// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%89%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%82%E0%B6%9C?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%89%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%20%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%82%E0%B6%9C"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"},{"rel":"next","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%89%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%82%E0%B6%9C\/-\/%E0%B6%89%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%82%E0%B6%9C?alt=json-in-script\u0026start-index=9\u0026max-results=8"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"58"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-2471422879690864278"},"published":{"$t":"2020-11-14T10:26:00.006+05:30"},"updated":{"$t":"2020-11-14T10:26:45.893+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ඉසුරු ප්‍රසංග"}],"title":{"type":"text","$t":"අමරසේකරගේ පටුකම සහ අමරකීර්තිලාගේ විසල් දේශපාලනය"},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"text-align: justify;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u0026nbsp;\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\u003Ca href=\"https:\/\/1.bp.blogspot.com\/-kBgdtHyePnk\/X69jVBmdAoI\/AAAAAAAAHbo\/J2dLjYmXWXQZJ1W7px9bkUPgGgiRDW6RwCLcBGAsYHQ\/s2048\/amarakeerthi.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" data-original-height=\"1072\" data-original-width=\"2048\" height=\"351\" src=\"https:\/\/1.bp.blogspot.com\/-kBgdtHyePnk\/X69jVBmdAoI\/AAAAAAAAHbo\/J2dLjYmXWXQZJ1W7px9bkUPgGgiRDW6RwCLcBGAsYHQ\/w669-h351\/amarakeerthi.jpg\" width=\"669\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\u003Cdiv style=\"text-align: justify;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eගුණදාස අමරසේකර මහතා පිළිබ‍ද මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා පසුගිය දිවයින පුවත්පතට ලියූ ලිපියට පිළිතුරක්..... \u003C\/span\u003E\u003Cbr \/\u003E\u003C\/div\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E[2020 නොවැම්බර් 15 ඉරිදා දිවයින]\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eඅමරසේකරගේ පටුකම සහ අමරකීර්තිලාගේ විසල් දේශපාලනය\u003C\/b\u003E\u003Cbr \/\u003E===================================\u003Cbr \/\u003Eභාෂා ක්‍රීඩාවේ විවිධාකාර හරඹ ඔස්සේ ඇත්ත නැත්ත කළ හැකි ආකාරය ගැන මට වඩා හොඳ න්‍යායික අවබෝධයක් මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතාට ඇතැයි සිතමි. මා ප්‍රායෝගික දේශපාලනයේ අත්දැකීම් ඇසුරින් වටහාගෙන ඇති මේ කාරණය අමරකීර්ති සනාථ කර ඇත්තේ විවිධ දාර්ශනිකයන්ගේ තර්ක විතර්කද උපුටා දක්වමිනි. තමන්ටම වූ ස්වාධීන චින්තන ශක්තියක් නැති බොහෝ දෙනා අනුන්ගේ කෝටේෂන් මත යැපීම ලංකාවේ ශාස්ත්‍රීය සංවාද තුළ සුලබ කරුණක් වුවද අමරකීර්ති එවැන්නෙකු යැයි මම නොකියමි. අමරකීර්තිගේ බොහෝ රචනා තුළ ඇති ව්‍යාජත්වය උපදිනුයේ ඔහුගේ චින්තනමය ගැටලුවකට වඩා ඔහු නියෝජනය කරන දේශපාලනය තුළින්ය යන කාරණය සිහියේ තබාගනිමින් ගුණදාස අමරසේකර මහතා ගැන පසුගිය දිවයිනට අමරකීර්ති ලියූ ලිපිය ගැන යමක් කීමට බලාපොරොත්තු වෙමි. \u003Cbr \/\u003Eඅමරකීර්ති වනාහී කාලයක සිට අමරසේකරගේ ජාතිකවාදයට එරෙහි සැර විවේචකයෙකි. මැක්කා ගැන කවුදෝ ලියූ රචනාව මෙන් අමරකීර්තිගේ බොහෝ රචනා කෙළවර වන්නේ කොහෙන් හෝ අමරසේකරට ටොක්කක් ඇනීමෙනි. ඔහුට අමරසේකර ගැන ඇති ප්‍රශ්නය සාහිත්‍ය දාර්ශනික කාරණයකට වඩා දේශපාලන ප්‍රශ්නයක් වන බැවින් අමරකීර්තිගේ දේශපාලන ක්‍රියාකාරීත්වය අමතක කොට මේ ගැන කතා කළ හැකි නොවේ. එදා අමරසේකර ජවිපෙ ඇතුළු ජාතිකවාදී බලවේග හා එක්ව කටයුතු කරන සමයේ අමරකීර්තිලා ඒ දේශපාලන ප්‍රවාහය දැඩිව විවේචනය කළෝය. 2008න් පසු ජවිපෙ තම දේශපාලන උපායමාර්ගය සපුරා වෙනස් කිරීමෙන් පසු අමරකීර්තිලාගේ පරම ආශීර්වාදය ජවිපෙ හා පෙරටුගාමී පක්ෂයට හිමිවිය. 2015 දී අමරකීර්ති එජාපය බලයට ගෙන ඒම සඳහා උද්යෝගයෙන් පෙනී සිටියේය. ඉන් ටික කලකට පසු ඔහු ජවිපෙ ප්‍රබල ආධාරකරුවෙක් බවට පත් විය. අමරකීර්ති, අමරසේකර ගැන කියන දේවල් විමසිය යුත්තේ මේ දේශපාලන පසුබිමද සිහියේ තබා ගනිමිනි. එසේ නැතහොත් අමරසේකරගේ පටු මතවාද ගැන කියමින්, විසල් චින්තනයක් ගැන කතා කරන අමරකීර්තිගේ ලස්සන වචනවල සැබෑ ස්වරූපය වටහාගැනීම අසීරු වනු ඇත. මින් ඉදිරියට මා අපේක්ෂා කරනුයේ අමරකීර්ති නියෝජනය කළ දේශපාලන කඳවුර හා අමරසේකර නියෝජනය කළ දේශපාලන කඳවුරේ මැදිහත් වීම සසඳමින් ඔහුගේ අදහස්වලට ප්‍රතිචාරයක් දැක්වීමය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eජාතිවාදය හා බෙදුම්වාදය\u003C\/b\u003E\u003Cbr \/\u003E------------------------\u003Cbr \/\u003Eඅමරසේකරගේ කඳවුර එදා සිටම පෙනී සිටියේ දෙමළ ජාතිවාදී බෙදුම්වාදයට හා මුස්ලිම් අන්තවාදයට එරෙහිවය. එපමණක් නොවේ. ඔහු ඇතැම් සිංහල ජාතිවාදීන්ගේ ක්‍රියාකලාපයටද එරෙහි විය. එහෙත් අමරකීර්තිගේ කඳවුර එදා සිටම කළේ දෙමළ ජාතිවාදය, බෙදුම්වාදය පමණක් නොව දෙමළ ත්‍රස්තවාදය පවා ආරක්ෂා කිරීමය. කොටි ත්‍රස්තවාදයට පෙම් කවි ලියන, ත්‍රස්තවාදයේ පරාජය මානව ඉතිහාසයට සිදුවූ ලොකුම හානිය ලෙස ගනිමින් හඬා වැළපෙන සමාජ වෛරක්කාරයන් බිහිවූයේ ඒ කඳවුර තුළිනි. පාස්කු ප්‍රහාරය එල්ල වන තුරුම මේ කඳවුර ලංකාවේ මුස්ලිම් අන්තවාදයක් ඇති බව හෝ පිළිගත්තේ නැත. ඔවුන්ගේ එකම පිළිවෙත වූයේ ඒ සැබෑ ජාතිවාදයේ අනතුර පෙන්වා දෙන පුද්ගලයන්ට ජාතිවාදී චෝදනා දමා ගැසීමය. 2014 අලුත්ගම ගැටුම අවස්ථාවේදී සිංහලයාට පමණක් ජාතිවාදී චෝදනා එල්ල කරමින් පළ කළ පුවත්පත් නිවේදනවලට අමරකීර්ති ඇතුළු බොහෝ දෙනා අත්සන් තබනුයේ ඒ අනුවය. අමරකීර්ති ඇතුළු ඔහුගේ කඳවුරේ විසල් මනසැති වීරයන් දෙමළ, මුස්ලිම් ජාතිවාදයන් සාධාරණීකරණය කරමින් කළ කී දේවල් ගැන අවශ්‍ය නම් ඕනෑ තරම් උදාහරණ පෙන්වා දිය හැකිය. ඔවුන්ගේ ඊනියා ජාතිවාද විරෝධය ගණිකාවගේ පතිවතටත් වඩා දරුණු විහිළුවකි. උග්‍ර සිංහල බෞද්ධ විරෝධයේ මනෝව්‍යාධිය හැර කිසිදු සැබෑ ජාතිවාද විරෝධයක් මේ කඳවුර තුළ නැත. එදා සිටම ඔවුන්ගේ පිළිවෙත වූයේ සිංහලයාට පමණක් ජාතිවාදී චෝදනා එල්ල කරමින්, නැති සිංහල ජාතිවාදයකට පමණක් පහරදෙමින්, ඊට එරෙහිව සැබෑවට ක්‍රියාත්මක වන ඕනෑම ජාතිවාදයකට මතවාදී ආවරණ සැපයීම පමණි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eනාමික බටහිර විරෝධය\u003C\/b\u003E\u003Cbr \/\u003E-----------------------\u003Cbr \/\u003Eඅමරකීර්ති ඔහුගේ වෙනත් සමහර රචනාවල මෙන්ම මේ ලිපියේ ඇතැම් තැන්වලද තමා බටහිර අධිරාජ්‍යවාදයට විරුද්ධ බව පෙන්වීමට උත්සාහ කරයි. ඔහු චීන අධිරාජ්‍යවාදය බටහිර අධිරාජ්‍යවාදයට සමාන කර පෙන්වීම එවැනි එක් අවස්ථාවකි. මේ ව්‍යාජ බටහිර විරෝධය ඉතා අපූරු එකකි. එය මාස කීපයකට පෙර එම්සීසී ගිවිසුම ක්‍රියාත්මක කොට, ආණ්ඩු මාරුවෙන් පසු හදිසියේ පරම එම්සීසී විරෝධීන් වී සිටින සමගි ජනබලවේගයේ ඇමරිකන් විරෝධයට නොදෙවනි විහිළුවකි. අමරකීර්තිගේ කඳවුරේ පිළිවෙත වනුයේ ක්‍රියාවෙන් සියලු අහිතකර විදෙස් මැදිහත් වීම්වලට සහය පළ කරමින්, වාචිකව පමණක් බටහිර විරෝධී ප්‍රකාශ ඉඳහිට නිකුත් කිරීමය. සැබෑවට ඒ මැදිහත් වීම්වලට එරෙහි වන බලවේග සමච්චලයට හා විවේචනයට ලක් කිරීමය. බටහිර කුමන්ත්‍රණ ආදිය හුදු බලය ලබාගැනීම සඳහා මවා පෙන්වන බොරු බිල්ලන් බව සමාජයට ඇඟවීමය. අමරකීර්තිගේ කඳවුර, ඔහු සහය දුන් දේශපාලන පක්ෂ පසුගිය දශක ගණනාවක් පුරාවටම විනාශකාරී විදෙස් අතපෙවීම්වලට ආධාර අනුබල ලබා දුන් ආකාරය ගැන අවශ්‍ය නම් නිශ්චිත කරුණු සහිතව කතා කරමු. අමරකීර්තිට අද චීන විරෝධය මත පදනම්ව හෝ බටහිර ගැන විවේචනය කරන්නට සිදුවීම එක අතකට හොඳ දෙයකි. නමුත් ඔහුගේ රචනා කියවන පාඨකයන් මේ බොරුවලින් මුලාවට පත් විය යුතු නැත. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eචීන විරෝධයේ ඇත්ත සහ බොරුව\u003C\/b\u003E\u003Cbr \/\u003E---------------------------------\u003Cbr \/\u003Eමීළඟට අමරකීර්තිගේ චීන විරෝධයද ඔහුගේ කඳවුර කාලයක් තිස්සේ තලු මරමින් සිටින තවත් එක් දේශපාලන සටන් පාඨයකි. අපූරු කාරණය වන්නේ ලංකාව තුළ මේ චීන විරෝධය තලු මරන බොහෝ දෙනා බටහිර අධිරාජ්‍යවාදය බොරු බිල්ලෙක් බව පවසන විහිළුකාරයන් වීමය. ජාත්‍යන්තර තලයේදී බටහිර මාධ්‍ය මගින් ගෙන යන මේ චීන විරෝධයේ දේශීය නියෝජිතයන් වන්නේ අමරකීර්තිලාගේ කඳවුරය. ගෝලීය බල දේශපාලනය තුළ කිසිදු රටක භූමිකාව අහිංසක හෝ සර්ව සාධාරණ නැත. නමුත් චීනය ලෝකයට කළ මැදිහත් වීම් සහ බටහිර මැදිහත් වීම් අතර ඇත්තේ අහසට පොළව බදු වෙනසකි. චීනය මහ දවාලේ රටවල්වලට කඩා පැන මිනී මරා නැත. රටවල්වල ආණ්ඩු පෙරළා රූකඩ බලයට ගෙන ඒමේ කුමන්ත්‍රණවලට මැදිහත් වී නැත. ජාතිවාදී ආගම්වාදී ත්‍රස්ත කල්ලිවලට අනුබල දෙමින් රාජ්‍යයන් අස්ථාවර කර නැත. අනෙක් රටවල සංස්කෘතික උරුමයන් විනාශ කොට තමන්ගේ ආගම, සංස්කෘතිය බලහත්කාරයෙන් ව්‍යාප්ත කොට නැත. ලෝක කාරණා පැත්තක තබමු. හැකි නම් ඔය කියන චීන අධිරාජ්‍යවාදයෙන් ලංකාවට සිදුවූ හානිය කුමක්දැයි වාගාලාප රහිත නිශ්චිත කරුණු ඔස්සේ පෙන්වා දෙන්න. එහිදී බොහෝ දෙනා තලුමරන චීන ණය උගුල ගැන සලකා බැලුවොත් එයද ලැම්බෝගිනි, රත්තරන් අස්පයන් පන්නයේ බොරුවකට වැඩි යමක් නොවේ. ලංකාවේ චීන ණය සමස්ත ණය ප්‍රමාණයෙන් සීයට 14ක් පමණි. ඒවාද ලබාගෙන ඇත්තේ හම්බන්තොට වරාය වැනි අතිශය ඵලදායක ව්‍යාපෘති සඳහාය. ඒවායින් නිසි ප්‍රයෝජන ලබාගැනීමට අපට තවමත් බැරිවී ඇත්තේ චීන අධිරාජ්‍යවාදය නිසා නොව දේශීය පාලන තන්ත්‍රයන්ගේ ඔලමොට්ටලකම් නිසාය. හම්බන්තොට වරායේ ඛේදවාචකය පිළිබඳ සවිස්තර කරුණු දැක්වීමක් මගේ “කෙම්බිමට ගමනක්” කෘතියේ ඇතුළත් වන බැවින්, අමරකීර්තිට අවශ්‍ය නම් එය කියවා බැලිය හැකිය. චීන ධනවාදය, බටහිර ධනවාදයට වඩා වෙනස්ද නැද්ද යන කාරණය ගැන හරවත් ශාස්ත්‍රීය සංවාදයක් ඇතිවීම වැදගත්ය. නමුත් එය කළ හැක්කේ බටහිර ගැතිකම ඔස්සේ උපත ලද අධි මාත්‍රාවේ චීන විරෝධයකින් තොරව එහි නියම තතු මැදහත්ව විමසා බැලීමෙනි. අවාසනාව වන්නේ ලංකාවේ චීන විරෝධය මතු කරන කිසිවෙක් මේ දක්වා එවැනි ප්‍රවේශයකින් මේ ප්‍රශ්නය විමසා නොතිබීමය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eඩොලර් කාක්කෝ කවුද? \u003C\/b\u003E\u003Cbr \/\u003E------------------------\u003Cbr \/\u003Eඅමරසේකරගේ නවකතා ආදියට ඩොලර් කාක්කන්, එන්ජීඕ කාරයන් ඇතුළත් වී ඔහුගේ සාහිත්‍ය පටුවීම ගැන අමරකීර්තිට පුදුමාකාර දුකක් ඇති වී තිබේ. එන්ජීඕ කාරයන් වැනි කතා හුදු දෘෂ්ටිවාදී ගොඩනැංවීම් පමණක් යැයි ලීවේ නම් අමරකීර්තිට අමරසේකරගේ සාහිත්‍ය විසල් එකක් වන බව අපි දනිමු. අද අමරකීර්ති ආධාර කරමින් සිටින ඇතැම් පක්ෂ තම විරුද්ධවාදීන් ගැන පතුරුවන බොරුවලට සාපේක්ෂව නම් මේ ඩොලර් කතා ඉතා සුළු දේවල්ය. පදනමක් නැතිව ඩොලර් චෝදනා නැගීමේ ප්‍රවණතාවක් මේ රටේ ඇති බව මමද පිළිගනිමි. මා නම් කිසි දිනක කරුණු නොදැන කිසිවෙකුට එවැනි චෝදනාවක් එල්ල කර නැත. ප්‍රායෝගිකව පේන දෑ විවේචනය කිරීමට ඩොලර් ගත්තාද නැද්ද යන කාරණය මට නම් අදාළ වන්නේ නැත. නමුත් මේ ඩොලර් කතා හුදු කිසිවෙකුගේ හිතලු නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ලංකාවේ ක්‍රියාත්මක වූ සිය ගණනක් එන්ජීඕ සංවිධාන, ඒවාට සෘජුව හා වක්‍රව සම්බන්ධ පුද්ගලයන්, දෙමළ බෙදුම්වාදය වැනි ප්‍රශ්න හමුවේ ඔවුන්ගේ ක්‍රියා කලාපය, මේ සංවිධානවලට වාර්ෂිකව ලැබුණු අරමුදල් කන්දරාව ආදී දෑ ගැන නිශ්චිත කරුණු කාරණා සොයා බලන්නේ නම් ඒ ගැන අවබෝධය පුළුල් කරගැනීමට අමරකීර්තිට හැකි වනු ඇත. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eනල්ලමලේ නූතනවාදය ගැන\u003C\/b\u003E\u003Cbr \/\u003E----------------------------\u003Cbr \/\u003Eමීළඟට නූතනවාදය ගැන අමරකීර්තිගේ තර්කය සලකා බලතොත්, බටහිර නූතනත්වය විසින් ලෝකයට දායාද කළ වැදගත් දේවල් බොහොමයක් ඇති බව මමද පිළිගනිමි. ඒ සියල්ල බැහැරකොට සියලු හොඳ දේවල් උපත ලද්දේ අපේ සංස්කෘතිය තුළින් යැයි කීමේ පිස්සුවක් කිසිදු වැදගත් ජාතිකවාදියෙකු තුළ ඇතැයි මම නොසිතමි. සිංහල සංස්කෘතිය අභ්‍යන්තරයෙන් සංස්කරණය විය යුතු යැයි කියන කාරණය ගැන හෝ වෙනත් සංස්කෘතීන් ඉවසීම හා ඒවා තුළ ඇති වටිනාකම් උකහා ගැනීම වැනි කාරණා ගැනද මට නම් කිසිදු විවාදයක් නැත. මේවා ඇත්තටම සිංහල ජාතිකවාදයේ ප්‍රශ්න නොව, එහි ප්‍රශ්න ලෙස අමරකීර්තිලා හුවා දක්වන්නට උත්සාහ කරන කාරණාය. අප එරෙහි වන්නේ බටහිරයන්ගේ අනිසි මැදිහත්වීම්වලට මිස බටහිරින් එන සියලු දේට නොවේ. නමුත් අමරකීර්තිලාගේ පිළිවෙත වන්නේ සිංහල ජාතිකවාදයේ පටුකම හා ඊනියා විසල් චින්තනයක් ගැන නරිවාදම් දෙසමින් ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයේදී සියලු නූතනවාදී වටිනාකම් අමු අමුවේ උල්ලංඝනය කිරීමය. නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා පරමාධිපත්‍යය, නීතියේ ආධිපත්‍යය, සහජීවනය, ජාතිවාද ආගම්වාද පිටුදැකීම ආදී නූතනවාදී ලිබරල් වටිනාකම් ගැන සලකා බලන්න. ලංකා ඉතිහාසය පුරාම මේ වටිනාකම් වැඩිපුරම උල්ලංඝනය කර ඇත්තේ අමරකීර්තිගේද සහය ලැබූ එජාප ජවිපෙ හවුල විසින් මිසක අමරසේකරලා නොවේ. වැඩවසම් මහින්දට එරෙහිව රනිල්ගේ දියුණු ලිබරල් වටිනාකම් ගැන අටුවා ලියන වියතුන් අමරකීර්තිගේ කඳවුර තුළ හිඟ නැත. නමුත් රනිල් යනු කිසිදු ආකාරයක දියුණු ලිබරල් නායකයෙක් නොව, පරගැතිකම පමණක් ඇති කරපින්නා ගත් අන්ත විනාශකාරී නායකයෙකි. සටන් විරාම ගිවිසුම් හරහා බියගුළු ජාතිවාදී ත්‍රස්ත කල්ලියක් ඉදිරියේ රටක් දණ ගැස්වූ දීනයෙකි. 1977න් පසු එජාපයේ ඉමිහිරි ලිබරල් ඉතිහාසය හෝ දෙදාස් ගණන්වල රනිල්ගේ ලිබරල් හපන්කම් අමරකීර්තිට අමතක නම් මෑත කාලීන යහපාලන පස් වසරවත් සිහියට නගා ගන්න. අවශ්‍ය නම් නිශ්චිත කරුණු කාරණා සහිතව අපි මේ ගැන කතා කරමු. ලංකාව තුළ ඔය කියන නූතනවාදී ලිබරල් වටිනාකම් ප්‍රායෝගිකව ආරක්ෂා කළේ අමරසේකරලාගේ කඳවුර මිස අමරකීර්තිලාගේ කඳවුර නොවන බව ළදරුවෙකුට වුවද ඒ ඔස්සේ අවබෝධ කොට ගත හැකි වනු ඇත. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eපටු අමරසේකර හා විසල් අමරකීර්ති\u003C\/b\u003E\u003Cbr \/\u003E----------------------------------\u003Cbr \/\u003Eඅමරසේකරගේ පටුකම ගැන අවංක විවේචනයක් තිබේ නම් අමරකීර්ති කළ යුත්තේ බටහිර අධිරාජ්‍යවාදය මෙන්ම චීන අධිරාජ්‍යවාදයද නිසි පරිදි කියවා ගත හැකි, අපේ දේවල්වලින් මෙන්ම ලෝකයෙන්ද ආභාසය ලබන, ගැඹුරු මතවාදයක් ගොඩනගමින් රටක් වශයෙන් අප යා යුතු මාවත කුමක්දැයි පෙන්වා දීමය. නමුත් අමරසේකරට බනිමින් එජාප ජවිපෙ හවුලට, බෙදුම්වාදයට, ජාතිවාදයට ආවැඩීම තමන්ගේ ඇහේ පොල් පරාලයක් තිබියදී අනෙකාගේ ඇහේ ඇති රොඞ්ඩ හොයන්නට යාම වැනි නාඩගමකි. ඕනෑම චින්තකයෙකුගේ මෙන්ම අමරසේකරගේ අදහස්වලද ප්‍රශ්න කළ හැකි අඩුපාඩු සීමාකම් තිබීම සාමාන්‍ය දෙයකි. එහෙත් ඔහු රටක් වශයෙන් අප මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වූ ජාතිකත්වය හා විජාතිකත්වය අතර ගැටුම නිසි පරිදි කියවා ගනිමින්, ඊට සාපේක්ෂව නිසි තැන ස්ථානගත වූයේය. අමරකීර්ති ඇතුළු ඔහුගේ කල්ලියේ සියලු දෙනාට අමරසේකර සමග ඇති සැබෑ ආරෝව ඇත්තේ එතැනය. විවිධාකාර බොරු වචන හරඹවල දවටමින් ඔවුන් දිවා රෑ මුදා හරින්නේ මේ දේශපාලන ස්ථානගත වීම පිළිබඳ ඇති වෛරය විනා අන් යමක් නොවේ. අමරසේකරගේ අදහස්වල පටුකම් තිබිය හැකිය. එහෙත් ඒ පටුකම්වලින් ප්‍රායෝගිකව මේ රටට සිදුවූ කිසිදු හානියක් නැත. එහෙත් අමරකීර්තිලාගේ විසල් මතවාද මේ රට තුළ ජයග්‍රහණය කළේ නම් අද අපට ජීවත් වීමට සිදුවනුයේ ජාතිවාදී පදනමින් බෙදී මිනී මරාගන්නා තවත් ලිබියාවක් බඳු අරාජික නන්නත්තාර රටක බව අමතක නොකළ යුතුය. ඒ විනාශයෙන් මේ රට ගලවා ගත හැකි වූයේ අමරසේකරලාගේ අදහස් කියවූ, සිංහල පමණක් දන්නා, පටු මිනිසුන්ගේ පටු දැනුමට හා ක්‍රියාකාරීත්වයට පින් සිදුවන්නට බව සිහිපත් කරමින්, පුළුල් මිනිසෙකු වන්නට බැරිවීමේ අභිමානය සිතේ දරාගෙන මේ සටහන අවසාන කරමි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉසුරු ප්‍රසංග \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003E www.yuthukama.com \u003Cbr \/\u003E\u003Cbr \/\u003E ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)\u003Cbr \/\u003E https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/2471422879690864278\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2020\/11\/Amarakeerthi.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/2471422879690864278"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/2471422879690864278"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2020\/11\/Amarakeerthi.html","title":"අමරසේකරගේ පටුකම සහ අමරකීර්තිලාගේ විසල් දේශපාලනය"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/1.bp.blogspot.com\/-kBgdtHyePnk\/X69jVBmdAoI\/AAAAAAAAHbo\/J2dLjYmXWXQZJ1W7px9bkUPgGgiRDW6RwCLcBGAsYHQ\/s72-w669-h351-c\/amarakeerthi.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4713382120073904765"},"published":{"$t":"2020-02-26T22:22:00.001+05:30"},"updated":{"$t":"2020-02-26T22:22:44.600+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ඉසුරු ප්‍රසංග"}],"title":{"type":"text","$t":"ජාතිය රැක ගැනීමට විමල් වීරවංශයන් කළ සේවය"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/1.bp.blogspot.com\/-zCQ0OAGxml4\/Xlahgxgn0fI\/AAAAAAAADno\/S7m_tvoya2MNH2Q3H-NitmMfaW88TnC7QCLcBGAsYHQ\/s1600\/wimal.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" data-original-height=\"838\" data-original-width=\"1600\" height=\"334\" src=\"https:\/\/1.bp.blogspot.com\/-zCQ0OAGxml4\/Xlahgxgn0fI\/AAAAAAAADno\/S7m_tvoya2MNH2Q3H-NitmMfaW88TnC7QCLcBGAsYHQ\/s640\/wimal.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E[ඉසුරු ප්‍රසංග විසින් රචිත 'විමල් යුගකාරකත්වයේ භූමිකාව' ග්‍රන්ථය වෙනුවෙන් ගුණදාස අමරසේකරයන් තැබූ සටහන]\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eපසුගිය ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා දිනුවේ හුදෙක් එතුමාගේ පෞරුෂය උඩය යනුවෙන් ඇතමුන් පළ කරන මතය සාවද්‍ය වෙයි. එයින් අදහස් කරන්නේ එතුමාගේ පෞරුෂය ජයග‍්‍රහණය සඳහා හේතු නොවීය යන්න නොවේ. යම් සේ එතුමාගේ පෞරුෂය ඒ සඳහා වැදගත් වීද ඒ පෞරුෂය පිටුපසින් වූ ජාතික බලවේගයද එපමණටම වැදගත් විය. ඒ දෙකේ අන්‍යෝන්‍ය බලපෑමයි ඒ ජයග‍්‍රහණයට හේතු වයේ.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003Eඒ ජාතික බලවේගය  ඕපපාතිකව පහල වූවක් නොවේ. පසුගිය දශක තුන හතර තුළ මෙරට ජාතිමාමක බුද්ධිමතුන් ගෙන ගිය ජාතික පුනර්ජීවන ව්‍යාපාරයයි ඊට පාදක වූයේ. ඒ ව්‍යාපාරයේ සුල මුල අනගාරික ධර්මපාලයන් විසින් අරඹන ලද ජාතික විමුක්ති සටන තෙක් දිව යයි.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cbr \/\u003Eමේ රටේ දේශපාලන ක්ෂේත‍්‍රයේ උන් දේශපාලනඥයන් අතරින් ඒ ජාතික විමුත්කි සටනට වැඩියෙන්ම දායක වූ දේශපාලකයා විමල් වීරවංශ බව මගේ වැටහීමයි. බාගවිට එකම පුද්ගලයාද ඔහු වන්නට පුළුවන. පිලිප් ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන ආදීන් ගත් ජාතිකවාදී මඟ යළි පණ පොවා වත්මන් පරපුරට සරිලන සේ ඉදිරිපත් කරන ලද්දේ වීරවංශයන් විසිනි.\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003Eවිමල් වීරවංශ ලබා දුන් එකී දායකත්වයේ අතීත කතාව සටහන් කිරීමට පළමුව එහි වත්මන් කතාවෙන් මේ සටහන පටන්ගත යුතුයැයි සිතමි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමත් සමග ජාතික බලවේග නියෝජනය කළ අප තුළ ඇති වූයේ මහත් කම්පනයකි. දැඩි අනාථභාවයකින් අපි පෙළෙන්නට වීමු. ආප්ප කා රනිල් වික‍්‍රමසිංහ වෙත ගිය මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති වීමත් සමග ජාතික බලවේග යටපත් වී විජාතික බලවේග හිස ඔසවන බව සක්සුදත් සේ පැහැදිලි විය. විපිළිසර වූ මනසින් යුතු අපට ඒ සඳහා අවශ්‍ය පිළියම දැක ගත හැකි නොවීය. ඒ පිළියම අපට පාදා දෙන ලද්දේ විමල් වීරවංශයන් විසිනි. එහි ප‍්‍රතිඵය වූයේ ”මහින්ද සමග නැගිටිමු” යන උද්ඝෝෂණ පාඨය මුල්කරගත් නුගේගොඩ පැවැති දැවැන්ත ජන රැුළියයි. එය කිසිවෙකු නොසිතූ ලෙස අතිශය සාර්ථක විය. මහින්ද රාජපක්ෂ මහතාද එවැන්නක් අපේක්ෂා නොකරන්නට ඇත. අභාග්‍යය නම් අද වන විට ඒ සියල්ල බොහෝ දෙනෙකුට අමතක වී තිබීමයි. සමහරුන් නම් එය උවමනාවෙන්ම අමතක කරන බව පෙනේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඒ රැුළිය හා බැඳුනු මා සිත රැඳී ඇති සැමරුම් කිහිපයක් ප‍්‍රස්තුතයට අදාළ නොවූවද මෙහි බහාලීම වැදගත් යැයි සිතමි. ඒ රැළියේ මුලසුන ගැනීම සඳහා ජනතාවගේ ගෞරවයට පාත‍්‍ර වූ සංඝ පීතෘවරයෙකු සොයා ගැනීම අවශ්‍ය විය. ඒ සඳහා කොළඹ අවට වූ නායක හිමිවරුන් කීපදෙනෙකු වෙත ගොස් අපි ඇරයුම් කළෙමු. උන් වහන්සේලාගෙන් කිසිවෙකු නොවේ අපේ ඇරයුම පිළිගත්තේ. අවසානයේදී අපි  ඕමාරේ කස්සප හිමියන්ගේ සහාය ඇතිව දක්ෂිණ ලංකා ප‍්‍රධාන සංඝ නායක පල්ලත්තර සුමන ජෝති හිමියන් සම්බන්ධ කර ගැනීමට තැත් කළෙමු. සුමනජෝති නාහිමියන් මුණ ගැසීම සඳහා ගෙවිඳු කුමාරතුංගත්, මමත් ගාල්ලට ගියෙමු. රෝගී තත්වයේ උන් නායක හිමියන් අපගේ ආරාධනාව පිළිගැනීම ඉමහත් සැනසිල්ලක් විය. අප සමග එහි ගිය වසන්ත දේවසිරි මහතා උන්වහන්සේ සිය මොටෝරියෙන් ගෙන ඒමට පොරොන්දු විය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඒ රැළියට සහභාගී වන ලෙස ඒ වන විට විපක්ෂයේ උන් සියලූම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන්ටත්, වාමාංශික දේශපාලන නායකයන්ටත් අපි ආරාධනා කෙළෙමු. ඔවුුන්ගෙන් වාමාංශික දේශපාලකයන් පමණකි වේදිකාවේ අසුන් ගත්තේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙතුන් දෙනෙක් ජනතාව අතර වූ නමුදු වේදිකාවේ අසුන් ගැනීමට ඔවුහු අකමැති වූහ. දඩබ්බර මනසකින් යුත් කුමාර වෙල්ගම මහතා පමණි අප සමග වේදිකාවේ අසුන් ගත්තේ. \u003Cbr \/\u003Eමා මේ කරුණ සඳහන් කළේ අප ආ ගමන කෙතරම් කටු කොහොල් බාධක අතරින් ආ ගමනක්ද යන්න පෙන්වීම සඳහාය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමා විමල් වීරවංශ මහතා දැන හඳුනාගත්තේ ජේවීපිය විසින් ආරම්භ කරන ලද ”ලංකා” පත‍්‍රයට ඔහු විසින් සපයන ලද ලිපි පෙළක් මඟිනුයි. ඒ ලිපි ජේවීපියට වැළඳී තිබූ මාක්සවාදී බරවායෙන් මිදුණු මනසක් ඇත්තෙකු විසින් ලියන ලද ඒවා  බව මට වැටහිණි. එපමණක් නොව ජාතිකවාදී ස්ථාවරයක්ද ඒවා තුළ ගැබ්ව තිබිණි. ඒ වන විට ම විසින්ද ”ගනඳුරු මැදියම දකිනෙමි අරුණළු” කෘතිය මගින් ජේවීපිය ජාතිකවාදී ස්ථාවරයක් වෙත එළඹීමේ වැදගත්කම පෙන්වා දී තිබිණි. අප දෙදෙනා ඔවුනොවුන් වෙත ළං වූයේ මේ අයුරිනි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑහි ප‍්‍රතිඵලය වූයේ ජනතා විමුක්ති පෙරමුණේ නොමඳ අනුග‍්‍රහය මත දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය ආරම්භ වීමයි. ඒ අනුග‍්‍රහය පිටුපසින් සිටි පුද්ගලයන් සිව්දෙනා සෝමවංශ අමරසිංහ, විමල් වීරවංශ, වසන්ත බණ්ඩාර සහ සේනාරත්න සිල්වා බව මගේ වැටහීමයි. ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ සහභාගීත්වයද අපට විශාල ශක්තියක් විය. දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයට රට පුරා රස්වීම් විශාල ප‍්‍රමාණයක් සංවිධානය කිරීමට හැකි වූයේ ජනතා විමුක්ති පෙරමුණේ අනුග‍්‍රහය ලබාගැනීමට හැකිවී තිබූ බැවිනි. ඒ සඳහා පුරෝගාමීව කටයුතු කළේ විමල් වීරවංශයි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eජේවීපියත් ජාතිහිතෛෂී බලවේගත් අතර ඇතිවූ මේ සංයෝගය ඇතැම් ජේවීපී සාමාජිකයන්ගේද ප‍්‍රසාදයට හේතු නොවිණ. සංවිධානාත්මක දේශපාලන ව්‍යුහයකින් තොරවූ ජාතික බලවේගවලට කිසිදු ශක්තියක් නොමැති බවයි ඔවුන්ගේ අදහස වූයේ. මීට හේතුව මතවාද සතු ශක්‍යතාවය පිළිබඳව ඔවුන් තුළ වූ අනවබෝධයයි. මුළු මහත් ජනතාවකගේ මනසට ආමන්ත‍්‍රණය කරන මතවාදයකට සංවිධානාත්මක දේශපාලන ව්‍යුහයක් ඉක්මවා සිටින ශක්තියක් තිබේ. මීට හොඳම නිදසුන ලෙස මා දකින්නේ මේ රට තුළ මහා චින්තන විප්ලවයක් සිදු කළ අනගාරික ධර්මපාලතුමාගේ ව්‍යාපාරයයි. එතුමාට එවැනි සංවිධාන - දේපාලන ව්‍යූහයක් නොතිබුණි. තිබුණේ ජාතික මනස අවදි කිරීමට සමත් වූ ජාතිකත්වය මත පදනම්වූ ප‍්‍රබල මතවාදයකි. දේශහිතෛෂී ව්‍යාපාරයටද එවැනි ප‍්‍රබල මතවාදයක් තිබිණ. මෙදා ගෝඨාභය රාජපක්ෂයන්ගේ ජයග‍්‍රහණයට හේතු වූයේ එම ප‍්‍රබල ජාතික මතවාදය නොවේද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eජාතික බලවේගත් , ජේවීපියත් අතර ඇතිවූ මේ සුසංයෝගය රටට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණටද මහත් ඵල මහානිසංස අත්කර දුන් බව මගේ වැටහීමයි. 2000 වසරේ පැවති ඡන්දයෙන් ජේවීපියට ලබාගත හැකිවූයේ ආසන 10ක් පමණි. 2001 දී ශ‍්‍රීලනිප සමග එක්වී සාදන ලද පරිවාස ආණ්ඩුවට සහභාගී වීම නිසා ඉන්පසු පැවති මැතිවරණයෙන් ආසන 16ක් ලබා ගැනීමට ඔවුන්ට හැකි විය. ඉන් ඉක්බිතිව 2005 දී ශි‍්‍රලනිපය සමග එක්වීම නිසා ආසන 42 ක් ලබාගැනීමට ජේවීපිය සමත් විය. ඒ සුසංයෝගයේ ගෞරවය හිමිවිය යුතු තැනැත්තා විමල් වීරවංශයි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ සුසංයෝගය නිසයි 13 වන සංශෝධනය මගින් එක් කරන ලද උතුර සහ නැගෙනහිර වෙන් කරගත හැකිවූයේ. ඊට අදාළ නඩුව සඳහා නීතිඥයන් සොයා ගැනීමේ කාර්යය පැවරුණේ මා වෙතය. මගේ මිතුරන් වන එච්. එල්. ද සිල්වා, එස්. එල්. ගුණසේකර, ගෝමින් දයාසිරි යන දේශපේ‍්‍රමී නිතිඥයන් ඊට එක් කිරීමට මම සමත්වීමි. ඒ සඳහා අවශ්‍ය මුස්ලිම් පෙත්සම්කරු සොයාගනු ලැබුවේ විමල් වීරවංශ විසිනි. උතුරු නැගෙනහිර වෙන්කර ගැනීම ඒ සුසංයෝගය ලද මහා ජයග‍්‍රහණයක් විය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E2007 දී අයවැය ඉදිරිපත් කිරීමේදී මහින්ද රාජපක්ෂ රජය බේරාගනු ලැබුවේ මේ සුසංයෝගය විසිනි. එදා මහින්ද රාජපක්ෂ රජය පරාජය වූවා නම් ඒ රජය පමණක් නොව මුලූ රටමද පරාජය වනවා නිසැකය. ප‍්‍රභාකරන් පැරදවීමේ සටන එයින් ඉවර වන්නට තිබුණි. ප‍්‍රභාකරන්ට එරෙහිව සටන් වදින ලෙස රජයට බල කර සිටියේ මේ සුසංයෝගයයි. \u003Cbr \/\u003Eජාතිකවාදය වෙනුවෙන් පෙනී සිටි විමල් වීරවංශ සහ සෝමවංශ ජේවීපියෙන් ඈත් වීමත් සමග මේ සුසංයෝගය බිඳ වැටිණි. ජේවීපියේ ඡන්ද ප‍්‍රතිශතය අද වන විට 3% දක්වා පල්ලම් බැස ඇත්තේ එහි ප‍්‍රතිඵලය වශයෙන් නොවේද? ජේවිපිය අද මෙහෙයවනු ලබන්නේ මාක්ස්වාදය විසින් නොව අවස්ථාවාදය විසිනුයි. ඊනියා දූෂණ විරෝධී සායම අතුල්ලා ගැනීමෙන් ඒ අවස්ථාවාදය වසන් කළ හැකි නොවේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E2010 දී විමල් වීරවංශ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම ගෙනා යුද අපරාධ චෝදනාවලට එරෙහිව උපවාසයක යෙදුනේය. එවේලෙහි එය ඇතමුන්ගේ උසුළු විසුළුවලට භාජනය වූ හැටි අපි දුටුවෙමු. ඒ උසුළු විසුළුවල ප‍්‍රතිඵල දැන් අපි අත් විඳිමු. දැන් ඒ චෝදනා රට දෙකඩ කරන තත්ත්වයට වර්ධනය වී තිබේ. වීරවංශ එදා නැගූ විරෝධය මහා මහජන විරෝධයක් බවට පත් කළේ නම් මේ උවදුර අවම කර ගැනීමට අපට හැකිවන්නට තිබුණා නොවේද? සිය දුෂ්ට සැලසුම් ක‍්‍රියාත්මක කිරීමට පෙර විජාතික සතුරන්ට දෙවරක් සිතීමට සැලැස්විය හැකිව තිබුණා නොවේද? අප කළේ වීරවංශයන් නිගාවට ලක් කර පාලූ ගෙයි වළං බිඳීමට ඉඩදී ඔවුන් ඉදිරියේ දණ ගැසීමයි. එහි ප‍්‍රතිඵල දැන් අප අත් විඳිමු. \u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවිමල් වීරවංශයන් අනුගමනය කළ ජාතික මතවාදය නිසා ඔහුත් මහින්ද රාජපක්ෂ රජයත් අතර මත ගැටුම් ඇතිවූ සැටි අපි දුටුවෙමු. රාජපක්ෂ රජය අනුගමනය කළ නව ලිබරල්වාදී ආර්ථිකය ඇතුළු සමහර ප‍්‍රතිපත්ති ඔහුගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය. එවේලෙහි විමල් වීරවංශ ඒ රජය තුළ රැඳී සිටියේ රටේ ජාතියේ පැවැත්ම ආරක්ෂා කිරීම සඳහා යැයි මම සිතමි.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003Eවීරවංශ ගෙන ගිය ඒ සටන ගෝඨාභය රාජපක්ෂ ජයග‍්‍රහණයෙන් මස්තකප‍්‍රාප්ත වී ඇතැයි සිතුවහොත් එය අතිශය මුලාවකි. ගෝඨාභය ජයග‍්‍රහණයෙන් සිදුවී ඇත්තේ ඒ සටනට අත හිත දෙන නායකයෙකු දේශපාලන කරලියට සම්ප‍්‍රාප්ත වීම පමණි. ජාතික සටනට වැඩි ඉඩ ප‍්‍රස්ථාවක් ඇතිවීම පමණි. ඒ ජාතිික සටන අඩපණ කිරීමට මෙරට පිටරට දෙරටේම සිටින සිියලූ සතුරු බලවේග තව ටික දිනකින් කල එළි බසිනු ඇත. මේ රජය තුළින්ම ඒවා මෝදු වන්නට පුළුවන. එබැවින් විමල් වීරවංශයන් ප‍්‍රධාන ජාතික බලවේගයන් මුහුණ පා ඇත්තේ නොනිමි සටනකටය. ඒ සටනට නායකත්වය දීමට විමල් වීරවංශයන් සූදානම් විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය ධෛර්ය, කැපවීම, ඔහු සතු වේවා යන්න අපගේ ප‍්‍රාර්ථනයයි.\u003Cbr \/\u003Eසිය දේශපාලන දිවියේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර භූමිකාවට විසි වසරක් පිරෙන මේ මොහොතේ අපි ඔබට සුභ පතමු.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසාහිත්‍යශූරී ආචාර්ය ගුණදාස අමරසේකර\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003ELike us on facebook :https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/4713382120073904765\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2020\/02\/wimal.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4713382120073904765"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4713382120073904765"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2020\/02\/wimal.html","title":"ජාතිය රැක ගැනීමට විමල් වීරවංශයන් කළ සේවය"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/1.bp.blogspot.com\/-zCQ0OAGxml4\/Xlahgxgn0fI\/AAAAAAAADno\/S7m_tvoya2MNH2Q3H-NitmMfaW88TnC7QCLcBGAsYHQ\/s72-c\/wimal.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-8491481956502288439"},"published":{"$t":"2019-11-03T13:30:00.001+05:30"},"updated":{"$t":"2019-11-03T13:30:04.642+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ඉසුරු ප්‍රසංග"}],"title":{"type":"text","$t":"එජාපයේ ම්ලේච්ඡ ඉතිහාසයෙන් බිඳක්..."},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/1.bp.blogspot.com\/-J5nPoB83CXw\/Xb6IjSuEOWI\/AAAAAAAADf8\/-DZB-3wSI2cSQp6ev1_5DbafsDqY7svSQCLcBGAsYHQ\/s1600\/74162364_10211954776705124_4634202586340130816_n.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" data-original-height=\"616\" data-original-width=\"960\" height=\"410\" src=\"https:\/\/1.bp.blogspot.com\/-J5nPoB83CXw\/Xb6IjSuEOWI\/AAAAAAAADf8\/-DZB-3wSI2cSQp6ev1_5DbafsDqY7svSQCLcBGAsYHQ\/s640\/74162364_10211954776705124_4634202586340130816_n.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E- ඉසුරු ප්‍රසංග - \u003Cbr \/\u003E\u003C\/span\u003E\u0026gt; 1977 ජුලි 22 පැවති මැතිවරණයෙන් එජාපය ජය ගැනීම සහ එයින් පසු පොලීසි සඳහා සතියක් නිවාඩු ලබා දී විරුද්ධවාදීන් මර්දනය කිරීම. එහිදී....\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමිනිස් ඝාතන 6ක්\u003Cbr \/\u003Eනිවාස ගිනි තැබීම් 37ක්\u003Cbr \/\u003Eපහරදීම් හා මංකොල්ලකෑම් 1400ක්\u003Cbr \/\u003Eදේශපාලන පලිගැනීම් ලෙස සේවයෙන් පහකිරීම් 18462ක්\u003Cbr \/\u003Eස්ථාන මාරුකිරීම් 72881ක් වාර්තා විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; 1977 අගෝස්තු 17 වැනිදා සිදුකළ ජාතිවාදී කෝලාහලවලින් විශාල පිරිසක් පීඩාවට පත් කිරීම. එහිදී...\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපුද්ගල ඝාතන 100ක්\u003Cbr \/\u003Eස්ත්‍රී දූෂණ 284ක්\u003Cbr \/\u003Eනිවාස ගිනි තැබීම් 8088ක්\u003Cbr \/\u003Eදේපල මංකොල්ලකෑම් 20776ක්\u003Cbr \/\u003Eපහරදීම් 40000ක් වාර්තා විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; 1978 පෙබරවාරි 4 වැනිදා ජේ. ආර්. ජයවර්ධන ප්‍රථම විධායක ජනපති ලෙස දිවුරුම් දීම සහ නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; 1978. 11. 20 ගෙන ආ පළමු ව්‍යවස්ථා සංශෝධනය මගින් සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කොට තම ප්‍රධාන දේශපාලන ප්‍රතිවාදියා අක්‍රිය කිරීම.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; සරසවි සිසුන් මර්දනය සඳහා 1978 වසරේදී නව විශ්ව විද්‍යාල පනත සම්මත කර ගැනීම. මේ කාලයේදී ශිෂ්‍ය මර්දන ක්‍රියා, පාතාල මැර පිරිස් යොදවා කළ පහරදීම්ද සුලබව වාර්තා වූ අතර රනිල් වික්‍රමසිංහ ඊට සක්‍රියව දායක වී ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; 1978 මාර්තු 16 වැනිදා කැළණි සරසවියේ ඇතිවූ ගැටුමකින් ක්‍රිස්ටෝපර් ජයතිලක නමැති මැරයා මරණයට පත්වූ අතර ජනාධිපතිවරයා ඔහුගේ අවමගුලට සහභාගී වීම.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; ස්ත්‍රී දූෂණයක් නිසා සිරගතව සිටි ගෝනවල සුනිල්ට ජනාධිපති සමාවක් ලබාදී සාම විනිසුරු පදවියක් පිරිනැමීම. ගෝනවල සුනිල් රනිල් වික්‍රමසිංහගේද සමීප මිතුරෙකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; පඩි වැඩිවීමක් ඉල්ලා 1980 ජුනි 5 වෙනිදා සිදුකල පිකටින් ව්‍යාපාරයට මැර ප්‍රහාර එල්ල කොට ඩී. සෝමපාල මහතා මරා දැමීම.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; 1980 ජූලි 17 වැනිදා රුපියල් 300ක පඩි වැඩි වීමක් ඉල්ලා පැවති ජූලි වර්ජනයෙන් 40356 කට රැකියා අහිමි කිරීම. මෙහිදී පහරදීම්, සිරගත කිරීම් නිසා සිත් තැවුලට පත් වර්ජකයෝ 39 දෙනෙක් සිය දිවි හානි කොට ගත්හ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; 1981 ජනවාරි 21 වැනිදා අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහිව පැවති උද්ඝෝෂණයට එල්ල කළ බරපතළ ප්‍රහාරය. මෙහිදී අශ්වයන් ලවා පෑගීමෙන් සිසුන් කීප දෙනෙක් සදාකාලික අබ්බගාත තත්ත්වයට පත්විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; 1981 දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්දයේදී ඇතිවූ ගැටුම් අතරතුර ආණ්ඩුවේ මැර පිරිස් දකුණු ආසියාවේ විශාලතම පුස්තකාලය වූ යාපනය පුස්තකාලයට ගිනිතැබීම. වටිනා පොත් 90000ක් එහිදී විනාශයට පත්විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; ඡන්ද පෙට්ටි අතුරුදන්වීම්, හොර ඡන්ද දැමීම්, බිය ගැන්වීම් රැසක් යටතේ සංවර්ධන සභා ඡන්දය පැවැත්වීම. මෙය මහා පරිමාණයෙන් අයථා ක්‍රියා සිදුවූ ලංකාවේ පළමු මැතිවරණය ලෙස ඉතිහාසයට එක් වෙයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; විරුද්ධ පක්ෂ නායිකාවගේ ප්‍රජා අයිතිය අහෝසි කොට, නියමිත කාලයට පෙර 1982 ඔක්තෝබර් 21 වැනිදා ලංකාවේ පළමු ජනාධිපතිවරණය පැවැත්වීම. මෙහිදී විරුද්ධ අපේක්ෂකයා වූ කොබ්බෑකඩුවගේ ජන්දය පවා වංචනික ලෙස භාවිතා කර තිබිණි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; 1982 ජූලි 22 වැනිදා බෞද්ධ සම්මේලන ශ්‍රවණාගාරයේ පැවති දේශනයකදී මහාචාර්ය සරත්චන්ද්‍ර ඇතුළු පිරිසකට මැර ප්‍රහාරයක් එල්ල කිරීම.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; ලසසපයේ මන්ත්‍රීවරියක වූ විවියන් ගුණවර්ධනට කොල්ලුපිටිය පොලීසියේදී බිම දමා පහර දීම සහ උසාවියෙන් වරදකරු වූ පොලිස් පරීක්ෂකවරයාට උසස්වීමක් පිරිනැමීම.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; හතරවැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තු නිල කාලය මැතිවරණයකින් තොරව දීර්ඝ කර ගැනීමට ජේ. ආර්. ජයවර්ධන කටයුතු කිරීම.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; නක්සලයිට් කුමන්ත්‍රණ කතාවක් නිර්මාණය කොට ඒ යටතේ විජය කුමාරතුංග, හෙක්ටර් කොබ්බෑකඩුව, රත්නසිරි වික්‍රමනායක ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම. මැතිවරණ කල් දැමීමට හේතුව ලෙස එජාපය භාවිතා කළේද මේ නක්සලයිට් කතාවය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; මහ මැතිවරණයක් අවශ්‍යද නැද්ද යන්න විමසීමට 1982 දෙසැම්බර් 22 වැනිදා ජනමත විචාරණයක් පවත්වා ඡන්ද කල් දැමීම.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; රට පුරා හදිසි නීතිය පැනවීම, ශ්‍රිලනිප සංවිධායකවරුන් ඇතුළු විසිදෙනෙක් අත්අඩංගුවට ගැනීම, ඇත්ත පුවත්පතට සහ යාපනයේ පළවූ සුදන්ධිරන් පුවත්පතට සීල් තැබීම, ශ්‍රිලනිප පක්ෂ මූලස්ථානයට සීල් තැබීම, මැර බලය යෙදවීම, ඡන්ද මංකොල්ලකෑම්, බිය ගැන්වීම් ආදී ක්‍රියා මෙහිදී විශාල ලෙස වාර්තා විය. ඡන්ද කොමසාරිස්වරයා පසු කලෙක නිකුත් කළ වාර්තාවක ඒ කරුණු දැක්වේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; 1983 ජූලි 24 වැනිදා එජාපයේ අනුග්‍රහයෙන් දෙමළ ජනයාට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකිරීම. (කළු ජූලිය) නිවාස ගිනි තැබීම්, කොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, පහරදීම්, මිනීමැරුම් රාශියක් මෙහිදී වාර්තා විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; කළු ජූලියේ වගකීම වමේ පක්ෂ මත පැටවූ එජාප රජය ජවිපෙ, කොමියුනිට්ස් පක්ෂය, නව සමසමාජ පක්ෂය සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තහනම් කිරීම. (1983 ජූලි 30)\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; 1983 දෙසැම්බර් 27 වැනිදා පේරාදෙණිය සරසවිය තුළ පොලීසියක් කිරීම. ඊට එරෙහිව පැවති උද්ඝෝෂණවලදී පද්මසිරි අබේසේකර (ජුනි 19) සහ රෝහණ රත්නායක (ජුනි 21) යන සිසුන් දෙදෙනා ඝාතනයට ලක්විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; 1987 ඉන්දු ලංකා ගිවිසුමට අත්සන් තබමින් ලංකාව පෙඩරල් රාජ්‍යයක් කිරීමට පසුබිම සැකසීම. මේ දේශද්‍රෝහී ගිවිසුම අත්සන් තැබීමට පෙර සරසවි සිසුන් 88ක් ඇතුළු ඊට විරෝධය පළ කළ පිරිස් විශාල වශයෙන් අත්අඩංගුවට ගනු ලැබිණි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; 1987 ජූලි 28 වැනිදා ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව කොටුවේ පැවති උද්ඝෝෂණයට වෙඩි තැබීමෙන් 121 දෙනෙක් මහ පාරේ මරාදැමීම. අනතුරුව රට පුරා ඇතිවූ කලබලවලින් 132ක් ඝාතනයට ලක්ව 712ක් අත්අඩංගුවට පත්විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීමෙන් මේ භීෂණ සමයේදී බටලන්දේ වධකාගාරයක් පවත්වාගෙන ගිය අතර, ඒ තුළ පුද්ගලයන් 100කට අධික ප්‍රමාණයක් ඝාතනයට ලක්ව ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; 1988 පළාත් සභා මැතිවරණය, 1988 ජනාධිපතිවරණය, 1989 පාර්ලිමේන්තු මැතිවරණය යන මැතිවරණ තුනම පවත්වන ලද්දේ භීෂණ සමයේ දැඩි ප්‍රජාතන්ත්‍ර විරෝධී පසුබිමක් යටතේය. ගිනි අවි රැගත් මැරයන් ඡන්ද පත්‍රිකා සියල්ල රැගෙන පෙට්ටි පිරවීමේ සිදුවීම් ගණනාවක් වාර්තා විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; 1977 සිට එජාපය ආ මේ ගමන දකුණේ දැවැන්ත සන්නද්ධ අරගලයකට පවා පසුබිම සකසමින් රට මහා ඛේදවාචකයට ගොදුරු කළේය. 1988 - 1989 කාලය තුළ ඇතිවූ සන්නද්ධ කැරුල්ල හේතුවෙන් පුද්ගලයන් 67652ක් ඝාතනයට ලක්විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ අනුර කුමාරලා බොරු විදිමින් සේවය කරන එජාපයේ කතාවෙන් බිඳකි. ලිබරල්වාදී සිවිල් සමාජ අම්බරුවන් ප්‍රජාතන්තවාදය ඉල්ලා සරණ යන මහ දෙවොලේ කතාවෙන් බිඳකි. ඒකාධිපති පාලකයන් ගැන හසරක් නොදැන බොරුවෙන් මුලාවූ නොදරුවන් 2015 රට ගොදුරු කළ රකුසාගේ කතාවෙන් බිඳකි. සර්ව සාධාරණ පාලකයන් ලෝකයේ සිටිය නොහැකිය. එසේ වුවද මේ සිදුවූ ම්ලේච්ඡ ක්‍රියාවලින් කෝටියෙන් එකක්වත් රාජපක්ෂ පාලනය තුළ සිදුවූයේදැයි ඔබම කල්පනා කර බලන්න.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉසුරු ප්‍රසංග\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/8491481956502288439\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2019\/11\/UNPHistory.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/8491481956502288439"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/8491481956502288439"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2019\/11\/UNPHistory.html","title":"එජාපයේ ම්ලේච්ඡ ඉතිහාසයෙන් බිඳක්..."}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/1.bp.blogspot.com\/-J5nPoB83CXw\/Xb6IjSuEOWI\/AAAAAAAADf8\/-DZB-3wSI2cSQp6ev1_5DbafsDqY7svSQCLcBGAsYHQ\/s72-c\/74162364_10211954776705124_4634202586340130816_n.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-3633055351964018467"},"published":{"$t":"2019-07-29T09:17:00.001+05:30"},"updated":{"$t":"2019-07-29T09:17:13.569+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ඉසුරු ප්‍රසංග"}],"title":{"type":"text","$t":"මද්‍රාසා උවදුර ගැන මේ දේවල් ඔබ දන්නවාද? "},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/1.bp.blogspot.com\/-XvcCEF1oZh4\/XT5sGnGKctI\/AAAAAAAAG68\/JRrtXOyU5e023Jeeal3o6S5YoanrZ9EfACLcBGAs\/s1600\/madr.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" data-original-height=\"753\" data-original-width=\"1200\" height=\"400\" src=\"https:\/\/1.bp.blogspot.com\/-XvcCEF1oZh4\/XT5sGnGKctI\/AAAAAAAAG68\/JRrtXOyU5e023Jeeal3o6S5YoanrZ9EfACLcBGAs\/s640\/madr.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u0026gt; මද්‍රාසා යනු පාසල, අධ්‍යාපන ආයතනය යන තේරුම ඇති අරාබි වචනයකි. එහෙත් අද මෙය ලෝකය පුරා භාවිත වන්නේ ඉස්ලාම් ආගම උගන්වන පාසල් විශේෂයක් හැඳින්වීම සඳහාය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; මද්‍රාසාවල ඉතිහාසය නබිතුමාගේ කාලය දක්වා දිවෙන අතර ඒවා අන්තවාදය පතුරුවන ආයතන බවට පත්වන්නේ මෑතකාලීනව ක්‍රියාත්මක වන වහාබ්වාදී ප්‍රවණතා සමගිනි. අද ලෝකය පුරාම මද්‍රාසාවල ක්‍රියාකාරීත්වය මහත් ගැටලු හා විවේචනයට ලක්වී තිබෙන්නකි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; ලංකාවේ දැනට ලියාපදිංචි කළ මද්‍රාසා පාසල් 1674ක් ක්‍රියාත්මක වේ. දිස්ත්‍රික් මට්ටමින් ගත් කළ අම්පාර 344ක්, අනුරාධපුරය 66ක්, බදුල්ල 58ක්, මඩකලපුව 148ක්, කොළඹ 61ක්, ගාල්ල 18ක්, ගම්පහ 70ක්, හම්බන්තොට 13ක්, යාපනය 11ක්, කළුතර 59ක්, මහනුවර 120ක්, කෑගල්ල 60ක්, කුරුණෑගල 114ක්, මන්නාරම 44ක්, මාතලේ 32ක්, මාතර 32ක්, මොණරාගල 10ක්, මුලතිව් 5ක්, නුවරඑළිය 21ක්, පොළොන්නරුව 33ක්, පුත්තලම 87ක්, රත්නපුර 27ක්, ත්‍රිකුණාමලය 128ක්, වව්නියාව 13ක් ආදී වශයෙනි. ඊට අමතරව අරාබි විදුහල් 317ක් සහ ඉස්ලාම් අහදියා දහම් පාසල් 277ක් ක්‍රියාත්මක වන අතර ලියාපදිංචි නොකළ ආයතන තව විශාල ප්‍රමාණයක් තිබිය හැකිය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; ලංකාවේ ඇති රජයේ පාසල් සංඛ්‍යාව 10194කි. පිරිවෙන් සංඛ්‍යාව 753කි. ඒ අනුව ලංකාවේ රජයේ පාසල් සංඛ්‍යාවෙන් හයෙන් එකක ප්‍රමාණයක් සහ ලංකාවේ පිරිවෙන් සංඛ්‍යාවට වඩා දෙගුණයකට වැඩි ප්‍රමාණයක් මද්‍රාසා පාසල් ක්‍රියාත්මක වේ. මෙය ජනගහන අනුපාතයට සාපේක්ෂව අති විශාල අගයක් බව වටහා ගැනීමට අටුවා ටීකා අවශ්‍ය නොවේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; මද්‍රාසා පාසල්වල ඉගැන්වීම්, විෂය නිර්දේශ ආදී කිසිවක් පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයට කිසිදු වගකීමක් හෝ සම්බන්ධයක් නැත. මද්‍රාසා පාසල් යම් යම් පුද්ගලයන් හෝ සංවිධාන මගින් පෞද්ගලිකව ආරම්භ පවත්වාගෙන යයි. මේ බොහොමයක් අන්තවාදී රටවල මුදල් ආධාර මත ක්‍රියාත්මක වන අතර ඒ ලැබෙන ආධාර පිළිබඳ කිසිදු නියාමන ක්‍රමවේදයක් නැත. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; මද්‍රාසාවල සිර කඳවුරු මෙන් සිසුන් පාසල් සීමාව තුළ කොටු කරගෙන පූර්ණ නේවාසික අධ්‍යාපනයක් ලබාදෙයි. මාස තුනකට දින කීපයක නිවාඩුවක් පමණක් සිසුන්ට ලැබෙන අතර, සාමාන්‍ය සමාජය සමග ගැටීමට මුසුවීමට ඔවුන්ට කිසිදු අවස්ථාවක් ලැබෙන්නේ නැත. පාන්දර හතරේ පහේ සිට දවස පුරා ආගම, කුරානය, අරාබි බස, ඇතුළු ආගම කේන්ද්‍ර කරගත් අධ්‍යාපනයක් මේවායින් ලබා දෙන අතර, ඇතැම් මද්‍රාසාවල වෙනත් විෂයයන්ද සුළු වශයෙන් ඉගැන්වීම සිදුකෙරේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; විදේශ රටවල සිසුහු පවා ලංකාවේ මද්‍රාසා පාසල්වල නේවාසික අධ්‍යාපනය ලබති. ඒ අනුව අද ලංකාව ආසියාවටම මොළ සෝදාගත් අන්තවාදීන් නිර්මාණය කර දෙන මධ්‍යස්ථානයක් බවට පත්ව තිබේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; මද්‍රාසාවල ඉගැන්වීම සඳහා නීත්‍යනුකූල ලෙස මෙන්ම නිත්‍යනුකූල නොවන ලෙසද පැමිණි විදේශිකයෝ විශාල ප්‍රමාණයක් ලංකාව තුළ රැඳී සිටිති. ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් එසේ රැඳී සිටි 600ක පමණ පිරිසක් පිටුවහල් කිරීමට පසුගිය මැයි මාසයේදී රජය කටයුතු කළේය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; 2001 සැප්තැම්බර් 11 ඇමරිකාවට ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ ඉස්ලාම් අන්තවාදීන් සියලු දෙනා මද්‍රාසා පාසල්වල අධ්‍යාපනය ලැබූවෝ වෙති.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; ඉන්දියාවේ 1947 වන විට 88ක්ව පැවති මද්‍රාසා පාසල් සංඛ්‍යාව 2006 වනවිට ලක්ෂ පහ දක්වා ඉහළ ගොස් ඇත. ඒ මද්‍රාසා ව්‍යාප්ත වීමේ වේගය පිළිබඳ උදාහරණයකි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; මද්‍රාසා අහිංසක යැයි සිතන සහජීවන අනාථයන් තවත් සිටී නම් පාකිස්තානය, ඉන්දියාව වැනි රටවල් ගැන අධ්‍යයනය කරන්න. මද්‍රාසා පාසල් නිසා එම රටවල අර්බුද ගණනාවක් මතුවී ඇති අතර, එරට රජයන්ට නොයෙක් අවස්ථාවල ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීමට සිදුව ඇත. ඒ ආශ්‍රිතව පළවූ පුවත්, වාර්තා, ලිපි, නිබන්ධන ගණනාවක් අන්තර් ජාලය තුළ දක්නට ලැබේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; පසුගිය 2019 ජනවාරි 29 වැනිදා ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ මුස්ලිම් නායකයකු වන වසීම් රිස්වි අගමැති නරේන්ද්‍ර මෝඩිට ලිපියක් යවමින් ඉන්දියාවේ සියලු මද්‍රාසා තහනම් කරන ලෙස ඉල්ලා සිටියේ එම ආයතන ඉන්දියාව තුළ අයිඑස්අයිඑස් මතවාද පැතිරවීමට කටයුතු කරන බවට චෝදනා නගමිනි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; පාකිස්තානයේ මද්‍රාසා පාසල් 30000ක් රජයේ පාලනය යටතට ගැනීමට කටයුතු කරන බව පසුගිය 2019 අප්‍රේල් 29 වැනිදා පාකිස්ථානයේ ආරක්ෂක ප්‍රධානියෙකු රොයිටර් පුවත් සේවයට පවසා තිබිණි. ඒ පාකිස්තානය තුළ වේගයෙන් ඉහල යන ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා මද්‍රාසාවලින් ලැබෙන පිටුබලය නිසාය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; සීයට 96ක් ඉස්ලාම් ආගම අදහන පාකිස්තානයේ බලධාරීන්ට අන්තවාදය සම්බන්ධව එවැනි තීරණ ගැනීමට ධෛර්යයක් තිබුණද සීයට 9.7ක් මුසල්මානුවන් වෙසෙන ලංකාවේ නිවට බලධාරීහු තවමත් මේ අන්තවාදී ෆැක්ටරි දෙස නිහඬව බලා සිටිති. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; කුඩා දරුවන් මහණ කිරීම ගැන කියමින් පොළවේ පස් කන නිරාගමික, රැඩිකල්, හේතුවාදී, මාක්ස්වාදී පුස්සන් මෙතෙක් මේ අන්තවාදී පැක්ටරි ගැන වචනයක් කතා කර නැත. ඒ කුඩා දරුවන් මහණ කිරීමට වඩා කුඩා දරුවන් සිරගත කරගෙන දවස පුරා ම්ලේච්ඡ මුස්ලිම් අන්තවාදය ඉගැන්වීම ඔවුන්ගේ මහා මානව හිතවාදයට ගැටලුවක් නොවන නිසාය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉසුරු ප්‍රසංග\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/3633055351964018467\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2019\/07\/Madrasa.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/3633055351964018467"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/3633055351964018467"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2019\/07\/Madrasa.html","title":"මද්‍රාසා උවදුර ගැන මේ දේවල් ඔබ දන්නවාද? "}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/1.bp.blogspot.com\/-XvcCEF1oZh4\/XT5sGnGKctI\/AAAAAAAAG68\/JRrtXOyU5e023Jeeal3o6S5YoanrZ9EfACLcBGAs\/s72-c\/madr.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-3636403672023925135"},"published":{"$t":"2019-06-06T10:14:00.001+05:30"},"updated":{"$t":"2019-06-06T10:14:43.171+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ඉසුරු ප්‍රසංග"}],"title":{"type":"text","$t":"කැකිල්ලේ තීන්දුව ඔස්සේ මුස්ලිම් ඇමතිවරු රටට දෙන පණිවිඩය කුමක්ද? "},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/1.bp.blogspot.com\/-_ipOCGve3f4\/XPiaMAJCeVI\/AAAAAAAADd4\/VVIoGLhpjo0re03uTvrqCZ5C_U7ioyHkQCLcBGAs\/s1600\/61760065_10211118754165083_813276070659751936_n.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" data-original-height=\"808\" data-original-width=\"960\" height=\"538\" src=\"https:\/\/1.bp.blogspot.com\/-_ipOCGve3f4\/XPiaMAJCeVI\/AAAAAAAADd4\/VVIoGLhpjo0re03uTvrqCZ5C_U7ioyHkQCLcBGAs\/s640\/61760065_10211118754165083_813276070659751936_n.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඑක් අන්තවාදී ඇමතිවරයෙකුට එරෙහිව රට පුරා මතුවූ විරෝධයට ප්‍රතිචාර දක්වමින් සියලු මුස්ලිම් ඇමැතිවරැන් ඉල්ලා අස්වීමට ගත් නාටකීය තීරණය ඔස්සේ ඔවුන් අපට ලබාදෙන පණිවිඩ කීපයක් තිබේ. ඒ මොනවාද? \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; ත්‍රස්තවාදී වුවද අන්තවාදී වුවද වෙන කුමන වැරැද්දක් කළද ජාතිය මුස්ලිම් නම් තමන් ත්‍රස්තවාදීන් සමග වුවද එකට සිටගන්නා බව පෙන්වීම.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; රට පුරා බෞද්ධ, කිතුනු, හින්දු, ආදී සියලු ජනතාවගෙන් අන්තවාදීන්ට එරෙහිව නැගුණු විරෝධය සමස්ත මුස්ලිම් ජනයාට එරෙහි විරෝධයක් හිංසනයක් ලෙස හුවා දැක්වීම. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; අන්තවාදීන් හා මුස්ලිම් සමාජය එකිනෙකින් වෙන් කිරීම වෙනුවට මුස්ලිම් ඇමැතිවරු, මුස්ලිම් ජනතාව, හා අන්තවාදීන් යන සියල්ලෝ එක කදවුරක් බව පෙන්වා දීම. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; වහාබ් අන්තවාදීන් හා ඊට එරෙහි සිංහල, දෙමළ, මුස්ලිම් පොදු ජනයා යන බෙදීම වෙනුවට සිංහල මුස්ලිම් ලෙස සමාජය බෙදා වෙන් කිරීමේ ‍සමාජ බෙදුම්වාදයට දායකත්වය සැපයීම.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; අන්තවාදයෙන් බැටකන අන්තවාදයට එරෙහි මුස්ලිම් ජනයා පවා නින්දිත ලෙස පාවා දෙමින් පොදු මුසල්මානුවා සහ අන්තවාදියා එක කදවුරකට ගාල් කිරීම\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; පොදු මුස්ලිම් සමාජය ත්‍රස්තවාදයට එරෙහි බව තවදුරටක් විශ්වාස කරන සියලු දෙනාගේ සැබෑ සංහිදියාව තුච්ඡ ලෙස හෑල්ලුවට ලක් කිරීම. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපසුගිය දිනවල තොග පිටින් හමුවන අවි ආයුධ කඩු කිනිසි ගැන තක්කඩි කතා කියමින් රට ගිනි තැබුවේද මේ වගකීම් විරහිත ඇමතිවරැමය. එහිදී මධ්‍යස්ථ හැසිරීමක් පෙන්නුම් කළ කබීර් හෂීම් වැනි ඇමතිවරැන් පවා අද රිෂාඩ් - අසාද් කල්ලිය හා එක්ව සිටීම කනගාටුදායක තත්ත්වයකි. පසුගියදා බුදු පිළිම කැඩූ අන්තවාදීන් පොලීසියෙන් බේරාගැනීමට ප්‍රබලයෙක් බලපෑම් කළ බව ප්‍රසිද්ධියේ කීවේ මේ කබීර් හෂීම් මය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑමෙන්ම පසුගිය දිනවල කබීර් හෂීම්ගේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ මුස්ලිම් තරුණයෙක් වහාබ්වාදීන්ගේ වෙඩි පහරට ලක්විය. ඒ මාවනැල්ලේ බුදුපිළිම කැඩූ ත්‍රස්තවාදීන්ට එරෙහිව කටයුතු කිරීම නිසාය. වෙඩි පහරින් බරපතළ තුවාල ලැබුවද තවම ඒ තරුණයා ජීවත්ව සිටී. අද ඒ තරුණයාට වහාබ්වාදීන් සමග එකට සිටගත් තම ස්වාමියා ගැන කුමක් සිතෙනු ඇතිද? \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ පිරිස ගෙන ඇත්තේ රටේ සැබෑ සංහිදියාවට අතිශය හානිදායක තීන්දුවකි. ජාතිවාදයට එරෙහිව කතා කිරීම ජාතිවාදය ලෙස අර්ථදක්වන ලංකාවේ විකල්ප හොරිකඩයන් පමණක් මේ තීන්දුවෙන් මහත් අමන්දානන්දයට පත්ව, ඇද්ද තොපිටැයි සිංහල ‍අපෙන් අසමින් මුස්ලිම් ඇමතිලාගේ යහපත ගැන ගුණ ගායනා කරති. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකෙසේ හෝ වේවා මුස්ලිම් ඇමැතිවරු ප්‍රශ්න විසදා ගන්නට එන්නේ මේ ක්‍රමයෙන් නම් ඔවුන්ට නිසි පිළිතුරු දීමට සිංහලයාද සූදානම් විය යුතුය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑය කළ හැක්කේ ප්‍රචණ්ඩත්වයෙන්, ජාතිවාදයෙන් නොව සිංහලයාගේ සමගිය තුළිනි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකියන තරමේ ඉලව් බලයක් ලංකාවේ මුස්ලිම් ඡන්දවලට නැති අතර, මෙය අන්තවාදීන්ගේ ශක්තිය ‍හෝ සමගිය ගැන ප්‍රශ්නයක් නොව සිංහලයාගේ අසමගිය හා තකතීරුකම පිළිබද ප්‍රශ්නයකි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසිංහලයා පක්ෂ පාටවලට නොබෙදී සමගි වේ නම් නරේන්ද්‍ර මෝඩිටත් වඩා පහසුවෙන් අන්තවාදීන්ගෙන් තොර ආණ්ඩුවක් තැනීම අපට පහසුවෙන් කළ හැක්කකි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉදිරියේදී ඒ සදහා පෙළ ගැසීමට මේ සියලු ව්‍යාසනයන් ආශිර්වාදයක් කර ගත හැකි නම් අනාගතයේදී සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාගේ යහපැවැත්ම ගැන කිසිවෙකුට බිය වීමට සිදු නොවේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉසුරු ප්‍රසංග\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003ELike us on facebook :https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/3636403672023925135\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2019\/06\/KekilleTheenduwa.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/3636403672023925135"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/3636403672023925135"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2019\/06\/KekilleTheenduwa.html","title":"කැකිල්ලේ තීන්දුව ඔස්සේ මුස්ලිම් ඇමතිවරු රටට දෙන පණිවිඩය කුමක්ද? "}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/1.bp.blogspot.com\/-_ipOCGve3f4\/XPiaMAJCeVI\/AAAAAAAADd4\/VVIoGLhpjo0re03uTvrqCZ5C_U7ioyHkQCLcBGAs\/s72-c\/61760065_10211118754165083_813276070659751936_n.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-3821207274623463656"},"published":{"$t":"2019-05-25T11:47:00.001+05:30"},"updated":{"$t":"2019-05-25T11:47:28.895+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ඉසුරු ප්‍රසංග"}],"title":{"type":"text","$t":"අනුර නානාගේ විශ්වාස භංගයෙන් රිෂාඩුත් රනිලුත් දෙදෙනාම රැකෙන හැටි"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/1.bp.blogspot.com\/-R3NmzEDuKL4\/XOjd7BElluI\/AAAAAAAADdo\/VgvOUIHbnGoYdkkT-mbdDlKxyN8PkZb3QCLcBGAs\/s1600\/rishad.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" data-original-height=\"838\" data-original-width=\"1600\" height=\"334\" src=\"https:\/\/1.bp.blogspot.com\/-R3NmzEDuKL4\/XOjd7BElluI\/AAAAAAAADdo\/VgvOUIHbnGoYdkkT-mbdDlKxyN8PkZb3QCLcBGAs\/s640\/rishad.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eජවිපෙ අනුර කුමාරට හදිසියේම රනිල්ගේ ආණ්ඩුව පෙරළන්නට හිතක් පහළ වී තිබේ. මේ තීරණයත් සමග මෙතෙක් අනුර කුමාරගේ වැඩ නිසා පාරට බහින්නට බැරුව සිටි ජවිපෙ සාමාජිකයන් මේ දිනවල ඉතා සතුටින් කල දවස ගත කරති. අනුර කුමාර රනිල්ට කඬේ යනවා කියූ බයියනේ ඇද්ද තොපිට හූ හූ යැයි කියති. ජවිපෙ සාමාජිකයන්ගේ මොළයටම ගැළපෙන අනුරගේ මෙම අපූරු සූත්තරය ගැන යමක් කීමට සිත් වූයේ ඒ නිසාය. \u003Cbr \/\u003Eබෝම්බ ප්‍රහාරයෙන් සති තුනකට පමණ පසුව අනුරට හදිසියේ රනිල් ගැන ඇති විශ්වාසය බිඳී ගියේ කුමක් නිසාද? \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ වන විට රිෂාඞ් බදුර්දීන්ට එරෙහි විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබේ. එකාබද්ධය, ද්‍රවිඩ ජාතික සන්ධානය, ශ්‍රිලනිපයේ ඇතැම් මන්ත්‍රීවරු පමණක් නොව එජාපයේ ඇතැම් මන්ත්‍රීවරු පවා ඊට පක්ෂව ඡන්දය දෙන බව ප්‍රසිද්ධියේම ප්‍රකාශයට පත්කර තිබිණි. මේ අනුව කුමක් සිදුවිය හැකිදැයි බැලීමට පළමුව වත්මන් පාර්ලිමේන්තුවේ සංයුතිය සලකා බැලිය යුතුය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑක්සත් ජාතික පක්ෂය - 104 (මින් ආසන 6ක් රිෂාඞ්ගේය.)\u003Cbr \/\u003Eඒකාබද්ධය හා ශ්‍රිලනිපය - 97\u003Cbr \/\u003Eදෙමළ සන්ධානය - 15\u003Cbr \/\u003Eජනතා විමුක්ති පෙරමුණ - 6\u003Cbr \/\u003Eඊපීඩීපී - 1\u003Cbr \/\u003Eමුස්ලිම් කොන්ග්‍රසය - 1\u003Cbr \/\u003Eරතන හිමි (ස්වාධීන) - 1\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ සංයුතිය අනුව ඒකාබද්ධය, නිදහස් පක්ෂය හා ද්‍රවිඩ සන්ධානයේ ඡන්ද ටික එකතු වුවද විශ්වාස භංගයට පක්ෂව ඡන්ද 113ක් ලැබේ. එජාපයේ යම් පිරිසක් මීට පක්ෂව ඡන්දය දෙතොත් තත්ත්වය හොඳටම බරපතළය. නිදහස් පක්ෂයේ කීප දෙනෙක් ඊට පක්ෂ නොවී සිටියද එජාපයේ ඡන්දවලින් එය සමතුලිත වීමට ඉඩ ඇත. එසේ වුවහොත් රිෂාඞ් අමාරුවේ වැටෙයි. රිෂාඞ් අමාරුවේ වැටීම යනු ආණ්ඩුවද අමාරුවේ වැටීමකි. අනුර කුමාර නානා අමුතුම පිනුමක් ගසමින් පිටියට පිවිසෙන්නේ එවිටය. ඔහු හදිසියේ අවදි වී රිෂාඞ්ට නොව මුළු ආණ්ඩුවටම එරෙහි විශ්වාස භංගයක් ඉදිරිපත් කරයි. එසේ කරමින් තමා පට්ට ආණ්ඩු විරෝධියෙක් බවද රටට පෙන්වයි. එහෙත් ඔහුගේ සැබෑ අරමුණ වන්නේ මේ හරහා ආණ්ඩුව සහ රිෂාඞ් යන දෙකම බේරා ගැනීමය. එය සිදුවන්නේ කෙසේද? \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eරිෂාඞ්ට එරෙහි විශ්වාස භංගය ජයග්‍රහණය කළ හැකි මට්ටමේ තිබුණද සමස්ත ආණ්ඩුවටම එරෙහිව ඉදිරිපත් වන විශ්වාස භංගයක් ප්‍රායෝගිකව ජයග්‍රහණය කිරීමට හැකියාවක් නැත. දෙමළ සන්ධානය රිෂාඞ්ට එරෙහිව ඡන්දය දුන්නද රනිල්ගේ ආණ්ඩුව පෙරළීමට කිසිදා ඡන්දය ලබාදෙන්නේ නැත. එය එසේ වුවද ආසන 104ක් ඇති ආණ්ඩුව පිදුරු ගහෙන් එල්ලී තිබෙන ආණ්ඩුවක් වන බැවින් සුළු ඔලු ගෙඩි එහා මෙහා වීමකින් වුවද ආණ්ඩුව පැරදීමට ඉඩ ඇත. අන්න එතැනදී ආණ්ඩුවට තමන් සමග සිටින රිෂාඞ් බදුර්දීන්ගේ මන්ත්‍රී ආසන 6 අතිශය තීරණාත්මකය. ආණ්ඩුවට පණ බේරා ගැනීම සඳහා රිෂාඞ් නැතිවම බැරිය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E“යූඇන්පී එකේ එකෙක් හරි මට විරුද්ධව ඡන්දේ දුන්නොත් මම ආණ්ඩුවට පක්ෂව ඡන්දෙ දෙන්නේ නෑ... මගේ ආසන හය නැති වුණොත් විශ්වාස භංගයෙන් ආණ්ඩුව පරදිනවා...” \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙසේ තර්ජනය කරමින් එජාපය බය කිරීමට රිෂාඞ්ට අවස්ථාව ලැබෙන්නේ අනුරගේ විශ්වාස භංගය නිසාය. අනුර කුමාරගේ මෙහෙවර වන්නේ රිෂාඞ්ට එරෙහිව ලැබෙන එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද නතර කරදීමය. රිෂාඞ්ගේ ප්‍රශ්නයේදී දෙකට බෙදීමට නියමිත එජාපය එක්සත් කර දීමය. එවිට රිෂාඩුත් රනිලුත් දෙදෙනාම ආරක්ෂා වෙයි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅනුර කුමාර 2005 දී රනිල් දිනවීමට කැපවුණේ ජවිපෙ ජනාධිපතිවරණයට තනිව තරඟ කළ යුතු බවට පක්ෂය තුළ රණ්ඩු කරමිනි. ඔහු 2010දී ෆොන්සේකා රූකඩයට මුවා වී රනිල් දිනවීමට සෘජුවම වැඩ කළේය. 2015 දී වටෙන් කැරකී පිනුම් ගසමින් රනිල් දිනවීමට මහන්සි වුණේය. 2018 ඔක්තෝබර් බල පෙරළියේදී ජන රැළි එක පිට එක තියමින් උසාවි ගානේ දුවමින් රනිල් බේරාගැනීමට කටයුතු කළේය. එසේ කළ අනුර අද රනිල්ට එරෙහි විශ්වාස භංගයක් ඔස්සේ රනිල් රැකීමට ඉදිරිපත් වී තිබේ. ඔහු ඇත්තටම රනිල්ගේ පංචායුධය වැනිය. විවිධාකාරයේ ආයුධවලින් මැජික් පෙන්වමින් තමන් රකින මෙවැනි ආරක්ෂකයෙකු රනිල්ට කිසිදාක හමුවන්නේ නැත. ජවිපෙ නොමේරූ ළදරුවන්ට හැර ලෝකයේ ඕනෑම අයෙකුට මේ නාඩගම වැටහෙයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅනුර යනු රනිල්ගේ පංචායුධය බව ඔවුන්ට පැහැදිලි කරදීමට වඩා අයිඑස්අයිඑස් කාරයෙකුට දේව කන්‍යාවන් නැති බව පැහැදිලි කර දීම ඉතා පහසුය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉසුරු ප්‍රසංග\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook :https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/3821207274623463656\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2019\/05\/AnurageViswasaBangaya.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/3821207274623463656"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/3821207274623463656"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2019\/05\/AnurageViswasaBangaya.html","title":"අනුර නානාගේ විශ්වාස භංගයෙන් රිෂාඩුත් රනිලුත් දෙදෙනාම රැකෙන හැටි"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/1.bp.blogspot.com\/-R3NmzEDuKL4\/XOjd7BElluI\/AAAAAAAADdo\/VgvOUIHbnGoYdkkT-mbdDlKxyN8PkZb3QCLcBGAs\/s72-c\/rishad.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-649535978325899884"},"published":{"$t":"2019-05-18T13:54:00.000+05:30"},"updated":{"$t":"2019-05-18T14:03:00.256+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ඉසුරු ප්‍රසංග"}],"title":{"type":"text","$t":"ලංකාවේ රැඩිකල් උගතුන්ට අටපාස් ආමිකාරයෙකුගෙන් ලිපියක්..."},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/3.bp.blogspot.com\/-HHiL-nteAv4\/XN_DL1H69AI\/AAAAAAAADdU\/GM5Pj9VpV6YxjJmH6BesGbcXKIGyxcQegCLcBGAs\/s1600\/ugath.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" data-original-height=\"838\" data-original-width=\"1600\" height=\"334\" src=\"https:\/\/3.bp.blogspot.com\/-HHiL-nteAv4\/XN_DL1H69AI\/AAAAAAAADdU\/GM5Pj9VpV6YxjJmH6BesGbcXKIGyxcQegCLcBGAs\/s640\/ugath.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඅටපාස් ආමිකාරයෙකු ලෙස ලංකාවේ විකල්ප උගතුන්, වියතුන්, සාහිත්‍ය කලාකරුවන් වෙත මා මේ ලිපිය ලියනුයේ උතුරේ යුද්ධය ගැන ඔබලා එකල දැරූ පුදුමාකාර විදග්ධ අදහස් මගේ පුංචි මොළයට වැටහෙන ආකාරය ගැන යමක් කීම සඳහාය. යුද්ධය නිමා වී වසර දහයකට පසු යුද්ධය ගැන ඔබලා එදා කී මේ කතා තවමත් වලංගුදැයි දැනගැනීමට ආසා කරමි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; ඔබලාගේ දියුණු දැක්මට අනුව ලංකාවේ හමුදාව යනු ලෝකයේ නරකම පිරිසකි. සෙල්ලමට දෙමළුන් මරන තිරිසනුන් ජාතියකි. කොටි සාමාජිකයන් මෙන් උත්තුංග අරමුණකට කැපවූ වීරයන් නොව පඩියට වැඩ කරන කුලීකාරයන් පිරිසකි. එදා අප ලවා කොටි පැරදවීම ගැන ඔබ අහස උසට සුසුම් හෙලූ හැටි මට මතකය. අද හදිසියේ රට පුරා මරබිය ව්‍යාප්ත වී ඇති මොහොතක හමුදාව ගැන ඔබ එදා කී කතා නැවත අසන්නට කැමැත්තෙමි. එවිට අලුත් පරපුරේ ගංජා බලඇණියට රටේ ආරක්ෂාව බාරදී අපට සැනසිල්ලේ නිදාගැනීමට පුළුවන.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; ධනේශ්වර හමුදාවක් ලවා කොටි මර්දනය කිරීම වැරදි බව ඔබලා නිතර කී බව මට මතකය. එහෙව් ඔබ තමන්ගේ ගෙදරට හොරු පැන්නොත් ධනේශ්වර පොලීසියට නොයා සමාජවාදී පොලීසියක් සොයා යන්නේදැයි නොදනිමි. “හොරු කියන්නේ පීඩිත පන්තියේ අපේම මිනිස්සු... හොරකම තමයි පීඩිතයාගේ විමුක්ති අරගලය... හොරකමට හේතුවෙච්ච සමාජ ආර්ථික හේතු නැති කරනවා මිසක් පීඩිතයන්ව ධනේශ්වර මර්දන යන්ත්‍රයට බිලිදෙන එක වැරදියි...” එවැනි අවස්ථාවල ඔබ එසේ කියනු ඇතැයි සිතමි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; ඔබේ ප්‍රබුද්ධ මතය අනුව ප්‍රභාකරන්ලා බිහිවූයේ දෙමළාට ඇති ප්‍රශ්න නිසාය. හේතුව තිබියදී ඵලය නැසීම නිශ්ඵලය. මගේ අටපාස් මොළයට වැටහෙන ආකාරයට කොටි සංවිධානය පමණක් නොව අයිඑස්අයිඑස් සංවිධානය බිහිවීමටද හේතු තිබේ. ඔවුන්ටද නොයෙක් ප්‍රශ්න ඇත. එපමණක් නොව ලෝකයේ සියලු කුඩුකාරයන්, අපරාධකරුවන්, මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන්, මැරයන්, සොරුන් බිහිවීමට අදාළ හේතු තිබේ. ඒ හේතු සියල්ල නිට්ටාවට නැතිවන තුරු ඔවුන්ට කැමති දෙයක් කිරීමට ඉඩදී අප ඔවුන්ව ඔක්කේ තබා සුරතල් කළ යුතුය. සියල්ලට හේතු ඇතත් මට සිතාගත නොහැක්කේ ඔබලා වැනි අපූරු මිනිසුන් බිහිවීමට බලපෑ හේතුව පමණි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; යුද්ධයේ අනිටු ප්‍රතිඵල ගැන ඔබලා නිතර බණ කියූ හැටි මට මතකය. මට තේරෙන හැටියට නම් යුද්ධය ඇතුළු ලෝකයේ කිසිදු ප්‍රශ්නයකට සර්ව සාධාරණ විසඳුම් නැත. හොරු ඇල්ලීමෙන්, කුඩු නැති කිරීමෙන්, පමණක් නොව ලංකාවේ හොඳ අධ්‍යාපනයක් ඇති කිරීමෙන් වුවද අසාධාරණයට ලක්වන පිරිසක් සිටිති. එසේ නම් යුද්ධය වැනි ප්‍රශ්නයක් සර්ව සාධාරණ ලෙස විසඳන්නේ කෙසේද? ඔබේ සිත රිදුනද එහිදී සාපේක්ෂව වඩා සාධාරණ විසඳුම වූයේ ප්‍රභාකරන් පරාජය කිරීමය. කුඩු මුදලාලිලාගේ දරුපවුල් ගැන හිතා ඔවුන්ව හිරේ නොදමා සිටින්න යැයි කියන උගත්තු ලෝකයේ නැත. එහෙත් යුද්ධයේ අනිටු විපාක ගැන කියමින් ප්‍රභාකරන් ආරක්ෂා කළ උගත්තු විශාල පිරිසක් ලංකාවේ සිටිති. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; ඔබලා නිතරම රට ජාතිය තදින් පිළිකෙව් කරති. රට ජාතිය වෙනුවෙන් යුධ වැදීම පටු ගෝත්‍රවාදී වැඩක් බව නිතර පවසති. දේශප්‍රේමය තක්කඩිකමක් බව කියති. මට තේරෙන ආකාරයට නම් ජාතිය ගැන කතා කිරීම වැරදි නම් ලාංකිකත්වය ගැන කතා කිරීමද වැරදිය. මහද්වීප ගැනද කතා කිරීමද වැරදිය. මුළු ලෝකය හෝ මානව සංහතිය ගැන කතා කිරීමද වැරදිය. ඒ සෑම තැනකදීම අපි පටු සීමාවක හිරවෙමු. කළ යුත්තේ ඔබලා මෙන් ජාති, ආගම්, දූපත්, මහද්වීප, ග්‍රහලෝක, සෞරග්‍රහ මණ්ඩල, ක්ෂීරපථ ආදී සියලු සීමා ඉක්මවා ගිය විශ්වවාදී බුදු පොරවල් වීමය. ඔබලා මුළු විශ්වයටම අයත් විශ්ව පුරවැසියන් බව මම දනිමි. එහෙත් කොළඹ නගරයේ බෝම්බ පුපුරන විට ඔබට විශ්වයට පලාගොස් ආරක්ෂා වීමට ක්‍රමයක් නැති බැවින්, එවැනි අවස්ථාවලදී අටපාස් ගෝත්‍රවාදීන්ගේ සහය අවශ්‍ය වේ යැයි සිතමි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; ලෝකය තනි යායක් යැයි පැවසූ සේකර ගැන ඔබලා නිතර කතා කරති. එහෙත් ඒ සේකරම රත්නදීප ජන්ම භූමි වැනි අම්බ ගෝත්‍රවාදී ගීත ලියූ බව මා අසා ඇත. ලෝකය තනි යායක් යැයි පවසන ඔබලා තමන්ගේ නිවෙස් ආරක්ෂාවට දොරගුලු, වැට මායිම්, තාප්ප ඉදිකරගෙන සිටින්නේ ඇයි දැයි මට නොතේරේ. ලෝකය තනි යායක් යැයි කියන ඔබ තමන්ගේ වත්තට පැන පොල් කැඩීමට වෙන අයට අවසර දෙන්නේද? පුදුමය වන්නේ ගෙදර වැට මායිම වෙනුවෙන් සටන් කරන ඔබ රටේ ආරක්ෂාව විහිළුවට ලක්කිරීමය. ඒ වෙනුවෙන් මහගම සේකරව පවා සමූහ දූෂණයට ලක් කිරීමය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026gt; අවසානයේදී ලංකාවේ විකල්ප උගත්තු යනු පොල් ගහ පෙන්වා ඊට තුත්තිරි ගහ යැයි පවසන මරිමෝල් මැන්ටලයන් පිරිසක් යැයි හැගෙන්නේ මට පමණක් දෝ යන ගැටලුව තදින්ම මට වද දෙන්නට විය. ඒ නිසාම මම උගතුන් යනු කවුදැයි අලුතින්ම සොයා බැලීමට පටන් ගත්තෙමි. ඔබලා වැනි උගතුන් අතිවිශාල පිරිසක් සිරියාව, ලිබියාව වැනි රටවලද සිටි බව එහිදී මට දැනගන්නට ලැබිණි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉසුරු ප්‍රසංග\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook :https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/649535978325899884\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2019\/05\/Letter.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/649535978325899884"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/649535978325899884"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2019\/05\/Letter.html","title":"ලංකාවේ රැඩිකල් උගතුන්ට අටපාස් ආමිකාරයෙකුගෙන් ලිපියක්..."}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/3.bp.blogspot.com\/-HHiL-nteAv4\/XN_DL1H69AI\/AAAAAAAADdU\/GM5Pj9VpV6YxjJmH6BesGbcXKIGyxcQegCLcBGAs\/s72-c\/ugath.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5045144190391776131"},"published":{"$t":"2019-05-05T11:23:00.000+05:30"},"updated":{"$t":"2019-05-05T11:23:14.990+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Art"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ඉසුරු ප්‍රසංග"}],"title":{"type":"text","$t":"මහින්ද හිමිගේ සිට සීගිරි කවිය දක්වා විහිදෙන මුස්ලිම් විරෝධී සිංහල ජාතිවාදය ගැන අලුත් පරපුරේ හෙළිදරව්ව "},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/1.bp.blogspot.com\/-kxxiFTAEyDc\/XM559F2khhI\/AAAAAAAACWw\/lsxUaV7hncgPaU3C4RpYZhv3HFQ2bXC6wCLcBGAs\/s1600\/59494586_10210962554140180_532669046710075392_n.jpg\" imageanchor=\"1\" style=\"margin-left: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" data-original-height=\"960\" data-original-width=\"960\" height=\"640\" src=\"https:\/\/1.bp.blogspot.com\/-kxxiFTAEyDc\/XM559F2khhI\/AAAAAAAACWw\/lsxUaV7hncgPaU3C4RpYZhv3HFQ2bXC6wCLcBGAs\/s640\/59494586_10210962554140180_532669046710075392_n.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"https:\/\/www.facebook.com\/yuthukama\" data-layout=\"standard\" data-share=\"false\" data-show-faces=\"false\" data-width=\"300\"\u003E\n\u003C\/div\u003E\n\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cdiv style=\"text-align: center;\"\u003E\nජාතික රණ දෙරණ මතේ\u0026nbsp;\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: center;\"\u003E\nගැටී වැටී මළ මොහොතේ\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: center;\"\u003E\nසුන්දර සුරඹුන්ගේ අතේ\u0026nbsp;\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: center;\"\u003E\nනැළවෙන බව සිතනු පුතේ\u003C\/div\u003E\n\u003Cbr \/\u003E\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nආගම වෙනුවෙන් සටන් කොට මියැදී, දෙව්ලොව ගොස් දේව කන්‍යාවන් 72ක් ලබාගැනීම පිළිබඳ ඉස්ලාම් සංකල්පය එස්. මහින්ද හිමියන්ගේ ඉහත කවිය තුළින් ලබාගත් එකක් බව පසුගිය දිනවල රැඩිකල් තරුණ පිරිසක් විසින් සොයාගෙන තිබිණි. එම විශිෂ්ට සොයාගැනීමට ලැබුණු සමාජ අවධානය නිසාම, ඒ ඔස්සේ වැඩිදුර පර්යේෂණ සිදුකිරීමට පසුගිය දා අලුත් පරපුර ඇතුළු විකල්ප කණ්ඩායම් කීපයක් තීරණය කොට තිබිණි. ඔවුන්ගේ අරමුණ වූයේ මහින්ද හිමිගේ කවිවලින් ඔබ්බට ගොස් පුරාතන සිංහල සාහිත්‍ය තුළින් හෙළිවන රණකාමී සිංහල බෞද්ධ ජාතිවාදය පිළිබඳ කරුණු සොයාබැලීමය. රටේ ප්‍රකට ආචාර්ය මහාචාර්යවරුන්, සාහිත්‍යකරුවන්, විචාරකයන්, කවියන් විශාල පිරිසකගේ මැදිහත් වීමෙන් සිදුකළ මේ පර්යේෂණයෙන් පසු ඒ පිළිබඳ වැදගත් තොරතුරු සම්භාරයක් හෙළි වී තිබේ. කතුවර අධ්‍යාශයට එරෙහිව, ප්‍රති හෙජමොනික බහුමානීය ප්‍රවේශයක් ඔස්සේ පැරණි සාහිත්‍ය නැවත කියැවීමෙන් අනාවරණය කරගත් මේ කරුණු සම්භාරය හමුවේ සිංහල ජාතිකවාදී පිරිස් නන්නත්තාර වී ඇති බව වාර්තා වේ.\u0026nbsp;\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nපහත දැක්වෙනුයේ එලෙස අනාවරණය කරගත් මූලික කාරණා කීපයක් පිළිබඳ කෙටි සාරාංශයකි.\u0026nbsp;\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n1. මුලින්ම වලාකුළු හරහා පණිවිඩ යැවීමේ තාක්ෂණය සොයාගෙන ඇත්තේ ඉන්දියාවේ විසු කාලිදාස නම් කවියෙකු විසිනි. ඔහු මුලින්ම මේ තාක්ෂණය යොදාගෙන ඇත්තේ පෙම් පණිවිඩ යැවීමට පමණක් වුවද, පසුව මේ තාක්ෂණය කාලිදාසගෙන් සොරාගත් සිංහලයන් මුසල්මානුවන්ට එරෙහි යුධ කටයුතු සඳහා වළාකුළු තාක්ෂණය භාවිත කර ඇත.\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n2. ඇහි බැමට කෙස් ගසක් ගැටගසා තනා ගත් දුන්නකින් විද මුස්ලිම් වැසියන්ට බරපතළ හානි සිදු කළ රණකාමී සිංහල කාන්තාවක් ගැන සීගිරි කවියක සඳහන් වේ. ඒ කවිය ලියා ඇත්තේ සීගිරිය බැලීමට පැමිණි මොහොමඞ් බොයල නැමැත අසල්වාසී අහිංසක මුස්ලිම් ජාතිකයෙකු විසිනි.\u0026nbsp;\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n3. ශක්‍ර දෙවියා සඳ මත හාවෙක් අඳින්නට කටයුතු කළ ආකාරය පොළොන්නරු යුගයේ ලීලාවතී රැජිනගේ කාලයේ රචිත සසඳාවත නම් මහා කාව්‍යයෙන් හෙළිවෙයි. සිංහල වර්ගෝත්තමවාදී දෙවියෙකු වන ශක්‍රගේ අරමුණ වී ඇත්තේ මුස්ලිම්වරුන්ගේ ශුද්ධ සංකේතයක් වන හඳ පලුව අපවිත්‍ර කිරීමය. ශක්‍රයා පළමුව සඳ මත ඌරෙක් අඳින්නට උත්සාහ දරා තිබුණද, පසුව සිවිල් සංවිධානවල බරපතළ විරෝධය හේතුවෙන් උඩින් පල්ලෙන් සාවෙක් කුරුටු ගා පලායාමට ශක්‍රයාට සිදුව තිබේ.\u0026nbsp;\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n4. ඉර සහ සඳ රෝද ලෙස සවිකළ හැකි දැවැන්ත රත්තරන් කරත්තයක් ගැන දඹදෙනි යුගයේ රචිත සද්ධර්මරතනාවලියේ සඳහන්ව තිබේ. මුස්ලිම් දිව්‍ය කන්‍යාවන්ගේ ප්‍රවාහන කටයුතු සඳහා භාවිතා කර ඇති මේ ශුද්ධ වූ රථය පසුව සිංහල අන්තවාදී සංවිධාන හා සම්බන්ධ දෙවිවරුන් පිරිසක් විසින් පැහැරගෙන තව්තිසාවට ගෙන ගොස් ඇති බව මේ වන විට හෙළිවී තිබේ.\u0026nbsp;\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n5. වීණා නාදයක් ඇසුණු විගස වනාන්තර බිඳගෙන එය ඇසීමට පැමිණෙන නයින්, රිලවුන්, ඇතුන්, අශ්වයන් ආදී සත්ත්ව විශේෂ ගණනාවක් කුරුණෑගල යුගයේදී ලංකාවේ ජීවත් වූ බව ගුත්තිල කාව්‍යයෙන් හෙළිවෙයි. පසුව සිංහලයන් විසින් මේ සතුන් අල්ලා පුහුණු කොට මුසල්මානුවන් හපාකෑමට, දෂ්ට කිරීමට හා පහරදීමට යොදාගෙන තිබේ.\u0026nbsp;\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n6. පියා මියගිය අසරණ මුස්ලිම් පවුලකට ජීවත්වීම සඳහා දිනපතා රත්තරන් පිහාටුව බැගින් ගෙනැවිත් දුන් හංසයෙක් ගැන හංස සන්දේශයේ සඳහන් වේ. පසුව මේ බව සැලවූ බොදු බල සේනා සංවිධානයට සම්බන්ධ භික්ෂූන් පිරිසක් එම නිවස වටලා සියලු රත්තරන් එකවර ලබාගැනීමේ අරමුණින් එම හන්සයා පැහැරගෙන, දුප්පත් පවුල අනාත කොට ඇති බව වාර්තා වේ.\u0026nbsp;\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n7. කරත්ත රෝද වැනි පියවුරු සහ මිටින් ගත හැකි ඉඟවල් සහිත කාන්තාවන් පිරිසක් කෝට්ටේ යුගයේදී මෙරට ජීවත් වී ඇති බව සැළලිහිණි සංදේශයෙන් හෙළිවේ. මේ සිංහල කාන්තාවන් ප්‍රධාන වශයෙන්ම භාවිතා කර ඇත්තේ අල්ලාගේ දෙව්ලොව සිටින කන්‍යාවන් මෙබඳු යැයි පවසා මුස්ලිම් පිරිමි පොළඹවා ගැනීමේ අරමුණෙනි. පසුව එසේ පොළඹවා ගත් පුරුෂයන් පුරුෂ ලිංගය කපා කොට්ටේ රාජධානිය වටා ඇති දිය අගලේ ගිල්වා කිඹුලන්ට කන්නට සැලැස්වූ බව මේ වන විට හෙළිවී තිබේ.\u0026nbsp;\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\nඉසුරු ප්‍රසංග\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)\u003Cbr \/\u003E\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/5045144190391776131\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2019\/05\/Mahindahimi.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5045144190391776131"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5045144190391776131"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2019\/05\/Mahindahimi.html","title":"මහින්ද හිමිගේ සිට සීගිරි කවිය දක්වා විහිදෙන මුස්ලිම් විරෝධී සිංහල ජාතිවාදය ගැන අලුත් පරපුරේ හෙළිදරව්ව "}],"author":[{"name":{"$t":"Lasantha"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13378467350850255889"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/1.bp.blogspot.com\/-kxxiFTAEyDc\/XM559F2khhI\/AAAAAAAACWw\/lsxUaV7hncgPaU3C4RpYZhv3HFQ2bXC6wCLcBGAs\/s72-c\/59494586_10210962554140180_532669046710075392_n.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});