// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%AF%E0%B7%8F%E0%B7%83+%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%AF%E0%B7%8F%E0%B7%83%20%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"},{"rel":"next","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%AF%E0%B7%8F%E0%B7%83+%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB\/-\/%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%AF%E0%B7%8F%E0%B7%83+%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB?alt=json-in-script\u0026start-index=9\u0026max-results=8"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"27"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-2834036131724906403"},"published":{"$t":"2019-08-20T07:13:00.000+05:30"},"updated":{"$t":"2019-08-20T07:14:19.523+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ගුණදාස අමරසේකර"}],"title":{"type":"text","$t":"නරේන්ද්‍ර මෝඩිගෙන් අපට පාඩමක්... 13 ඉවත් කිරීමට අවස්ථාව යළි පෑදී ඇත...!"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/1.bp.blogspot.com\/-DOl5pNK8p_E\/XVtP-Shp8-I\/AAAAAAAAG70\/80G3Lbo2-b4N-fxz1dFaFFntuwqdQkqqQCLcBGAs\/s1600\/13.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" data-original-height=\"838\" data-original-width=\"1600\" height=\"334\" src=\"https:\/\/1.bp.blogspot.com\/-DOl5pNK8p_E\/XVtP-Shp8-I\/AAAAAAAAG70\/80G3Lbo2-b4N-fxz1dFaFFntuwqdQkqqQCLcBGAs\/s640\/13.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E-ගුණදාස අමරසේකර -\u003Cbr \/\u003E \u003Cbr \/\u003Eජූලි 26 දා පාර්ලිමේන්තුව ඇමතූ මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමා විසින් අපගේ අවධානය යොමුවිය යුතු වැදගත් ප‍්‍රකාශ කීපයක් ඉදිරිපත් කර තිබෙනු මම දුටිමි. \u003Cbr \/\u003E \u003Cbr \/\u003E එතුමා විසින් ඒ ප‍්‍රකාශ ඉදිරිපත් කරන ලද්දේ රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා විසින් නව ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී යි. රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් එසේ ඉදිරිපත් කරන ලද්දේ ව්‍යවස්ථා මණ්ඩල විධායක කොමිටියේ ඉන්නා විශේෂඥයන් විසින් සකස් කරන ලද නව ව්‍යවස්ථා කෙටුම්පතයි.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E එවේලෙහි මහින්ද රාජපක්ෂ මහතා විසින් කරන ලද ප‍්‍රකාශ මෙවැනි වෙයි. \u003Cbr \/\u003E \u003Cbr \/\u003E ‘‘මේ කෙටුම්පත ඉදිරිපත් කළ අගමැති රනිල් වික‍්‍රමසිංහ කියා සිටියේ මෙය සිය රජයේ කෙටුම්පතක් නොව විශේෂඥ කොමිටිය විසින් සකස් කර ඉදිරිපත් කරන ලද කෙටුම්පතක් බවයි. මෙය ඔහු විසින් අවධාරණය කරන ලදී. එබැවින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මේ කෙටුම්පත අයිතිකාරයෙක් නොමැති කෙටුම්පතක් නොවේද? කිසිවකු විසින් වගකීම බාර නොගන්නා අයිතිකරුවකු නැති එවැනි කෙටුම්පත් ඉදිරිපත් කිරීම මගින් නව ව්‍යවස්ථා සම්පාදක ක‍්‍රියාවලියක් කෙසේ ඉටුකර ගත හැකිද? ’’\u003Cbr \/\u003E \u003Cbr \/\u003E මහින්ද රාජපක්ෂ මහතා තව දුරටත් මෙසේ ප‍්‍රකාශ කර සිටියේය. \u003Cbr \/\u003E \u003Cbr \/\u003E ‘‘අගමැති විසින් ඉදිරිපත් කරන ලද මේ කෙටුම්පතට අපි තරයේ විරුද්ධ වෙමු. ඒ කෙටුම්පත ක‍්‍රියාවට නැ`ගුව හොත් ශ‍්‍රී ලංකාව තවදුරටත් එක රටක් නොව පළාත් නමයකට බෙදා වෙන් කළ කෑලි නමයකට කඩන ලද රටක් වනු ඇත. ඒ හැම පළාතකටම වෙනම පොලිසියක් අත් වනු ඇත. භූමිය බෙදා වෙන් කෙරෙනු ඇත. කිසි දිනක ආපසු ගත නොහැකි බලතල ඒ ස්වාධීන පළාත් නමයට ලැබෙනු ඇත. එමගින් මාධ්‍යම රජය කිසිදු බලතල නැති බෙලහීන නාමික මධ්‍යම රජයක් වනු ඇත. මේ කෙටුම්පත සකස් කරන ලද්දේ දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටින සුමන්තිරන් මන්ත‍්‍රීවරයා සහ ඇන්.ජී. ඕ. නඩය විසිනුයි. මේ කෙටුම්පත ඉදිරිපත් කළ රනිල් වික‍්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියේ සිය රජය එහි භාරකාරත්වය නොගන්නා බවයි. එසේ නම් එතුමා ටී.එන්.ඒ. පක්‍ෂයද ‘ගොනාට අන්දා’ ඇති නොවේද?’’\u003Cbr \/\u003E \u003Cbr \/\u003E මේ ප‍්‍රකාශයට අමතරව මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙතෙක් මත භේදයට තුඩු දී ඇති ප‍්‍රශ්නයක් නිරාකරණය කර දීමට තැත් කර ඇති බවද මම දුටිමි. එය මෙවැනි වෙයි. \u003Cbr \/\u003E \u003Cbr \/\u003E ‘‘13 ට එහා යන පාලනයක් දීමට මා පොරොන්දු වී ඇතිය යන කතාව ඇතැමුන් විසින් පවසනු මා දැක තිබේ. 13ට එහා යන ඒ කතාව ප‍්‍රබන්ධ කරන ලද්දේ මේ ප‍්‍රශ්නය අරබයා මා සමග සාකච්ඡුා කළ ඉන්දියානු විදේශ ඇමැතිවරයා විසිනුයි. මා ඔහු සම`ග පැවසුවේ පළාත් සභාවලට ද සහභාගි විය හැකි උත්තර මන්ත‍්‍රී මණ්ඩලයක් පත් කිරීමට මා අදහස් කරන බවයි. මාගේ ඒ යෝජනාවයි ඔහු විසින් ‘13 එහා යන කතාවක්’ ලෙස අඳුන්වන ලද්දේ’’\u003Cbr \/\u003E \u003Cbr \/\u003E මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ජුලි 26 දා පාර්ලිමේන්තුව ඉදිරියේ කරන ලද ප‍්‍රකාශය මා විසින් මෙහි ලා දක්වන ලද්දේ මා ඉදිරිපත් කරන යෝජනාවට අවශ්‍යව ඇති පසුබිම මේ වන විට සැකසී ඇති බව පෙනුවනු සඳහායි. මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඒ ප‍්‍රකාශවලින් පෙන්නුම් කරනු ලබන්නේ එතුමා තවදුරටත් රජීව් ගාන්ධි අප මත පැටවූ 13 වැනි සංශෝධනය ඉදිරියට ගෙන යෑමට සූදානම් නැති බව නොවේද? මගේ වැටහීම එයයි. පසුගිය කාලය තුළ එතුමාට මුහුණ දීමට සිදුවූ ප‍්‍රශ්න, පසුබෑම්, පරාද ආදියද එතුමාගේ මනෝභාවය වෙනස් කිරීමට හේතුවන්නට ඇතැයි සිතමි. \u003Cbr \/\u003E \u003Cbr \/\u003E මගේ ඒ නිගමනය නිවැරදි නම් දැන් කළ යුතුව ඇත්තේ තමාගේ මේ නව ස්ථාවරය එතුමා විසින් හෝ එතුමා විසින් ඉදිරිපත් කරනු ලබන ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නොබියව ජනතාවට ඉදිරිපත් කිරීම නොවේද? ඒ සඳහා අවස්ථාව දැන් පැදී තිබේ.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E ඒ අවස්ථාව අපට පාදා දී ඇත්තේ 13 අප මත පැටවූ ඉන්දියාව විසින්මය. එය දෛවයේ සරදමක් ලෙසද පෙනේ. \u003Cbr \/\u003E \u003Cbr \/\u003E පසුගිය දිනෙක ඉන්දියාවේ හින්දූත්වය තුළින් පහළ වූ අසහාය නායකයා වූ නරේන්ද්‍ර මෝඩි කාශ්මිරය අරබයා ලොව මවිත කරන තීන්දුවක් ගත් සැටි අපි දුටුවෙමු. \u003Cbr \/\u003E \u003Cbr \/\u003E ගිය අගෝස්තු 5දා නරේන්ද්‍ර මෝඩි, ජනාධිපති ප‍්‍රකාශනයක් මගින් ඉන්දියානු ව්‍යවස්ථාවේ මෙතෙක් පැවැති 370 සහ 35 ඒ වගන්ති අහෝසි කළේය. එමගින් ජම්මු කාශ්මීරයට ජවහල්ලාල් නේරු අගමැති විසින් ලබාදුන් ස්වාධීන තත්ත්වය අවලංගු කර ඒ භූමිය තුළින් ප‍්‍රාන්ත රාජ්‍ය දෙකක් බිහිකිරීමට මෝඩි අගමැතිවරයාට හැකිවිය. ඉන් එකක් වන ලඩාක් ප‍්‍රාන්ත රාජ්‍යය ඉන්දියාව තුළ පහල වූ ප‍්‍රථම බෞද්ධ ප‍්‍රාන්ත රාජ්‍යය වෙයි. මෙවැන්නක් කරන ලද්දේ පකිස්තානයේ ආශිර්වාදය මත හිස ඔසවා ඇති ත‍්‍රස්තවාදය හා වෙන්වීමේ ප‍්‍රවනතාව අවසන් කරනු සඳහා මෙන්ම ජම්මු කාශ්මීරය මධ්‍යම රජයේ ආධිපත්‍යයට නතුකර ගැනීම සඳහා බව අගමැති මෝඩි විසින් පවසා තිබේ. කෙටියෙන් කියතොත් මෝඩි අගමැති විසින් සිදුකර ඇත්තේ සිය හින්දූත්ව න්‍යාය හමුවේ ඉන්දියාවේ ඇති දියාරු පෙඩරල් පාලන ක‍්‍රමය දියකර හැරීමේ පළමු පියවර ගැනීම බව මාගේ වැටහීමයි. \u003Cbr \/\u003E \u003Cbr \/\u003E නරේන්ද්‍ර මෝඩිට මෙවැන්නක් කළ හැකි වූයේ කෙසේද? ඊට ප‍්‍රධාන හේතුව නම් මෝඩි බටහිර ලිබරල්වාදයෙන් හිස කුරෝලූ කර නොගත් ජාතිකවාදියකු වීමයි. හින්දු සභ්‍යත්වය මුල්කරගත් සභ්‍යත්ව රාජ්‍යයක් බිහිකර ගැනීමට ඔහු තුළ ඇති දැඩි අධිෂ්ඨානයයි. ඉන්දියාව හින්දූත්වය මුල්කරගත් පැරණි භාරත දේශය බවට යළි පත් කිරීම මෝඩිගේ ඒකායන අභිලාෂය බව පෙනේ.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E ඉන්දියානු ජනගහනයෙන් 17% මුස්ලිම් ජාතිකයන් වුවද ඔවුන්ට ‘දොළ පිදේනි’ දී බලය ලබා ගැනීමට මෝඩි අගමැතිවරයා කටයුතු නොකළ සැටි පසුගියදා පැවැති මැතිවරණයෙන් මෙන්ම ඉන්පසු පිහිටු වූ රජයෙන්ද අපට දැකගත හැකිවිය. \u003Cbr \/\u003E \u003Cbr \/\u003E ජම්මු කාශ්මීරයට විශේෂ ස්වාධීනත්වයක් දීමට කටයුතු කරන ලද්දේ ඉන්දියාවේ පළමු අගමැතිවරයා මෙන්ම ඉන්දීය කොංග‍්‍රස් පක්‍ෂයේ නායකයකු වූ ද ජවහල්ලාල් නේරු විසිනුයි. ඉන්දියානු කොංග‍්‍රස් පක්‍ෂය භාරතීය සභ්‍යත්වය තුළින් බිහි වූ පක්‍ෂයකට වඩා බටහිර ලිබරල්වාදය දෙස බලා නිර්මාණය කරන ලද පක්ෂයක් බව එහි නූතන ඉතිහාසය විසින් පෙන්නුම් කර දී තිබේ. ජවහල්ලාල් නේරු විසින් තමන් හඳුන්වා ගන්නා ලද්දේ සිය රටෙහි සභ්‍යත්වයට අයත් නොවන පුද්ගලයකු මෙන්ම පිටත ලෝකයට ද අයත් නොවන සභ්‍යයත්ව අනන්‍යතාවක් නැති පුද්ගලයකු ලෙසයි. ඒ කියමන ඉන්දියානු කොංග‍්‍රස් පක්‍ෂයටද වලංගු යැයි මම සිතමි. කොංග‍්‍රස් පක්‍ෂයේ ඡුන්ද පදනම වන ඉන්දියානු මැද පංතිය, අරබයා අගනා විචාරාත්මක නිබන්ධනයක් :ඔයැ ටරු්එ ෂබාස්බ පසාාකැ ජක්ි්) ලියා ඇති පාවන් කේ වර්මා නමැති විද්වතා විසින් ඒ පංතිය හඳුන්වා ඇත්තේ නමින් පමණක් ඉන්දියානු වන අනුකාරක ආත්මයක් නැති පිරිහුණු පන්තියක් ලෙසයි. ඉන්දියානු කොංග‍්‍රස් පක්‍ෂය එන්න එන්නම දේශපාලන ක්‍ෂේත‍්‍රයෙන් අතු ගෑවී යන්නේ මේ නිසා නෙවේද? \u003Cbr \/\u003E \u003Cbr \/\u003E නරේන්ද්‍ර මෝඩි අරගත් මේ අභීත ක‍්‍රියාව අපට පාඩමක් විය යුතුයි. එය අභීත පියවරක් ගැනීමට අප පොළඹවන උත්තේජනයක් විය යුතුයි. මෝඩි අගමැතිවරයා සිය රට වෙනුවෙන් ගත් ක‍්‍රියා මග අප විසින් අපේ රට වෙනුවෙන් ගැනීම අරබයා විරුද්ධ වීමට එතුමාට සදාචාරාත්මක අයිතියක් නොමැතිය. එමෙන්ම මේ අවස්ථාව අපගේ රට පිළිබඳ නිවැරදි චිත‍්‍රයක් එතුමාට ලබාදීම සඳහා යොදාගත යුතු යැයි මම සිතමි. ඇමෙරිකන් ගැති ජේ.ආර්. ජයවර්ධනට පාඩමක් උගන්වනු වස් ඉන්දිරා - රජීව් මේ රට ආක‍්‍රමණය කිරීම නිසා එවේලෙහි ඉන්දියානු විරෝධයක් උද්ගත වුවද අප තුළ සනාතන ඉන්දියානු විරෝධයක් හෝ හින්දූත්ව විරෝධයක් නොමැති බවත් ඉන්දියාව අප සලකන්නේ බුදුන් අපට දායද කළ ජම්බුද්පය ලෙස බවත්, බෞද්ධ සභ්‍යත්වය අප උරුම කර ගත්තේ අසෝක අධිරාජයෙන් බවත් අප විසින් එතුමාට පෙන්වා දිය යුතුය. \u003Cbr \/\u003E \u003Cbr \/\u003E මෙවැනි අදහසක් මම එවේලෙහිද ඉදිරිපත් කළෙමි. \u003Cbr \/\u003E \u003Cbr \/\u003E ‘‘ඉන්දියාව අපට මෙවර ටොක්කක් ඇන්නේ අප කළ ඔළමොට්ටල කම් නිසා බව අපට වැටහිය යුතුයි. එය අපට මදිකමක් නොවේ. මේ ආකල්පයෙන් යුතුව කටයුතු කිරීමට අප පෙළඹුන හොත් මේ ගිවිසුම තුළ ඇති අපට අහිතකර කොටස් ඉවත් කර ගැනීමේ අවස්ථාවද අපට පෑදෙනු ඇත.’’ (ගනඳුර මැදියම - පෙරවදන)\u003Cbr \/\u003E \u003Cbr \/\u003E 13 සංශෝධනය බලහත්කාරයෙන් අපට ගල්ලවන ලද්දේ එය මේ රටේ ඇතැයි කියන ඊනියා ජනවාර්ගික ප‍්‍රශ්නයට අවශ්‍යව ඇති පිළියම වශයෙන් පෙන්වා අප මුළා කරමිනුයි. මේ රටේ ජනවාර්ගික ප‍්‍රශ්නයක් නොමැති බවත් 13 මේ රට අස්ථාවර කිරීම සඳහා ගෙන එනු ලබන කුමන්ත‍්‍රණයේ කොටමසක් බවත් මම ඒවෙලෙහි හෙළි කළෙමි. (ගන`දුර මැදියම) අද වන විට ඒ කුමන්ත‍්‍රණය් සක්සුදක් සේ පැහැදිලිව ඇති නොවේද? 13 වැනි සංශෝධනය මගින් පිහිටුවන ලද පළාත් සභා මගින් ජනවාර්ගික ප‍්‍රශ්නය විස`දුනේද? එයින් සිදුවූයේ ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදයට උඩගෙඩි දීමය. දෙමළ, මුස්ලිම් ජාතිවාදී නායකයින්ට උතුරේ - නැගෙනහිර සිය රාජධානි පිහිටුවා ගෙන බලලෝභී නිවට සිංහල නායකයන් වස`ගයට ගෙන ‘රජුන් තැනීමේ’ - ආණ්ඩු පිහිටුවීමේ බලය ඔවුන් අතට ලබාගැනීමයි. රටේ බහුතරය සුළුතරය බවට පත්කර සුළුතරය බහුතරය බවට පත්කිරීමයි. \u003Cbr \/\u003E \u003Cbr \/\u003E මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් කළ යුතුව තිබුණේ ප‍්‍රභාකරන් විනාශ කළ පසුදාම 13 අහෝසි කර පළාත් සභා විසිරුවාලීමයි. එහෙත් සිදුවූයේ එවැන්නක් නොව තුප්පහි උපදේශකයන්ගේ ඇණවුම පිට LLRC නමැති තුප්පහි කොමිසම අටවා මෙරට ජනවාර්ගික ප‍්‍රශ්නයක් ඇතැයි යන මිථ්‍යාව ලෝකය හමුවේ සනාථ කිරීමයි. එවෙලෙහි මේ රටේ ජනතාව මහරජාණෝ යැයි මහින්ද රාජපක්ෂයන්ට ආමන්ත‍්‍රණය කළේ ඔහු අතින් රට බෙදන 13 අහෝසිවනු දකින අභිලාෂයෙනි. \u003Cbr \/\u003E \u003Cbr \/\u003E අද මේ ජාතික මෙහෙවර පැවරී ඇත්තේ තව ටික දිනකින් මේ රටේ ජනාධිපති බවට පත්වන ගෝඨාභය රාජපක්ෂ මහතාටයි. මේ රටේ ජනතාව අසීමිත උද්යෝගකින් එතුමා තෝරා පත්කර ගෙන ඇත්තේ අතපසු වී ඇති මේ ජාතික මෙහෙවර ඉටු කරනු සඳහායි. ඒ සඳහා කිසියම් උත්තේජනයක්, ආදර්ශයක් අවශ්‍ය වේ නම් ඒ උත්තේජනය ආදර්ශය මේ වන විට නරේන්ද්‍ර මෝඩි අගමැතිවරයා විසින් සපයා ඇතැයි මම විශ්වාස කරමි. \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003Eදිවයින: 2019.08.18\u003Cbr \/\u003E \u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/2834036131724906403\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2019\/08\/13.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/2834036131724906403"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/2834036131724906403"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2019\/08\/13.html","title":"නරේන්ද්‍ර මෝඩිගෙන් අපට පාඩමක්... 13 ඉවත් කිරීමට අවස්ථාව යළි පෑදී ඇත...!"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/1.bp.blogspot.com\/-DOl5pNK8p_E\/XVtP-Shp8-I\/AAAAAAAAG70\/80G3Lbo2-b4N-fxz1dFaFFntuwqdQkqqQCLcBGAs\/s72-c\/13.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-7174946304396532728"},"published":{"$t":"2019-02-27T08:19:00.001+05:30"},"updated":{"$t":"2019-02-27T11:15:21.988+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Art"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ගුණදාස අමරසේකර"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සාහිත්‍ය හා විචාර"}],"title":{"type":"text","$t":"සාමූහික විඤ්ඤාණය මත ගොඩනැගිය හැකි සමාජවාදී උත්තරීතර සමාජය පිළිබඳ මගපෙන්වීමක්"},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"https:\/\/2.bp.blogspot.com\/-qNfEsGi39UE\/XHX9QJZZB2I\/AAAAAAAACKA\/9NZOf5qpWHk1LxpRzRlsR7_BQucfAW9NgCLcBGAs\/s1600\/danavadayata%2BvikalpayakV1.jpg\"\u003E\u003Cimg border=\"0\" src=\"https:\/\/2.bp.blogspot.com\/-qNfEsGi39UE\/XHX9QJZZB2I\/AAAAAAAACKA\/9NZOf5qpWHk1LxpRzRlsR7_BQucfAW9NgCLcBGAs\/s640\/danavadayata%2BvikalpayakV1.jpg\" \/\u003E\u003C\/a\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eගුණදාස අමරසේකර මහතා විසින් රචිත “ධනවාදයට විකල්පයක් - අප සතු මග” කෘතිය පිළිබඳ විචාරයකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eආර්ථික සංවර්ධනය සහ සංස්කෘතිය අතර ඇති සම්බන්ධතාව උගතුන් අතර නිරන්තර සාකච්ඡාවට බඳුන් වූ කාරණයකි. සංස්කෘතික අගය පද්ධති පිළිබඳ අධ්‍යයනයක් කළ ලන්දේසි ජාතික මහාචාර්යවරයකු වන ගර්ට් හොෆ්ස්ටඩ් ඒ මත පදනම් වී “සංස්කෘතික මාන න්‍යාය” නමින් අදහසක් ද ඉදිරිපත් කර තිබේ. මේ මාන න්‍යායට ඇතුළත් “දිගු කාලීන සහ කෙටි කාලීන නැඹුරුව” පිළිබඳ අගය ඔහු මුලින් නම් කර තිබුණේ “කොන්ෆියුසියානු අගය මානය” ලෙසිනි. ඇත්තෙන් ම, මෙම මානය හොෆ්ස්ටඩ්ගේ න්‍යායට එකතු කරගනු ලැබුවේ පසු කාලයක යි. චීනය සහ ආශ්‍රිත රටවල ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් ඔහු කළ නිරීක්‍ෂණ මෙයට හේතු විය. එනම්, මෙය ආර්ථික සංවර්ධනයට හේතු විමසමින් ආපස්සට ගිය ගමනක ප්‍රතිඵලයකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eචීනය ඇතුළු නැගෙනහිර ආසියාතික රටවල ආර්ථික සංවර්ධනය පිළිබඳ කළ බොහෝ අධ්‍යයනවල දී මේ හා සමාන සංස්කෘතික සාධක හඳුනාගෙන තිබේ. අප රට තුළ සිටින ප්‍රාඥයකු වන ගුණදාස අමරසේකර සූරීහු ද මේ කාරණය - එනම්, සංස්කෘතිය නොතකා ආර්ථික සංවර්ධන මාවතෙහි ඉදිරියට යා හැකි ද යන කාරණය; පිළිබඳ ව දීර්ඝ කාලයක් තිස්සේ විමසමින් සිටිති. 1992 දී එතුමන් විසින් “ජාතික චින්තනය සහ ජාතික ආර්ථිකය” යන හිසින් ලියන ලද ලිපිය මේ සඳහා ගෙනහැර දැක්විය හැකි අගනා මූලාශ්‍රයකි. එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් අප රටෙහි උගතුන් වෙතින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ලියැවුණු එකකි, එම ලිපිය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E1977 දී හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තියට විකල්පයක් වේ නම් ඒ පිළිබඳව තමන්ව දැනුවත් කරන මෙන් ප්‍රේමදාස ජනාධිපතිතුමා මෙ රට උගතුන්ගෙන් ඉල්ලා සිටියේ ය. මෙයට පිළිතුරු වශයෙන් ගුණදාස අමරසේකරයන් ලියා පළකළ උක්ත ලිපියෙන් එතුමා පවසා සිටියේ සංස්කෘතිය අමතක කර ආර්ථික සංවර්ධනයක් ගැන සිතිය නොහැකි බවකි. අමරසේකර ශූරින් විසින් 1992 දී එ ලෙසින් ආරම්භ කළ ආර්ථික විකල්පයක් පිළිබඳ කරුණු ගවේෂණය මේ වන විට එක්තරා ආකාරයක න්‍යායික අන්තයකට වර්ධනය කිරීමට එතුමා සමත් වී සිටිති. එතුමන් විසින් මෑතක දී ලියා පළකළ “ධනවාදයට විකල්පයක් - අප සතු මග” කෘතිය එම ගවේෂණයෙන් වර්ධනය කරගත් කරුණු සම්පිණ්ඩනය කළ අගනා රචනයක් බැව් කිව යුතු ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eගෝලීයකරණයට පක්‍ෂව සහ විපක්‍ෂව විවිධ වියතුන් විසින් ඉදිරිපත් කර ඇති අදහස් සම්පිණ්ඩනය කොට ඉදිරිිපත් කරන අමරසේකර මහතා, 1977 දී කිසිදු විචාරයකින් ත‍ොරව අප රටට හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්ති නිසා අපට උරුම වී ඇති හානිකර දේ පිළිබඳව ද කරුණු දක්වයි. ඉක්බිතිව ගෝලීයකරණයට ඇති විකල්ප පිළිබඳ කරුණු සොයමින් එතුමන් කළ ගවේෂණයේ දී සොයාගත් දේ ගැන එතුමා අපට පවසයි. මේ හා සම්බන්ධ මූලාශ්‍ර දක්වමින් එතුමන් විසින් කරනු ලබන කරුණු දැක්වීම තව තවත් කරුණු සොයායෑම සඳහා විචාරශීලි පාඨකයා හට මගපෙන්වීමකි. විශේෂයෙන් ම, ධනවාදයේ උපතට අදාළ සංස්කෘතික පදනමත්, ධනවාදය ඇති නො වූ චීනය වැනි රටවල සංස්කෘතික පදනමත් අමරසේකර මහතාගේ විචක්‍ෂණ විචාරයට හසුවෙයි. ඉක්බිතිව එතුමා අසන්නේ “මාක්ස්වාදය විකල්පයක් ද?” යන ප්‍රශ්නය යි. සංස්කෘතිය මුළුමනින් ම නොසළකා ගොඩනංවා ඇති මාක්ස්වාදී ආර්ථික වට්ටෝරුව කිසි අයුරකින් විකල්පයක් නොවන බැව් අමරසේකර මහතා පැහැදිළිකරන්නේ එම විවරණය තුළිනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙම ලේඛකයාගේ නිරීක්‍ෂණයට අනුව, ආර්ථික ගැටලුවෙන් ගොඩ ඒම සඳහා අමරසේකර මහතා විසින් පෙන්වනු ලබන මග අපට හඳුනාගත හැක්කේ මෙම මූලික කරුණු පිළිබඳ විවරණයෙන් අනතුරුව එතුමන් ඉදිරිපත් කරන අදහස් තුළිනි. විශේෂයෙන් ම, ඩේවිඩ් සී කෝටන් මහතා පවසා ඇති “අප තෝරාගන්නා ආර්ථික මග අප ගේ ඇගැයීම්, හර පද්ධතිය මත ඉදිවිය යුතු යැ” යන අදහස අමරසේකර මහතා විසින් අප වෙත ගෙනහැර දක්වන්නේ එ් පිළිබඳව එතුමන් ද අවිවාදයෙන් එකඟ වන බැවිනි. මෙම කාරණය අමරසේකර ශූරීහු නැවත නැවතත් කරුණු දක්වමින් අප හට අවධාරණය කරති. විශේෂයෙන් ම, අප සමාජය තුළ ඇති “සාමූහික විඤ්ඤාණය” පිළිබඳ එතුමන් දක්වන අදහස් මේ අරභයා අපට බෙහෙවින් ප්‍රයෝජනවත් ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E“සාමූහිකත්වය” යනු අප අගයකරන හර පද්ධතියෙහි ඉදිරියෙන් ම ඇති එකකි. උඩින් කී හොෆ්ස්ටඩ් ගේ “සංස්කෘතික මාන න්‍යාය” තුළ ද, සංස්කෘතික මාන ගැන අධ්‍යයනය කළ වෙනත් උගත්තු ද “පුද්ගලාන්තික” සහ “සමූහාන්තික” හර පද්ධති මත පදනම් වී සංස්කෘතීන් වර්ග කරති. අප කවුරුනුත් දන්නා පරිදි ලිබරල්, ධනවාදී සමාජ හොඳින් ස්ථාපිත වී ඇත්තේ “පුද්ගලාන්තික” හර පද්ධති වැළඳගෙන ඇති රටවල ය. එහෙත් “සමූහාන්තික” හර පද්ධති වැළැඳගත් සමාජවල වෙසෙන ජනතාව ලිබරල්, ධනවාදී අදහස්වලට අරුචියක් දක්වති. මෙය චීනය වැනි පෙරදිග ආසියාතික රටවලට පමණක් නොව, යම් පමණකින් සමාජවාදී සිහිනය පසුපස ගිය ලතින් ඇමෙරිකානු කතෝලික රටවලට ද පොදු කාරණයකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ රටේ වසන අපිදු “සමූහාන්තික” හරයන්ට ප්‍රියකරමු. අවුරුදු පන්සියයකට වැඩි කාලයක් තිස්සේ අඛණ්ඩව සහ මහා පරිමාණයෙන් ලැබෙන “පුද්ගලාන්තික” අගය පද්ධතීන්ගේ ආභාසය නිසා අප තුළට යම් ප්‍රමාණයකින් එම අදහස් ද කාන්දු වී ඇති බව සත්‍යයකි. ඒ හේතුවෙන්, එකිනෙකට පටහැනි අගය පද්ධති දෙකක් දරුණු ලෙසින් ගැටෙන තත්ත්වයක් ද අප සමාජය තුළ දැකගත හැකි ය. කෙසේ වුව ද, අප තවමත් වැඩියෙන් අගයකරන්නේ “සමූහාන්තික” දේ ය. එහෙයින් ගුණදාස අමරසේකර ශූරින් පවසන පරිදි අප අපේ ආර්ථික විසඳුම් සොයාගත යුත්තේ මෙම “සාමූහික විඤ්ඤාණය” මත පදනම්වීමෙනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eධනවාදී ක්‍රමය වැළඳගෙන ධනපතියන් කිහිප දෙනකුගේ වහළුන් බවට අපගේ මිනිසුන් පත්කිරීමේ උත්සාහය ද, මාක්ස්වාදී මොඩලය වැළඳගෙන නිලධාරි තන්ත්‍රයක සහ මධ්‍යගත ආයතන පද්ධතියක වහළුන් බවට අපේ මිනිසුන් පත්කිරීමේ උත්සාහය ද මේ පොළොවේ කිසි දිනෙක සාර්ථක කරගත හැකි කටයුත්තක් නොවේ. “මේ දේ කරපන්” කියා දෙන නියෝගවලට අපේ මිනිස්සු අවනත නොවෙති. “අපි මේ දේ කරමු” යැයි කී විට ඔවුහු ඒ දෙය කරති. ඒ, අපේ හැටි ය. ඉදින් අප විසින් ගොඩ නගාගත යුත්තේ “අප වෙනුවෙන් අපි” ආකාරයේ ආර්ථික මොඩලයකි. ආර්ථික සම්පත් සහ ව්‍යවසාය කටයුතු ආණ්ඩුවට පවරාගැනීම ජනසතුකිරීමක් නොවේ. ඒවා ධනපතියන් කිහිප දෙනකුට පවරාදීම ද පිළියමක් නොවේ. අද කළ යුත්තේ මේ කටයුතු මිනිසුන්ට පැවැරීමේ විකල්පයට අපි යොමුවීමයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eධනවාදයට ඇති විකල්පය මෙය යි. අප ගත යුතු මගත් එය යි. ඉදින් මේ ඇත්ත අප හට එළිකර දෙමින් ගුණදාස අමරසේකර මහතා විසින් රචිත “ධනවාදයට විකල්පයක් - අප සතු මග” කෘතිය අප සැමගේ නොමද අවධානයට පාත්‍ර විය යුතු අගනා කෘතියක් බව පැවැසිය හැකි ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E-ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama\u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/7174946304396532728\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2019\/02\/danvadayatavikalpaya.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/7174946304396532728"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/7174946304396532728"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2019\/02\/danvadayatavikalpaya.html","title":"සාමූහික විඤ්ඤාණය මත ගොඩනැගිය හැකි සමාජවාදී උත්තරීතර සමාජය පිළිබඳ මගපෙන්වීමක්"}],"author":[{"name":{"$t":"Lasantha"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13378467350850255889"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/2.bp.blogspot.com\/-qNfEsGi39UE\/XHX9QJZZB2I\/AAAAAAAACKA\/9NZOf5qpWHk1LxpRzRlsR7_BQucfAW9NgCLcBGAs\/s72-c\/danavadayata%2BvikalpayakV1.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-3390360087913636912"},"published":{"$t":"2018-01-05T23:53:00.000+05:30"},"updated":{"$t":"2018-02-09T09:18:29.876+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Art"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ගුණදාස අමරසේකර"}],"title":{"type":"text","$t":"අද තියෙන්නේ කෙප්ප සාහිත්‍යයක් - ගුණදාස අමරසේකර"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/3.bp.blogspot.com\/-Iryf9BEObH4\/Wk_CZu_yNNI\/AAAAAAAAGbE\/EX66ee4Ba1s1AKOKrxT1fLaC4J0s5zsKgCLcBGAs\/s1600\/Amarasekara.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" data-original-height=\"838\" data-original-width=\"1600\" height=\"334\" src=\"https:\/\/3.bp.blogspot.com\/-Iryf9BEObH4\/Wk_CZu_yNNI\/AAAAAAAAGbE\/EX66ee4Ba1s1AKOKrxT1fLaC4J0s5zsKgCLcBGAs\/s640\/Amarasekara.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eගුණදාස අමරසේකර මහතා දැනට මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම සාහිත්‍යධරයායි. නවකතාව, කෙටිකතාව, කවිය,විචාරය ආදී නන්විධ සාහිත්‍යාංගයන්හි බහුවිධ කුසලතා දැක්වූ ඔහු සරච්චන්ද්‍රයන් ඇසුරේ වැඩෙමින් සාහිත්‍ය යුගයක් නිර්මාණය කිරීමටද පුරෝගාමී වෙයි. එකළ මේ පේරාදෙණි සාහිත්‍ය තියුණු විවේචනයට ලක්කරනු ලැබුවේ මාර්ටින් වික්‍රමසිංහ විසිනුයි. පසුව අමරසේකරද වික්‍රමසිංහ මග ගනිමින් පේරාදෙණි සාහිත්‍ය පුපුරවා හැරීමට දායක වෙන්නේ සිය කෘතිද ප්‍රතික්ෂේප කරමින්. දැක්මකින් යුතුව සාහිත්‍යකරණයේ නියැළෙමින් අදටත් මෙරට බලපෑම් සහගත මත පළකරන සාහිත්‍යකරුවාද වන අමරසේකර මහතා සමග මේ වටමඬල කළ සාකච්ඡාවකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E\u003Cspan style=\"color: #660000;\"\u003EQ.ඔබ සරසවි ශිෂ්‍යකු ලෙස සිටියදීම ඔබේ කෘති සරසවියේ විභාගවලට නියම වෙනවා. මෙය කිසිම කෙනෙකුට නොලැබුණ භාග්‍යක් වගේම වරප්‍රසාදයක්. මෙයින් ඔබට ආඩම්බරයක් ඇති වුණාද?\u003C\/span\u003E\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමම ඒ වරප්‍රසාදයට සුදුසු නම් ඒකේ ආඩම්බර වෙන්න දෙයක් නෑ. මගේ ජීවන සුවද කෙටිකතා සංග්‍රහයෙන් සිංහල කෙටිකතාවේ නව යුගයක් ආරම්භ කළා. මගෙ හිතේ ඊට පෙර හරවත් වැදගත් කතා තිබුණේ වික්‍රමසිංහගේ පමණයි. ජී.බී. සේනානායකගේ ආකෘතිය අතින් ඉදිරිගාමී ලක්ෂණ පෙන්නුම් කරපු බොහොම හොද කතා තිබුණට මොකද ඒවා එක්තරා විදිහකට සන්දර්භය අතින් මේ සමාජය හා බැදිච්ච කතා නෙමෙයි. සුවඳ නැති නමුත් ලෝකෙට රුව ඇති කතා ලෙස මවිසින් කලකට පෙර හදුන්වනු ලැබුවේ එනිසා. මගේ ජීවන සුවඳ එනකොට ආකෘතියත්, සංදර්භයත් දෙකම එක්කාසු වෙලා මේ රටේ පසින් බිහිවෙච්ච විශේෂයෙන් මධ්‍යම පාන්තික ජීවිතය තුළින් බිහි වූ කෙටි කතා නිර්මාණයක් වෙනවා. මං හිතන්නේ සුවඳයි රුවයි දෙකම අන්තර්ගත වීමේ වැදගත්කම නිසයි ජීවන සුවද නිර්දේශ වෙන්නේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003EQ.ඔබ ලේඛකයකු හැටියට ඉස්මතු වෙන්නේ සරච්චන්ද්‍ර ඇතුළු පේරාදෙණි ගුරුකුලයේ අන්තේවාසිකයන් නිසා. අද එවැනි වරප්‍රසාදයක් කිසිම කෙනෙකුට නැහැ නේද? එහෙම තත්වයක් යටතේ පේරාදෙණි ගුරුකුලයට හා එහි නවකතාවට විරුද්ධ වීමේ සදාචාරය කුමක්ද?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඇත්ත වශයෙන්ම එදා සරච්චන්ද්‍ර ඉන්න කාලේ පේරාදෙණිය එක්තරා සංස්කෘතික කේන්ද්‍රයක් වෙලා තිබුණා. සාහිත්‍යට, නාට්‍යට, විචාරයට ලොකු සේවයක් පේරාදෙණිය ගුරුකුලයෙන් වුණා. අද එහෙම එකක් මේ රටේ නෑ. අද පේරාදෙණිය කියන්නේ එක්තරා විදිහක තවත් එක් විද්‍යාපීඨයක් නැත්නම් නිසරු බිමක් පමණයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසාහිත්‍ය කියන්නේ පුද්ගලික සබඳතා වගේ කෙළෙහි ගුණ සලකන දෙයක් නෙමෙයි. කෙළෙහි ගුණ සලකන සදාචාරයක් සාහිත්‍යයේ නෑ. ඒක බුද්ධිමය ව්‍යාපාරයක්. ලියන්නේ තමන්ගේ හෘද සාක්ෂයට අනුව. ඒ හෘද සාක්ෂයට අනුව යම් පොතක් ප්‍රතික්ෂේප කිරීම සදාචාරාත්මක ප්‍රශ්නයක් නෙමෙයි. අනිත් එක සාහිත්‍යකරුවා කියන්නේ එකතැන පල්වෙන මිනිහෙක් නෙමෙයි. ඔහුගේ ජීවන දර්ශනය වෙනස්වෙන විට අනිවාර්යෙන්ම ඔහුගේ සාහිත්‍ය පිලිබඳ දර්ශනයත් වෙනස් වෙනවා. මම මුලින් පේරාදෙණි ආධිපත්‍යය තුළ හිටියට මට ටික කලකින් තේරුණා පේරාදෙණි සාහිත්‍යයේ තිබුණු විශාල අඩුපාඩු. මට තෙරුණා ඒක මේ සමාජයෙන් වියෝ වෙච්ච එක්තරා විදිහක එක්ටැම් සාහිත්‍යක් බව. විශේෂයෙන්ම ඒක මට පැහැදිළිව තේරුණේ 71 තරුණයන්ගේ නැගිටීමත් සමග. අපි පේරාදෙණිය සාහිත්‍යයෙන් කළේ මේ රටේ සමාජ ප්‍රශ්න ගැන කතා කරන එක නෙමෙයි. පේරාදෙණියට රැස් වෙච්ච අර සීමිත තරුණයන්ගේ සීමිත ජීවිතය පිළිබඳ තමය ඒ සාහිත්‍යයෙන් සාකච්ඡා කළේ. නමුත් පුළුල් සමාජ ප්‍රශ්න, මේ රටේ තරුණයින්ගේ ප්‍රශ්න, ගැන සාකච්ඡාවක් පේරාදෙණියෙන් වියයුතුව තිබුණා. ඒත් එහෙම එකක් සිදුවුණේ නැහැ. ඒ අඩුපාඩුව මට හොදට තේරුණ නිසයි අපි සාහිත්‍ය පිළිබඳ අමුතුවෙන් කල්පනා කළ යුතුයි කියන තැනට ආවේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E\u003Cspan style=\"color: #660000;\"\u003EQ.නමුත් ඔබ යළි උපන්නෙමි විතරයි නැවත පළ නොකරන්නේ. පේරාදෙණි සාහිත්‍යයට අයිති අනෙක් කෘති කරුමක්කාරයෝ දෙපා නොලද්දෝ වාගේ ඒවා පළ කරනවා. ඔබ ඒවාගෙන් විනාශය දකින්නේ නැද්ද?\u003C\/span\u003E\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඒවා ඒ තරම් නරක නෑ. කරුමක්කාරයෝ පේරාදෙණි බලපෑමට ඉස්සෙල්ලා ලියපු නවකතාවක්. යළි උපන්නෙමි ඇත්ත වශයෙන්ම අර දෙකටම වඩා අපේ සභ්‍යත්වයට සම්පූර්ණයෙන්ම පටහැනි අපේ සංස්කෘතිය හෙළා දකින නවකතාවක්. ඒක අද ගැහුවොත් සමාජයට වැරදි ආදර්ශයක් වෙනවා. අද ලියවෙන ඒවා බලද්දී ඒක පනින රිලවුන්ට ඉනිමං බැදීමක් වගේ වෙනවා. මොකද අද සාහිත්‍යත් යළි උපන්නෙමි සාහිත්‍යක් දක්වා ගමන් කරමින් තියෙන බව පේනවා. යළි උපන්නෙමි නවකතාවේ සන්දර්භයට මම එකග නොවුණත් අඩුගානේ ඒකේ කලාත්මක බවක්වත් තියෙනවා. දැන් ලියන ඒවා එහෙමත් නෑ. අරකේ නරක ලක්ෂණ ටික විතරක් අරගෙන ලිගු දුගඳ වහනය කිරීම පමණයි දැන් නවකතාවලින් කරන්නේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකරුමක්කාරයෝ නවකතාවේ ප්‍රේම සම්බන්ධතා තිබුණට මොකද එහි වැදගත්කම තියෙන්නේ පවුල් සම්බන්ධතාවල හෝ ප්‍රේම සම්බන්ධතාවල නෙමෙයි. එක්තරා විදිහකට ගමට ධනවාදී සමාජ ක්‍රමය ඇවිල්ලා, ගමට ඡන්ද ක්‍රමය ලැබිලා, ගමේ සමගිය නැති කරලා, අපගේ පුරුෂාර්ථ, හර පද්දති එක්ක කොහොමද ගම වෙනස් වුණේ කියන එක තමයි නවකතාවේ දක්වන පුළුල් සමාජ චිත්‍රය. ඒක කියන්න නවකතාවට පිටින් ගැටගහපු එක තමයි අර ප්‍රේම කතාව. හුගදෙනෙක්ට මේක තේරිලා නෑ. කරුමක්කාරයෝ චිත්‍රපටය හදනකොට තිස්ස අබේසේකර ගත්තේත් අර ප්‍රේම කතාව. ගම්පෙරළිය නවකතාව චිත්‍රපටයට නගනකොටත් මේ දුර්වලකම තිබුණා. ගම වෙනස් වුණේ කොහොමද කියන පුළුල් සමාජ චිත්‍රය චිත්‍රපටයේ නෑ. තියෙන්නේ අර ප්‍රේම කතාව විතරයි. ඒ නිසා මේ නවකතා දෙකටම ගැටගහපු ප්‍රේමකතාවලට වඩා ඒ යට දිවෙන සමාජ, ආර්ථික, දේශපාලන විපර්යාසයි වැදගත්.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E\u003Cspan style=\"color: #660000;\"\u003EQ.ඔබ මුලින්ම දැන් මේ රටේ සාහිත්‍යක් නැතැයි මත පළ කිරීමට පුරෝගාමී වූ කෙනෙක්. සුචරිත ගම්ලත්, ඒ.වී. සුරවීර වැනි විද්වතුන්ද ජීවතුන් අතර සිටියදී මේ අදහසේ සිටියා. ඔවුනුත් අද පළවෙන නවකතා කියවීම කාලය නාස්ති කිරීමක් යැයි ප්‍රකාශ කළා. ඔබට අනුව හොඳ නවකතාවක් කියන්නේ කුමක්ද?\u003C\/span\u003E\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eහොඳ නවකතාවක් නම් ඒකෙන් පෙන්නන්න ඕන මනුස්ස ජීවිතයත් ඒ සමාජයත් අතර ඇති සම්බන්ධතාවය. මනුස්සයා ජීවත් වෙන්නේ යම්කිසි සමාජයකනේ. සාහිත්‍යකරුවා මේ දෙක අතර සම්බන්ධතාවය ගළපන්න ඕන. මේ දෙකෙන් වියෝ වෙච්ච චරිත අරගෙන වැඩක් නෑ. මළගිය ඇත්තෝ නවකතාවෙත්, යළි උපන්නෙමි නවකතාවෙත් සමාජයෙන් වියෝ වෙච්ච චරිත තියෙන්නෙ. යම් කෘතියක සමාජය අමතක කරලා මනුස්සයා ගැන කතා කරලා වැඩකුත් නෑ. මනුස්සයා අමතක කරලා සමාජය ගැන කතා කරලා වැඩකුත් නෑ. මේ දෙක අතර අන්‍යෝන්‍ය සම්බන්ධය ගළපා තිබෙනවා නම් ඒක උසස් නිර්මාණයක් කියන්න පුළුවන්. වික්‍රමසිංහ නවකතාව සමාජයේම පිළිඹිබුවක් ලෙස පෙන්නුවා. සමාජය හසුරවන දේශපාලන, ආර්ථික බලවේග ගැන නවකතාකරුවා අවධානය යොමු කරන්න ඕන. ජනතාවගේ නැණ නුවණ පාදන දේශපාලන හා සමාජ විඥානය පුළුල් කරවන ඥාන මාර්ගයක් පෙන්වන නවකතාවක් වෙන්න ඕන. අපගේ මනස මෙන්ම හදවතද විවෘත කරන මානව දයාවෙන් පිරුණු නිරූපණයක් එහි තියෙන්න ඕන. සාහිත්‍යකරුවා සමාජ විද්‍යාඥායාගෙන් වෙනස් වෙන කරුණ ඒක. අද ඒ වගේ නවකතා පළවෙන්නේ නෑ. සමාජයෙන් වියෝ වෙච්ච චරිත වටා කතුවරයාගේ මනසේ ගැටගහන කෙප්ප තමයි අච්චු ගහලා බෙදන්නේ. ඒ නිසා අද තියෙන්නේ උසස් සාහිත්‍යක් නොව කෙප්ප සාහිත්‍යක්.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E\u003Cspan style=\"color: #660000;\"\u003EQ.ඔබ හිතන විදිහට මේ සාහිත්‍ය පරිහානියට හේතු වූ පසුබිම මොකක්ද?\u003C\/span\u003E\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපේරාදෙණිය සාහිත්‍යයෙන් තමයි මේ පරිහානිය ආරම්භ වෙන්නේ. වික්‍රමසිංහගේ යථාර්ථවාදී නවකතාවට පිටුපාලා පේරාදෙණියෙන් පටන් ගත්තේ මේ සමාජයෙන් වියෝ වෙච්ච එතැනට රැස් වු තරුණයන්ගේ ජීවතවලට පමණක් සීමා වෙච්ච මනැස් පුතුන්ගේ එක්ටැම් සාහිත්‍යයක්. පේරාදෙණිය නවකතාව බිහිවුණේ මිනිසා කියන්නේ සමාජ සත්වයෙක් කියලා සලකන්නේ නැතුව පුද්ගලිකවාදයට මුල් තැන දීපු නවකතාවක් විදිහට. නවකතා විචාරය සඳහා අවශ්‍යය සමාජ සංස්කෘතික දේශපාලන විඥානයෙන් තොරවූ සරච්චන්ද්‍ර මේ කටයුත්තට අත ගැසීම නිසා සිංහල නවකතාවේ වැඩීමට අනර්ථයක් වූ බව අකමැත්තෙන් වුවත් අපට පිළිගන්න වෙනවා. මොකද මේ නිසරු අනුකාරක පේරාදෙණි නවකතාව වැඩුනේ සරච්චන්ද්‍රයන්ගේ සෙවණේ. මේ පේරාදෙණි නවකතාව එක්ක එදා දරුණුවට ගැටුනේ වික්‍රමසිංහ. ඒ මතවාදී ගැටුමෙන් පස්සේ ඇතිවිය යුතුව තිබුණේ වික්‍රමසිංහ පටන් ගත්ත යථාර්ථවාදී හරවත් සාහිත්‍ය සම්ප්‍රදාය ඉදිරියට ගෙන යාමයි. ඒත් එහෙම දෙයක් සිදු වුණේ නෑ. ඊට හේතුව පේරාදෙණිය අනුකරණය කළ අනෙක් විශ්වවිද්‍යාල දෙකත්, රජයේ පාසල්වලත් ඔජවඩනු ලැබුවේ පේරාදෙණි නවකතාව. මොකද එවකට විශ්ව විද්‍යාල ප්‍රවේශය තිබූ මහා විද්‍යාල හා මධ්‍යමහා විද්‍යාල ඇතුළු රජයේ පාසල් බොහොමයක සිංහල උගන්වනු ලැබුවේ පේරාදෙණියෙන් බිහිකරන ලද උපාධිධාරීන් විසින්. එයින් පේරාදෙණි සාහිත්‍ය ආධිපත්‍ය විශ්වවිද්‍යාලයෙන් පිටත ගම්දනව් දක්වාත් පැතිරුණා. සරච්චන්ද්‍රගෙන් පසුවත් ඔහුගේ අන්නේවාසිකයින් විසින් ගුරු පූජාවක් මෙන් ඉදිරියට ගෙන ගියේ අර කාල්පනික සාහිත්‍ය. මේ හේතුවෙන් වික්‍රමසිංහ හෙළි පෙහෙළි කරදුන් සාහිත්‍ය මාර්ගය යටපත් වුණා. ඔහුට සරච්චන්ද්‍රට වාගේ අන්නේවාසිකයන් බෝ කර ගැනීමට විශ්වවිද්‍යාලයක ඉගැන්වීමේ වරප්‍රසාදය තිබුණේ නෑ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eදෙවනුවට,\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eහතලිස් අටේ නිදහසින් පස්සේ මේ රටේ හරවත් සමාජ දේශපාලන සංවාදයක් සිදු නොවීමත් හරවත් සාහිත්‍යක් බිහිනොවීමට බලපෑවා. ජාතික නිදහස මුල් කරගෙන ඒ යුගයේදී මේ රටේ පැවති සංවාදයේ ප්‍රතිඵලයක් හැටියටයි වික්‍රමසිංහ වාගේ කෙනෙක් බිහි වෙන්නේ. හතලිස් ගණන්වල අනගාරික ධර්මපාලතුමා මූලික කරගෙන ජාතික ව්‍යාපාර ඔස්සේ මෙන්ම පියදාස සිරිසේනගේ නවකතා ආදියේ බලපෑමෙන් යම්කිසි හරවත් චින්තනයක් මේ රටේ තිබුණා. වික්‍රමසිංහගේ නිර්මාණ නිකම් ඕපපාතිකව ඇති වූ දෙයක් නෙමෙයි. ඒ හරවත් සමාජ දේශපාලන චින්තනයේ ප්‍රතිඵලයක් හැටියටයි බිහිවෙන්නේ. ඇත්ත වශයෙන්ම වික්‍රමසිංහ කෙනෙක් බිහි වෙන්නේ නෑ පියදාස සිරිසේන කෙනෙක් නැත්නම්. පියදාස සිරිසේන නිකම් උඩින් මත්තෙන් විචාරකයෙක් විදිහට කියූ දේ තමයි වික්‍රමසිංහ ඊට වඩා ගැඹුරෙන් සලකලා ඉදිරිපත් කළේ. 56 ජයග්‍රහණයටත් බලපෑවේ ජාතික නිදහස මුල් කරගෙන පියදාස සිරිසේන, ධර්මපාල තුමා ආදීන් ඇතිකරපු සමාජ චින්තනය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවුණාට මොකද බණ්ඩාරනායක මහතාටත් තමන් බලයට පත්කරපු සමාජ චින්තනය ඉදිරියට ගෙන යන්න බැරි වුණා. ඒ චින්තනමය පදනම පක්ෂයේ දර්ශනය කරගත්තේ නෑ. අද ඔය පක්ෂය දියවෙලා යන්නෙත් ඒකයි. උපන් දවසේ ඉදලා ඔළුවක් නැති කවන්ධයක්. කිසි චින්තනමය පදනමක් දර්ශනයක් නෑ. මේ අනුව පේනවා එකල පැවති හරවත් සමාජ සංවාදය දේශපාලන පරිවර්තනයකට වගේම වික්‍රමසිංහ වගේ සාහිත්‍යකරුවකුගේ බිහිවීමටත් පසුබිම සකස් කරපු බව. නමුත් එවැනි මතවාදී සංවාදයක් නිදහසින් පසු නොවීම ශේෂ්ඨ චින්තනයක් ඇති සාහිත්‍යයකරුවන් බිහි නොවීමට බලපෑවා. නවකතාකාරයෙක් වුණාම ප්‍රබුද්ධ චින්තනයක් තියෙන්න ඕන. එහෙම නැති අඥානයින් පිරිසකගෙන් හොද නවකතා බිහිවෙන්න විදිහක් නෑ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eතෙවනුවට,\u003Cbr \/\u003E\u003Cbr \/\u003E77 ජේ.ආර්. ගේ ඊනියා විවෘත ආර්ථිකය නැමැති නව යටත්විජිතකරණ සංස්කෘතික ආක්‍රමණයත් මේ සාහිත්‍ය අවපාතයට හේතු වුණා. ඔහුගේ කාලයේ සාහිත්‍ය හා ඉතිහාසය නොවැදගත් විෂයන් ලෙස සලකා අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් ඉවත් කරනු ලැබුවා. නමුත් දරුවන්ට දිය යුතු ප්‍රාථමික අධ්‍යාපනයේ කේන්ද්‍රීය නැබ විය යුත්තේ ඒ රටේ ඉතිහාසය හා සාහිත්‍යයි. එහෙත් ජේ. ආර්. කළේ එහි අනෙක් පැත්තයි. ඔහු මේවා ඉවත් කළේ ඒ විෂයන්වල තියෙන වටිනාකම නොදන්නා නිසා නෙමෙයි. ජේ. ආර්. අපට වඩා සාහිත්‍ය ගැන දන්නවා හොඳට. ඔහු ග්‍රීක, ලතින්, ප්‍රංශ, ඉංග්‍රීසි, සෝවියට් ආදී සාහිත්‍ය තියෙව්වේ. ඔහු දැනගත්තා සාහිත්‍ය නැමැති කැඩපත සේවනය කරන්න සැලැස්සුවොත් එය තමන් ගෙනයන අධම සංස්කෘතික ආක්‍රමණයට බාධාවක් වෙන බව. අපේ පාරම්පරික සභ්‍යත්වය, ඇගැයුම්, සමාජ වටිනාකම් මිනිසුන්ට සාහිත්‍ය තුළින් කා වැද්දුවොත් ඒක ජේ. ආර්. ගේ අධිරාජ්‍ය ගැති විජාතික ආර්ථිකට ලොකු බලපෑමක් වෙනවා. ඔහු දන්නවා සාහිත්‍ය කියන්නේ ජනතාවගේ සමාජ විඥානය පුළුල් කරවන්න පුළුවන් දෙයක් බව. ඒ නිසා තමයි අද මේක විජාතික කදවුරේ අය ජාතිකත්වයට එරෙහිව පාවිච්චි කරන්නේ. ජේ. ආර්ට උවමනා වුණේ සාහිත්‍යයෙන් ලබන වින්දනය වෙනුවට ටැලිවිෂනය මගින් කාමෝද්දීපන විනෝදය සපයලා උපන් සමාජයෙන් වියෝ කරන ලද පරපුරක් බිහිකර ගැනීම. එහෙව් පිරිසකට සමාජය හසුරුවන දේශපාලන ආර්ථික බලවේග ගැන විමසා බැලීමේ උවමනාවක් නෑ. ඒකේ ප්‍රතිඵලය හැටියට අද වනවිට සින්දුවෙන් සුපර් ස්ටාර් වීමේ සහ පන්දුවෙන් මුරලිදරන් වීමේ සිහින අභිලාෂය කරගත් මේ රටේ සභ්‍යත්ව විඥානයෙන් දුරස් වූ බුද්ධි හීන ගැටවරයන් පිරිසක් බිහි වුණා. ජේ.ආර්. විවෘත්ත ආර්ථිකය හරහා ඇතිකරපු නව යටත්විජිත සංස්කෘතික ආක්‍රමණය අද උච්චතම අවස්ථාවට පැමිණ තිබෙනවා. ප්‍රභාකරම්ගේ ත්‍රස්තවාදයටත් වඩා භයානක විදිහට නුදුරේදීම මේ රට විනාශ මුඛයට ඇදගෙන යනු ලබන්නේ මේ සංස්කෘතික ආක්‍රමණය විසින්. අද මේ පල්ලක් නැති සාහිත්‍ය විතරක් නෙමෙයි සමස්ත කලාවම යොදා ගන්නේ අපේ පුරුෂාර්ථ හර පද්දති හෙළා දකිමින් ජාතිකත්වයට එරෙහිව ගෙනයන එන්.ජී.ඕ. සංස්කෘතික ආක්‍රමණයේ කොටසක් හැටියයි. මේක තාම හුග දෙකෙන් තේරුම් අරගෙන නෑ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003EQ.ඔබ මුලින් පැවසුවා වික්‍රමසිංහ වැනි සාහිත්‍යකරුවකු බිහිවෙන්නේ එකල පැවති සමාජ දේශපාලන සංවාදයේ ප්‍රතිඵලයක් ලෙසින් බව. එතකොට පේරාදෙණි සාහිත්‍යට බලපෑ සංවාදය කුමක්ද? ඒ වගේම පසුකාලීනව හොද සාහිත්‍යක් බිහිවීමට අවශ්‍ය දේශපාලන සංවාදයක් සිදු නොවූයේ ඇයි?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඕනෑම සමාජයක ඇතැම් යුගවල මේ දේශපාලන සංවාදය බලවත්ව පවත්නා අතර ඇතැම් කාලවල එවැන්නක් නැත්තටම නැති තත්වයක තිබෙනවා. එකල ජාතික නිදහස මුල් කරගෙන හරවත් දේශපාලන සංවාදයක් පැවැතුණා. මම මෙයට දේශපාලන සංවාදය කියන්නේ පක්ෂ දේශපාලනය කියන පටු අරුතින් නොව පුළුල් අරුතින්. මේ දේශපාලන සංවාදය පවත්වාගෙන යනු ලබන්නේ ඒ සමාජයේ ඉන්න ප්‍රාඥයින් ජන නායකයින් විසින්. එදා මේ කටයුත්ත ධර්මපාලතුමා කළා. වික්‍රමසිංහ ආදීන්ගේ නවකතා බිහිවූයේ සමාජයේ ප්‍රබල දේශපාලන සංවාදයක් පැවති අවධියකයි. විශේෂයෙන් නවකතාව කියන්නේ ඒ දේශපාලන සංවාදයේම උත්තර සංවාදය. ඒක නිර්මාණාත්මක විචාරශීලි ප්‍රබුද්ධ සංවාදයක්. එම උත්තර සංවාදය අර දේශපාලන සංවාදයට පෙරළා බලපානවා. සේවය කරනවා. නමුත් පේරාදෙණි නවකතාව බිහිවුණේ එවැනි කිසිම සංවාදයක් නොතිබූ අබුද්දස්ස යුගයකයි. ඒ නවකතා කල්පනා ලෝක මිස සේවය කරපු දේශපාලන සංවාදයක් නෑ. එවකට ප්‍රචලිතව පැවති බටහිර නවකතාවේ ආභාසයෙන් කතුවරයාගේ මනසින් ගැටගහපු කල්පිතයක් පමණයි එහි තිබුණේ. ඒකයි පේරාදෙණි සාහිත්‍යට මනැස් තුන්ගේ සාහිත්‍යක් කීවේ. වික්‍රමසිංහ මේවාට ආදර්ශ සැපයුවේ ජපන් නවකතා කීව්වට ඒ වෙනකොට අපි ජපන් සාහිත්‍ය කියවලා තිබුණෙත් නෑ. ඇත්ත වශයෙන්ම පේරාදෙණි නවකතාවට පිටුබලය ලැබුණේ එවකට බටහිර යුරෝපයේ ප්‍රචලිතව පැවති ඩී.එච්. ලෝරන්ස්, ප්‍රාන්ස් කෆ්කා, ආන්ද්‍රේ ජීත්, ඇල්බෙයා කැමූ ආදීන්ගේ නවකතායි. එයින් පේනවා පේරාදෙණි සාහිත්‍ය කියන්නේ අනුකාරක සාහිත්‍යක් මිස කිසිම සමාජ දේශපාලන සංවාදයක ප්‍රතිඵලයක් ලෙස මේ රටේ පසින් බිහිවෙච්ච සාහිත්‍යක් නොවන බව.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඊළගට පසුකාලීනව හොඳ සාහිත්‍යක් බිහිවීමට අවශ්‍ය දේශපාලන සංවාදයක් බිහි නොවූයේ ඇයිද අහපු ප්‍රශ්නය ගැන කතා කරනවා නම් මගෙ හිතේ පසුගිය දශක එකහාමාරක දෙකක පමණ කාලය තුළ මේ රටේ තරමක් හෝ ව්‍යාප්ත වූ දේශපාලන සංවාදයක් තිබුණා. ජාතික සංවිධානවල ගිහි පැවිදි නායකයින් මේ සංවාදය රට පුරා ගෙන ගියා. දිවයින, විදුසර, කාලය සගරාව, ආදී වූ ප්‍රකාශන මාධ්‍ය තුළින් මේ දේශපාලන සංවාදය ජනතාව අතරට ගෙන ගියා. එයින් පැහැදිළිවම දේශපාලන ජයග්‍රහණ අප ලබා ගත්තත් සාහිත්‍ය ව්‍යාපාරයක් වර්ධනය කර ගැනීමට නොහැකි වුණා. අද නඩත්තු කරන එන්. ජී. ඕ. සාහිත්‍යට එරෙහිව තිබෙන්නේ මගේ සාහිත්‍ය විතරයි. ඒකනේ ඒ අය මගේ ඉස්සර සාහිත්‍ය හොදයි දැන් නරකයි කියන්නේ. මොකද මගේ නවකතා ඒ අයට ඒ අයගේම මුණ පේන කණ්ණාඩියක් වාගේ. විචාරය පැත්තෙන් සිංහලෙන් ලියන කෙනෙකුට ඉන්නේ සේන තෝරදෙනිය විතරයි. ඇත්ත වශයෙන්ම එතුමාට නවකතාවක් විචාරය කිරීමට අවශ්‍ය සමාජ දේශපාලන විඥානය තිබෙනවා. ඒ ඇරෙන්න මට පේන්නෙ නෑ වෙන කවුරුවත් එහෙම ලියනවා. අද ඒ අඩුව තිබෙනවා. මේක එක්කෙනෙක්ට දෙන්නෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003EQ. පේරාදෙණි සාහිත්‍යයත් අද සාහිත්‍යයත් අතර වෙනස ඔබ දකින්නේ කෙසේද?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපේරාදෙණි සාහිත්‍ය අපේ සංස්කෘතියක පදනම හිතා මතාම බිඳ දැමීම අරමුණු කරගෙන ලියපු ඒවා නෙමෙයි. බටහිර නවකතාව අනුකරණය කරලා ලිව්වාට මොකද එහෙම අරමුණක් තිබුනේ නෑ. එහෙත් අද මේ විදූෂකයන් අතින් ලියවෙන ප්‍රලාප අපගේ සංස්කෘතික පදනම දෙදරවා හරිනු පිණිස හිතා මතාම ලියන ඒවා බව පේනවා. අද සාහිත්‍ය හා කලාව එන්.ජී.ඕ. සංස්කෘතියේ උපාංගයක් බවට පත්කරගෙන තිබෙනවා. මේ ධනවාදී විජාතික සංස්කෘතික ආක්‍රමණයට තියෙන එකම බාධාව තමයි ජාතිකත්වය. එනිසා අද සාහිත්‍යයේ එකම අරමුණ වී තිබෙන්නේ ජාතිකත්වය විනාශ කිරීමයි. එන්.ජී.ඕ. නඩ මගින් එවැනි නවකතා ඔසවා තැබීමට කරන ආවැඩිල්ලෙන්ම එය පැහැදිළියි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003EQ.බොහෝ අය අහන දෙයක් තමයි අපි ලෝක සාහිත්‍ය ප්‍රවණතා අවශෝෂණය කරගන් නැතුව හැමදාම සිංහල නවකතාව යථාර්ථවාදී රීතියෙන් ලියවෙමින් එකතැන පල්විය යුතුද කියා. යථාර්ථවාදය යල් පැනගිය එකක් සේ සලකා සමහරු මායා ඉන්ද්‍රජාල ආදී විවිධ ශෛලීන්ට නැඹුරු වෙන බවත් පේනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅද සිංහල නවකතාව විදූෂකයන් පිරිසක් අත නැටවෙන කෙළිබඩුවක් බවට පත් වෙලා. මේ අය අප හදුන්වන්නේ ලෝක සාහිත්‍ය ප්‍රවණතා ගැන නොදත් ළිං මැඩියන් විදිහට. එය සනාත කිරීමට ඉන්ටනෙට් එකෙන් බොත්තම ඔබලා අහුලා ගත් වචන කට්ටලයක්ද මේ දීන අනුකාරකයන්ට තියෙනවා. අධි යථාර්ථය, මාය යථාර්ථය, අර මැජික් මේ මැජික් වාගේ බහුභූත කතා කියලා කරන කටමැත දෙඩවීම් නිසා ආධුනිකයා නොමග යැවෙනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයථාර්ථවාදය යල් පැනගිය එකක්ය කියන එකත් මේ විදුෂකයන් මොස්තරයට කියන තවත් එක් දුරුමතයක් පමණයි. නවකතාව යථාර්ථයෙන් වෙන් කරන්න බෑ. යථාර්ථය කියන්නේ නවකතාවේ නිජබිම. නවකතාව කියන්නේ යථාර්ථයේම තවත් එක් ව්‍යවහාරයක්. යම් කතාවක් කාල දේශ නිර්ණයෙන් යුතු හේතු ප්‍රත්‍ය නියාමය පදනම් කරගත් කතාවක් නම් ඒක නවකතාවක්. ඒ වගේම යම් කතාවක් කාල දේශ නිර්ණයෙන් තොර නම් හේතු ප්‍රත්‍ය නියාමය නොතකා තිබේ නම් එය නවකතාවක් වශයෙන් හැදින්විය නොහැකියි. එය උපමා කතාවක්, දෘෂ්ටාන්තයක්, නැත්නම් සංකේතාත්මක කල්පිතයක් විය හැකියි. යථාර්ථය සහ නවකතාව දෙකක් නොව එකක් වන්නේ එබැවින්.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉන්ද්‍රජාල යථාර්ථය, මායා යථාර්ථය, අධි යථාර්ථය ආදී මොන නම්වලින් හැදින්නුවත් ඒවා යථාර්ථවාදී රීතියේම ප්‍රභේද. මේවා යුරෝපීය හා යුරෝපීය නොවන බටහිර සංස්කෘතිය ඔස්සේ බිහිවූ සංකල්පය. ගාර්ෂියා මාකේස් අනුගමනය කරන ඉන්ද්‍රජාල යථාර්ථවාදය ලතින් ඇමෙරිකානු සංස්කෘතිය ඔස්සේ ආපු එකක්. ලතින් ඇමෙරිකානු ජනතාව දෙවියන්, යකුන්, භූතයන් ආදී විජ්ජා අදහන පිරිසක්. ඒ මයා ලෝකය ඔවුන්ගේ මනසේම කොටසක්. ඒක වත්මන් යුරෝපියන්ට ඉන්ද්‍රජාලයක් වුවත් ලතින් ඇමෙරිකානුවන්ට යථාර්ථයක්. අපටත් මෙවැනි සංස්කෘතියක පසුබිමක් තිබෙනවා. යකුන්, ප්‍රේතයන්, දෙවියන්, හොල්මන් කතන්දර, අනාවැකි නැකැත් මේවා සියල්ල අපේ සංස්කෘතියේ එන යථාර්ථයේම කොටස්. මගේ විල්තෙර, මරණය කෙටිකතා සංග්‍රහයෙත් තිබෙනවා එකපාර ජල රකුසෙක් මතුවෙන සිද්දියක්. එවැනි අභූත කොටස් සලකලා ඒවා ඉන්ද්‍රජාල රීතිය අනුව ලියවිලා තියෙනවා කියන්න බෑ. ඒවා සුද්දෙක්ට නම් ඉන්ද්‍රජාල කතන්දර විය හැකියි. එතකොට ඔවුන් හදුන්වන සංකල්ප අපි අවිචාරවත්ව වැළඳ ගන්න ඕනද? මාකේස්ම කියලා තියෙනවා මගේ නවකතා සම්පුර්ණ යථාර්ථවාදී නවකතා කියලා. ඒ වුණාට බටහිර සුද්දෙක් මොකක් හරි කිව්වම ඒක වැදපුදා ගෙන බාරගන්න ලෑස්තිවෙලා ඉන්න මෝඩයන්ටත් පිරිසක් මෙහේ ඉන්නවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසංවාදය\u003Cbr \/\u003Eරත්තනදෙණියේ මේධානන්ද හිමි\u003Cbr \/\u003E2018. 01. 05 දිවයින\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/3390360087913636912\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2018\/01\/KeppaSahithyaya.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/3390360087913636912"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/3390360087913636912"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2018\/01\/KeppaSahithyaya.html","title":"අද තියෙන්නේ කෙප්ප සාහිත්‍යයක් - ගුණදාස අමරසේකර"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/3.bp.blogspot.com\/-Iryf9BEObH4\/Wk_CZu_yNNI\/AAAAAAAAGbE\/EX66ee4Ba1s1AKOKrxT1fLaC4J0s5zsKgCLcBGAs\/s72-c\/Amarasekara.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5802547570116859284"},"published":{"$t":"2017-10-15T10:53:00.001+05:30"},"updated":{"$t":"2017-10-15T10:53:13.303+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ගුණදාස අමරසේකර"}],"title":{"type":"text","$t":"යුද අපරාධ චෝදනා කුමට ද? ව්‍යවස්‌ථා සංශෝධන මොකට ද?"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/2.bp.blogspot.com\/-xzRTOsJNY48\/WeLwlQ_CU1I\/AAAAAAAAGLo\/cEJYfl2mtEQg3YMJOkl9T5XP02ctPJipQCLcBGAs\/s1600\/GunadasaAmarasekara.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" data-original-height=\"838\" data-original-width=\"1600\" height=\"332\" src=\"https:\/\/2.bp.blogspot.com\/-xzRTOsJNY48\/WeLwlQ_CU1I\/AAAAAAAAGLo\/cEJYfl2mtEQg3YMJOkl9T5XP02ctPJipQCLcBGAs\/s640\/GunadasaAmarasekara.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E-ගුණදාස අමරසේකර-\u003C\/b\u003E\u003C\/span\u003Eනව ව්‍යවස්‌ථාවක්‌ බිහිකළ යුතුය යන උද්ඝෝෂණය ප්‍රධාන වශයෙන්ම මෙහෙයවන ලද්දේ මාදුළුවාවේ සෝභිත හිමියන් විසිනුයි. ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන අයුරින් ඡන්දය පාවිච්චි කරන ලෙස උන්වහන්සේ සිංහල ජනතාවගෙන් තොරතෝංචියක්‌ නැතිව ඉල්ලා සිටියේය.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E එහෙත් සිංහල ජනතාව උන්වහන්සේගේ ආයාචනය පිළිගත්තේ ද? ජනතාව එය පිළිගත්තේ නම් ඒ සඳහා අවශ්‍ය බලය, නව ව්‍යවස්‌ථාවක්‌ ගෙනෙන බව කියූ එජාපයට දෙනු ඇත. එසේ නැත්නම් ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ගෙන එන බව කී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට දෙනු ඇත. ජනතාව ඒ අවශ්‍ය බලය මේ පක්‌ෂ දෙකටම නුදුන් බව අපි දුටිමු. (පසු කලෙක මේ පක්‌ෂ දෙක පූට්‌ටු කරන ලද්දේ ව්‍යාජ බලයක්‌ පෙන්වනු සඳහායි)\u003Cbr \/\u003E \u003Cbr \/\u003E මෙසේ නම් මේ ව්‍යවස්‌ථාව සම්පාදනය කරනු ලබන්නේ කාගේ වුවමනාවට ද?\u003Cbr \/\u003E \u003Cbr \/\u003E ඒ සඳහා අවසරයක්‌ නොමැති නම් ඒ සඳහා යොදාගනු ලබන්නේ කුමන ක්‍රමවේදයක්‌ ද?\u003Cbr \/\u003E \u003Cbr \/\u003E මේ ප්‍රශ්න දෙකටම පිළිතුරු මේ අවසාන මොහොතේ හෝ අප ලබාගත යුතු වෙයි.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E '2015 ඔක්‌තෝබර් 1 - 30\/1' ජිනීවා යෝජනාව මඟින් අප විසින් ඉටුකළ යුතු කාර්ය හතරක්‌ ඉදිරිපත් කරන ලදී. ඒවා නම්,\u003Cbr \/\u003E \u003Cbr \/\u003E 1. විශේෂ උපදේශන මඬුල්ලක්‌ සහිත මානව අයිතිවාසිකම් කඩකිරීම් විනිශ්චය කරන නීතිමය ක්‍රියා පටිපාටියක්‌ ආරම්භ කිරීම.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E 2. සත්‍ය සොයන, යුක්‌තිය පසිඳලන, සංහිඳියාව සලසන කොමිසමක්‌ මේ රට තුළ ඇති කිරීම.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E 3. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක්‌ පිහිටුවන අතර අතුරුදන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර පනත පිළිගැනීම.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E 4. වන්දි ගෙවීමේ (යුද අපරාධ සඳහා) කාර්යාලයක්‌ පිහිටුවීම.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E අපට ඉටුකිරීමට යෝජනා කර ඇති මේ කාර්ය හතර සියුම් ලෙස විශ්ලේෂණය කර බැලූ විට මා ඉහතින් දැක්‌වූ ප්‍රශ්න දෙකට පිළිතුරු ලබාගැනීම අපහසු නොවේ. කෙළින් නොකියා ඇති නමුදු මේ යෝජනාවලින් කරනු ලබන්නේ ඉහත කී කාර්ය ඉටුකිරීම සඳහා අවශ්‍ය වෙනස්‌කම් සහිත නව ව්‍යවස්‌ථාවක්‌ ඇතිකරගත යුතු බවයි. ඒ සඳහා අවශ්‍ය අවසරය මානව හිමිකම් උල්ලංඝන පරීක්‌ෂණය මඟින් ලබාගත හැක. විදෙස්‌ විනිසුරුවන් ගෙන්වීමට නම් නීති උපදේශකයන්ගේ සහාය ලබාගැනීමට නම්, අතුරුදන් වූවන්ගේ කාර්යාලය ස්‌ථාපිත කිරීමට නම් නව ව්‍යවස්‌ථා සම්පාදනයක්‌ අවශ්‍ය වෙයි.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E ජිනීවා මානව හිමිකම් කොමිසම මඟින් සහ එහි සභාපති හුසේන් කුමරු විසින් සිය අභිමතාර්ථ සාධනය සඳහා මෙවැනි වක්‍රාකාර මඟක්‌ ගැනීම ගැන අප පුදුම විය යුතු නොවේ. මානව හිමිකම් කොමිසමට ව්‍යවස්‌ථාවක්‌ සාදනු සඳහා කිසිදු රටකට බලකළ නොහැකිය. එහෙත් සිය වපසරියට අයත් වන මානව හිමිකම් රැකීම මඟින් ඒ කාර්යය වක්‍රාකාරයෙන් ඉටුකරගත හැකි වෙයි. මෙහිදී සිදුවෙමින් පවතින්නේ එයයි.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E 2015 දී ඉදිරිපත් කරන ලද මේ යෝජනාවලිය මංගල සමරවීර ඇමැතිවරයා විසින් දොහොත් මුදුන් දී පිළිගත්තේ ඒවා අගය කරමිනුයි. ඒ ගැන අප පුදුම විය යුතු නොවේ. කුමන්ත්‍රණයක්‌ මඟින් තමන් පත්කරන ලද්දේ මේ කාර්යය - රට බෙදන ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීම සඳහා බව ජනාධිපතිත්, අගමැතිත් යන දෙදෙනාම දනිති. එබැවින් ඒ වගකීම ඔවුන්ට පැහැර හැරිය නොහැකිය.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E 2015 දී ඉහතින් දැක්‌වූ යෝජනා ගෙන එන ලද්දේ නව ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය සඳහා බව හුසේන් කුමරු විසින් 2016 ජුනි 16 දා කරන ලද ප්‍රකාශයෙන් තවදුරටත් සනාථ වෙයි. එය මෙවැනි වෙයි.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E \"නව ව්‍යවස්‌ථා සම්පාදනය සඳහා වැදගත් පියවර කිහිපයක්‌ ශ්‍රී ලංකා රජය ගෙන තිබේ. මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්‌ථා මඬුල්ලක්‌ බවට පත්කොට සියලු දෙනාම ඊට සහභාගි කරගෙන ඇත. නව ව්‍යවස්‌ථාවට ඇතුළු විය යුතු කරුණු දැනගනු සඳහා මහජන අදහස්‌ විමසන කමිටුවක්‌ (ලාල් විෙ-නායක කමිටුව) පත්කර තිබේ. 2016 දී මේ නව ව්‍යවස්‌ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 2017 දී එය ජනමත විචාරණයක්‌ වෙත ඉදිරිපත් කරනු ඇත. අපි මේවා බෙහෙවින් අගයමු\".\u003Cbr \/\u003E \u003Cbr \/\u003E \"මානව හිමිකම් ආරක්‌ෂා කිරීමේ කෝණයෙන් බලන විට මේ නව ව්‍යවස්‌ථාව මඟින් පසුගිය කාලයේ සිදුවූ මානව අයිතිවාසිකම් කඩකිරීමට තුඩුදුන් ව්‍යවස්‌ථාමය දුර්වලතා නැතිකර එවැනි දේ යළි සිදු නොවීමට හැකිවන නව ව්‍යවස්‌ථාවක්‌ බිහිවනු ඇත\".\u003Cbr \/\u003E \u003Cbr \/\u003E එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මානව හිමිකම් කඩ කිරීම් සොයා බලන ආයතනයක්‌ විනා රටවල්වල පාලනය හසුරුවන, රටවලට අවශ්‍ය ව්‍යවස්‌ථා පිළිබඳ උපදෙස්‌ දෙන, රටවල්වල අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසන ආයතනයක්‌ නොවේ. හුසේන් කුමාරයා ව්‍යවස්‌ථා සම්පාදනයට උපදෙස්‌ දෙන්නේ ඒ ගැන නොදැන නොවේ. මේ රජය තමන් පත්කර ඇති බැවින් එවැන්නක්‌ කිරීමට සාධාරණ අයිතියක්‌ ඇතැයි යන විශ්වාසයෙනි.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E මේ කරුණු නව ව්‍යවස්‌ථාවක්‌ සැදීමට බල කිරීම සඳහා මානව හිමිකම් කඩකිරීම යොදාගෙන ඇති අයුරු දක්‌වන අගනා ලිපියක්‌ ශමින්ද්‍ර µර්ඩිනැන්ඩෝ මහතා විසින් අයිලන්ඩ් පුවත්පතට (27\/09) සපයා තිබේ. එහිදී ඔහු ඉතා අගනා නිරීක්‌ෂණයක්‌ එළිදක්‌වා තිබේ. එය මෙවැනි වෙයි,\u003Cbr \/\u003E \u003Cbr \/\u003E \"යුද අපරාධ මානව හිමිකම් කඩකිරීම් ඔප්පු කිරීමට පළමු, ඊට පිළියම් වශයෙන් ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ යෝජනා කිරීම මඟින් මානව හිමිකම් කොමිසම කරන්නේ ප්‍රභාකරන්ට ත්‍රස්‌තවාදයෙන් ඉටුකරගත නොහැකි වූ දේ ඉටුකර දීමයි\" මීට තවත් වාක්‍යයක්‌ ද එකතු කළ හැකියි. මහින්ද රාජපක්‌ෂ බලයෙන් පහකරන ලද්දේ අන් කිසිවක්‌ සඳහා නොව නව ව්‍යවස්‌ථාවක්‌ මඟින් රට බෙදා ඊළමයක්‌ පිහිටුවනු සඳහායි.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E මානව හිමිකම් කොමිසම යුද අපරාධ චෝදනා මඟින් මේ රජය බිය කර නව ව්‍යවස්‌ථාවක්‌ බිහිකිරීමට සලස්‌වා ඇත්තේ යම් සේද අගමැති රනිල් වික්‍රමසිංහ සිය කොමිටි මඟින් එපරිදිම සිංහල ජනතාව බිය කර එමඟින් නව ව්‍යවස්‌ථාව අනුමත කර ගැනීමට කටයුතු කරනු පෙනේ. මෙහිදී රනිල් වික්‍රමසිංහ අනුගමනය කරන කූට උපක්‍රමය අප දැනගත යුතුයි.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E රනිල් වික්‍රමසිංහ මහතා ලාල් විෙ-නායක කොමිටිය, චන්ද්‍රිකා මෙහෙයවන කොමිටිය, කොමිටි හය ආදිය පත්කරන ලද්දේ ඒවා ගෙන එන අභූත අධම යෝජනා පිළිගැනීම සඳහා නොව ඒවා ජනතාව අතරට යවනු සඳහායි. ඒවා අසන දකින සිංහල මිනිසා විපිළිසරව බයෙන් තැතිගන්නා බව ඔහු දනී. ඔහු ගෙන ඒමට බලාපොරොත්තු වන 13 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට අනුමැතිය ලබාගනු සඳහා බියෙන් වෙළුනු මානසික තත්ත්වයක්‌ අවශ්‍ය වෙයි. රට - ජාතිය - ආගම නැතිවී යනු ඇතැයි යන බියෙන් වෙළුනු සිංහල මිනිසා 13 භාරගනු ඇත්තේ සැනසුම් සුසුමක්‌ හෙළමින් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දනී.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E රනිල් වික්‍රමසිංහයන් දියත් කර ඇති මේ කූට උපාය ක්‍රියාවට නඟනු ඇත්තේ එතුමා විසින් නොව සිරිසේන ජනාධිපතිතුමා විසිනුයි.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E තව ටික දිනකින් එය සිදු වන හැටි දැකගත හැකි වනු ඇතැයි මම සිතමි.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E ටැලිවිෂන් කැමරා ඉදිරියට එන ජනාධිපතිතුමා සිංහ ස්‌වරයෙන් මෙසේ පවසනු ඇත,\u003Cbr \/\u003E \u003Cbr \/\u003E \"ඔය එක එක කොමිටිවල ඇන්. ජී. ඕ. කාරයෝ ගෙන ඇවිත් තියෙන රට බෙදන යෝජනා මම වීසි කරනවා. මම කරන්නේ එකම එක දෙයයි. 13 සංශෝධනය ක්‍රියාත්මක කිරීමයි. මහින්ද රාජපක්‌ෂ කියපු 13 + මම දෙන්නේ නැහැ. මම කරන්නේ 13 ක්‍රියාත්මක කිරීම පමණයි\".\u003Cbr \/\u003E \u003Cbr \/\u003E එය අසා බිය තුරන්ව ගිය සිංහල ජනයා ඔල්වරසන් දෙනු ඇත.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E එපමණක්‌ නොවේ, එය අසන බටහිරයන්, ඉන්දියාව, ඩයස්‌පෝරාව, ටී. එන්. ඒ. පක්‌ෂය. ඇන්. ජී. ඕ. නඩය ද සිය ප්‍රීතිය සඟවා ගනිමින් සම්පූර්ණයෙන් බලාත්මක කළ 13 පිළිගැනීමට සැරසෙනු ඇත. ෆෙඩරල් රාජ්‍යයකට මඟ පාදන මේ භාග්‍යය මෙතරම් ලෙහෙසියෙන් අත්කර දීම ගැන ඔවුන් හුසේන් කුමරු ඇතුළු බටහිර බලවතුන්ට ස්‌තුති ප්‍රශංසා කරනු ඇත.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E හුසේන් කුමරු හමුවී පැමිණ ඇති සිරිසේන ජනාධිපතිතුමා මින් පසු අපේ රණවිරුවන්ට අත නොතබන බවත් කිසිදු පීඩාවක්‌ අත්නොවන බවත් පවසා සිටිනු මම දුටිමි. ජනාධිපතිතුමා කීවේ සම්පූර්ණ ඇත්තකි. ඔවුන්ගේ අභිලාෂය ඉටුකළේ නම්, රට බෙදන ෆෙඩරල් ව්‍යවස්‌ථාව ලබාදෙන්නේ නම් ඔවුන් තවදුරටත් රණවිරුවන්ගේ ඇඟට අත තියන්නේ කුමකටද? රණවිරුවන්ගේ ඇඟට අත නොතබනු පමණක්‌ නොව තව ටික දිනකින් යුද අපරාධ චෝදනා ද ඔවුන් හකුළා ගනු ඇත. ·\u003Cbr \/\u003E \u003Cbr \/\u003E 13 සම්පූර්ණයෙන් ක්‍රියාවට නැඟීම හානිකර නොවේය යන මතය සිංහලයාට ඒත්තු ගැන්වීමට කටයුතු කරන්නේ රනිල් - සිරිසේන රජය පමණක්‌ නොවේ. මේ රජයට විරුද්ධ යෑයි හඬ නඟා පවසන එමෙන්ම ඒකාබද්ධ විපක්‌ෂයට උපදෙස්‌ දෙන කපටි ආරක්‌ෂකයන් ද ඒ මතය අපේ මනසට කාවැද්දීමට ඉමහත් ප්‍රයත්නයක්‌ මේ දිනවල ගන්නා බව පෙනෙන්නට තිබේ. ඔවුන්ගේ තර්කය වී ඇත්තේ පළාත් ඒකකයට අඩු ඒකකයක්‌ - දිස්‌ත්‍රික්‌කය වැනි ඒකකයක්‌ භාරගැනීමට උතුරේ දෙමළ ජනයා හෝ අසල්වැසි ඉන්දියාව හෝ සූදානම් නැති බවයි. මේ යථාර්ථයට පිටුපා කටයුතු කළහොත් යළි ත්‍රස්‌තවාදයක්‌ හිස එසවිය හැකි බවත් ඔවුන්ගේ තර්කය වෙයි. ඒ තර්කය තුළම එහි නිෂේධය ඇති නොවේද? වෙන්වීමට බලා ඉන්න උතුරේ ජනයා 13 පිළිගනු ලබන්නේ ඒ තුළ වෙන්වීමේ ශක්‌තිය ඇති නිසා නොවේද?\u003Cbr \/\u003E \u003Cbr \/\u003E ත්‍රස්‌තවාදය විනාශ කළ මහින්ද රාජපක්‌ෂ 13 ඉවතලීමෙන් එදා වළක්‌වා සිටින ලද්දේ මේ කපටි ආරක්‌ෂකයන් විසිනුයි. මෙවැනිම තර්ක ඉදිරිපත් කිරීම මඟිනුයි. එදා මහින්දට කළ දේ මෙදා ඊළඟ ජනාධිපති අපේක්‌ෂක ලෙස සලකන ගෝඨාභයටත් කිරීමට ද මොවුන් තැත් කරන්නේ? මේ කපටි ආරක්‌ෂකයන් කරන්නේ සිය ස්‌වාමිවරුන්ගේ අපේක්‌ෂා ඉටුකිරීමද?\u003Cbr \/\u003E \u003Cbr \/\u003E මේ ප්‍රශ්නය සුලභ ඒකාබද්ධ විපක්‌ෂය අනුගමනය කරන ක්‍රියාකලාපය පිළිබඳව ද යමක්‌ පැවසීම වැදගත් යෑයි සිතමි.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E අද සිංහල ජනයා නිහඬව කරකියාගත නොහැකිව අසරණව සිටින්නේ තමා මුහුණදෙන මේ වින්නැහිය මේ මහා ෙ€දවාචකය ගැන ඔවුන් නොදන්නා නිසා නොවේ. ඔවුන්ගේ සිත්තුළ ඇති වේදනාව, විරෝධය පිටකර ගැනීමට මඟක්‌ නොමැති නිසායි. මේ තත්ත්වයට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ මේ ඒකාබද්ධ විපක්‌ෂයයි. ඔවුන් යු.එන්.පී. මල්වඩමට අත ගැසුවේ ඉන් අත්වන ප්‍රතිඵලය නොදැනද? මහින්ද රාජපක්‌ෂ පරාජය කරන ලද්දේ මේ ව්‍යවස්‌ථාව ගෙන ඒම සඳහා බව ඔවුන් නොදන්නේද? ඔවුන්ගේ මේ මුනිවත, මේ ක්‍රියාකලාපය 'ඩීල් එකක්‌' වශයෙන් ජනයා දකී නම් ඔවුනට දොස්‌ පැවරිය හැකි නොවේ.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E 13 පාර්ලිමේන්තුවට ගෙන ආ විට ඊට විරුද්ධව ඡන්දය දී මේ පාපකර්මයෙන් මිදී සුදනන් ලෙස ජනයා අතරට යා හැකි යෑයි ඒකාබද්ධ විපක්‌ෂය කල්පනා කළහොත් එය අතිශය මුළාවකි. ජනතා අධිකරණය ඔවුන් ද රනිල් වික්‍රමසිංහ ලෙසට චූදිතයන් ලෙස සලකනු ඇත. ඔවුන්ට සමාවක්‌ නොදෙනු ඇත.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E [Divaina]\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/5802547570116859284\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/10\/VivasthawaKumakatada.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5802547570116859284"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5802547570116859284"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/10\/VivasthawaKumakatada.html","title":"යුද අපරාධ චෝදනා කුමට ද? ව්‍යවස්‌ථා සංශෝධන මොකට ද?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/2.bp.blogspot.com\/-xzRTOsJNY48\/WeLwlQ_CU1I\/AAAAAAAAGLo\/cEJYfl2mtEQg3YMJOkl9T5XP02ctPJipQCLcBGAs\/s72-c\/GunadasaAmarasekara.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1262633669406626554"},"published":{"$t":"2016-09-20T14:59:00.002+05:30"},"updated":{"$t":"2016-11-12T08:46:37.279+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ගුණදාස අමරසේකර"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"}],"title":{"type":"text","$t":"දේවාලයේ දෙවියන්ව වැස්සට විසි කළේ ඇයි? - පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමිපාණන් වහන්සේ"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"https:\/\/www.facebook.com\/yuthukama\" data-layout=\"standard\" data-share=\"false\" data-show-faces=\"false\" data-width=\"300\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/3.bp.blogspot.com\/-mAX12N_JOs4\/V-EC0o5XeZI\/AAAAAAAAFgo\/-aSULxXjnfEmcr25XCQf6ytmoLieIT72gCLcB\/s1600\/VenElleGunavanshaThero.jpg\" imageanchor=\"1\" style=\"margin-left: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"360\" src=\"https:\/\/3.bp.blogspot.com\/-mAX12N_JOs4\/V-EC0o5XeZI\/AAAAAAAAFgo\/-aSULxXjnfEmcr25XCQf6ytmoLieIT72gCLcB\/s640\/VenElleGunavanshaThero.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nඅරසේකරයන්ගේ \"සභ්‍යත්ව රාජ්‍යයක් කරා\" කෘතිය එළිදැක්වූ අවස්ථාවේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමිපාණන් වහන්සේ විසින් පැවැත්වූ අනුශාසනාව.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n* අමරසේකර මහත්මය තුන්කල් දුටුව දේශප්‍රේමී බුද්ධිමතෙක්.\u003Cbr \/\u003E\n* සභ්‍යත්ව රාජ්‍යයක් කරා යාමට ප්‍රධාන පක්ෂ දෙක කටයුතු කළ යුතුයි. ගිහි-පැවිදි දෙපක්ෂය.\u003Cbr \/\u003E\n*දේවාලයේ දෙවියන්ව වැස්සට විසි කළේ ඇයි?\u003Cbr \/\u003E\n*දේශපාලන නායකත්වයක් තිබුනත් අපිට ජාතික නායකත්වයක් නෑ.\u003Cbr \/\u003E\n* ඉවරයක් නෑ සංවිධාන හැදිල්ලේ. අපි ඔක්කොම එකට එකතු වෙමු. මහ දැවැන්ත ජාතික බලවේගයක් ගොඩනගමු.\u003Cbr \/\u003E\n* අපි හැම දේශපාලන පක්ෂයකම නායකයන් හමුවෙලා කියමු.\u003Cbr \/\u003E\n* ලොකු පුරප්පාඩුවක් තියෙනවා. ඒක පුරවන්න..\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Ciframe allowfullscreen=\"\" frameborder=\"0\" height=\"315\" src=\"https:\/\/www.youtube.com\/embed\/7CYHRLsGMF4\" width=\"560\"\u003E\u003C\/iframe\u003E\n\n\u003Cbr \/\u003E\nයුතුකම සංවාද කවය\u003Cbr \/\u003E\nwww.yuthukama.com\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)\u003Cbr \/\u003E\nhttps:\/\/www.facebook.com\/yuthukama\n\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/1262633669406626554\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/09\/deviyan.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1262633669406626554"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1262633669406626554"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/09\/deviyan.html","title":"දේවාලයේ දෙවියන්ව වැස්සට විසි කළේ ඇයි? - පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමිපාණන් වහන්සේ"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/3.bp.blogspot.com\/-mAX12N_JOs4\/V-EC0o5XeZI\/AAAAAAAAFgo\/-aSULxXjnfEmcr25XCQf6ytmoLieIT72gCLcB\/s72-c\/VenElleGunavanshaThero.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4643963300371643671"},"published":{"$t":"2016-04-19T22:22:00.000+05:30"},"updated":{"$t":"2016-04-19T22:22:02.758+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Art"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ගුණදාස අමරසේකර"}],"title":{"type":"text","$t":"නැවත 56 ක් නිර්මාණයට සාහිත්‍යකරුවාගේ වගකීම..."},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/3.bp.blogspot.com\/-JH44m6lVaBU\/VxZhsAYyMBI\/AAAAAAAABYs\/j9dtWfN1K4wdpkRymit7nLlQW2soRaFwgCLcB\/s1600\/kappetipola.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"400\" src=\"https:\/\/3.bp.blogspot.com\/-JH44m6lVaBU\/VxZhsAYyMBI\/AAAAAAAABYs\/j9dtWfN1K4wdpkRymit7nLlQW2soRaFwgCLcB\/s400\/kappetipola.jpg\" width=\"267\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eකාලීන වැදගත්කමකින් යුත් 'කැප්පෙටිපොළ' නවකතාව\u003C\/b\u003E\u003Cbr \/\u003E -ගුණදාස අමරසේකර -\u003Cbr \/\u003Eමොනරවිල කැප්පෙටිපොළ වීරයාගේ චරිතය මුල් කරගෙන ලියා ඇති මේ නිබන්ධය මේ මොහොතේ පහළ විය යුතුව තිබුණු අතිශය වැදගත් නිර්මාණයක්‌ ලෙස මම දකිමි. ඒ වැදගත් ජාතික මෙහෙවර ඉටු කිරීමට ඉදිරිපත් වූ කතුවරයාට (කමල් පී. අලහකෝන්) අපගේ ප්‍රණාමය හිමි විය යුතු වෙයි. මා මේ කෘතිය මේ වෙලෙහි ජාතික මෙහෙවරක්‌ ඉටු කරන නිර්මාණයක්‌ ලෙස හඳුන්වනු ලබන්නේ කුමක්‌ නිසාද? එය අවබෝධ කර ගැනීම මේ කෘතිය ඇගයීමේදී අනිවාර්ය වෙයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E ගිය සියවස ආරම්භයේදී අනගාරික ධර්මපාලතුමා විසින් අවදි කරන ලද ජාතිකානුරාගය, ජාතික විඥනය දශක දෙකක්‌ ඉක්‌ම යත්ම නිෙද්‍රපගත විය. ඊට හේතුව වූයේ ඒ ජාතික අරගලය විජාතික මනසකින් යුත් පිරිසක්‌ අතට පත්ව එය විජාතිකයාට අවශ්‍ය ලෙස හැසිරවීමට හැකි වීමයි. 1948 දී අපට \"නිදහස\" හිමි කර දුන්නේ එවැනි පිරිසක්‌ විසිනි. එහෙත් ධර්මපාලතුමා විසින් අවදි කළ තාවකාලිකව යටපත්ව තිබුණු ජාතික බලවේග හමුවේ ඒ විජාතික පිරිසට සිය ආධිපත්‍යය වැඩි කලක්‌ රැක ගැනීමට නොහැකි විය. 56 පමණ වන විට ඒ ජාතික බලවේගවලට හිස එසවීමේ අවස්‌ථාව ලැබිණි. බණ්‌ඩාරනායක මහතා 56 දී බලයට පත් කරන ලද්දේ ඒ බලවේග විසිනි. එදා සිට 77 දක්‌වා විවිධ පසුබෑම් හමුවේ වැටෙමින්, නැගිටිමින් ඉදිරියට ගිය ඒ ජාතික අරගලය සහමුලින්ම පාහේ විනාශ කරන ලද්දේ 77 දී බලයට පැමිණි ඡේ. ආර්. ජයවර්ධන විසිනුයි. ඒ හා සමඟ යළි අර විජාතික බලවේගවලට හිස එසවීමේ අවස්‌ථාව උදා විය. එදා හිස එස වූ විජාතික බලවේග අද වන තුරු පෙර මෙන් ම ක්‍රියාත්මක වෙමින් පවතී. 2009 දී ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය විනාශ කිරීමට අප සමත් වුවද ඒ ත්‍රස්‌තවාදය පිටුපසින් ඒ විජාතික දේශපාලන බලවේග විනාශ කිරීමට අපි සමත් වී නැත්තෙමු. ඒවා යළි පණගැන්වී අප විනාශ කිරීමට තැත් කරන අයුරු පසුගියදා පැවැති ජිනීවා සමුළුව මගින් අපට දැක ගැනීමට හැකි විය. එහි දී අප යළිත් යටත් විජිතයක්‌ බවට පත් කර ගැනීමේ ක්‍රියාමාර්ග ඇමෙරිකාව ප්‍රධාන අධිරාජ්‍යවාදීන් විසින් දියත් කරන ලදී. 1815 මාර්තු 02 දා අප යටත් කර ගත් බටහිර බලවේග 2012 මාර්තු 22 දා යළි ඒ ක්‍රියා මාර්ගය වෙත එළඹ ඇති බව අප විසින් වටහා ගත යුතු වේ. මේ ක්‍රියාමාර්ගය වළක්‌වා ගත හැක්‌කේ කෙසේද? මේ භයානක ඉරණමෙන් ගැලවිය හැක්‌කේ කෙසේද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003E මේ සඳහා ඇති එකම මාර්ගය නම් යළි මෙරට බලවේග පණගන්වා 56 දී සිදු කළ ජාතික අරගලයට වඩා ප්‍රබල ජාතික අරගලයක්‌ වෙත යැමයි. එවැන්නකින් තොරව අපට මේ ඉරණමෙන් මිදිය හැකි නොවේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E එවැන්නක්‌ සඳහා අවශ්‍ය ප්‍රධාන ම ක්‍රියාව නම් 77 න් පසු විජිතික කරණයට ලක්‌ ව ඇති මොළ සෝදන ලද අපගේ තරුණ පරපුර ඒ තත්ත්වයෙන් මුදා ගැනීමයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E ඒ සඳහා අති විශාල චින්තන විප්ලවයක්‌ සිදු කළ යුතු බව කිව මනා නොවේ. අද මෙරට ඇති පරිසරය, මාධ්‍ය, පුවත්පත්, විද්යුත් මාධ්‍ය, සාහිත්‍ය, කලා ශිල්ප පමණක්‌ නොව දේශපාලකයන් විසින් ප්‍රදර්ශනය කරන ලද ව්‍යාජ ජාතිකත්වය ද ඒ සඳහා ඇති ප්‍රධාන ම බාධකය වෙයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E මේ සඳහා නිවැරැදි ජාතික දර්ශනයකින් යුතු සාහිත්‍යයක්‌ බිහි කර ගැනීම අනිවාර්ය වේ. මේ සඳහා යොදා ගත හැකි ප්‍රබල ම අවිය සාහිත්‍යයයි. ප්‍රබන්ධ සාහිත්‍යයයි. කැප්පෙටිපොළ වීරයා මුල් කර ගෙන ලියා ඇති මේ ප්‍රබන්ධයෙන් කරනු ලබන්නේ ඒ වැදගත් කාර්යයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E ඒ කාර්යය කතුවරයා විසින් ඉතා සාර්ථක ලෙස ඉටු කර තිබේ. මේ පොත කියවා අවසන් කරන තරුණයා පොත කියවීමට පෙර සිටි තරුණයා නොව අලුත් තරුණයකු බවට පත් වනු නියතය. කොතරම් වැඩපල අතරෙහි වුවද මේ නිබන්ධය නොකියවා පසෙක තැබීමට මම අසමත් වීමි.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E[2013 වසරේ ලිපියකි]\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E(Like us on facebook)\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/4643963300371643671\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/04\/Kppetipola.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4643963300371643671"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4643963300371643671"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/04\/Kppetipola.html","title":"නැවත 56 ක් නිර්මාණයට සාහිත්‍යකරුවාගේ වගකීම..."}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/3.bp.blogspot.com\/-JH44m6lVaBU\/VxZhsAYyMBI\/AAAAAAAABYs\/j9dtWfN1K4wdpkRymit7nLlQW2soRaFwgCLcB\/s72-c\/kappetipola.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5641185492119955347"},"published":{"$t":"2015-11-11T23:41:00.001+05:30"},"updated":{"$t":"2015-11-13T21:13:05.911+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Kavi"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ගුණදාස අමරසේකර"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"}],"title":{"type":"text","$t":"86 විය සපූරන ඔබ තරුණයි අපට වැඩිය"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"https:\/\/www.facebook.com\/yuthukama\" data-layout=\"standard\" data-share=\"false\" data-show-faces=\"false\" data-width=\"300\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/--6lBzpq_k_g\/VkOEaoPRWjI\/AAAAAAAAAE8\/FshKxfE0xVM\/s1600\/Dr-gunadasa-1.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"406\" src=\"http:\/\/1.bp.blogspot.com\/--6lBzpq_k_g\/VkOEaoPRWjI\/AAAAAAAAAE8\/FshKxfE0xVM\/s640\/Dr-gunadasa-1.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E(2015 නොවෙමිබර් 12 වැනි දා ට යෙදෙන ගුණදාස අමරසේකර ශූරීන්ගේ 86 වැනි ජන්ම දිනය නිමිත්තෙනි)\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඔබගෙන් පසු පරපුරකදි\u003Cbr \/\u003Eඔබ විඳි සරතැසම විඳින\u003Cbr \/\u003Eමගෙ දිවියට නිරතුරුවම\u003Cbr \/\u003Eපහන් ටැඹක් වූවා ඔබ\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනිතියෙන් මා හද වෙලනා\u003Cbr \/\u003Eදහසක් පීඩා අතරේ\u003Cbr \/\u003Eරටට දැයට ඇති බැති පෙම\u003Cbr \/\u003Eඔබෙන් උගත් සිරිතකි මා\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅප විසු නිවසේ පෙර කල\u003Cbr \/\u003Eසාලෙ මැද්දෙ තිබුනේ නෑ\u003Cbr \/\u003Eතේජස්වී රූපය එම\u003Cbr \/\u003Eධර්මපාල උතුමන්ගේ\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමගෙ දිවි මඟ වෙනස් කලේ\u003Cbr \/\u003Eයටලමත්තෙ ගුරු නිවෙසක\u003Cbr \/\u003Eබිත්තියෙ එල්ලලා තිබුනු\u003Cbr \/\u003Eධර්මපාල තුමා ගෙ රුව\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසියැසින්\u0026nbsp; දුටු දමිපල් විරු\u003Cbr \/\u003Eවෙද මහතා එනිවස වැසි\u003Cbr \/\u003Eදමිපල් සිරිතෙන් ගෙන පැන්\u003Cbr \/\u003Eපෙවීය මියැදෙන ගමකට\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපෝස්වත්තෙ කංකානම\u003Cbr \/\u003Eසමරසිංහ වෙද මහතා\u003Cbr \/\u003Eබාල මහත්තයට මෙන් ම\u003Cbr \/\u003Eඔබට උරුම විය එම නැණ\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eජාතියකට උරුම වෙචිච\u003Cbr \/\u003Eඇති බව චින්තනයක් හුරු\u003Cbr \/\u003Eදැයට කියා දී දින දින\u003Cbr \/\u003Eවෙනස් කලා දැයේ ගමන\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනොපැතූ නොසිතූ මොහොතක\u003Cbr \/\u003Eබිඳුනිය දමිපල් පිළිරුව\u003Cbr \/\u003Eඑකසිය පනහේ සැමරුම\u003Cbr \/\u003Eනිමාවෙන්නටත් ඉස්සර\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකළු සුද්දන් යළි රජවිය\u003Cbr \/\u003Eරට සුද්දන් මනදොළ ලෙස\u003Cbr \/\u003Eරණ විරුවන් දංගෙඩියට\u003Cbr \/\u003Eදී කොටියන් හට නිදහස\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003Eඅබුද්දස්ස කල එනකොට\u003Cbr \/\u003Eලබුත් තිත්ත වෙනවලූ නෙව\u003Cbr \/\u003Eමොනවා කරමුද අපි දැන්\u003Cbr \/\u003Eකාට කියමි මෙි අවනඩු\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅසූ හය වසක් සපුරණ\u003Cbr \/\u003Eවයස නොයන පැන නැණ කඳ\u003Cbr \/\u003Eඔබගෙන් අසනවා මිසක\u003Cbr \/\u003Eවෙන කාගෙන් අහමුද අපි\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසමරසිංහ වෙද මහතා\u003Cbr \/\u003Eවැනි උදාර මනුස්සයින්\u003Cbr \/\u003Eබාල මහත්තයා වගේ\u003Cbr \/\u003Eමවුහත් ගුණයෙන් සපිරුණු\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමිනිසුන් අදටත් ඉන්නව\u003Cbr \/\u003Eපසල් දනවු වල මෙි රට\u003Cbr \/\u003Eඋදාර කුල සිරිත් රකින\u003Cbr \/\u003Eබඩට නෙවෙි රටට කරණ\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑකතු කරමු එ් හැමෝම\u003Cbr \/\u003Eකුළු ගන්වමු දෑ නිදහස\u003Cbr \/\u003Eධර්මපාල චින්තනයට\u003Cbr \/\u003Eයළි පන දෙමු හෙට දවසෙදි\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකළු සුද්දන් රට සුද්දන්\u003Cbr \/\u003Eඋන්ගෙ ඉඳුල් බුදින එවුන්\u003Cbr \/\u003Eඑක රැුහැනට ගෙන පන්නා\u003Cbr \/\u003Eයළි පන ගන්වමු මෙි රට\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅසූ හය වසක් වුනාට\u003Cbr \/\u003Eඔබ තරුණයි අපට වැඩිය\u003Cbr \/\u003Eබුදුන් වඳින දෝතින් වැඳ\u003Cbr \/\u003Eඔබට සුභාසිරි පතනෙමි\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E-විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි\u003C\/b\u003E\u003Cbr \/\u003E2015 ඉල් මස 12 දින\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eයුතුකම සංවාද කවය\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Ewww.yuthukama.com\n\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඔබත් යුතුකම ෆේස්බුක්\u0026nbsp; පිටුව සමග එකතුවන්න. \u003C\/span\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E(Like us on facebook)\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\n\n\n\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"fb-share-button fb_iframe_widget\" data-type=\"box_count\" style=\"margin-bottom: 0px;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"height: 61px; vertical-align: bottom; width: 57px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama\n\n\u003C\/span\u003E"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/5641185492119955347\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/11\/Amarasekara.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5641185492119955347"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5641185492119955347"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/11\/Amarasekara.html","title":"86 විය සපූරන ඔබ තරුණයි අපට වැඩිය"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/1.bp.blogspot.com\/--6lBzpq_k_g\/VkOEaoPRWjI\/AAAAAAAAAE8\/FshKxfE0xVM\/s72-c\/Dr-gunadasa-1.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6974269816934807902"},"published":{"$t":"2015-10-11T21:58:00.000+05:30"},"updated":{"$t":"2015-10-14T21:57:49.187+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Art"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ගුණදාස අමරසේකර"}],"title":{"type":"text","$t":"මේ පාදඩ ක්‍රමය අභිබවා යා හැකි බුද්ධිමය සංවාදය ගොඩනැගීම සාහිත්‍යකරුවාගේ යුතුකමයි... "},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"https:\/\/www.facebook.com\/yuthukama\" data-layout=\"standard\" data-share=\"false\" data-show-faces=\"false\" data-width=\"300\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-FPbh_V9S09I\/VhETgyCxWWI\/AAAAAAAAEmk\/lLF2mr6wAGE\/s1600\/waga.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"292\" src=\"http:\/\/3.bp.blogspot.com\/-FPbh_V9S09I\/VhETgyCxWWI\/AAAAAAAAEmk\/lLF2mr6wAGE\/s400\/waga.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003Cspan style=\"font-size: 15px;\"\u003E \u003Cspan style=\"color: #741b47;\"\u003E\u003Cb\u003Eඅපිට හිටපු අන්තිම කවියා තමයි අලගියවන්න මුකවෙටිතුමා\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 15px;\"\u003E- සාහිත්‍යවේදී ගුණදාස අමරසේකර\u003Cbr \/\u003E\u003Cbr \/\u003E \u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eඔබ මොනවද මේ දිනවල වැඩියෙන් කතාබහ කරන්නේ?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනිරන්තරයෙන්ම කතා කරන ප්‍රශ්නේ ජාතික ප්‍රශ්නයම තමයි. ‍පොඩි වෙනසකටත් එක්ක ටික කාලයකට කලින් නවකතාවක් ලියන්න පටන් ගත්තා. භාගයක් ලිව්වා. ඇති වුණු කලකිරීම නිසා ඒක ලියන එක නතර කළා.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 15px;\"\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eලියමින් යන නවකතාවක් නතර කරන්න තරම් ඔබ පෙළෙන කලකිරීම මොකද්ද?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ රටේ පවතින තත්ත්වය. නවකතාවක් ලියන්න කලින් සිංහල භාෂාවක් තියෙන්න ඕනෑ. සිංහල භාෂාව තියෙන්න නම් සිංහල ජාතිය තියෙන්න ඕනෑ. ඒත් උදාවෙලා තියෙන්නේ සිංහල ජාතියේ අවසානය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eසිංහල ජාතියේ අවසානය උදා වෙලා කියලා ඔබට හිතෙන්නේ ඇයි?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසිද්ධවෙන දේ දිහා බැලුවාම අවසන් වශයෙන් අන්තර්ජාතික, විජාතික කුමන්ත්‍රණයක් බව පැහැදිලියි. ඔවුන්ගේ අරමුණ රට බෙදීම සහ ජාතික බලවේගය නැති කරලා සිංහල ජාතිය අඩපණ කිරීම.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eඑවන් වටපිටාවක ඔබ වැන්නන් කරන කාර්යයන් පවා අතරමග නරත කිරීම සාධාරණද?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකරන කාර්යයන් අතරමග නතර කරන්නේ නෑ. මිනිස්සු හිතන්නේ මේක යූ.ඇන්.පී. - ශ්‍රී ලංකා සටනක් කියලා. මේක එහෙම එකක් ‍නෙවෙයි. රටේ අනාගතය සම්බන්ධ සටනක්. පහුගිය මැතිවරණ දෙකෙන් පැහැදිලිව පෙනෙන දේ තමයි ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලට මේ රට තිප්‍පොළක් කරගන්න වුවමනායි කියන එක. ඒක මානව හිමිකම් ප්‍රශ්නයක් ‍නෙවෙයි. බරපතළ භූ දේශපාලනික ගැටලුවක්. චීනය සමග පැවැත්වූ සමීප සබඳතාවන් නිසා ආධිපත්‍යය බිඳ වැටේවි කියන භීතිකාව ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර නඩයට තිබුණා. මේක විජාතික ප්‍රශ්නයක්. ඉන්දියන් සාගරයේ ආධිපත්‍යය පිළිබඳ ගැටලුවක්.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eමේ කාරණයේදී රටේ සාහිත්‍යකරුවන් සතු වෙන්නේ කවරාකාරයේ වගකීමක්ද?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම. බුද්ධිමතුන් විදියට මෙය කළ යුතුයි. තරුණ පරම්පරාවට මේක තේරෙන්නේම නෑ. බටහිරයන්ට වුවමනා වුණේ රටේ ජාතික බලවේගය වන සිංහල බෞද්ධයා නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සිංහල ජාතිය විනාශ කිරීම. මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම තමයි අපේ වගකීම. අද අපට අවශ්‍ය සාහිත්‍යකරණයට වඩා බුද්ධිමතාගේ කාර්යය. එයට සාහිත්‍යයට වඩා සෘජු ඇමතුම් මාධ්‍යයක් තිබිය යුතුයි. මහජනතාව අමතන බුද්ධිමතුන් බවට පත්විය යුතුයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E\u003Cspan style=\"color: #990000;\"\u003Eසාහිත්‍යය සහ සාහිත්‍යකරුවන් සම්බන්ධයෙන් වැඩි වැඩියෙන් කතාබහ වෙන මාසය බවට පත්වෙලා තියෙන්නේ සැප්තැම්බරය. අද සැප්තැම්බරය ගැන ඔබේ අදහස මොකද්ද?\u003C\/span\u003E\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ සාහිත්‍ය මාසය මම නම් එදා ඉඳලාම තුට්ටුවකට මායිම් කළේ නෑ. මේක සාහිත්‍ය මාසයක් ‍නෙවෙයි, වාණිජ මාසයක්. සාහිත්‍යය කොහොමද මාසෙකට සීමා කරන්නේ? මේක ප්‍රකාශකයන් හා වෙළෙන්ඳන් තමන්ගේ ව්‍යාපාර ඉහළ නංවා ගන්න කරන්නා වූ ව්‍යාපෘතියක්. මිනිස්සු ජීවිත කාලයම කියවන්න ඕනෑ. සැප්තැම්බරයට විතරක් ‍නෙවෙයි. මේකෙන් සාහිත්‍යය තියා කිසිම දේකට වැදගත් යමක් ඉටු වෙන්නේ නෑ. ව්‍යාපාරිකයන්ට නම් හොඳයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅද සාහිත්‍යය බුද්ධිය අමතනවාට වඩා විනෝදාස්වාදය සපයන්නක් වෙලා. මේක බටහිර ලෝකය පුරාම වෙලා තියෙන දෙයක්. පශ්චාත් ධනවාදී බටහිර සමාජය තුළ සියලුම සංස්කෘතිකාංග තාවකාලික, එදිනෙදා විනෝදය සපයන මාධ්‍ය වෙලා. ‍පොත් ප්‍රකාශනය මහා පරිමාණ කර්මාන්තයක්. අන්තර්ගතය, පරමාර්ථය සරල රසාස්වාදය හා විනෝදය මිස බුද්ධියට ඇමතීම හෝ චින්තනය අවදි කිරීම ‍නෙවෙයි. එදා මාක්ස් කිව්වේ ආගම අබිං කියලා. හැබැයි අද වෙද්දී මුළු සංස්කෘතියම ජනතාව මත් කරන අබිං බවට පත්වෙලා අවසන්. අපේ රටේ තත්ත්වයත් ඒකමයි. එදා අපේ රටේ සිය ගණන් ‍පොත් බිහිවුණේ නෑ. බොහොම අල්පයයි. ඒවා කළෙත් බොහොම දැන උගත් බුද්ධිමත් පිරිසක්. අද ‍පොත් සිය දහස් ගණන් පිටවෙනවා. අන්තර්ගතයන් අන්තිම පහත්. කරන්නේ ඉතා පහත් රුචිකත්වයකට ආමන්ත්‍රණය කිරීම. බුද්ධිය අමතන තාර්කනය අවධි කරන දෙයක් පේන්න නෑ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eඑහෙත් නව පරම්පරාවේ ‍ලේඛක ‍ලේඛිකාවන් පවා පහුගිය කාලයේ රාජ්‍ය සම්මානයන්ටත් පාත්‍ර වුණා..?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඔය සම්මාන තුට්ටුවකටවත් වටින දේවල් ‍නෙවෙයිනේ. පහුගිය කා‍ලේ සම්මාන දුන්නු පත‍පොත දැක්කනේ. ඒක එතැනින්ම ඉවරයි. සම්මානය හම්බවුණා, එච්චරයි. ඉන් එහා පැවැත්මක් නෑනේ. එදා මාර්ටින් වික්‍රමසිංහ ‍පොතක් ලිව්වා නම් ඒක අදටත් සාකච්ඡා වෙනවා. ඒ හරවත් දේවල් ලිව්ව නිසා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eඒ කියන්නේ අද ලියන පරම්පරාවට ඔය කියන හරවත් දේ ස්පර්ශ වෙන්නේ නැද්ද..?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eරටක උසස් සාහිත්‍යය කියලා කියන්නේ විනෝදාස්වාදයට ලියන දේවල් ‍නෙවෙයි. සාහිත්‍යය කියන්නේ උත්තර දේශපාලන සංවාදයට. ඒක මේ යූ.ඇන්.පී. - ශ්‍රී ලංකා දේශපාලනය ‍නෙවෙයි. රටක සාහිත්‍ය කියන්නේ දේශපාලන සත්වයෙක් වුණු මිනිසාගේ දේශපාලන සංවාදයේ උත්තර සංවාදයට. ලෝකයේ බිහිවුණු උසස්ම සාහිත්‍ය ධාරාවක් තමයි රුසියන් සාහිත්‍යය. විචාරකයන්ට අනුව ලෝකයේ සාහිත්‍ය යුග තුනයි. ග්‍රීක, ශේක්ෂ්පියර් සහ ශ්‍රේෂ්ඨ රුසියන් නවකතාව තමයි ඒ. එදා රුසියන් නවකතාව බිහිවුණේ එදා තිබුණු දේශපාලන සංවාදයේ උත්තර සංවාදය විදියට. ගම්පෙරළිය, කලියුගය හා යුගාන්තය අදටත් අපේ උසස්ම නවකතා. ඒවා බිහිවුණේ ඕපපාතිකව ‍නෙවෙයි. ඒ කාලයේ මේ රටේ නිර්මාණය වෙලා තිබුණු බුද්ධිමය කතිකාවේ ප්‍රතිඵලයක් විදියට. එදා තිබුණා මාක්ස්වාදී සංවාදයක්. අනෙක් පැත්තෙන් ජාතික සංවාදයක් තිබුණා. මේ ප්‍රධාන සංවාද දෙක උඩ තමයි ඒ සාහිත්‍යය බිහිවුණේ. අද එහෙම දෙයක් නැති නිසා එවන් නිර්මාණත් නෑ. දේශපාලනය කියන්නේ බල ලෝභය පිණිස කරන්නාවූ අරගලයක්. බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන රටක්.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eමේ සඳහා නිර්මාණකරුවන්ට ප්‍රතිරෝධයක් ගොඩනගන්න බැරිද..?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eබාගෙට බාගයක් නිර්මාණකාරයොත් එතැන ඉන්දෙද්දී කොහොමද එහෙම දෙයක් කරන්නේ? එන්.ජී.ඕ. නඩය තමයි ඕකට ‍පොහොර දාන්නේ. ඔවුන් කරන්නේ ඒ මැදිහත්වීම වළකන එක. විශාල සංස්කෘතික ආක්‍රමණයක්. දේශපාලන ආර්ථිකය සනාථ කරන්න සංස්කෘතික ආක්‍රමණය අත්‍යවශ්‍යයි. ඒක ඉතා බරපතළ විදියට බලපාන්නේ චින්තනයට. යථාර්ථය සම්පූර්ණයෙන්ම වසං කරලා වෙනත් දෙයක් මවා පාන එක. භාෂාව අච්චාරු කළාම ඒක තවත් පහසු වෙනවා. සාහිත්‍යයේ දැන් ඒ දේවල් දකින්න පුළුවන්.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eතත්ත්වය ඒක නම් ඔබ විසින්ම මතු කළ හද බසට මොකද වෙන්නේ..?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eහද බස ගැන මම මුලින්ම කතා කළේ සිංහල කාව්‍ය සම්ප්‍රදාය තුළ. කවි බස කියන්නේ ජනතාවගේ හද බසට. මේ හද බස අපි තාම මතු කර ගත්තේ නෑ. අවුරුදු දහස් ගණනක් තිස්සේ පැමිණි අපේ කවි බස මතු කර ගත්තේ නෑ. ජාතියක් වශයෙන් අපි හදවතින් මිය ගිහින්ද කියන ගැටලුව එන්නේ මේ නිසා. ජනතාවට හදවතින් කතා කරන්න බැරි හදවතක් නැති නිසා. රටේ හර පද්ධතිය, ආකල්ප, සදාචාරාත්මක පැවතුම් දිහා බැලුවාම හදවතක් නැති ජාතියක් කියන එක පැහැදිලියි. අපරාධ දිහා බැලුවාම ඇත්තටම අපට හදවතක් තියෙනවද කියලා හිතෙනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eනව පරම්පරාවේ කතාබහට ලක්වුණු කවි කිවිඳියන් කිහිප දෙනාටවත් මේ දේ ස්පර්ශ වෙලා නැද්ද..?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනව පරම්පරාවේ කවියෝ කියලා කවුරුවත් ඉන්න බවක්, ඉස්මතු වූ බවක් මට නම් පේන්න නෑ. දැනෙන්න ලියන අය නෑ. හදබස කෘත්‍රිමව නිර්මාණය කරන්න බෑ. අවුරුදු දහස් ගණනක් තිස්සේ නිර්මාණය වූ අපේ කවියට තියෙන භාෂාව තමයි හද බස. මම දකින විදියට අපිට හිටිය අන්තිම කවියා අලගියවන්න මුකවෙටිතුමා. ඉන් පස්සේ ඒ වියත් කාව්‍ය සම්ප්‍රදාය අපෙන් ගිලිහුණා. අතුරු ඉත්තක් ජනකවි විදියට ආවා. හොඳ කවි බසක් හදා ගන්න අපේ ඒ කවිය නවීකරණය කරන්න ඕනෑ. ඒකට සමත් කිසිකෙනෙක් නෑ. හිටියනම් ඒ මුනිදාස කුමාරතුංග විතරයි. ඔහුගේ 'පියසමර' තමයි පහුගිය කාලයේ බිහිවුණු වැදගත්ම කාව්‍යය. අපේ කවිබස වර්තමානයට අනුව හැඩගස්වා ගන්නේ කොහොමද කියන එකට, කවිබස සම්බන්ධ හොඳම අත්හදා බැලීම ඒක. වර්තමාන පිරිස එයින් ප්‍රයෝජනය ගන්න බවක් පේන්නේ නෑ. පසුකාලීනව මහගම සේකර ගැන ලොකුවට කතා කරනවා. හැබැයි ඔහු හොඳ ගීත කිහිපයක් රචනා කළා හැර ඔහුගේ කවිවල ගතයුත්තක් මම දකින්නේ නෑ. 'ප්‍රබුද්ධ' වුණත් කවියක් ‍නෙවෙයිනේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eහදබස යළි සැකසීම කරන්නම බැරිද?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකරන්න කිසිම දෙයක් නෑ, මේ වෙනුවෙන් කැපවුණු, අවබෝධ කරගත් නිර්මාණ පරපුරක් බිහිවෙන්න ඕනෑ. අභාග්‍යයකට එවන් පරපුරක් පේනතෙක් මානෙකවත් නෑ. ඉන්නේ බොහොම අනුකාරකවාදී පරපුරක්. ඔවුන්ගේ බිහිවීම ගැන පුදුම විය යුතු නෑ. පහුගිය දශක දෙක තුනේ අධ්‍යාපනය, මාධ්‍ය, ෆේස්බුක් ආදිය තුළින් වෙන්නේ අපේ උරුමය වෙත යන ගමනට මග අහුරන එක. තාක්ෂණය උපයෝගී කර ගන්න ඕනෑ අපේ උරුමය, සංස්කෘතිය රැකගන්න, ඉදිරියට ගෙන යන්න මිස විනාශ කරන්න ‍නෙවෙයි. අන්තර්ජාලය, ෆේස්බුක් හරහා කරන්නේ මේ සියල්ල විනාශ කරන එක. අද පත්තරවල මොනවද බලන්න තියෙන්නේ? මම අද එක සිංහල පත්තරයක්වත් බලන්නේ නෑ. රුපියල් හැටකට පාන් රාත්තලක් ගත්තොත් දවසක් ජීවත් වෙන්න පුළුවන්. ඒත් අද පත්තරවල මොනවද තියෙන්නේ? හරවත් කිසිම දෙයක් නෑ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවිශ්‍ලේෂණ නෑ. සාහිත්‍යය, දේශපාලනය ගැන ගැඹුරු කතිතාවක් නෑ. දේශපාලකයන් ගැන ඕපාදූප ආදිය විතරයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසාහිත්‍යය ගැන කතා කරන්න කලින් මේ රටේ බුද්ධිමත් සමාජයක් හදන්න ඕනෑ. ඒ ශක්‍යතාව අපට තියෙනවා. ඒක වෙනුවෙන් කැපවෙන පිරිසක් ඕනෑ. මේ පාදඩ දේශපාලනයත් එක්ක එයට ප්‍රතිවිරුද්ධව තරුණයන් ටික දෙනෙක් බිහිවෙමින් යනවා. ඒක වාසනාවක්. මේ පිරිස ගැන අපට බලා‍පොරොත්තු තියා ගන්න පුළුවන්. මේ අයට මේක වෙනස් කරන්න පුළුවන්. මේ වෙනස් කිරීමේ ප්‍රධානම දේ තමයි බුද්ධිමත් සමාජයක් ගොඩනැගීම. බුද්ධිමත් සමාජයක් තුළින් පමණයි හරවත් සාහිත්‍යයක් කරා යන ගමන වැටී තියෙන්නේ. එහෙම නොවුණොත් වෙන්නේ පාදඩ දේශපාලනඥයන්ගේ කෙළිමඬලක් වෙලා මේ රට නතරවෙන එක විතරයි. සාහිත්‍යය ගැන බොරු කුණුහරුප කතා කරලා වැඩකුත් නෑ, ආණ්ඩුවේ සාහිත්‍ය උත්සවවලිනුත් තුට්ටුවක වැඩක් නෑ. සාහිත්‍ය මාසයක් කියලා කරන මේ වැඩෙන් කිසි වැඩක් නෑ. මේ රටේ හරවත් බුද්ධිමත් චින්තනයක් ඇතිකිරීම, ඒ සඳහා අවශ්‍ය සංවාදය බිහිකිරීම තුළින් පමණයි නියම සාහිත්‍යයක් බිහිකරන්න පුළුවන් වෙන්නේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E[ලක්බිම]\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 15px;\"\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 15px;\"\u003E(Like us on facebook)\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/6974269816934807902\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/10\/SahithyakaruwageYuthukama.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/6974269816934807902"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/6974269816934807902"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/10\/SahithyakaruwageYuthukama.html","title":"මේ පාදඩ ක්‍රමය අභිබවා යා හැකි බුද්ධිමය සංවාදය ගොඩනැගීම සාහිත්‍යකරුවාගේ යුතුකමයි... "}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/3.bp.blogspot.com\/-FPbh_V9S09I\/VhETgyCxWWI\/AAAAAAAAEmk\/lLF2mr6wAGE\/s72-c\/waga.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});