන් තරුණියන්ගේ වටොර මත චොක්ලට් තබා, එය දිවගින් ගන්නට තරුණයකු යොදවන මට්ටමේ “සම්භාව්‍ය” වැලන්ටයින් උත්සව සංවිධානය කරමින්, ශ්‍රී ලාංකීය තාරුණ්‍යය මත පැටවූ ටියුෂන් මාස්ටර්ලාද මේ චෝදනාව භාරගත යුතුය. මුළුමනින්ම ලිබරල් නොවූවද, නූතන පුරවැසියන්ට ලිබරල් අහුමුළු වල සංස්කෘතික භාවිතාවන් අත්විඳීමට හැකි තාක්ෂණික කවුලු, ඉඩහසර ඕනෑ තරම් තිබේ. කාම චිත්‍රපට නැරඹීමට ඇබ්බැහිවූ නව යොවුන් වියේ දරුවන් සීඝ්‍රයෙන් ඉහළ යන්නේ එහෙයිනි. ශ්‍රී ලංකාවේ තරුණ පාසල් ශිෂ්‍යාවන් සිය මිතුරියන්ගේ උපන්දින සාද සමරන්නට පුරුෂ ලිංගයන්ගේ හැඩයට තැනූ කේක් ඇණවුම් කරන්නේ එහෙයිනි. අන්තර්ජාල කවුලු ඉදිරිපිට සලුපිළි උනා දුරස්ථ මෛථුන්‍යයේ යෙදෙන්නේ එහෙයිනි. ඉහළ තාක්ෂණික සාක්ෂරතාවක් හා අන්තර්ජාල සම්ප්‍රවේශය සඳහා වරම් ඇත්තෝ එසේ වෙද්දී,  සාමාන්‍ය ගැමි සමාජය පාර දෙපස දකින්නේ කාන්තා යට ඇඳුම් සන්නම් ජනප්‍රිය කරවීම පිණිස වන හෙලු ඇලි නිළියන්ගේ රූප නා නිරූපන සහිත යෝධ දැන්වීම් පුවරුය. මේ සියල්ල ඒ ලැජ්ජා බය නැතිකිරීමෙහි ලා සමව දායක වූ බව වගකීමෙන් කියන්නෙමු. යට ඇඳුම් දැන්වීම් පමණක් නොව, “යෞවනය පොපියන්නට” නැටවූ සිසිල් බීම දැන්වීම්ද, “සෙක්ස් ඇන්ඩ් ලව්” එළිපිට නොකීවද, පළමුව කොළඹද, ඉන් නොනැවතී සෙංකඩගලපුරද “කලම්බෝ\/කැන්ඩි නයිට් රෙස්” පැවැත්වූ ඇත්තෝද සංස්කෘතික අධිකරණයේ අධිචෝදනා ලැබිය යුත්තෝමය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑන්රික් ගියේය. හෙට අනිද්දා කේ.කේ. එයි. ඒ ඉන්දියාවේ සිටය. එහිදී කවුරුන් කුමක් ගලවා විසිකරනු ඇත්දැයි අපි විමසිල්ලලෙන් බලා සිටිමු. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E-\u003Cb\u003Eආචාර්‍ය චමිල ලියනගේ \u003C\/b\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E(Like us on facebook)\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/9182433272288166389\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/01\/BraEnrique.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/9182433272288166389"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/9182433272288166389"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/01\/BraEnrique.html","title":"එන්රික්, “සෙක්ස් ඇන්ඩ් ලව්” හා තවත් අය: සමාජ ඛේදවාචකයක පාර්ශවකරුවන්, විනිසුරුවන් හා වින්දිතයන් "}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/4.bp.blogspot.com\/-ViUdOGGotqs\/VqjorWMvBbI\/AAAAAAAAA0M\/XZLRK1lQMyw\/s72-c\/215.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1062184782887215747"},"published":{"$t":"2015-03-16T07:21:00.000+05:30"},"updated":{"$t":"2015-03-16T14:40:41.143+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Art"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"චමිල ලියනගේ"}],"title":{"type":"text","$t":"\"මහරජ ගැමුණු\" නරඹනවාට වඩා සමවදින්නට ය"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/--DaWHQy6SbE\/VQY2ccDSNFI\/AAAAAAAACG4\/UOmd88Tb2T0\/s1600\/mm.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/2.bp.blogspot.com\/--DaWHQy6SbE\/VQY2ccDSNFI\/AAAAAAAACG4\/UOmd88Tb2T0\/s1600\/mm.jpg\" height=\"266\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමේ වනාහි \"මහරජ ගැමුණු\" සිනමා කෘතියේ සිනමා රීති සමෝධානය, රූප භාවිතය, රංග වින්‍යාසය, පිළිබඳව කෙරෙන විචාරයක්‌ හෝ සංඥාර්ථ විද්‍යාත්මක (Semiotic) විවරණයක්‌ නොවේ. එම වගකීම අප අතර සිටින ප්‍රවීණ සිනමා විචාරක ප්‍රජාවට භාර කරමු. එහෙත් සමාජගත වන ඕනෑම කලා කෘතියක්‌ හෝ ශාස්‌ත්‍රීය නිබන්ධනයක්‌ සම්බන්ධයෙන් කාලීන සමාජ දේශපාලනික කරුණු අළලා එහි අදාළත්වය, ප්‍රබලත්වය පිළිබඳ විමර්ශනයක නිරතවීම වැදගත්ය. එහෙයින් මෙය විචාරකයකු විසින් ගොනු කරනා ලද සිනමා විචාරයකට වඩා සිංහල බෞද්ධ අනන්‍යතාව දැඩි අර්බුදයකට මුහණ දී ඇති යුගයක, සිංහල බෞද්ධ රාජ්‍ය සම්ප්‍රදායේ පරමාදර්ශයක්‌ වූ ගාමණී අභය \"සජීවීව\" දැක බලාගත් සිංහලයකුගේ ආත්මීය ප්‍රකාශනයක්‌ සේ සැලකීම වඩාත් යෝග්‍යය.\u003Cbr \/\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-aq76_Wu1qJE\/VQY2Fcz2bHI\/AAAAAAAACGw\/2EroSKvwm-4\/s1600\/1511048_357158517807709_3966650089283098218_n.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003C\/a\u003Eශ්‍රී ලාංකීය සිනමාවේ නූතනය දෙස විචාරශීලීව බැලීමේදී ඉතිහාස කථා සිනමාවට නැගීමේ උත්සුකතාව කැපී පෙනෙයි. එම ප්‍රවණතාව තුළ සිනමාකරුවන් ප්‍රතිනිර්මාණ සඳහා ඉතිහාස සංසිද්ධින් තෝරාගැනීමේ ප්‍රධාන ධාරාව තුළ අප නිරීක්‍ෂණය කළ \"ක්‍රමවේදයන්\" දෙකකි. පළමුවැන්න, බොහෝ විට ග්‍රීක දේව හෝ වීරකාව්‍යයන් පදනම් කරගත් විදේශීය සිනමා කෘතිවල ආභාසයෙන් ඒ දැවැන්ත ආකර්ෂණීය පසුතල, සටන් හෝ පෙම් ජවනිකා ප්‍රතිනිර්මාණයට සිංහල ඉතිහාස කථා තුළ ඇති ඉඩකඩ මත ඒවා තෝරාගැනීමයි. \"අබා\" ඊට නිදර්ශනයකි. දෙවැන්න, සිංහල බෞද්ධයා තුළ ඉතිහාසය හා බුද්ධාගම පිළිබඳ ඇති ශ්‍රද්ධාව පදනම් කරගත් \"ජනප්‍රිය සංස්‌කෘතික මතකයට\" ගෝචර වන ශාසනික හෝ ජාතික ඉතිහාසයේ වැදගත් සංසිද්ධීන් සිනමාවට නැගීමයි. \"මහින්දාගමනය\", \"සිරි දළදාගමනය\" ඒ ධාරාවේ නිර්මාණයන් ලෙස අපි දකිමු.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ ප්‍රධාන ධාරාවන් දෙක තුළම සිනමාකරුවන් එක්‌කෝ උත්සහ දරන්නේ ඉතිහාස කථාව ඇති සැටියෙන්ම ප්‍රතිනිර්මාණය කිරීමට ය. එහිදී ඉතිහාසය පිළිබඳව ඇති ජනප්‍රිය මතවාදය තහවුරු කිරීම සුලභව සිදුවනු දැකිය හැක. එසේම යටකී \"ක්‍රමවේදයන්\" දෙකට පදනම් වන්නේ යෑයි අප අභ්‍යපගමනය කර ඇති හේතු හා තත්ත්වයන්ම පමණක්‌ සිනමා කෘතියේ එකම බලාපොරොත්තුව බවට පත්වීමේ ඉරණමද අපි නිරීක්‍ෂණය කරන්නෙමු. එමගින් සිය භාවයන් ජනප්‍රිය කලාවන්ගෙන් තෘප්තිමත් කරගැනීමට පුහුණු කරගෙන සිටින ඉලක්‌ක ගත ප්‍රේක්‍ෂක පිරිස්‌ තාවකාලික වශයෙන් සතුටට පත්වනු ඇත. නැතිනම් හුදු ආගමික ශ්‍රද්ධාව වෙත හෝ ආකෘතිගත ආධානග්‍රාහී ඉතිහාසයේ තුරුළට තව තවත් හැඟුම්බරව ගුලිවනු ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eලිත ඉතිහාස වංශකථාවන්ට අනුව \"ක්‍රිස්‌තු පූර්ව\" තුන්වන සියවසේදී සිදුවූ මහින්දාගමනයට පෙර තථාගතයන් වහන්සේ තෙවරක්‌ වැඩි සිංහලේ, බෞද්ධාගම ව්‍යාප්තව තිබුණේ නොවේදැයි තාර්තිකව සිතන්නට \"මහින්දාගමනය\" එය නරඹන්නකුගේ මනස මුවහත් කරන්නේ නැත. මුවකු වැනි අහිංසක සතකු පසුපස හඹායන \"වැද්දකු\" දෙවියන්ට කෙසේ නම් ප්‍රියවී දැයි (දේවානම්පියතිස්‌ස) තාර්කිකව සිතන්නට පුහුදුන් ප්‍රේක්‍ෂක මනසට මහින්දාගමනය වැනි සිනමා කෘතියකින් ලැබෙන පිටිවහල ශූන්‍යය. කියවා අසා හෝ පොසොන් සැරසිල්ලක පමණක්‌ මෙතෙක්‌ දැක තිබූ මහින්දාගමනයේ \"චිත්තරූප\" සමුදාය, දළදා වහන්සේ සිංහලයට වැඩිමවීම වැනි සංසිද්ධීන් සිනමාත්මක තාක්‌ෂණික රූප භාෂාවකින් අත්විඳ, බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔද වැඩෙන සිතක්‌ \"සාදුකාර පැවැත්වීම\" ප්‍රතීයමාන කරන්නේ ප්‍රේක්‍ෂක මනසේ මතුපිට ස්‌ථරයකට බලපෑම් කරන්නට ඒ සිනමා කෘතීන් තුළ ගැබ් කරනු ලැබු සිනමාකරුවාගේ දැක්‌මයි. සීමාවයි. එය ඉතිහාසය පිළිබඳ නිර්දේශපාලනික සිනමා භාවිතයකි. අපි ඒ දැක්‌ම විවේචනය නොකරමු. සදාචාර විනිශ්චයකට ලක්‌ නොකරමු. එහෙත් ඒ පිළිබඳ යමක්‌ කීම අවශ්‍යම වූයේ ඉතිහාසය හා සිනමාව මුහුවන තවත් අවස්‌ථාවක්‌ වන \"මහරජ ගැමුණු\" කෘතිය ඉහත කී ඉතිහාස කථා සිනමාවට නැගීමේ නූතන ප්‍රවණතාව තුළ ස්‌ථානගත කරන්නටය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමානව සමාජයන්ගේ ඉතිහාසය වූ කලී, පංති අරගලවල ඉතිහාසය යෑයි කාල් මාක්‌ස්‌ වරෙක ප්‍රකාශ කළේය. සිංහලයන් සම්බන්ධයෙන් අපට කියන්නට ඇත්තේ, සිංහල ඉතිහාසය වූ කලී, සහස්‍ර වර්ෂ ගණනාවක්‌ මුළුල්ලේ සිය ජාතික, ආගමික අනන්‍යතාවට හා භෞමික අඛණ්‌ඩතාවට එරෙහි බලවේග අභිමුවෙහි සිදු වූ සිංහල නැගිටීම්වල ඉතිහාසය බවයි. \"මහරජ ගැමුණු\" සිනමා කෘතිය, ඒ ඉතිහාසයේ සුවිශේෂිතම සංසිද්ධියක්‌ නූතනයට ගෙන ඒම තුළ, සිංහල බෞද්ධ රාජ්‍ය සම්ප්‍රදායේ \"ගාමණී අභය චින්තනය\" පිළිබඳව වඩාත් සාරගර්භ සමාජයීය කතිකාවකට අනිවාර්යයෙන්ම මුල පිරෙනු ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eගාමණී අභය වෘත්තාන්තයේ නූතනයට පමණක්‌ නොව සිංහල සමාජ දේශපාලනික තත්ත්වයන්ට ඇති සර්ව කාලීන අදාළත්වය \"history repeats itself\" යන ඉංග්‍රීසි කියමන අභිභවා යන්නේය. එදා මෙදා තුර, බලය පිණිස දේශීයව ස්‌ථානගතවී සිටි හෝ දකුණු ඉන්දියානු චෝල, චේර, පාන්ඩ්‍ය හෝ විජයනගර් රාජ්‍යයන්ගේ \"පිහිට පැතූවන්\" නිවහල් රුහුණේ ගොඩ නැගෙන සිංහල බලය පිළිබඳ එළාරට ගතු කියන්නට එන දීඝාභය නියෝජනය කරන්නේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-aq76_Wu1qJE\/VQY2Fcz2bHI\/AAAAAAAACGw\/2EroSKvwm-4\/s1600\/1511048_357158517807709_3966650089283098218_n.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/2.bp.blogspot.com\/-aq76_Wu1qJE\/VQY2Fcz2bHI\/AAAAAAAACGw\/2EroSKvwm-4\/s1600\/1511048_357158517807709_3966650089283098218_n.jpg\" height=\"266\" width=\"400\" \/\u003E\u003C\/a\u003Eගාමණී අභයගේ විජයග්‍රහණය හුදු සිද්ධි මාත්‍රයක්‌ පමණක්‌ද? එය නූතනයට නිකුත් කරන්නා වූ පණිවුඩය කුමක්‌ද? සටන සූත්‍රගත වන්නේ ගාමණී අභයගේ උපතටත් පෙර බව \"මහරජ ගැමුණු\" අපට කියයි. ගිලන්ව මරණ මංචකයේ වැදහොත් කුඩා සාමනේරයන් වහන්සේට සිය කුස පිළිසිඳ ගන්නා ලෙසට කෙරෙන වෙහෙර මහා දේවියගේ ඉල්ලීම වනාහී හුදු ඕලාරික පැතුමක්‌ නොවේ. ඒ තුළ ගැබ්ව තුබුණේ ඉන්දියානු ව්‍යාප්තවාදයේ කපටි හීන්සැරයට එරෙහි සිංහල අරගලයේ කූටප්‍රාප්තිය පිළිබඳ දෘඪතර අධිෂ්ඨානය බව තේරුම් ගත යුතුය. \"මහරජ ගැමුණු\" සිංහල ජාතික විමුක්‌ති අරගලයට නිකුත් කරන පණිවුඩය වනාහී, ජාතික විමුක්‌තිය යනු හත් අට මසෙකින් ඵල නෙලාගත හැකි ක්‌ෂණික ආහාර පන්නයේ කටයුත්තක්‌ නොවන බවයි.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003Eඡත්‍ර ප්‍රමුඛ එළාරගේ සෙබළ මුල, මහවැලියෙන් එතෙරව රුහුණට පලා යන සිවිල් වැසියන් සමූහයක්‌ තොටියාද සමග විද මරනු ලබත්, උණු ලේ ගලායන මළ සිරුරු සමගින් ගඟ පහළට පාවී යන පාරුව, මහාවංශයේද නොසඳහන් එළාරගේ සිව් සාළිස්‌ වසක පාලනයේ සැඟවුණු කෲරත්වය හඬගා කියනවාටත් වඩා, දෙගම්බඩ දෙපිරිසක්‌ විසින් පාලනය කෙරෙද්දී අතරමං වන සිවිල් වැසියන් පිළිබඳ වූ සාන්දෘෂ්ටික සහකම්පනයක්‌ද, දේශපාලන ප්‍රශ්නාර්ථයක්‌ද ප්‍රේක්‍ෂකයා තුළ ජනිත කරයි. එය ඉතා ප්‍රබල සංකේතයක්‌ බවද කිව යුතුය. ඒ සිද්ධි මාත්‍රයෙන් ගාමණි අභයගේ නෙතගට එන කඳුළ සංකේතවත් කරන්නේ ඔහු සාමාන්‍ය ජනතාවගේ දුක හා සැප හඳුනන අනාගත ජන නායකයකු බව විණා, මාළිගයක පස්‌කම් සැප විඳින්නට සූදානම් කුමාරයකු බව නොවේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසිංහල බෞද්ධ රාජ්‍යයක ස්‌වාධීනත්වය නොරුස්‌සන (වේළුපිල්ලේ පිරභාහරන් දක්‌වා වූ) කවර නම් ආක්‍රමණිකයකු වුවද, ජයසිරි මහ හාමුදුරුවන් දාඨා ධාතූන් වහන්සේ ආදී වූ සිංහල බෞද්ධයාගේ උත්තම වන්දනයට බඳුන් වූ වස්‌තූන්ට අත තබන්නට ක්‍රියා කළ බව මහරජ ගැමුණු කථාව තුළද විද්‍යමානය. එසේම දකුණේ ස්‌වාධීන සිංහල බෞද්ධ රාජ්‍යයෙන් යොදුන් සිය ගණනක්‌ දුරස්‌ථව වුවද ඉන්දියානු ආක්‍රමණිකයාගේ අග නගරයේ වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ජීවිත පරිත්‍යාගයෙන් රැක ගැනීමේ වගකීම සාමාන්‍ය වැසියා පැහැර නොහැරිය බවද \"මහරජ ගැමුණු\" අපට කියයි. රුහුණේ චර පුරුෂ සේවයද, සංග්‍රාමික කණ්‌ඩායම්ද අනුරාධපුරයට සූක්‌ෂමව ඇතුළු වෙද්දී කැළඹෙන භට්‌ටාර ඇතුළු පිරිස කියන්නේ අපට පාලනය කළ නොහැකි පිරිසක්‌ අනුරාධපුරයේ සිටින බවය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ මහා අරගලය භික්‌ෂූන් වහන්සේලාගේ කාර්යභාරය පිළිබඳව සිදු කෙරෙන්නා වූ සියුම් විවරණය ද නූතනයට බෙහෙවින් අදාළය. අරගලයේ කාර්යභාරය හා භූමිකාවන් පිළිබඳ ගාමණි අභය හා තිස්‌ස කුමරුවන් තුළ ඇතිවන්නා වූ ව්‍යාකූලත්වයත්, සිදුවන්නට ගිය විනාශයත් මුළුමනින්ම සංසිඳුවීමට උන්වහන්සේලා විසින් දරණ ලද වෑයම, ජාතික බලවේග සමග ක්‍රියාකාරී වර්තමාන භික්‍ෂූන් වහන්සේලා කොන්දේසි විරහිතව අවබෝධ කොටගත යුතුව තිබේ. ඉදින් උන්වහන්සේලාගෙන් පිරිසක්‌ ගාමණී අභය නිවැරදි බව හා සෙසු පිරිස තිස්‌ස නිවැරදි බව කියන්නට ගියා නම්, සිංහලයාගේ ඉරණම අදට වඩා වෙනස්‌ වන්නට තිබුණි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eගාමණී අභය තරුණ සිත වරෙක නොරිස්‌සුවද, තුන් කල් දක්‌නා කාවන්තිස්‌සයන්ගේ තැන්පත් විචක්‌ෂණය, ක්‍රමෝපායික ඉවසීම හා සටන සඳහා සිදුකරන න්‍යායික මගපෙන්වීම ජයග්‍රහණය සඳහා කෙතරම් කේන්ද්‍රීය ද යන්න නිර්මාණාත්මකව පැවසීමට අධ්‍යක්‍ෂවරයා දරා ඇති වෙහෙස අවබෝධ වන්නේ සියුම් පරිකල්පනයකට පමණි. යම් හෙයකින් ගාමණී අභය හා තිස්‌ස යුද වදින්නට තීරණය කළහොත් නුඹලා ඒ කිසිවකුගේත් පැත්තක්‌ නොගත යුතු යෑයි තීක්‌ෂණ බුද්ධියකින් හෙබි කාවන්තිස්‌සයන් කළ නියෝගය සිය දෙටු පුත්‍රරත්නයේ සංග්‍රාමය පිණිස තමා ප්‍රවේශමෙන් පුහුණු කළා වූ දස මහ යෝධයින් පමණක්‌ අමතා නිකුත් කළ ආඥවක්‌ නොවන බවක්‌ දැනේ. නූතන ථේරපුත්ථාභයලාට වේලුසුමනලාටද ඉතිහාසයේ නිකුත් වූ ඒ ආඥව ශ්‍රවණය විය යුත්තේ සිංහලයා භේදභින්න වන තීරණාත්මක අවස්‌ථාවන්හිදී වගකීමෙන් සිය ස්‌ථාවරය ස්‌ථානගත කරන්නටය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසිංහල බෞද්ධයා හට ගාමණී අභය වීරයකු වුවද ඊට ප්‍රතිමත දරන පිරිස්‌, ගාමණී අභය ඉතිහාසයේ ජීවත්වීමද, ගාමණී අභය පිළිබඳ කරන කවර හෝ සුභවාදී ප්‍රතිජනනාත්මක විග්‍රහයන්ද නුරුස්‌සති. මේ තත්ත්වය කෙතරම් විවාදාපන්නද කියන්නේ නම් ගාමණි අභය වර්ගවාදයෙන් උමතු නොමිනිසකු ලෙස උලුප්පා දක්‌වන්නට ඇතැම් නිර්මාණකරුවන් පවා සාහසික වූ අවස්‌ථා අපි අත්වින්දෙමු. ඉතිහාසය විෂය පාසල් විෂය මාලාවෙන් ඉවත් කිරීමේ උත්සාහයන් තුළ පවා කරන්නට වෙර දැරුවේ, රාජාවලියේ ගාමණි අභය ඉවත් කිරීමට මිස, යටහත් රාජ ප්‍රතිරූපකයින්, රූකඩ රජුන් කළ පාලනය ඉතිහාස පොතෙන් කටුගාන්නට නොවේ. එහෙත් ජයන්ත, ගාමණි අභය නූතනයට කැඳවන්නේ හුදු රණකාමියකු ලෙස පමණක්‌ නොවේá දාර්ශනිකයකු ලෙසය ජාතික විමුක්‌තිකාමියකු ලෙසය. ඒ විවේචකයන් අනපේක්‌ෂිත ලෙස නිහඬ කරවමින් රාජ්‍ය පාලනය පිළිබඳ විචාර හෝ පර්යේෂණ සම්ප්‍රදායන්ට ගාමිණි අභය චින්තනය වස්‌තු විෂයය කරවමිනි. සිංහල ඉතිහාසයේ ගාමණී අභයගේ භාවිතාව බරපතල ආසාත්මිකතාවක්‌ වී ඇත්තන්ගේ දැන ගැනීම සඳහා ගාමණී අභය කෙබඳු මානව හිතවාදියෙකු දැයි සංවේදී මිනිසකුදැයි කියන්නට, තීරණාත්මක අවසන් ද්වන්ධ සටනින් පැරදී ඇද වැටෙන එළාර වත්කම් කරගන්නා ගාමණි අභයගේ මෘදු එහෙත් සාරගර්භ වදන් අධ්‍යක්‍ෂවරයා උපයෝගී කරගනී. \"මට කිසිදා ශ්‍රේෂ්ඨ මිතුරකු මුණ ගැසී නැහැ. නමුත් මට ශ්‍රේෂ්ඨ සතුරකු මුණ ගැසී තිබෙනවා\" යෑයි එළාර ද සපථ කරන්නේ ඒ උදාරත්වයමය. එනයින් බැලු කල ඉතිහාසය තුළ විවිධ විචාරයන්ට හා විවේචනයන්ට ලක්‌වූ ගාමණී අභය නම් වූ ශ්‍රේෂ්ඨ සිංහලයාට ජයන්ත විසින් ඉෂ්ට කර ඇති සාධාරණය සුළුපටු නොවේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅති දැවැන්ත ජාතික විමුක්‌ති අරගලයක ජය කොන්තය දරන්නා වූ ගාමණි අභය බිහි කිරීමෙහි සිට රාජ්‍යතාන්ත්‍රික මට්‌ටමින් සටන සූත්‍රගත කිරීමේ ප්‍රධාන භූමිකාවක නිරත විහාර මහා දේවියගේ පටන් ශ්‍රී මහා බෝධීන් වහන්සේ කපා හෙළන්නට එන සතුරන්ට එරෙහිව සටන් කරන්නා වූ තරුණ කාන්තාවක දක්‌වා වූ පරාසය තුළ ව්‍යවහාර වර්ෂ ක්‍රිස්‌තු පූර්ව 161-137 වැනි වකවානුවකදී වුවද සිංහල කාන්තාව සතුවූ සමාජ තත්ත්වය පිළිබඳ ප්‍රමාණවත් හෙළිදරව් කිරීමකද අධ්‍යක්‍ෂවරයා නිරත වෙයි. තුන් සිංහලමය එක්‌සේසත් කරන රාජාංකුරය වූ හිද්දලයාට රන්මැණිකේත් කුඩා සාලියත් කොත්මලේ දමා යැම කළ නොහැක්‌කක්‌ නොවේ. එහෙත් හිද්දලයා පළමුව සිංහල පිරිමිකමද දෙවනුව රජකු විසින් සිය යටත් වැසියන් අභිමුවෙහි පලට කළ යුතු වගවීමද පෙන්වන්නේ රන් මැණිකේත් කුඩා සාලියත් සම්බන්ධයෙන් යුක්‌තිය පසිඳලීමෙනි. නූතන කාන්තා විමුක්‌ති ව්‍යාපාර සඳහා බටහිර ආදර්ශ ආකෘති ආනයනය කරන අපේ කාලයේ ක්‍රියාකාරිණියන් වෙත එයින් නිකුත් කෙරෙන පණිවුඩය අපි අගය කරමු.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසුඛාන්ත, දුක්‌ඛාන්ත, සටන්, යුද, හිංසන, දාමරික, වීරකාව්‍ය, වික්‍රම, හාත්සෝත්පාදක, වාර්තා, බටහිර ආදීවූ (තවත් බොහෝ ප්‍රවර්ග හෝ උප ප්‍රවර්ග ඔස්‌සේ බෙදිය හැකි) සිනමා රීතීන් සඳහා පදනම් වන්නේ සිනමා කෘතියට පාදක වන ආඛ්‍යානයේ මූලිකාංගයි. ඒ ඔස්‌සේ මේ දැවැන්ත කෘතිය ඇතැම් තන්හී ඓතිහාසික ප්‍රබන්ධයක්‌ ලෙස විවරණය කර තිබෙනු අප දුටු නමුත් එය සදොස්‌ය. වරෙක හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් කීවේ උපන් දරුවන්ට වේලා පත්කඩ ලියනවා විනා, අම්මලා දරුවන් වදන්නේ සැකසු වේලා පත්කඩවලට නොවේ\" කියා ය. රීතිය හෝ විචාරය නිර්මාණය මත වෙනස්‌ විය යුතු විනා, රීතිය හෝ විචාරය මත නිර්මාණය බිහිවීම සිදු නොවිය යුතුය. සිංහලයේ මහා විමුක්‌ති අරගලය හා ජයන්ත චන්ද්‍රසිරි, ගුණපාල රත්නසේකර යුග්මයේ සුසංයෝගයෙන් සිදුවී ඇති එහි ශ්‍රව්‍ය දෘෂ්‍ය ප්‍රතිනිර්මාණය වනාහී නව රීතියක්‌, නව විචාර සම්ප්‍රදායක්‌ ජනනය කළ යුතු, කළ හැකි දැවැන්ත සිනමා කෘතියකි. එහෙයින් සිදුවිය යුත්තේ පවතින විචාර කෝදු හා ප්‍රතිමාන ඔස්‌සේ මහරජ ගැමුණු මිණීම නොව එය මැනීමට නව කෝදුවක්‌ සැකසීමය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅසූව දශකයේ සමස්‌ත භාරතයම ආධ්‍යාත්මිකවද, දේශපාලනිකවද ප්‍රබෝධමත් කළා වූ රාමායන දෘෂ්‍ය කාව්‍යයේ ටෙලි මැවුම්කරු වූ රාමානන්ද සාගර් භාරතය පුරා ප්‍රචලිත තුල්සි දාස්‌, කම්හර් වාල්මීකී ඇතුළු සම්භාව්‍ය කවීන් දහ අට දෙනෙකු විසින් ගෙත්තම් කළ රාමායන කාව්‍යයන්ද, සෙසු ජනශ්‍රැති ගත විශ්වාස හා ජන නාට්‍යයන්ද අධ්‍යයනය කොට එක්‌ මහා වීර කාව්‍යයක්‌ ගොතා ගත්තේය. ඔහු ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයට නගන්නේ එයයි. 2009 ඇරඹූ මහරජ ගැමුණු ප්‍රතිනිෂ්පාදන දැවැන්ත කාර්යයේ පළමු පිම්ම වූ ජයන්ත චන්ද්‍රසිරි විසින් මහාවංශයේද ථූපවංශයේද සෙසු ඉතිහාස ග්‍රන්ථවලද, ජන විඥනයේද ජීවත් වූ මහරජ ගැමුණු එක්‌ කෘතියකට එකතු කිරීම සාගර්ගේ ඉහත කී දැවැන්ත කාර්යයට නොදෙවැනි බව මගේ වැටහීමයි. එය පර්යේෂණාත්මක හා තාර්කික කටයුත්තකි. ඒ සඳහා ජයන්ත මූලාශ්‍ර රාශියක්‌ සමග අන්තර් ක්‍රියා කොට ඇත්තේය. ඒ පියවර සඳහා වියදම් වූ රුපියල් සත ප්‍රමාණය අනල්ප වූවා විය හැක. එහෙත් අධ්‍යක්‍ෂවරයාට පෙර එතැන සිටි ජයන්ත චන්ද්‍රසිරි නම් දේශප්‍රේමි ඉතිහාස ගවේෂකයාගේ චින්තනමය ආයෝජනය හා ප්‍රතිභාව අමූල්‍ය ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"මහරජ ගැමුණු\" පන්නයේ වීරකාව්‍යයන්ගේ නිෂ්පාදනය අපේක්‍ෂාවෙන් සිටි අය කළ යුතු වන්නේ එහි අඩුපාඩු උලුප්පා දක්‌වනවාට වඩා එය වැළඳ ගනිමින් භාවිත කිරීමය, එය කේන්ද්‍ර කරගත් සමාජ කතිකාවකට මුල පිරීමය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eජාතිමාමකත්වයෙන් පොපියන තරුණ ගාමණී අභය කොත්මලේ පැමිණීම හා මඩ මිරිකා වී ගන්නා හෙළ කර්මාන්තය පසුබිමෙහි පීදී කිරිවැදී සුවඳ හමන \"හිද්දලයාගේත්\" රන් මැණිකේගේත් ආදර අන්දරය, සිහිවිකල් විපරිත, නූතන, තාරුණ්‍යය කෙතට කැඳවයි. බතට පෙර බැත ගැන කියාදෙයි. තවත් තැනකදී ජාතික විමුක්‌තිය පිළිබඳව තරමක්‌ පෘථුල කියෑවීම සහිත චින්තනයන් සංකල්පීය සංස්‌ලේෂණයන් සඳහා පොළඹවයි. හුදෙක්‌ ඉතිහාස කථාවක්‌ කියෑවීමෙන් පමණක්‌ ඒ පෙළඹවීම නොසිදුවන්නේය. ලිතව හා ජනවහරේ මුසුව ඇති එමෙන්ම කලාතුරෙකින් අයෙකුගේ ගැඹුරු විචක්‌ෂණයන්ට දැනෙන ඉතිහාසයේ ප්‍රකාශනයන් ශ්‍රව්‍ය දෘෂ්‍ය ප්‍රතිනිර්මාණයෙන්ම පමණක්‌ ඒ පෙළඹවීම් තීව්‍ර වේ. අප ජයන්තට සුභ පැතිය යුත්තේ මහාවංශයේ ලියෑවී සිටි හා සිංහල බෞද්ධ ජන විඥනයේ තැන්පත්ව සිටි ගාමණී අභය නම් ඒ අසහාය සිංහලයාගේ ප්‍රතිරූපයට පණ දෙන්නට ඔහු දරා ඇති වෑයම ප්‍රශස්‌ථ නිසාය. මේ ඔබේම කථාවයි. ඔබ අවශ්‍යයෙන්ම එය නැරඹිය යුතු වන්නේ එහෙයිනි ·\u003Cbr \/\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E-චමිල ලියනගේ\u003Cbr \/\u003Eහයිද්‍රාබාද් විශ්වවිද්‍යාලය, ඉන්දියාව\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"color: #b45f06;\"\u003Eබුකියේ වෙනස යුතුකමට මනාපයක් (Like) දමා මිතුරන්ට ඇරයුම් කරන්න.\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px; text-align: justify;\"\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003Ca href=\"https:\/\/www.facebook.com\/yuthukama\" style=\"font-size: 17px; text-align: justify;\"\u003Ehttps:\/\/www.facebook.com\/yuthuma\u003C\/a\u003E\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"http:\/\/www.yuthukama.com\/2015\/03\/MaharajaGemunu.html\" data-layout=\"standard\" data-share=\"true\" data-show-faces=\"true\" style=\"color: black; text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/1062184782887215747\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/03\/MaharajaGemunu.html#comment-form","title":"2 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1062184782887215747"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1062184782887215747"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/03\/MaharajaGemunu.html","title":"\"මහරජ ගැමුණු\" නරඹනවාට වඩා සමවදින්නට ය"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/2.bp.blogspot.com\/--DaWHQy6SbE\/VQY2ccDSNFI\/AAAAAAAACG4\/UOmd88Tb2T0\/s72-c\/mm.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"2"}}]}});